(සුමිත් පොතුපිටිය )
කළුතර ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගනිමින් සිටී රෝගියෙකු කුණු කාණුවක වැටී මියගොස් සිටියදී අද (01)උදෑසන හමූවී ඇති බව දකුණු කළුතර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම, ඕවිටිගල , කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී වරාපිටියගේ චන්ද්‍රසේන නමැති 77 හැව්රිදි පස්දරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා පාදයේ තුවාලයක් හේතුවෙන් ඉකුත් 30 දා රෝහලට ඇතුලත්ව 05 බී වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් , ඊයේ රාත්‍රි වැසිකිලි යන බව පවසමින් පිටව ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අද උදැසන රෝහල් පොලිසිය ඉදිරිපිට අප ජලය බැසයන කානුවක තිබෙනු දැක පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වේ.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර , හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලදී.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) පරීක්ෂණ පවත්වති.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රෝහලේ නේවාසිකව සිටි පස් දරු පියාගේ සිරුර කුණු කාණුවක