මාතර ඉසදීන් නගරයේ මව්පියෝ පිරිසක් මාතර අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැයක් පමණ උද්ඝෝෂණයක් කළහ.
තම දරුවන් රාහුල හා සුජාතා විදුහල්වලට ඇතුළු කර නොගත්තැයි ඔවුහු මේ විරෝධතාවය පැවැත්වූහ.
උද්ඝෝෂකයන් පාරෙන් ඉවත් කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී දැඩි උනුසුම් තත්ත්වයක් ඇති විය.
මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහණ නානායක්කාර මහතා උද්ඝෝෂකයනට පැවසුවේ තෙදිනකින් ඔවුනට විසඳුමක් දෙන බවයි.
පාරෙන් ඉවත් වීම සඳහා ඔවුනට මිනිත්තු 15ක් කල් දෙන බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යංශයට කිසිම ප්‍රශ්නයක් විසදන්න බෑ කියන එක ඔප්පුවෙලා ඉවරයි. සමහරවිට මෙහෙම කරන්නේ හිතලම ආණ්ඩුව අමාරුවේ දමන්නද කියලත් හිතෙනවා. පහසුවෙන් විසදිය යුතු ප්‍රශ්න පවා අනාගෙන නාගන්නවා. (නදී)
මේ ලෙසටම රට කන හොරුත් පන්නන්න එකතු උනොත් මුළු රටම ගොඩම තමයි.(නදී)
ඕනෑම ප්‍රශ්නයකට පාරවල් හරස් කරන එක දැන් විලාසිතාවක් වෙලා.රතුපස්වල සිදුවීමෙන් රජය සහ ආරක්ෂක අංශ පත් වුණු අපහසුතාවය (දිල්)
යම් කිසි කෙනෙකුගේ මුණට ඇගිල්ල දික්කරලා කතාකරන එක හරිම කැත,දෙකේ පන්තියේ ක්‍රියාවක්. ඒකෙන්ම හිතා ගත්තහැකි පුද්ගලයාගේ හැදියාව ගැන. (නදී)
ඇගිල්ල දක් කරන්න එපා හරිද. අපිත් මාතර කොල්ලෝ.(නදී)
රාහුල හා සුජාතා විදුහල් ඇතිකළේ මෙරටේ සිංහල බෞද්ධ ජනතාව. (නදී)
මාතරට කොහෙන්ද ඉසදීන් නගරයක් ? (නදී)
ඉල්ලීම් දිනා ගන්න පාර අවහිර කරන එක අනුමත කරන්න බැ. දැන් මේක ලංකාවේ පුරුද්දකට ගිහින්.(නදී)
මෙයට විසඳුමක් ලෙස මට නම් හිතෙන්නෙ ඔය ජනප්‍රිය කියන සියලුම පාසල් වල ප්‍රාථමිකය ඉවත් කරා නම් හරි කියලයි. කන්නන්ගර මහත්තයා මධ්‍ය විද්‍යාල සංකල්පයක් ඇති කලේ ඒක නිසයි. නමුත් වර්තමානයේ වෙලා තියෙන්නෙ මධ්‍ය විද්‍යාල ක්‍රමයත් නැතිකරලා ජනප්‍රිය පාසල් සංකල්පය පෙරට ඇවිත්. කරුණාකර ආදි ශිෂ්‍ය සංගම්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ වරප්‍රසාදය ඉවත් කළ යුතුය. එවිට මෙම ප්‍රශ්නය යම් තාක් දුරට විසඳුමක් වෙයි (නදී)
පොලිසියේ හැටි පේනවා නේද? (නදී)
මම අනුරාධපුර සාන්ත ජෝසප් විදුහලේ සිසුවෙක්. 1970-80 පාසල් ගාස්තු රුපියල් හයක් බව මතකයි. ඒ කාලය හරිම සුන්දරයි. අනේ දැන් පාසල් වලට වෙලා තියෙන හරිය.(නදී)
අපි අලුතෙන් "ආදර්ශ " විද්‍යාල දහසක් හදමු. එතකන් ඉන්න (දී)
මිනිස්සු පාර හරස් කරලා මිනිස්සුනේගේ ගමනට බාධා කරන්න නිසා පොලිසියෙන් ඇවිත් ගහල හරි ඉවත් කරනම් හරිම හොදයි. දෙන්ඩ ඕනේ රිදෙන්නම ඔහොම තක්කඩිකම් පාරවල් හරස් කරන නිසා. (දී)
මේ පොලිස් මහත්තුරුන්ගේ දරුවන් සුපිරි පාසැල් වලට ඇතුල් කරලා ඇති. බලන්න මේ දෙමාපියන් මහ පාරේ අඩන හැටි.(නදී)
ඔය අවට ගමේ ළමයි ටික රාහුලේට දාන්නේ නැත්නම් කාගේ ළමයිද දැන් දාන්න හදන්නේ. මාතර නගර සීමාවෙන් ඉසදීන් ටවුන් එක අයින් කරලද මේ ගොල්ලෝ.(නදී)
පොලිසිය මහා පාරේ මෙහෙම ඇඟිල්ල දික් කරනවානම් පොලිසිය ඇතුලෙදි මිනිසුන්ට කරන දේ හිතාගන්න අමාරු නොවේ. දේශබන්දු නාමයට මෙයත් සුදුසු කමක්ද? (නදී)
හැම දේටම උද්ගෝෂණ ඒ මදිවට ඒ අතරට දේශපලුවොත් එනවා එක දාගන්න.ළමයි පාසැලට දාගන්න ටිකක් විදි බහිනවා.දාගත්තු ළමයින්ගෙන් ගසාකනවා විදුහල්පතිවරුන් එක එක සමිතිසමිති සමාගම් පිහිටුවාගෙන.අපිත් පාසැල් ගියා අද කාලේ වගේ මෙහෙම සල්ලි ගත්තේ නැ.පහසුකම් ගාස්තු කියල රුපියල් 30 සිට 60 වෙනකම් ගෙවල පාසැල් ගියා ඒත් අද කාලේ වගේ සතයක්වත් වැඩිපුර ගත්තේ නැ.(අ)
අද මේ උද්ඝෝෂණ විලාසිතාවක් වෙලා. පහුගිය කාලවල නම් පාරට බැහැල මේ වගේ දෙයක් කලා නම් එක්කෝ දත් නැතුව බත් කන්න වෙනවා ,නැත්නම් නෑයන්ට දානෙ කන්න වෙනවා .මේව බේරාගන්න තියෙන නීත්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරන්න කියල අපි හැමෝගෙන්ම ඉල්ලනව දේශපාලනය ගාව ගන්නෙ නැතුව.(නදී)
පොලිසියත් පුප්පයි විපක්ෂයේ අයට. ආණ්ඩුවේ අයට නම් ඒ වුනාට ආචාර කරනවා.(නදී)
මෝඩයින්ට මේවා පෙනෙන් නෑ .....? (අ)
අයියෝ මේ ගිනි අව්වේ මොනවද මේ කොරන්නේ?දුක්මහන්සි වෙලා එක්සේසත් කොරපු ලේ ටිකනේ මේවා.(අ)
කට්ටිය මුලින්ම එකතු වෙලා මේ රට කන චෞර රැල එලවල ඉමු. ඊට පස්සේ ටික ටික රට හදන්න පුළුවන්. (අ)
පොලිසියට මතක නෑ පොලිසියට පඩි ගෙවන්නෙ අපේ සල්ලි වලින් කියල මේ ඈඟිල්ල දික්කරගෙන ඉන්න හෑටියෙන්ම කියන්න පුලුවන් නිළධාරියගෙ තරම (අ)
මොනවා උනත් ගේ ලඟ පාසැලකට ළමයා දාන එක හොඳයි. දුර යන්න ගියාම අද දරුවන්ට අනතුරු වැඩියි. (නදී)
අධයාපන බලධාරීන් නැද්ද? (නදී)