IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාහුල පාර උණුසුම් වෙයි

මාතර ඉසදීන් නගරයේ මව්පියෝ පිරිසක් මාතර අකුරැස්ස මාර්ගය අවහිර කරමින් පැයක් පමණ උද්ඝෝෂණයක් කළහ.

තම දරුවන් රාහුල හා සුජාතා විදුහල්වලට ඇතුළු කර නොගත්තැයි ඔවුහු මේ විරෝධතාවය පැවැත්වූහ.

උද්ඝෝෂකයන් පාරෙන් ඉවත් කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී දැඩි උනුසුම් තත්ත්වයක් ඇති විය.

මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහණ නානායක්කාර මහතා උද්ඝෝෂකයනට පැවසුවේ තෙදිනකින් ඔවුනට විසඳුමක් දෙන බවයි.

පාරෙන් ඉවත් වීම සඳහා ඔවුනට මිනිත්තු 15ක් කල් දෙන බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

 

 



අදහස් (0)

රාහුල පාර උණුසුම් වෙයි

අසාද් Tuesday, 28 January 2014 07:49 AM

පොලිසියේ හැටි පේනවා නේද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 27 January 2014 03:49 PM

මේ පොලිස් මහත්තුරුන්ගේ දරුවන් සුපිරි පාසැල් වලට ඇතුල් කරලා ඇති. බලන්න මේ දෙමාපියන් මහ පාරේ අඩන හැටි.(නදී)

:       0       0

දේවා අකුරැටිය Monday, 27 January 2014 04:00 PM

අධයාපන බලධාරීන් නැද්ද? (නදී)

:       0       0

ආරියසිංහ Monday, 27 January 2014 04:01 PM

මොනවා උනත් ගේ ලඟ පාසැලකට ළමයා දාන එක හොඳයි. දුර යන්න ගියාම අද දරුවන්ට අනතුරු වැඩියි. (නදී)

:       0       0

දොන් Tuesday, 28 January 2014 08:32 AM

මෙයට විසඳුමක් ලෙස මට නම් හිතෙන්නෙ ඔය ජනප්‍රිය කියන සියලුම පාසල් වල ප්‍රාථමිකය ඉවත් කරා නම් හරි කියලයි. කන්නන්ගර මහත්තයා මධ්‍ය විද්‍යාල සංකල්පයක් ඇති කලේ ඒක නිසයි. නමුත් වර්තමානයේ වෙලා තියෙන්නෙ මධ්‍ය විද්‍යාල ක්‍රමයත් නැතිකරලා ජනප්‍රිය පාසල් සංකල්පය පෙරට ඇවිත්. කරුණාකර ආදි ශිෂ්‍ය සංගම්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ වරප්‍රසාදය ඉවත් කළ යුතුය. එවිට මෙම ප්‍රශ්නය යම් තාක් දුරට විසඳුමක් වෙයි (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 28 January 2014 08:41 AM

ඉල්ලීම් දිනා ගන්න පාර අවහිර කරන එක අනුමත කරන්න බැ. දැන් මේක ලංකාවේ පුරුද්දකට ගිහින්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 27 January 2014 04:12 PM

පොලිසියට මතක නෑ පොලිසියට පඩි ගෙවන්නෙ අපේ සල්ලි වලින් කියල මේ ඈඟිල්ල දික්කරගෙන ඉන්න හෑටියෙන්ම කියන්න පුලුවන් නිළධාරියගෙ තරම (අ)

:       0       0

මංජුලා Tuesday, 28 January 2014 08:56 AM

මාතරට කොහෙන්ද ඉසදීන් නගරයක් ? (නදී)

:       0       0

මංජුල Tuesday, 28 January 2014 09:02 AM

රාහුල හා සුජාතා විදුහල් ඇතිකළේ මෙරටේ සිංහල බෞද්ධ ජනතාව. (නදී)

:       0       0

මෙන්ඩිස් Monday, 27 January 2014 04:17 PM

කට්ටිය මුලින්ම එකතු වෙලා මේ රට කන චෞර රැල එලවල ඉමු. ඊට පස්සේ ටික ටික රට හදන්න පුළුවන්. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 28 January 2014 09:47 AM

ඇගිල්ල දක් කරන්න එපා හරිද. අපිත් මාතර කොල්ලෝ.(නදී)

:       0       0

ජයතිලක Tuesday, 28 January 2014 10:49 AM

යම් කිසි කෙනෙකුගේ මුණට ඇගිල්ල දික්කරලා කතාකරන එක හරිම කැත,දෙකේ පන්තියේ ක්‍රියාවක්. ඒකෙන්ම හිතා ගත්තහැකි පුද්ගලයාගේ හැදියාව ගැන. (නදී)

:       0       0

සෙන්තිලන්තන් Monday, 27 January 2014 06:04 PM

අයියෝ මේ ගිනි අව්වේ මොනවද මේ කොරන්නේ?දුක්මහන්සි වෙලා එක්සේසත් කොරපු ලේ ටිකනේ මේවා.(අ)

:       0       0

සේනානායක Monday, 27 January 2014 06:37 PM

මෝඩයින්ට මේවා පෙනෙන් නෑ .....? (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 January 2014 12:11 PM

ඕනෑම ප්‍රශ්නයකට පාරවල් හරස් කරන එක දැන් විලාසිතාවක් වෙලා.රතුපස්වල සිදුවීමෙන් රජය සහ ආරක්ෂක අංශ පත් වුණු අපහසුතාවය (දිල්)

:       0       0

සුරංග මදුරසිංහ Monday, 27 January 2014 09:36 PM

පොලිසියත් පුප්පයි විපක්ෂයේ අයට. ආණ්ඩුවේ අයට නම් ඒ වුනාට ආචාර කරනවා.(නදී)

:       0       0

හේරත් Monday, 27 January 2014 10:12 PM

අද මේ උද්ඝෝෂණ විලාසිතාවක් වෙලා. පහුගිය කාලවල නම් පාරට බැහැල මේ වගේ දෙයක් කලා නම් එක්කෝ දත් නැතුව බත් කන්න වෙනවා ,නැත්නම් නෑයන්ට දානෙ කන්න වෙනවා​ .මේව බේරාගන්න තියෙන නීත්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරන්න කියල අපි හැමෝගෙන්ම ඉල්ලනව දේශපාලනය ගාව ගන්නෙ නැතුව​.(නදී)

:       0       0

අචිනි Tuesday, 28 January 2014 03:29 PM

මේ ලෙසටම රට කන හොරුත් පන්නන්න එකතු උනොත් මුළු රටම ගොඩම තමයි.(නදී)

:       0       0

මාතර බෝයි Monday, 27 January 2014 10:47 PM

හැම දේටම උද්ගෝෂණ ඒ මදිවට ඒ අතරට දේශපලුවොත් එනවා එක දාගන්න.ළමයි පාසැලට දාගන්න ටිකක් විදි බහිනවා.දාගත්තු ළමයින්ගෙන් ගසාකනවා විදුහල්පතිවරුන් එක එක සමිතිසමිති සමාගම් පිහිටුවාගෙන.අපිත් පාසැල් ගියා අද කාලේ වගේ මෙහෙම සල්ලි ගත්තේ නැ.පහසුකම් ගාස්තු කියල රුපියල් 30 සිට 60 වෙනකම් ගෙවල පාසැල් ගියා ඒත් අද කාලේ වගේ සතයක්වත් වැඩිපුර ගත්තේ නැ.(අ)

:       0       0

චානක. Monday, 27 January 2014 11:19 PM

පොලිසිය මහා පාරේ මෙහෙම ඇඟිල්ල දික් කරනවානම් පොලිසිය ඇතුලෙදි මිනිසුන්ට කරන දේ හිතාගන්න අමාරු නොවේ. දේශබන්දු නාමයට මෙයත් සුදුසු කමක්ද? (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 28 January 2014 12:22 AM

ඔය අවට ගමේ ළමයි ටික රාහුලේට දාන්නේ නැත්නම් කාගේ ළමයිද දැන් දාන්න හදන්නේ. මාතර නගර සීමාවෙන් ඉසදීන් ටවුන් එක අයින් කරලද මේ ගොල්ලෝ.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 28 January 2014 12:43 AM

අධ්‍යාපන අමාත්‍යංශයට කිසිම ප්‍රශ්නයක් විසදන්න බෑ කියන එක ඔප්පුවෙලා ඉවරයි. සමහරවිට මෙහෙම කරන්නේ හිතලම ආණ්ඩුව අමාරුවේ දමන්නද කියලත් හිතෙනවා. පහසුවෙන් විසදිය යුතු ප්‍රශ්න පවා අනාගෙන නාගන්නවා. (නදී)

:       0       0

තිලින Tuesday, 28 January 2014 06:22 AM

මිනිස්සු පාර හරස් කරලා මිනිස්සුනේගේ ගමනට බාධා කරන්න නිසා පොලිසියෙන් ඇවිත් ගහල හරි ඉවත් කරනම් හරිම හොදයි. දෙන්ඩ ඕනේ රිදෙන්නම ඔහොම තක්කඩිකම් පාරවල් හරස් කරන නිසා. (දී)

:       0       0

සමන්ති Tuesday, 28 January 2014 06:25 AM

අපි අලුතෙන් "ආදර්ශ " විද්‍යාල දහසක් හදමු. එතකන් ඉන්න (දී)

:       0       0

සමන්ත ප්‍රදීප් Tuesday, 28 January 2014 07:30 AM

මම අනුරාධපුර සාන්ත ජෝසප් විදුහලේ සිසුවෙක්. 1970-80 පාසල් ගාස්තු රුපියල් හයක් බව මතකයි. ඒ කාලය හරිම සුන්දරයි. අනේ දැන් පාසල් වලට වෙලා තියෙන හරිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 281 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 61 0


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 181 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 245 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 338 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 429 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site