රාජ්‍ය සේවා කොමිසමෙන් කළ පරීක්ෂණයක තීන්දුව ලබා දීමට පෙර කොළඹ ආනන්ද විද්‍යාලයයේ උප විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලගේ මහතා මාතර රාහුල විද්‍යාලයයේ විදුහල්පති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පැමිණිලි කර තිබේ.
ඔහු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම අංක පීඑස්සී/ඩීඅයිඑස්/169/2012/11 සහ 2014.03.24 දිනැති චෝදනා පත්‍රයක් ලබා දී එය විභාග කර තිබෙන බවත්, එහි තීන්දුව ලබා දීමට නියමිතව ඇති බවත්, චක්‍රලේඛ සීමාවන් ඉක්මවා සිසුන් 17 දෙනෙක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් 2013.07.26 දිනැතිව අංක ඊඩී/05/84/14/01/105 යුතුව නිදහසට කරුණු විමසීමක් කර ඇති බවත් ස්ටාලින් මහතා විසින් යැවුණු ලිපියේ සඳහන්ය.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයයේ සේවය කරද්දී සිසුවකුට පහරදීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ 11983/15 අංකයෙන් පැමිණිල්ලක් ද විභාග වෙමින් තිබෙන බව ද සඳහන් කර ඇති ස්ටාලින් මහතා ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ වෙලගේ මහතා පත්කිරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර විධිමත් ලෙස සුදුසුකම් ඇති විදුහල්පතිවරයකු මාතර රාහුල විද්‍යාලයයට පත් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා බාරගැනීමට කැමති. ලංකාවට අප්රිඅල් මස අවසානයේ එනවා. නොමිලයේ වසරක් සේවය ලබදෙන්ට පුළුවන්. (ර)
දැන් මේ පත්වීම කරපු කෙනා දන්නේ නැද්ද පත්කරපු මහත්තයාගේ නුසුදුසුකම ගැන? දන්නේ නැත්නම් උන්නැහේගේ නොදන්නාකම. දන්නවා නම් උන්නැහේගේ නොසැලකිල්ල. අනේ දෙවියනේ, ඇයි අපේ උසස් නිලධාරීන් අර ඔලුවට උඩින් තියනවයි කියන එක පාවිච්චි කරන්නේ නැත්තේ? (බ)
වෙලේගේ විද්‍යාලෝකෙට මගේ පුතා දන්නා ලක්ෂ එකහමාරක් ඉල්ලුව (බ)