භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන පරීක්ෂණයේදී රහස් පොලීසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරතියි සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජගත් අබේනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ඝාමිණීට එක හැන්දකිනුත් තවත් සැකකරුවකුට තව හැන්දකිනුත් බෙදතියි ඔහු කීවේය. රිමාන්ඩ් බාරයේ සිටින ගාමිණීගේ ඇසක් ඉවත් කැර බොරු ඇසක් දමා ඇතැයි ද වෛද්‍ය උපදෙස් නොමැතිව ඔහු බන්ධනාගාර රෝහලෙන් ඉවත් නොකළ යුතුයැයි විශේෂඥවෛද්‍යවරයා කියා ඇතත්, බන්ධනාගාර වෛද්‍යවරයා ඒ උපදෙස් කඩකරමින් ඔහු රිමාන්ඩ් සිරමැරිදයකට දමා ඇතැයි ද නීතීඥවරයා කීවේය. අනෙක් අතට තවත් සැකකරුවකුට සිංගප්පූරුවේ තරු පහේ හෝටලයක් වැනි රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩ දී ඇතැයි ද, දේශපාලන බලය හා සමාජ තත්ත්වය අනුව එසේ වන්නට ඇතැයිද ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන ගියේ සැකකරුවකු වීමට කලින් බවයි. ප්ලාස්ටික් හිස්කබලක් පෙන්වමින් ඔහු කියා සිටියේ වෙඩි පහරින් දුමින්ද සිල්වාගේ හිසේ කෑලි කැඩී ඇති බවයි. එම කෑලි වෙනුවට ප්ලාස්ටික් කැබලි යොදා සැත්කම් කර ඇතැයි ද, මෙවැනි බරපතල තුවාල ලබා සිටියදීද ඔහු ජීවත් වීම ගැන විශේෂඥ වෛද්‍යවරු පවා පුදුමයට පත් වී සිටින බව ඔහු කීවේය. දුමින්ද සිල්වා මහතාට උසාවියට පැමිණීමට හැකි විගස උසාවි එන බවත් පැවසීය. සැකකරුවකු වන ධනංජය මධුසංඛ සිල්වා කියා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවයි. විශේෂඥ වෛද්‍ය උපදෙස් නොතකාහළේ ඇයිදැයි කරුණු දක්වන ලෙස බන්ධනාගාර අධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත් පොලිස් පරීක්ෂණ වර්තා නීතිපතිට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට ද නියෝග කළේය. සැකකරුවෝ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ දුමින්ද කියන්නෙ. මට මතක නැහැ. (නි)
දැන්මොකක්ද ප්‍රශ්නේ? (නි)
මොකක්ද ඔය කියන නඩුව.(නදී)
අනේ ඔයාලගේ බොරු සද්දේ විතරයි.(නදී)
අනේ මට මතක නෑනේ? ඔබට මතක නැතිවුණාට අදවාගේ මතකයි මට. (නි)
කවුද රජා..!(නු)
ඒ විතරක් නොවේ. සමහරුන්ට රජයේ වියදමින් ප්‍රතිකාරත් ලබා දෙනවා. (නි)
මේ හැම දෙයක්ම මෙහෙම වෙන්නේ ඇයි කියල සහ කවුද මේවට වග කියන්න ඕන කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. (ස)
අඩු කෝප්පේ වැලි කිව්වලු (දී)
ඔව් ඉතින් ඔළුව කෑලි කැඩිලා දැන් අවුරුද්දකට වැඩියිනේ. අර ඉස්සර කව්ද ගොයම් කොලයක් පෙන්නලත් නඩුවක් කැඩුවළු. ඒත් දැන් අධ්‍යාපනේ දැන් ඊට වඩා දියුනුයි. එහෙම ලේසියෙන් දැන් නඩු කඩන්න බැහැ.(නදී)
අනේ අපේ ගමේ පොලිසිය නම් ඕවට ගාව ගන්න එපා. එයාලා අවංක අය. (නි)
මේවා තමා ලංකාවේ පිරිහීම පෙන්නන තැන්, (නි)
හැමතැනම තියෙන්නෙ ඔය ක්‍රමයනේ. හරි දේට ඉඩක් නැහැ. වැරදි කරන අය ආරක්ෂා කරන එකයි අද දේශපාලකයින්ගෙ රාජකාරිය. ආණ්ඩුවට ඡන්දෙ දෙන අයගෙ බලාපොරොත්තුවත් වැරදි කරලා ආරක්ෂා වීමනේ. ඉතිං මොකටද බය වෙන්නෙ. (නි)
අනේක අය ගැන ඉතින් කවද කතාද? (නි)
පොලිසියට දරු සෙනෙහස වැටහේවා! (නි)
තව ටික දවසකින් මොනවා වෙයිද? (නි)
මේවා අහලා මටත් දැන් කම්පනය වගෙයි (නි)
ඇත්ත දන්නේ මියගිය කෙනා නේද? (නි)
මට නම් මතක නැහැ (නි)
මට නම් මේවට හිනායනවා (නි)
බලමු සාධාරණයක් ඉටුවේවිද කියලා (නි)
අයියෝ...අනේ මන්දා (ස)
අපි නොදන්නවයැ....අපිත් ඉතාලියේ හිටියනේ (ස)
සැමදා අපේ සිත්වල ඔබගේ ම්තකය රැදී ඇත (නි)
මොනවද කිවුවේ? මට මතක නැහැනේ. (නි)
අනේ මේ අර අපේ අහිංසකයා නේද? (නි)
පෙරකදොරුවන් මේ අයුරින් නින්දිත ලෙස අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ඉතා පහත් තත්වයක්. (නි)
ඇමති පුතෙක් නොවුණහම ඔහොම වෙනවා. (නි)
එකනේ හොරා රහස් පොලිස් කියන්නේ, අපේ සීයා කියල තියෙනවා අම්ම තාත්ත උනත් පොලිසියේ නම් විස්වාස කරන්න එපා කියල
දැන් කශේරුවක් කෙළින් තබාගෙන වැඩ කරන ඇත්තෝ බොහොම අඩුයි (නි)
බොරුව ඇත්ත කරන බහුතරයකට දාව උපදින දරුවෝ මන්ද බුද්ධිකයි (නි)
මේජර් මොනවා වුණත් පෙර පින් කරලා තියෙනවා (නි)
මේවා මට නම් විකාර වගෙයි. (නි)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. සියල්ල අවුල් වෙලා වගෙයි (නි)
හැදි දෙකෙන් එකක තියෙන්නේ මතකය නැතිවෙන බෙහෙතක් (නි)
අද හැමදේම පාහේ රදා පවතින්නේ දේශපාලන බල පුළුවන්කාරකම් මයි (නි)
මට නම් මතක නැහැ මේ ගැන. (නි)