IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලොකු උත්සාහයක් දරනවා 'මිස් වර්ල්ඩ්වයිඩ්' වෙන්න

20160902Lankika-3නිරූපණයෙන් සහ රංගනයෙන් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී ඇති ඇය ලංකිකා මාතොටආරච්චි නම් වෙයි. තවමත් පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන ඇය මේ දිනවල විශාල කටයුත්තක් සඳහා සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය අපත් සමග පැවසුවේ මෙවැන්නකි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ වයස අවුරුදු 19යි. මගේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා දැනට පිටරට සේවය කරනවා. අම්මා ගෘහනියක්. මගේ අක්කා ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගමේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කරනවා.

 

20160902Lankika-6මේ දිනවල සූදානම් වෙන වැඩකටයුත්ත ගැන කතා කළොත්?

මේ දිනවල විශේෂ කාර්යයක් සඳහා සූදානම් වෙනවා. මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ්වයිඩ් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තේරුණේ මම. ඉතිං මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා.

 

ඒ සඳහා අවස්ථාව හිමිවුණේ කොහොමද?

ඒ අවස්ථාව මට ලැබුණේ Shade mirror ආයතනයෙන්. ඔවුන් මුලින්ම ඡායාරූප මගින් තමයි තෝරා පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ. ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයක් තියලා අවසානයේදී මාව තේරුණා.

 

නිරූපණ ක්ෂේත්‍රය ඔබ හඳුනාගන්නේ කෙසේද?

අයි.ටී.එන්. අවුරුදු කුමරිය ඔස්සේ තමයි මාව හඳුනාගනු ලබන්නේ. එතැන තමා ක්ෂේත්‍රයට එන්න මගේ පළමු ආරම්භය.

 

ගුවන්විදුලි ළමා නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා නේද?

ඔව්. ගුවන්විදුලිය සඳහා ළමුන්ව කැඳවලා තිබුණා පරීක්ෂණයට. ඒ සඳහා දායක වෙද්දී මම 7 වසරේ ඉගෙන ගනිමින් හිටියේ.  මගේ අම්මා තමයි ඒ සඳහා මගේ අයදුම්පත යොමුකරලා තිබුණේ. එහි අංශ හතරෙන්ම මම සමත් වුණා.  කථනය, නිවේදනය, නාට්‍ය, ගීත කියන අංශ හතරෙන්ම තේරිලා මම ගුවන්විදුලි ළමා නිවේදිකාවක් විදියට තේරුණා. එතැනදී විදුල ළමා ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් විදියට කටයුතු කරනු ලැබුවා.

 

නිරූපණය පැත්තෙන් දායක වූ වැඩකටයුතු මොනවාද?

මියුසික් වීඩියෝවක් සඳහා දායක වුණා. තවත් මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම භාරගත්තේ නැහැ. මොකද තරගවලට කැපවෙන්න ඕන නිසා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කීපයක් සඳහා දායක වුණා. විම් දිවියට දිස්නේ, මහජන බැංකුවේ සහ රන් කහට කියන වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. තව වෙළෙඳ දැන්වීම් කීපයක් එළිදැක්වීමට නියමිතව තියෙනවා.

 

නිරූපණය කියන්නේ පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක්ද?

නැහැ. එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. මේක වෘත්තිය වශයෙන් කරන්න ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. වෘත්තිය වශයෙන් මට ඕන මගේ අක්කා වගේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන්න.

 

දෙමව්පියන්ගෙන් නිරූපණය සඳහා ලැබෙන සහයෝගය?

දෙමව්පියන්ගෙන් ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා තමා හැමතිස්සෙම මගේ පස්සෙන් ඉන්නේ. තාත්තා අපිට දුරින් හිටියත් අපි ගැන නිතරම විස්තර හොයනවා. තාත්තා මා පිළිබඳව ඇති විශ්වාසය සහ අම්මා පිළිබඳව ඇති විශ්වාසය නිසා මට කිසිම තහනමක් පනවලා නෑ. ඒ නිසා අපට කැමති මාර්ගයේ යන්න අම්මයි, තාත්තයි දෙන්නම අවසර දීලා තියෙන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයට ඇතැම් අය එල්ලකරන චෝදනා ඔබත් පිළිගන්නවාද?

නිරූපණ ක්ෂේත්‍රය විතරක් නෙවෙයි, අනෙකුත් ක්ෂේත්‍රයන් වලත් නොයෙකුත් චෝදනා තියෙනවා. අපි හොඳට හිටියොත් කියන දේ තමයි මම හිතන්නේ වැදගත්ම දේ.

 

රැකියාවටද, නිරූපණයටද මුල්තැන දෙන්නේ?

හරියටම මම කරන්නේ මගේ රැකියාව. මම නිරූපණය කරන්නේ වෘත්තිය වශයෙන් නෙවෙයි. ගුවන් සේවිකාවක් වෙන එක තමයි මගේ එකම අරමුණ. ඒ නිසයි ඒ සඳහා උපරිම දායකත්වය සහ මුල්තැන ලබාදෙන්නේ.

 

රැකියාවට අවශ්‍ය මූලික පසුබිම සඳහා දැන් සූදානමින්ද ඉන්නේ?

තාම නැහැ. මම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියා විතරයි. ඒ නිසා දැනට මම මේ තරගාවලියට සූදානම් වෙනවා. ඒ සඳහා මූලික අඩිය තියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

අධ්‍යාපන කටයුතුවල නියැළෙන ගමන් ක්ෂේත්‍රයට එනකොට පාසලෙන් බාධාවක් තිබුණෙ නැද්ද?

මට එහෙම කිසිම බාධාවක් තිබුණෙ නැහැ. මගේ පාසල පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල. ඉතිං අනිවාර්යෙන්ම මේ මොහොතේ පාසල මතක් කරන්න ඕන. ඒ වගේම මගේ ගුරුවරුන් මතක් කරන්නත් ඕන. මොකද ඔවුන් මට විශාල ශක්තියක් වුණා. මම පාසලේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම නර්තනයට, නාට්‍යවලට මම ගොඩක්ම ළැඳි නිසා බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කළා. ඒ නිසා මගේ අතපසු වෙච්ච වැඩ ඔක්කෝම  මට හරියාකාරව කරගැනීමට පාසලේ ගුරුවරුන් වගේම මගේ යාළුවෝ ගොඩක් උදව් වුණා. ඒ වගේම පාසල සඳහාත් මම ගොඩක් කීර්තිය ලබාදීලා තියෙනවා. 2014 වර්ෂයේ සමස්ත ලංකා ඒකල මුද්‍රා නාට්‍ය තරගාවලියේ පටාචාරා අංශයේ ප්‍රථම ස්ථානය මම දිනාගත්තා. පාසලේ වේදිකා නාට්‍යවල හොඳම  නිළිය වෙලා තියෙනවා. එහෙම ගොඩක් ජයග්‍රහණ ලබපු නිසා ගොඩක් හොඳ සහයෝගයක් මට පාසලෙන් ලබාදුන්නා.

 

ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

දැන් නම් තියෙන්නේ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ්වයිඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට උප කිරුළක් හරි ගෙන එන්නයි. ලොකු උත්සාහයක් දරනවා මිස් වර්ල්ඩ්වයිඩ් වෙන්න. ඒක තමයි මගේ දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

20160902Lankika-1 20160902Lankika-2 20160902Lankika-4 20160902Lankika-5 20160902Lankika-7



අදහස් (0)

ලොකු උත්සාහයක් දරනවා 'මිස් වර්ල්ඩ්වයිඩ්' වෙන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 659 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1150 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 686 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 795 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site