නකල්ස් ලෝක උරුම වනාන්තරයට පවරා ගැනීම සඳහා මිනුම් කටයුතු කරන මී මුරේ කරඹකැටිය ග්‍රාම නිලධාරී වසම වින්ඩ් හිල් පාර්ක් වත්තේ ලොකු ගස් කැපීම නිසා ගිං ගඟට, මා ඔයට හා කරඹකැටියේ ජල මුලාශ්‍රවලට දැඩි හානි සිදු වෙතියි ගැමියෝ කියති.
කැන්ද ,ඇකේසියා,මාර,ලුණු ම්දෙල්ල වැනි ගස් කපා දමන බවත් ඇතැමි ගස් වට අඩි 10-12 බවත් ගැමියෝ පවසති.
මෙය පෞද්ගලික ඉඩමක් බව රජයේ නිලධරයෝ කියති.අක්කර 200 ක් පමණ එම ඉඩමට අයිති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රා ඇමතිවරුන් ඇත පන්සීයක් විතර , ඇමතිල මහා ඇමතිලා තව සියයක පොකුර. පොලිසිය හමුදාව ඇති අවිගෙන නිතර, ඇස වහගෙන සිටිවු එන තුරු වැලි කතර. (නදී)
මේවා කරන්නේ කවුද කියල මේ හැමෝම දන්නවා. ගම්වල මිනිසුනේ, කරන දෙයක් ඇත්තේ නුඹලාගේ අතේ තමයි. (නි)
එදා කිව්වා වගේ අදත් මම අදත් කියනවා රජයේ දෙපාර්තමේන්තුවල ඉන්න අය කටු ඉඹුලට යවන්න ඕනෑ . (නි)
තව කපන්න. තව කපන්න.ඇති වෙනකම් විනාශ කරන්න! (නි)
වනසන විටදී කපලා ගස් සරු සාර ... ඇහැ කන පියා ඉන්නේ ඇයි දෙවි ගම්බාර ... ගම තුළ නැද්ද කොල්ලන් හැඩි දැඩි වීර... එළවා ගිහින් දීපියව් කුරුදු පොලු පාර .....!!! (නි)
මෙහෙම පුවත් සමාජ අඩවි වලින් ප්‍රසිද්ද කරන්න. ලංකා දීපෙන් තමයි මෙවැනි ඉතා වටින පුවතක් දැනුම් දෙන්නේ..(නදී)
ලංකාදීපෙට ස්තුතියි , මේ ගැන සොයා බලා වැරදි කරුවන්ට දඬුවම් කිරීමට වග කිවයුත්තෝ කටයුතු නොකනන්නේ නම් , ඔවුන්ද රටට ද්‍රෝහී වැරදි කරුවන් ලෙස සලකන්නට අපට සිදුවේවි.(නදී)
ගස් ටික කපා පරිසරයම වනසනවා, මස් ටික කන්න වන සත්තුන් මරවනවා, පස් ටික පවා විකුණගෙන රජ වෙනවා, වස් කවි කියා වත් උන් සැම එලවනවා..(නදී)
මේ විනාශය කවුරු කළත් මේකට කියලා අමාත්‍යංශයක් පත් කරලා තියෙන්නේ මොකටද?පරිසර අමත්‍යංශයෙනුත් කටපියාගෙන ඉන්නවා නම් ජනතාව පොලිසිය සමග එක්වී වහාම මේ කාර්යය නැවැත්වීමට උත්සහ කළයුතුයි.මේ එකක් පමණයි. තව මේ වගේ පරිසර හානි මහා පරිමාණයෙන් කරගෙන යනවා.මේවා පොදු දේපල!මේ කරන අපරාධයෙන් මිනිසුන්ට ,සතුන්ට දේශගුණට මේ සියල්ලටම සිද්දවෙන හානිය තේරුම් කරලා දෙන්න රජය ගන්න ක්‍රියා මාර්ග පුළුල් වෙන්න ඕනෑ.රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවනතාක් අපට මෙවැනි ව්‍යයසන අසන්නට ලැබේවි! (නි)
අර ටික දවසකට පෙර එක මිනිහෙක් නිසා කුරුදු පොලු අරගෙන තව මිනිසුන්ට ගහපු බොරු වීරයෝ නැද්ද මේ වෙලාවට ඇවිත් පෙන්නපන්ලකො වීරකම් ..(නදී)
විෂ්ණු කතරගම කඩවර ගම්බාර, අස්න උනුවෙලා වත් බල සක් ඇස් ඇහර, ගස් ටික මුළුමනින් වනසා ලන්ට පෙර, ඉස් මොළ උන්ගෙ සෝදනු ගෙන ගිනිවතුර..(නදී)
කෝ රාවනා බලය, කෝ හෙළ උරුමය, කෝ ජාතික නිදහස් පෙරමුණ....අනවශ්‍ය දේවලට මොර දෙනවා.. රට වනසන මේ අපරාදය බලා පුලුවන්නම් අවුරුදු දහයකට වත් ගස් කැපිල්ල සම්පුර්ණයෙන් නවත්වන්ට . නැත්නම් ඔයගොල්ලෝ ඔක්කොම බොරු වීරයෝ විතරයි..(නදී)
වන සංරක්ෂණය ඇත වනයම කපනු ඇත... වන දිවි පනත් ඇත සත්තුත් මරනු ඇත... රජයක් කියා ඇත පාලනයක් නොමැත... ඔලුවක් කියා ඇත මොළයක් එහි නොමැත.... (නි)
ඇයි අපි විතරද මේ වත්තේ තියෙන ගහක් කපද්දිත් බලපත්‍රයක් ගන්න ඕනෑ? (නි)
කරුමෙට මේවා කාටත් නොපෙනී යනවා... ජනපතිතුමනි දැන් අපි අසරණ වෙනවා.... (නි)
ඕවට වගකියන්න ඕනෙත් තවත් කව්රු හරි මනුස්සයෙක් තමයි.(නදී)
ගහ කොළ වැඩියි අඩුකර ලන්නට ඕනේ ,වැව් දහසක් මොටද ගොඩකර දෙනවානේ, උල්දිය මොටද බෝතල් දිය බොනවානේ, ගංගාවල් මොටද මුහුදට පනින්මු අනේ . (නදී)
කොළඹ ලස්සනයි ගහකොළ හිටවනවා, වැව් හදනවා කුඹුරුත් වපුරා දෙනවා,තව මොනවටද මේ කට්ටිය දොඩවනවා, ගැමි පරිසරය අපි කොළඹට ගෙනියනවා. (නදී)
අපේ ලංකාවේ මොන ජාතියේ මිනිස්සුද ? වතුර ටිකක් නැති උනාම තේරේවි කට්ටියගේ රගේ,,,,,රතුපස්වල පිළියන්දල මඩපාත ඔය එන්නේ ටික ටික කරුමේ වගකිවු යුතු නිලදාරී නිදිද ?(නදී)
කවුරුත් දන්නේ නැද්ද, ඕකට තමයි කියන්නේ ,ආසියාවේ ආශ්චර්යය.(නදී)
ගහක කොලක කිසි අගයක් දන්නේ නැති.., බුරුවො වගේ කියත් පොරෝ අතට ගති .., හොද හොද වටින ගස් සේරම බිම හෙලති.., දිනකදී නුදුරු ඒ ගසටම යට වී නසිති ...!!(නදී)
අධම දේශපාලනයේ සහ මුදලේ බලයෙන් මුළු රටම විනාශ කරපල්ලා! මේවට උදව් දෙන අයට ශාප වේවා! (නි)
සරා මොලේ හොඳට තියෙන බලවත් මිනිස්සු මේවා කරන්නේ. (අ)
දෙවි වරුන්ට කරදර කරන්නේ ඇයි? කැල ආරක්ෂා කරන්න වගකීම් තියෙන කීදාහක්, පාලකයෝත් එක්කම කොච්චර පඩි ගන්නවද? ගුරුවරයෙක් ඉස්කෝලේ වහලේ හදන්න ගහක් කපුවා කියල හිරේ දාපු එකක් පල වුනා. මේවයි අපරාධ.(අ)
හලාල් නවත්තන්න කලින් මේවා නැවැත්තුවොත් හොඳි නේ. (ස)
මම මෙම සිදුවීම පරීක්ෂා කලා. මෙම ඉඩමි නකල්ස් සංරක්ෂිතයට පවරා ගන්න තියෙන පුද්ගලික ඉඩමි. 2007.07.23 දින 1507/9 ගැසටි එකට අනුව බලතල තියෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට. මම ඔවුන්ව දැනුවත් කලා ඒත් මට ලැබුන ප්‍රතිචාරය ඉතා නරක ඒකක්. (නදී)
පුද්ගලික ඉඩමක් වුණත් මේ වගේ ගස් කපන්න අවසර ඕනෑ නේද? කවුද අවසර දුන්නේ? (නි)
නිළධාරිතුමා කියලා තියෙන දේ බලන්න. මේවා නවත්තන්න මිනිස්සු ඉදිරියට පැමිණිය යුතුයි. නිලධාරීන්ට මිනිස්සුන්ගේ සහාය ඕනෑ. (නි)
මධ්‍යම පරිසර අධිකාරිය කාගේ යටතේද තියෙන්නේ? (නි)
අක්කර දෙසීයක් පුද්ගලික ඉඩමක් වෙන්නේ කොහොමද? එක මිනිහෙකුට පුද්ගලිකව කොහොමද මෙච්චර තියෙන්නේ? අක්කර පනහයි නීතියෙන් තිබෙන්නේ. (නි)
පෞද්ගලික උරුමයට වඩා පොදු උරුමය තිරසාර සංරක්ෂණයට වටිනවා නේද? ඒ ගැන සිතනවා නම් කොච්චර හොඳද. (ස)
ඔව් ගජමෑන් කිව්වා වගේ දෙන්න තියෙන්නේ අතට අහුවෙන එකකින්. පරීක්ෂණ කරලා එනකොට වෙන්න තියෙන විනාසේ වෙලා ඉවරයි. අපේ රටේ පරිසරය ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. (ස)
අයියෝ, ජාති හිතෛශීනි, ඔබේ අවදානය පිණිසයි. (ස)
ලංකාව ඉතියෝපියාවක් කරන්නයි ලැහැස්තිය. දැනුත් උග්‍ර ජාල හිගයන් ඇතැම් පළාත්වල පවතිනවා. පුද්ගලික ඉඩම් උවත් යම් නීති සම්පාදනය කලයුතුයි පරිසර හානි නොවන්න. අක්කර 200 ක පුද්ගලික ඉඩමක්? රජයට හැකි නම් එය පවරාගන්න.(නදී)
තාත්ත හිටවලා පුතාට දීපු ඉඩමේ කොස් ගහ කපන කොට රජයේ නිලදාරින් එක්ව පොලිසි ගෙනිහිල්ලා උසාවි දානවා. රටේ නිතිය කාටත් පොදු විය යුතු නැද්ද?.(නදී)
ඒ වෙනුවට වටිනා ගස් වැඩි වැඩියෙන් සිටවිය යුතුය.(නදී)
සමහර ආගම් අනුව සතුන් මවලා තිබෙන්නේ මිනිසුන්ටයි, ගස් වවලා තිබෙන්නේ මිනිසුන්ටයි. එනිසා කලබල නොවන්න (නි)
අපි පරිසරය සුරකිමු. එය දේශපාළුවන්ගෙන් බේරාගනිමු (නි)
මේවා කරන අයට හොදක් නම් වෙන්න එපා (නි)
හා හා බලාගනයි ගජමෑන්, ඕවා කියන්න යන්න එපා.අර හොදම උපදෙස දන්නවයි කියලා හිතාගෙන ඉන්න උපාලි,බන්දුල,ලුම්බිණි වගේ උදවිය කලබල වෙයි.මොනවා කළත් ඉවසලා ඉන්න. අනේ අපේ රට දවසින් දවස කොහේටද යන්නේ? මෙය නොපෙනෙන කරුමය කිම ? (නි)
හොදක් නම් වෙන්න එපා ඕවා කපන්න අනුදැනුම දෙන අයට (නි)
මොන තරම් ජාතික අපරාධද මේවා? (නි)
මෙච්චර ගහක් හැදෙන්න තව අවුරුදු කීයක් ගතවෙයිද? ඇයි දෙවියනේ මේ ගැන හිතලාවත් මේ ගස් කපන එක නවත්වන්න බැරි? (නි)
කවුද ඔය ගස් කපන්නේ? කපන අය වැරදි නම් ජල මූලාශ්‍ර වලට හානි වෙනවා නම් කවුරුවත් නවත්වන්නෙත් නැතිනම්, නීතිය ක්‍රියාත්මක වෙනකොට ගස් ටික කපලා ඉවරවෙයි. ඊට කලින් ....... ගැමියනි! ගනිව් අතට අහුවෙන දෙයක්, ගහලා එලවා දමනු, වෙන දෙයක් පස්සේ බලාගන්න පුළුවන්.. (ස)
අපේ උරුමය විනාශ කරන මේ වගේ අයට සහ හවූල්කාරයින්ට ශාප වේවා! (නි)
අපේ වන සම්පත ,වල් අලි ටික,මුවෝ ටික... තවත් මට ලියන්න බැහැ. අපේ ස්වභාව ධර්මය ආරක්ෂා කර දෙන්නද (නි)
මේ වහන්සේලා මේවා ආරංචි වෙන්නේ වත් නැද්ද? (අ)
හෙන හත ගහනවා රටේ පරිසරය , ගහකොළ, සතා රැක ගන්නේ නැතුව විනාස කරන අයට. (අ)
මම නම් ලී වලින් හැදු බඩු වර්ජනය කරලා හුගක් කල්.හැමෝම මෙම වර්ජනය පටන් ගත්තොත්,ගස් කැපීම නතර වෙයි.(අ)
.මුළු රටටම අයිති ගස් තමාගේ වාසියට පමණක් සිතා කපා ගන්න උන්ට සහ උන්ට උදව් කරන උන්ට ශාප වේවා ,ශාප වේවා .(අ)
මේ යන විදිහට ගියොත් අධිවේගී මාර්ග දෙපස බල බලා එන්න අපටත් කාන්තාර බිහිවේවි. සෞදි අරාබියේ රියාද් ඉඳලා ජෙද්දා යනකොට වගේ. අලි ටික මරනවා, මුවෝ ඇතුළු වනසත්තු ටික මරලා හෝටල් වලට අදිනවා, වනාතර කපලා ගස් විකුනනවා, වැලි ගොඩ දානවා, ගංජා වවනවා, කුඩු ගේනවා, කසිප්පු පෙරනවා, ළමයින්ව දූෂණය කරනවා, මිනී මරනවා, උගත්තු රට හැර යනවා,ආගම ධර්මය පිරිහෙනවා,(අ)
ලංකා උරුමය ට වේචචා දෙයක් (අ)
වන සංරශ්සන ඇමතිට අපේ ජිම් පප්පා ට තරම් වත් මොලයක් සහ සදාචාරයක් නැහැනේ. (අ)
අනේ අපේ වන සම්පත (අ)
මේක පුද්ගලික ඉඩමක් නම් මේකේ තියෙන මෙච්චර ගස් කපන්න බලපත්‍රයක් දුන්නේ කවුද?එහෙම බලපත්‍රයක් දුන්න කෙනාගේ ඉඩමේ තම කපපු ගස් හිටවන්න ඕනේ.කෝ පරිසර ඇමති?කෝ පොලිසියේ නිලදාරීන්? අනාගත දරුවන්ට ලංකාව සොමලියාවක් කරන්නද හදන්නේ? (අ)
ලියා තිබෙන දෙය මට නම් පැහැදිලි නැත. (අ)
මේවා ජාතික අපරාධ.....පිටකොන්ද පණ තිබෙන මිනිසුනි වරෙව් ඉදිරියට තමන්ගෙ ගම ..රට කෑලාපාලුවන්ගෙන් රෑකගනිව්...කුරුදු පොලු අරන් ගහන්න ඕනා මේ කලෑ පාලුවන්ටයි...(අ)..