අන්තෝනියෝ ෆ්‍රන්චෙස්කෝ (61) නම් ඉතාලි ජාතිකයා සමග විවාහ වී පලේර්මෝ නුවර ජීවත් වූ නිසාරා පියුමි සිල්වා 24, දෙසැම්බර් මස සිට අතුරුදන්ව ඇති බව අගේ මව වන කිඹුලපිටියේ ප්‍රින්සි පෙරේරා මහත් මිය කියන්නිය .
මගේ දුව 2010 ඉතාලි ජාතිකයා කසාද බැන්දා .2010 මාර්තු මාසයේ ඉතාලියට ගියා දෙන්නා අතර ප්‍රශ්න තිබුණා. එක සැරයක් දුවට ගහලා පලේර්මෝ රෝහලේත් හිටියා පොලිසියෙන් එයා ආරක්ෂක නිවාසයකට බාරදී තිබුණා.
පසුව දෙන්නා ආයෙත් සමගි වුණා. නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ සිට දුව අතුරුදන් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ගිහාම කිවුවා .
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වන්න කියලා රෝමයේ තානාපති කාර්යාලයට කතාකලාම දවස් දෙකක් ඇතුළත තොරතුරු හොයලා මට දුරකථන ඇමතුමක් දෙන්නම් කිවුවා නමුත් කිසිම දුරකථන ඇමතුමක් මට දුන්නේ නැහැ මම ආයෙත් කතා කළාම කියනවා එයාලට කිසිම දෙයක් කරන්න බැහැ පලේර්මෝ පොලිසියට පැමිණිල්ලක් දන්නා කියලා මම ලංකාවේ ඉඳලා කොහොමද පලේර්මෝ පොලිසියේ පැමිනිල්ලක් දාන්නේ අනේ කොහොම හරි මට මගේ දුව හොයලා දෙන්න . ඇය හැඩු කඳුළින් කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස 61 සුද්දෙකුට 24 දුව බැඳලා දුන්නේ ඇයි. සල්ලිවලට තියෙන පෙරේතකමට. ඔයිට හොඳ නැද්ද දුප්පත් අහිංසක කොල්ලෙකුට මේ කෙල්ලව බන්දලා දුන්නා නම්. දැන් මොකද වෙලාතියෙන්නේ? අද සමාජයේ බහුලව සිද්දවෙන දෙයක් මේක. සල්ලිවලට තමන්ගේ දරුවෝ බිල්ලට දෙනවා. මොකෙක් හරි කමන් නැහැ සල්ලි තියෙනවා නම් රැවටෙනවා.(නදී)
මෙවැනි අසාධාරණ වෙන නංගිලාව රැක බලාගන්න අරන් යන අපේ අයියලාත් මෙහෙ හරියට ඉන්නවා. මම නම් හිතන්නේ මෙයා කවුරුහරි අයියා කෙනෙක් ළඟ ඇති කියලයි. (දී)
මෙවැනි ලාබාල අයව විවාහ කර ගන්නේ පහත් ආශාවන්ගෙන් පෙලෙන අයයි. මේ මිනිහගේ මානසික අසමතුලිත භාවයක් නිසා මේ දැරිවියට ජීවිතය අහිමි වෙලා වත්ද? (නදී)
අම්මේ ඔයාගේ දුව හොයාගන්න තානාපති තුමා උදව් කරන්නනම් මෙහෙ ඉන්න ඒජන්ට් කට්ටියට පළමුව කතා කරන්න.එතකොට එයා ඉක්මනින්ම තොරතුරක් ඔයාට ලබා දෙනවා. සමාවෙන්න අම්මේ මේක එතුමාගේ වැරැද්ද නෙමේ කොන්සිලර් අංශයේ ප්‍රදානින් මෙයාව ඒ තත්ත්වයට පත් කරලා.ඉතාලියේ මුළු ශ්‍රී ලාංකිකයන්ගේම අබාවය අම්මේ. (දී)
සීය කෙනෙකුට දුවදීල දැන් විදවනවද? (නදී)
අපි ඉන්නේ ඉතාලියේ. අපි දන්නවා ඉතාලි අපේ තානාපති කාර්යාලයේ හැටි. අපේ කෙනෙක් නැති උනාම වගකීමක් තියෙන තානාපති කාර්යාලයක් හැසිරෙන්න ඕනේ ඔහොමද? ඒ නිසයි මම මගේ පළමු අදහස ලියා එවුවේ. (නදී)
අපි ඉන්නේ ඉතාලියේ ,අපි දන්නවා ඉතාලි අපේ තානාපති කාර්යාලයේ හැටි .අපේ කෙනෙක් නැති උනාම වගකීමක් තියෙන තානාපති කාර්යාලයක් හැසිරෙන්න ඕනේ ඔහොමද ..(අ)
වයස හැට එකක කෙනෙකුට දුව දෙන කොට අනේ අපොයි කියන්න කවුරුත් හිටියේ නැත්ද ?(දිල්)
අදකාලේ මුදල් තියෙනවනම් කසාද බදින්න වයස ඒ හැටි ගානක් නැහැ.(ත)
අපේ තානාපති කාර්යාලය මොනවද කරන්නේ කියල බලමු. (අ)
පරාභව සුත්‍රය අහන්නන් වාලේ ඇහුවට වැඩක් නැහැ. පිළිපදින්න (අ)
සිද්ධවෙලා තියෙන දේ ගැන ඉතාමත්ම කණගාටුයි. හැබැයි විවාහයට පෙර නිකන්වත් හිතුවනම් මේක නොගැලපෙන විවාහයක් කියල මෙච්චර ප්‍රශ්නයක් නොවෙන්න තිබුන. (අ)
දෙයියෝ සාක්කි ,වයස 61 යි 24 යි (අ)
61ක්?? අම්මේ ඔයාගේ වරද.ඔය වයසට පොඩි කෙල්ලෙක් බදින්නේ ආදරේකටම නෙවේ.(අ)
දුව එංගලන්තයට පැනල ඇති. (අ)
කරුණාකර පලේර්මෝ වල සියලුම ශ්‍රී ලංකා සංවිධාන හා තානාපති කාර්යාලය මිට මැදිහත් වන්න .මේ අපේම සොයුරියක් අපේම මවක් කියා සිතන්න .(අ)
ඉතාලියේ ඉන්න ලංකාවේ කාට හරි එයාගේ දුරකථන අංකය දීල හොයල බලන්න කියන්නකෝ. ලංකාවේ පොලිසියේ පැමිණිල්ලක් දාල වැඩක් වෙන්නේ නැද්ද? මොනවා වෙතත් සියලු තොරතුරු සමග ලංකාවේ පොලිසියේ පැමිණිල්ලක් දන්නා. තානාපති කාර්යාලය මගිනුත් තව උත්සහ කරලා බලන්න.(අ)
සීයා මිනිපිරීව අතුරුදහන් කරලා (අ)