කොළඹදී පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දුට විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ රැකියාවක් ලබාදීමට විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා තීරණය කර තිබේ.
එම ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඔහුට ක‍්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ද දැන් තීරණය කර ඇත.
නිශාන්ත, වසර දෙකක කාලයක් තිස්සේ රැකියාවක් නොමැතිව කැරම් ක‍්‍රීඩාවේ නිරතව සිටි ක‍්‍රීඩකයෙකි. ලෝක ශූරතාවලියකදී ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් ශූරතාවක් දිනා ගත් දෙවැනි අවස්ථාව ලෙස නිශාන්තගේ මෙම දස්කම ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්විය.
රටවල් 18 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 120 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙවර ලෝක කැරම් තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඉදිරි සතියේ දිනයක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දිරයට කැඳවීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා හොද වැඩ. (නි)
මම කිවුවනේ කලින්ම, ඇමතිතුමාට කියන්න කියලා. (නි)
ක්‍රීඩාවට හොද දවසක්
ඔබට සුබපැතුම්! ඉදිරියටත් රටේ ගෞරවය රකින්න කැරම් ක්‍රීඩාවෙන් ලොව ජයගන්න. (නි)
ජය වේවා! (නි)
ඇමතිවරු කරන්න ඕන ඔන්න ඔය වගේ වැඩනේ..ක්‍රීඩාවට ජය (ස)
අනේ වාසනාවන් !!! නිශාඩ්ගේ පවුලේ උදවියට මේක ලොකු සහනයක් වේවි. මගෙන් සුබ පැතුම් (ස)
වාසනාවන්ත පුතෙක් . අම්මා වගේමයි. වාසනාවන්ත දරු පවුලක්. ඔබට ජය වේවා (ස)
ඉතා හොද වැඩක්
ජය වේවා! (ස)
මොනවා ලැබුණත් දේශපාලනය පැත්තටනම් යන්න එපා (ස)
හොද වැඩක්
ඔහු ලෝක ශූරයෙක්. අපි ඔහුට ගරුකළ යුතුයි. (නි)