ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පිටත්වීමට සුදානම් වන චාර්ල්ස් කුමරුන් සහ කැමිලා කොන්වෝල් ආදිපාදවරියට සුබපැතීමට සංවිධානය කර තිබුණු උත්සවය මංගල භේරි වාදනයක් මඟින් ඔප්නැංවීමට සංවිධායකවරු කටයුතු කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජාතිකයෝද ආරාධනා ලදහ.
උත්සවය පවත්වන ලද්දේ බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ලන්ඩන් නුවර පැරණිම රජ මාලිගය වන ශාන්ත ජේම්ස් රජමැදුරේදිය.
ශාන්ත ජේම්ස් රජමැදුර අදටත් රාජකීය ප්‍රිය සම්භාසන සහ උත්සව පැවැත්වීම සඳහා යොදා ගැණේ.
නර්තන අංග ඉදිරිපත්කරන ලද්දේ ප්‍රවීණ නර්තන ශිල්පියෙකු සහ නැටුම් ගුරුවරයකු ලෙස ලන්ඩන් නුවර කටයුතු කරන ඒ.පී.අත්තනායක විසිනි. දක්ෂ නර්තන ශිල්පියෙකු වන අරුණ ශාන්ත මේ සඳහා ඔහුට සහාය විය.
උත්සවය සඳහා ශ්‍රී ලාංකික භේරි වාදන අංගයක් ඇතුළත් කිරීම සුදුසු බවට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ලද ඇරයුමක් අනුව අවශ්‍ය ශිල්පින් සපයන ලද්දේ කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් විසිනි.
උත්සව සභාවට චාල්ස් කුමරු සහ එම ආර්යාව කැඳවාගෙන යනු ලැබුවේ ශ්‍රී ලාංකික භේරි වාදන කණ්ඩායම විසිනි.
එම ප්‍රිය සම්භාසනය සඳහා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස්ද සහභාගී විය.
උත්සවය අතරවාරයේ එම රංගන ශිල්පින්වෙත පැමිණි චාර්ල්ස් කුමරු සහ කැමිලා ආර්යාව ඔවුන් දැක්වූ දක්ෂතාවය පිළිබඳ ප්‍රසාදය පළකළහ.
කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා බ්‍රිතාන්‍ය එලිසබත් මහා රැජින නියෝජනය කරමින් චාර්ල්ස් කුමරුන් සහභාගිවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා,මෙච්චර බාදා මැද්දේ මේ යන ගමනත් මදිද?ටිකක් ඉවසාගෙන බලා ඉදිමුකො (නි)
පෙරේරාගේ නමේම යටත් විජිත මානසිකත්වය තිබෙනවා (නි)
සකල සිරින් පිරි සිරි ලංකාවේ ...හා ..හා.. (නි)
එංගලන්තේ සුදු ජාතිකයෝ හොඳයි. අපේ කළු සුද්දෝ සුද්දන්ටත් වඩා. (නි)
අරුණ ,එන්ගලන්තය ලංකා අහසට පොළව වගේ.මේ රටවල් සමාන කරලා අදහස් දාන්න එපා. (නි)
වේල්ස් කුමාරයා නෙමෙයි , ඕනෑම කුමාරයෙක් අපේ ආගන්තුක සත්කාරයට , අපේ අව්‍යාජ සිනහවට වශී වෙනවා. යුරෝපයේ සැම රටකම අපේ අව්‍යාජ තත්ත්වය, අවංක බව තහවුරු වී ඉවරයි. (නි)
හැබැයි අපේ කුමාරවරු එහේ යනකොට එන්ගලන්තයේ නැට්ටුවෝ මෙහෙම නැටුම් නටන්නේ නැහැ (නි)
හැබැයි අර තංගල්ලේ ප්‍රශ්නයට මොනවා හරි කඩිනමින් කරන්න වෙයි. (නි)
මොනවා වුණත් ඔබලා අපේ රටට ආඩම්බරයක්.යටත් විජිත මානසිකත්වය ගැන කතා වැඩක් නැහැ. එහෙම නම් අපි මේ රටවල් වල ඉන්න සුදුසු නැහැ.අපි ගොඩක් ලාංකිකයෝ මේ රටවල්වල දුක් විඳලා ලංකාවට යවන විදෙස් විනිමය නැත්නම් දැනට අපේ රටට මොනවද තිබෙන ආදායම්? (නි)
අපේ අයත් දැන් මේවා පටන් ගන්නවා .... (නි)
අප නම් අසා ඇති විදියට රජ වරු තේවාව සහ වෙනත් පූජා තියන්න බෙර කාරයෝ පන්සලට එවනවා. මෙතන වෙලා තියෙන්නේ පන්සලෙන් බෙරකාරයෝ යවල රජ කුමරාටයි, කුමරියටයි බෙර ගස්සවනවා.(දිල්)
පෙරේරා මහතා සඳහන් කරන්නේ පෘතුගීසි යටත්වාදය ගැනද ? (නි)
සමහර බක පණ්ඩිතයන්ට මොන දේ කළත් වැරදියි. (නි)
අපේ අය මොනවා කළත් ඇදයක් පේනවා.අදහස් දාලා තිබෙන සමහරක් අයගේ හිතේ කුහකකම තමයි ප්‍රදර්ශනය කරන්නේ ...මොනවා කරන්නද? (නි)
ආ..ඇත්තද පුක්කුස..? මට පෙනෙන විදියට පුක්කුසට බැඳගත්ත බෙරේ ගහගන්න බැරුවා වගේ. (නි)
ආඩම්බර විය හැකි කරුණක් (නි)
ලස්සන හිනාව.කෝටියක් වටිනවා..ජය.(දිල්)
කවුරු කොහොම කිව්වත් අපේ අයගේ යටත් විජිත මනසිකත්වයනම් තම වෙනස්වෙලා නෑ(දිල්)
කාලයට ගැලපෙන ශ්‍රී ලාංකිය අභිමානය ලංවෙන අවස්ථාවක් ජයවේව ?(දිල්)