
(අංජුල මහික වීරරත්න)
මෙරට ජනගහනයෙන් 10% ක් පමණ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කල්තියා හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර මගින් අවසන් අදියරේ වකුගඩු රෝගීන් 30% කින් අඩු කර ගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවේ බරපතල මහජන සෞඛ්‍ය අභියෝගයක් වී ඇති නිදන්ගත වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර සේවාවන්ට පමණක් සීමා නොවී, රෝග නිවාරණය සහ කල්තියා හඳුනා ගැනීම කෙරෙහි රජයේ ප්රමුඛ අවධානය යොමු කර ඇති බව නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමය (Sri Lanka Society of Nephrology - SLSON) විසින් සංවිධානය කරනු ලැබූ "NephCON 2026" හත් වන වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දැක්වීය.
වකුගඩු රෝග සහ වෘක්කවේදය (Nephrology) පිළිබඳව දෙස් විදෙස් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රධානතම ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවක් වන මෙම සමුළුව "සැමට වකුගඩු සෞඛ්‍යය: කඩිනම් පියවර, තිරසර බලපෑම" (Kidney Health for All: Early Action, Lasting Impact) යන තේමාව යටතේ පැවැති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමයේ දත්ත අනුව මෙරට ජනගහනයෙන් 10% ක් පමණ එනම් මිලියන 2.2 ක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව පෙන්වා දුන්නේය. වාර්තා වූ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2025 වසර වන විට 112,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝගීන් 8,000 ක් පමණ රුධිර කාන්දුකරණ (Dialysis) ප්‍රතිකාර ලබන බවත් ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 16.8 ක පමණ මුදලක් වැය වන බවත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd