ඇමෙරිකා ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ ඉරුදින දහම් පාසලේ සිසු සිසුවියන්ගේ කලා උළෙල විහාරාධිපති හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පල්ලේබාගේ චන්ද්‍රසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ගායන, වාදන රංගන හා කථික අංශවලින් මෙම කලා උළෙල සමන්විත විය.
දහම් පසල් ගරුවරු ද ඔරිගන් හි ශ්‍රී ලාංකිකයෝ ද ඊට එක් වූහ. මෙම දරුවෝ සිංහල භාෂාව මනා ලෙස හසුරුවමින් බෞද්ධ ආගම සහ සිංහල සංස්කෘතිය පිළිබඳව තමන්තුළ ඇති දැනුම හා ලබැඳියාව මනාලෙස ප්‍රදර්ශනය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් ලංකාවක් ඇමරිකවෙන් බිහිවිය හැක (ස)
අමතක නොකර මවු බස අපෙ සැමදාම උදයෙන් නැගිට ඉරුදින පාසල් යාම දස්කම් පෙන්නවා සිංහල බසෙ දැනුම දරුවන් පිරිස වෙතටයි මගෙ සුබ පැතුම(නු)
ලෝකේ කොහේ ජීවත් උනත් සිංහල අපේ කම බෞද්ධ ආගම සහ සිංහල සංස්කෘතියට අනූව හැඩ ගැසීම ඒ වගේම මේ දරැ දැරියන් ඒ මගට යොමූ කිරීමත් මේ යූගයේ ඇත්තටම ප්‍රසන්සා කළ යූතූම හොදම අවස්ථාවක්.....!! සියථම දරැ දැරියන්ට සූභ පතනවා.....!! (නු)
මේක සාමාන්‍ය දෙයක්.. ලංකාව කට්ටියක් ඇමරිකාවෙ රගපාලා.. මේක අසාමාන්‍ය හා වැදගත් වෙන්නේ වෙන රටක කට්ටියක් ලංකාවෙ සංස්කෘතියට ලංකාවට ආවේනික දෙයක් කලානම් පමණයි.. අනික ලංකාවෙ දරුවන්ට සිංහල කතා කරන්න බැරි නම් ඒ අය තවත් ලංකාවෙ නොවෙයි..!(නු)
වෙන රටක සිටින විට අපේ දේවල් හරිම වටිනවා.. මේ වැඩෙත් ඉතාම හොදයි..!(නු)
ඔබලාට ජයෙන් ජය දුවේ පුතේ (ස)
ඔය නැටුම් ගැයුම් බැලීම සංඝයාට අකැපයි නේද?(නු)
පිටරටවල ජීවත්වන ලාංකීක ළමයි එකතු කර ලංකාව සම්බන්ධව උත්සව පැවැත්වීමෙන් එම ළමුන්ගේ මානසිකත්වය යම් ප්‍රමාණයකට ලංකාව කෙරෙහි හැඟිමක් ඇතිකිරීමට ගන්නා උත්සාහය එම රටවල ජීවත්වන පූජ්‍යපක්ෂය ගුරුවරු දෙමාපියන් අති විශිෂ්ඨයි. නමුත් මතකතබාගතයුතු කරුන වන්නේ ලංකාවෙන් පිටත අපි කෙසේ ජීවත් වූවත් එමරටවල ජනයාට වඩා අපිව දෙවන පෙලට තෙවැනිපෙලට දමා සැලකීම කවදාවත් වෙනස්නොවන බවයි (ස)
ගරු ස්වාමින් වහන්සේට මාගේ ගෞරවය.. ඉතාමත් ලස්සනට සංවරව මේ උළෙල සංවිධානය කිරීම වෙනුවෙන්.. සමහර විට ලංකාවෙත් නැති තරමට දේශියත්වය පෙන්නුම් කර තිබුණා.. සියල්ලන්ටම මගේ සුභ පැතුම්..!(නු)
ලලිත් ඔයාට ඇත්තටම දෙයක් අගය කරන්න බැරිනම් අදහස් නොදා ඉන්න තිබුණා..!(නු)
සුභපැතුම් ඔබලාට (දී)
ලක් මාතාවට සුභපතනවා (දී)
වාසනාවන්ත දරු පැටවු ටික. බුදු සරණයි. (නි)
ලලිත් ඔයානම් කිසිම දෙයක හොඳක් දකින කෙනෙක් නෙමෙයි වගේ ...,(ස)