ඕස්ටේ‍්‍රලියාවේ බොන්ඩි වෙරළේ දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩා කරමින් සිටි ශ්‍රී ලංකා තරුණයකු තල්මසෙකුගේ ප‍්‍රහාරයට ලක්වියග
තවත් කිහිපදෙනෙකු සමග දිය කී‍්‍රඩා කරමින් සිටියදී අඩි 40ක් පමණ වන තල්මසා ඔවුන් ලගටම පැමිණ වලිගයෙන් පහර දී ඇත. එයින් ඔවුන් සියළුදෙනාම කී‍්‍රඩාවේ යෙදෙමින් සිටි පුවරුවලින් මුහුදට වැටී ඇත. සිහි නැතිවූ ඔහු මුහුදු වෙරළේ ජීවිතාරක්‍ෂකයෝ විසින් වහා ශාන්ත වින්සන් රෝහල කරා රැගෙන ගියහග
සුළු හිසරදයක් ඇරෙන්නට වෙන බරපතල තුවාල නැති බව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු ස`දහන් කර ඇත.
ඕස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ බිෂාන් රාජපක්‍ෂ (38) මේ ප්‍රහාරයට ලක්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඉරිසියා වෙන්න එපා.. කිසි දෙයක් කරගන බැරී උනා කියල තමන්ට..(අ)
මොහොමඩ් ඔබ ,ඔබටත් නොදැනීම කලවම් මොහොමඩ් කෙනෙක් බව අපට නම් පැහැදිලියි .සති අන්තයේ වැටුප අතට අරගෙන අසල්වැසියන්ට කරදරයක් ලෙස බජව් පාටි දාන ඔබලා වැනි අයට නම් පොලිසි යන්න වෙන බව අපිත් දන්නවා .කුඩා දරුවන්ට නම් එහෙම කරන්න තරම් මේ රටවල මිනිස්සු මිලේජ්ච නැහැ . (නි)
මේකේ මෙච්චර කෑගන්න තරම් දෙයක් නැහැ (නි)
අම්මපා මමත් එනවා ලංකාවට කැලිෆෝනියාව දාලා මේ ටික ඉටුකරනවා නම්... පන්ති බේදේ,නිලදාරිවාදේ නැතිකරලා සාදාරන නිතිය,සමාජ විනය,සමාජ ආරක්ෂාව,කාර්යක්ෂමතාවේ ඇති කරනවා නම්. (නි)
කොන්ද කෙලින් තියාන වැඩ කරන්ට කැමති,පන්තිබෙදෙට විරුද්ද,නිලදාරිවාදෙට අකමැති,උසස් ජිවන රටාවක් අගය කරන, නව තාවයක්, විනය ගරුක නීතිගරුක සමායයක් අගේ කරන හැදෙන පරපුරට මන් නම් කියන්නේ ලංකාව නමැති කොමඩිලන්තෙන්, ආසියාවේ (අ)මුතු අටෙන් තෙප්පමක හරි නැගල පිටවෙන්ට.කියල.(අ)
71,88,89, වගේම උතුරේ යුද්දත් රටේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලීම්.මේ සියල්ල මර්දනය කිරීම කලයුත්තක් උනා උනත් අද වෙනකන් මේවා උනේ ඇයි කියා සොයා උත්තර සපයා නැත.මේ රටේ චන්ද දායකයට දියුණු රටක් ඕන නැති එකේ අපි ඔහේ හිටියා කියා අමුතු ප්‍රතිහාර පාන්ට බැහැ.වෙන එකමදේ අපි කාලකන්නි වීම.(අ)
රූප ඔබ නියම තැනට ආව. රටේ ඉන්න බුද්දීමත්තු රට හැර යනවනම් රට ඔයකියන තැනට ගෙනෙන විදිහ ගැන ටිකක් සිත බලන්න.මමනම් කාටවත් ද්‍රෝහිය්යෝ කිව්වේ නැහැ. ඒ විසේසනපදය ඔයාලමයි දාගනතියෙන්නෙ මොහොමෙඩ් කියල තියෙන්නේ ටිකයි ඒ වගේ කියන අය ඉන්නෙත් බොහොම ටිකයි පොතක් පිරෙන්න ඕනනම් දෙන්න පුළුවන්. කනින් අහල නොවෙයි නෙතින් දැකල මේවා ලියන්නේ. (අ)
ලංකාවේ රාජ්‍ය ආයතන පහක පාඩුව කෝටි 18500යි. මේ ඔක්කොටම දේශපාලකයන්ට ඇගිල්ල දික් කලත් මේ පිටිපස්සේ ඔය කියන ලංකාවට "සේවේ" කරන ආණ්ඩුවේ නිලදාරියෝ ඉන්නවා. අම්මපා මන් නම් අනන්තවත් සතුටුයි එවැනි පරිසරේක වැඩ නොකිරීමට ලැබීම ගැන.(නදී)
මොහොමඩ්,ලංකාවේ නිලදාරිවාදේ,පන්තිබෙදේ,වගේ මානක් කරකන් වලින් පිරිච්ච ඔබ වැනි අය වැසිකිලි හේදීම පහත දෙයක් ලෙස සැලකුවට මෙහෙ එහෙම නැහැ.ඔබවැනි අයගේ පන්තිබෙදේ එක හේතුවක් රට හැර යන්නට.ඔවැනි අදහස් නිසා තමා අපේ රට ලොව උතුම් රටක් නොවන්නේත්.(අ)
ලංකාවේ පිනට අධ්‍යාපනේ ලබල ලංකාවේ ඉදන් "සේවේ"කරන අය දැන් ඕක කරපු කාලේ දිහා බැලුවම ලංකාව දැන් සුරපුරයක් වෙලා තියෙන්න ඕන.නමුත් එහෙමද.අපි දැන් ලංකාවට එවපු සල්ලි දිහා බැලුවම ඉගනගත්ත වගේ හය ගුණයක් විතර එවල ඇති.ලංකාවේ ඉදන් රස්සා කරන පාගා කන කඩේ යන අයට පඩි ගෙවන්නෙත් අපි.(අ)
මලත් අපේ රට ලොවෙන් උතුම් කියන ඊනියා ජාතිකවාදී රැල ඇරලා තියෙන්නේ හැකර කට මෙතනත්.අපේ රටකියන්නේ මේ භූමිය විතරද. මේ සමාජේ,නිතිය,විනය,දේසපාලනේ,පන්තිබෙදේ, නිලදාරිවාදේ, ඉරිසියාකම්,පගාව,ඉච්චබන්ගත්වේ,සපත්තු ලෙව කෑමට සිදුවීම වගේ දේවල් මේ රටේ දේවල් නෙවේද.ඒවා උතුම් කියලද කියන්නේ. (අ)
ඉපදිච්ච රට කියන්නේ තමන් දකින ගහ කොළ සතා සිවුපාව පරිසරේ දේශගුනේ විතරක්නොවේ මාටින්.ඉපදිච්ච රටේ සමාජේ,දේසපාලන ක්‍රමේ,නිතිය,මැනර්ස්,විනය,වගේ තව ගොඩක් තියනවනේ.ඉපදිච්ච රට උතුම් කිවේ මේ සියල්ල උතුම් කියන එකද.(අ)
ලොව යුරෝපේ හෝ ඔස්ට්‍රේලියාව වැනි රටවල් නිදහස කියන දේ අසීමිතයි. එම නිදහස ඔය මොහොමඩ් කියනවා වගේ අනික් අයට කරදරයක් වන ජාතියේ නිදහසක් නොවේ. ලංකාවේ මගුල් ගෙයක් තිබ්බොත් හතර වටේ අයට නිදාගන්ට නැති නිදහසක් නොවේ. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කල හැකි අන් අයට කරදර නොවේ නම්.(නදී)
ටෙනිසන් මහත්තයෝ, ඔයා කියන්නේ එක පැත්තක් විතරයි. තව හේතු තියනවා.පන්ති බේදේ,නිලදාරිවාදේ,සමාජ කලකිරීම,අසාදාරන නිතිය, පගාවට යට වුන සමාජය,ඉච්චාබංගත්වය,පන්දම් ඇල්ලීමට අකමැති වීම,සුදුස්සාට තැන නොලැබීම, නිතිය වල්වැදීම,කොන්ද කෙලින් තියාගෙන තීරණ ගැනීමට ඇති නොහැකියාව වැනි ඒවා (නි)
ටෙනිසන්, ඔබ ඔය කියන විදියට ලංකාවේ ඉන්න නම් ලංකාවේ ඡන්ද දායකයා බුද්ධිමත් තීරණ අරන් ඒ හරහා ලංකාවේ තත්වය උසස් කර (ආර්ථිකමය අතින් පමණක් නොව) රට හැර යන අය රදවා ගැනීමට බලපෑමක් කරන්න.එහෙම නැතුව මෙතන රට යන අයට ද්‍රෝහියෝ කියලා වැඩක් නැහැ. (නි)
හැමෝම වගේ කියන්නේ මිනිස්සු රටයන්නේ පඩිය ගැනම සිතලා කියලා. ඒක වැරදියි. ඉච්චා බංගත්වය,පිටිපස්සේ යාමට අකමැතිකම, වෘත්තිය ගරුත්වය නැතිකම,වෘත්තියමය තෘප්තිය නැතිකම,උසස් වීම් සහ අනෙකුත් දේවලට සපත්තු ලේවකෑමට තියන අකමැත්ත,උසස් ජිවන රටාවක්, සාදාරන නීතියක්,පිරිසිදු නගර වගේ ගොඩක් හේතු තියනවා (නි)
අනේ !මොහොමඩ් ආයේ කට ඇරලා .කතාවෙන් නම් විදේශ ගතව ඉන්න බව පේනවා .එත් පිටරටක ජිවත් වෙන්න තරම් සුදුසු මනසක් ඇති බව නම් පෙන්න නැහැ .ලෝකයේ ජිවත් වන කිසිවෙක් තමන්ගේ උගත් කමට සරිලන රැකියාවක් මෙන්ම වැටුපක් ලැබෙනවානම් තමන්ගේ මව් රට හැර යන්නේ නැහැ .මෙතනදීත් කිසිවෙක් අපේ රටේ සුන්දරත්වය අව තක්සේරු කර නැහැ .මැසිවිලි නගමින් ඔබලා විදේශ ගතවී ඉන්නේ ඇයි ?විදේශ රටක ගෙයක් කුලියට ගෙන තිබීම ලජ්ජාවට කරුණක්ද ?ඔබ තුල ඇති සංස්කෘතික භීතිකාව සැමටම නැති බව දැනගන්න .ලොවටම ගැලපෙන මානව සංස්කෘතියක් ඇති බව වටහා ගන්න .(අ)
රජයේ මුදලින් ඉගන ගන්න හැමෝටම අවස්ථාව තියනවා. උනන්දුව කැපවීම තියන දක්ෂයෝ ඉගනගන ඉහලට යනවා. 90% ම පිටරටකට යන්නේ රැකියාවට සරිලන වැටුපක් නැති නිසා. කැමති කෙනෙකුට කැමති රටකට යන්න අවස්ථාව තිබිය යුතු වේ. අඩුම තරමින් දැන් ලංකාවේ නීතියවත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ දේවල් වලිනුත් ගොඩක් දෙනෙක් රට හැර යනවා. (අ)
මොකට ඉන්නවද ඔය වගේ රටවල් වල? (නි)
දිසානායක මහත්තයෝ, ඕස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි, ලෝකේ රටවල් ගණනාවක ශිෂ්‍යත්ව වලින් ඉගනගන්න ඇත්තෝ ගේදොර උගසට තියලා ඉගනගන්න ගිය ඇත්තෝ. අපි කතා කලේ එයාලා ගැන නොවෙයි. ඔහෙට උතුර දකුණ මාරුවෙලා, ලිදේ ඉන්න සතාට දිසාවක් නැහැනේ (නි)
ලිං ගෙම්බෝ දන්නේ නැහැ රජයෙන් වැඩිදුර ඉගෙන ගන්න යවපු දොස්තරලා ඕස්ට්‍රේලියාවේ ඉන්න බවවත්. (නි)
පෙරේරා මත්තයෝ ,රට ඉන්න ඇත්තන්ගෙන් තමයි රටේ ආර්ථිකය රදවා ගන්නේ. හැබයි ඒ අර උසස් අධ්‍යාපනයක් නැතුව ,දුප්පත්කමට රට ගිය ඇත්තන්ගේ මුදල්. ඔයාලා මෙහාට එවන ප්‍රමාණය මහ බැංකු වාර්තාවල තියනවා.ඔය රටවල පුරවැසිකම දුන්නේ උගත් හා යම් මට්ටමක ආර්ථික ශක්තියක් ඇති අයට විතරයි. දුප්පත් රටේ මුදල් වලින් ඉගනගත්ත මිනිසුන්ගේ සේවය ලබා ගන්නේ ඒ ගොල්ලෝ.මොහොමෙඩ් ගේ අදහස් බොරු නොවෙයි. මේ රටේ හොද රැකියාවක් කරගන ජීවත් වුන කීදෙනෙක් ඔහේ රියදුරු රැකියාව කරනවද .කිව්වොත් පිළිගනිද මන්දා අපේ වෛද්‍යවරයෙක් කැනඩාවේ සුපිරි වෙළදසලක රාක්ක වලට බඩු අසුරනවා. අනේ මත්තයෝ, තව එකදෙයක් කියන්න ඕනෑ. මම ගෙයි ගෙම්බෙක් නොවෙයි (නි)
ඕක අහන්නත් ප්‍රශ්නයක්ද මාටින්, මෙහෙ අපේ නෑදෑයෝ නැහැ. ඒ හින්දා කරදර නැහැ. ලංකාවේ කියලා කෑමක් කන්න නැහැ. ඉන්න හිටින්න ගෙයක් නැහැ. බහුතරයක් ඉන්නේ කුලී ගෙවල්වල, තමන්ගේ වගේ හිටියට. කවුරුවත් කතාකරන්නේ නැහැ, සුද්දෝ සත පහකට ගණන් ගන්නේ නැහැ. ළමයෙක් ඉස්කෝලේ යවාගන්න බයයි මේ අමුතු සංස්කෘතිය හින්දා. තව ගොඩක් තියෙනවා. කොටින්ම කිවුවොත් ළමයෙකුට දගලන්න බැහැ. හයියෙන් සද්දයක් දැම්මත් අල්ලපු ගෙදර අය පොලිසිය ගෙන්වනවා (නි)
ඔයින් බේරිලා ගොඩට ගත්ත එකම ඇති. අනේ මෙතන සමහර අය තල්මහට මාර සපෝට්නේ (නි)
අපේ දරුවෝ උනත් එහෙ ඉපදුනා නම් එහෙ පුරවැසිබාවේ තියනවා නම් ඔවුන්ගේ මවු බාෂාව වෙන්නේ එහෙ බාෂාව මිසක සිංහල නොවේනේ ටෙනිසන්. ඒකේ ඇති වරද මොකද්ද ? (දී)
ලංකාවේ හිටියනම් මෙහෙ ඉන්න අහිංසක නැති බැරි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරගෙන ඕක වෙන්නේ නැනේ (දී)
ධම්මික රචනාවක් එවලා තියෙන්නේ... (නි)
සුබසිංහ ඔහේ ඉන්න සුද්දන්ට ඔයාගේ නම උච්චාරණය කරන්න අපහසුයිලු ඒ හින්ද නම මාරුකරොත් එයාලට ලෙහෙසි (අ)
මෙහෙ අසහන කාරෝයෝ බස්වල නැත අසහනයට පිළිතුරු මෙහෙ ඇත (අ)
හා...හා.. කට...අපි තාමත් හරියට ඡන්දයවත් පාවිච්චි කරන්න දන්නේ නැති ලොව 78 වැනි දුෂිතම සහෝදර සමගම ඇති රට.කාටද ආඩම්බර (අ)
"ඕස්ටේ‍්‍රලියාවේ බොන්ඩි" ල ඔහොම තමයි.(නදී0
මාරසිංහ අයියා, බස්වල කොන්දොස්තරලා නැත් නම් ජැක්සන් ලා වැහි වැහැලා ඇති නේද ඔහෙ.(නදී)
සුපුන් හිතාගෙන ඉන්නේ දියුණු රටවල ඔය කියන පන්ති බේදේ, නිලදාරිවාදේ, කඩේ යාම ,"නෙපටිසම්" නැහැ කියලද? පන්ති බේදෙම ගමුකො. ඕස්ට්‍රේලියාවේ අගමැති වෙන්න සුද්දෙකුට ඇර වෙන කාටහරි පුලුවන්ද? අපි ලංකාවේ ඉදලා දන්නා විදියට චීන්නු, ඉන්දියන් අය, ලංකාව ඇතුළු ආසියාවේ අය බහුතරයක් කරන්නේ රටේ පහලම මට්ටමේ රැකියා නෙවෙයිද? ඔවුන් සුද්දන්ගේ අතවැසියෝ නෙවෙයිද? අනිත් එක ඕ්සට්‍රේලියාව කියන්නේ තවම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ස්වදේශිකයෝ ගම් වැදිලා. අගමැති පුටුවට එන්නේ එංගලන්තේ ඉපදුනු කෙනෙක් හැමදාම. වර්තමාන අගමැතිවරයා සුද්දෙක් වුනත් ඔහුව කපන්න හදන්නේ ඔහු එංගලන්තයේ නොඉපදුනු නිසයි. මම කියන්න හදන්නේ ඔය රටවල් වලත් ඔය කියන අඩුපාඩු තියෙනවා . නමුත් ලංකාවේ වගේ සමීපව ඔයාලට දැනෙන්නෙ නැහැ (දී)
පන්ති බේදේ, නිලදාරිවාදේ, කඩේයාම ,"නෙපටිසම්" වගේ දේවල් ලංකාවේ සංස්කෘතියට ආවේනිකයි. එහෙම සංස්කෘතික පුරුදු අපේ රටේ දියුණුවට බාදාවක්.මොකට මාටින් ඒක හොදයි කියනවද මන්දා. (දී)
තල්මහෙක් ගිය උඩ ...දැන් එතකොට මේ තල්මහයි දොස්තරයි හැමෝටම අමතක වෙලාද? (අ)
ටෙනිසන්, මොහොමඩ් මේ කවුරු කවුරුත් පිටරට හිටියට කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ කියලයි බහුතර අදහස් වලින් පෙන්නේ... ඒ හින්ද මට නම් ඖෂ්ට්‍රලියාවේ කොන්දොස්තර පට්ටමක් වත් එපා. සල්ලි කොච්චර තිබ්බත් මොකටද අප්පා ....මෙච්චර වටිනා දේශීය සංස්කෘතිය විනාශ කරගෙන ....ඔයාලගේ පාඩුවේ ඔයාල ඔහේ ඉන්න අපි මෙහෙ ගැන බලාගන්නම් (අ)
තල්මසාගෙය් සහ බිෂන්ගේ ජීවිතවලට හානියක් සිදු නොවීමගැන සතුටුයි. බිෂාන්ට ඉක්මන් සුවය පතමි.(නදී)
පිටරට ජිවත් වන දරුවන් එහෙ ඉපදුනා නම් එහෙ පුරවැසි භාවය තිබේ නම් ඔවුන්ගේ මව් භාෂාව එහෙ භාෂාවද නැතිනම් සිංහලද ටෙනිසන්. ඔවුන් කතා කළ යුත්තේ එහෙ භාෂාව මිසක සිංහල වෙන්නේ කොහොමද?.(නදී)
ඔබ හැමේම පවසා ඇති දේවල වල සුළු හොඅ අර්ථයක් තියෙනවා. අන්තිමට කොහෙවත් හිටි තල්මසෙක් වෙරළට ඒම නිසා අපි අපි කුලල් කා ගන්න්නා තත්වයක් මතුවෙලා. නමුත් කතිකාවත ගොඩ නැගෙන්නේ වැරදි දිසාවට. ඒකයි හිතට ටිකක් අමාරු. රටේ ඉන්නා අය වගේම රටින් පිට ඉන්නා අයත් තම තමන්ට හැකි අයුරින් තමන්ගේ රටට සේවය කරන බව පේනවා. නමුත් අපි සිහි තබා ගතයුතු කරුණක් තමයි මේ මුළු ලෝකයම අද එක යායක් කියන එක. කරුමයකට වගේ දේශ සීමා බෙදල අපි වෙන්වෙලා. නමුත් අද ලෝකේ වටේ රවුමක් ගහල එන්න යන්නේ දවස් දෙකක් විතර ඒක නිසා අනිත් අයගේ අඩුපාඩු දකින්න කලින් අපි තම තමන්ගේ අඩු පාඩු හදාගෙන ඉන්න එක තමයි වටින්නේ. අද අපේ රට දිහා බැලුවම පේනවා රටේ අනාගතය තීරණය වෙලා තියෙන්නේ එහෙමත් නැත්නම් තීරණය කරන්නේ රටේ ඉන්න ලොකුම හරක් ටික කියලා, එතන ඉදිරිය දකින, රට ගැන කැක්කුමක් තියෙන කෙනෙකුට ඉදිරියට ඇවිල්ලා රටට සේවයක් කරන්න ඉඩක් දෙන්නේ නැහැ. කොහොම හරි ඔවුන්ව විනාස කරලා දානවා. අපේ ගොඩක් අය පිටරටකින් ගත යුතු හරි දේවල් ගන්නේ නැහැ, නමුත් ගන්න පුළුවන් අනිතිම ජරා කතා පුරුදු තමයි ලංකාවට අරන් එන්නේ. උදාහරනෙකට අලුතින් දාන්න යන කැසිනෝ රාජ්‍ය ගැන කියන්න පුළුවන්. සුද්දෝ අපේ රටට එන්නේ කැසිනෝ ගහන්න නෙවෙයි, අපේ රටේ තියෙන සුන්දරත්වය විඳින්න. අපේ අය මොකද කරන්නේ, අපේ රටේ තියෙන සුන්දරම තැන ටික වනසලා හෝටල් හදනවා. සිංහ රාජය කපලා රිසොර්ට් හදනවා, වෙරළ තීරය වනසලා හෝටල් හදනවා, දිය ඇලි ටික හරස් කරලා වේලි බදිනවා, වන උයන්වල ඉන්න සත්තු මරලා මසට විකුනනවා, මෙහෙම ගියොත් තව අවුරුදු 2 - 3 න අපේ රටේ ඉතුරුවෙන දෙයක් නැහැ කිසිම කෙනෙකුට බලාගන්න. එතකොට නිකන්ම සුද්දෝ එන එක නවතිනවා. එහෙම වුනදාට හදාගත්ත හෝටල් දිහා බලාගෙන හුල්ලන්න තමයි වෙන්නේ අපිටත්. අධ්‍යාපනේ ගැන වුනත් ඕකම තමයි. අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේට උරුමය අදටත් තියෙනවා, නමුත් කීයෙන් කී දෙනාද එකෙන් නියම ප්‍රයෝජනය ගන්නේ? ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගන්නේ නැතුව පස්සේ දුක්වෙන එක අපේ ගොඩක් අයගේ පිළිවෙල, එහෙම කියල හරියට අමාරුවෙන් ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරගෙන ඉන්න අයට රවන එක හොඳ ගතියක් නෙවෙයි. අනෙක තමන්ගේ රටට සේවයක් කරන්න ඉපදුන රටේම ඉන්න ඕනේ නැහැ. අපේ රට ඔස්ට්‍රේලියාවට පහලින් තියෙන තස්මෙනියවටත් වඩා කුඩයි. නමුත් ඔස්ට්‍රේලියාවට සමාන ජනගහනයක් ඉන්නවා. හඳට උඩුබුරලන්නෙ නැතුව අපි එක එක්කෙනා තේරුම් ගතයුතු දෙයක් තමයි අපේ රට කියන්නේ අපි ඉදිරියට නිර්මාණය කරන දෙය මිසක් කවුරුවත් අපිට දීල ගිය එකක් නෙවෙයි. ඒක නිසා අවුරුදු 65 ට කලින් රට දාල ගිය සුද්දන්ට බැන බැන ඉන්නේ නැතුව රට ගැන අවංකවම හිතන , රටට අවන්කවම ආදරය කරන අය අපේ පාලකයෝ හැටියට පත්කරගන්න එක තමයි අපි කල යුත්තේ. නමුත් අද ලොකු පොඩි සභාවල් දිහා බැලුවම පේනවා කවුද ඒවායේ ඉන්නේ කියලා. සැතපුම් බාගයක් පයින් යන්නේ නැතුව බස් නැහැ කියලා බෙරිහන් දෙන්නේ නැතුව, සැතපුම් දෙකක් පයින් යන්න. ඇඟටත් හොඳයි, සාක්කුවටත් හොඳයි. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් දොස්තර ලඟට දුවන්නේ නැතුව ඒක ඉබේ හොඳ වෙන්න අරින්න, බෙහෙත් ගණන්, දොස්තරගේ ගාන සැරයි කියල අන්දන්න එපා. ඒ වගේම තමයි ඕන කරන එළවළුවක් දෙකක් පරණ මුට්ටියක හරි කමක් නැහැ පුළුවන් විදියට හිටවාගන්න, එළවලු ගණන් කියල අන්දන්න එපා... මට අද දවසම වුනත් මේවා ලියන්න පුළුවන්.නමුත් රස්සාවක් කියල දෙයක් මමත් කරන නිසා එකත් හරියට කරන්න ඕනත් නිසා. දැන් ඇති කියල හිතුවා. මමත් ඉන්නේ පිට රටක, කොහෙද ඉන්නේ රස්සාව මොකක්ද කියන එක වැදගත් නැහැ. නමුත් මම මගේ උපරිමෙන් මගේ රටට සේවයක් කරනවා කියන එක කවුරු නැතත් මම දන්නවා.(නදී)
හරි වැරදි කොයි හැටි වෙතත් අදහස් දැක්වූ සියලු දෙනා ගැන ආඩම්බරයි. මොකද ඔයාලා ලංකාවේ පුවත් පත් බලලා මේ රටට වෙන්නේ මොනවද, තම නෑදෑ හිතමිතුරන් ගැන සෙවිල්ලෙන් ඉන්නවා. සමහරු පිට රටකදී සිංහලෙන් කතා කරන්න ලැජ්ජයි. සමහරුන්ට එය මදි පුංචි කමක්. සමහර දරුවෝ එක සිංහල වචනයක් දන්නේ නැහැ. සිංහලෙන් කතා කරද්දී දරුවන්ට ලග ඉන්න දෙන්නේ නැහැ. ලංකාවේ කියන්න ලැජ්ජයි. ඒ වගේ අයට වදින්න තමයි ටිකක් පැටලුනේ. වැරදි යමක් කියවුනානම් සමාවන්න.(නදී)
ලංකාව කියන්නේ ලෝකෙන් නයට කන රටක්.ඉපදෙන දරුවොත් නායක එක්ක ඉපදෙන්නේ එකයි.මේකට දේශපාලනෙම පාලි නැහැ.මේ ක්‍රමේට විරුද්ද නම් එක්කෝ කැරලි ගහන්ට,නැතිනම් සෝම හාමුදුරුවෝ කිව ලෙස ඡන්දෙ කටු ගන්ට.ඡන්දෙ කටු ගානට බත්බැලයෝ ඉන්නකන් බැහැ.කරලිත් අපේ රටේ ඇති වෙනකල් උනානේ.දැන් තියන එකම විසදුම තෙප්පමක නැගල හරි පිටවෙන එක (අ)
ලංකාවේ ජිවත් වෙන අයට ඒ රට දියුණු කරන්ට හැබෑ උවමනාවක් ඇත්තේ නම් බහින්න ඊජිප්තුවේ වගේ පාරට. එහෙම නැතිව හැබෑ හොර තක්කඩියන්ට කඩේ යමින් වන්දි බට්ටකන් කරමින් ඡන්දෙකදී කතිරේ ගැසීම හරහා උපහාර පුදන්නේ නැතිව.(නදී)
මේ රටවල බස් වල කොන්දොස්තරලා නැහැ. රියදුරා විතරයි ඉන්නේ. සල්ලි ගෙවන්නේ තමන්මයි. නිකන් දන්නේ නැති දේවල් කියවන්න එපා මාටින්. ඕන නම් හොරෙන් යන්නත් පුළුවන් ඇති. හැබැයි කවුරුත් කරන්නේ නැහැ. ඒ තරම් විස්වාසයි. ලංකාවේ වගේ නොවේ. ඒක ලංකාවට වැඩිය හොදයි කියන්න මන් කුහක නැහැ.(නදී)
ලංකාව යනු තවදුරටත් රටක් නොව. ජාවාරම් කාරයන්ගේ, ස්ත්‍රී දුෂකයන්ගෙන්, වංචා කාරයන්ගේ, කඩේ යන්නන්ගෙන්, හොර තක්කඩියන්ගෙන්, මාන්නක් කාරයන්ගෙන්, කම්මලියන්ගෙන් පිරි දුපතකි. මේ රට ආපස්සට යන්නේ මිනිස්සු රට හැර යන නිසා නොව. මෙන්න මේ අදමයෝ ගන්න තීරණ නිසා. ඒකට අපි මොකෝ කරන්නේ.(නදී)
නොගිය අයට ඕවා ලොකු රටවල් උනාට අපිට නම් බලු වටින්නේ නැහැ.(නදී)
සිද්දිය සිද්දියක් විදිහට බලන්ඩ පුරදු උනොත් මේ ප්‍රශ්න මොකුත් නැහැ (අ)
නවසිලන්තේ ජනගහනේ ලක්ෂ හතළිහයි.ලංකාවට වැඩිය සෑහෙන්න ලොකුයි.ලංකාවේ කෝටි දෙකක් විතර ඉන්නවා.ඉතින් ඕනෑකම තියනවා නම් කීදෙනෙක් රට හැර ගියත් ඉන්න මහා ශ්‍රම බලකායෙන් රට දියුණු කල හැකියි.ඉරිසියාව, කුහකකම වෙනුවට ඉන්න අයගෙන් ඔය දුපත් දියුණු කරගන්න අපට වද නොකර. (නි)
71,88,89. සහ උතුරේ යුද්දත් එලියට ආවේ මේ රටේ ප්‍රසන වලට උත්තර ඉල්ලීමක් ලෙස ටෙනිසන්.මේ සියල්ල මර්දනය කිරීම කළ යුත්තක් වුනා. එහෙම වුනත් අදටත් මේවට උත්තර දීලා නැහැ.ලංකාවේ මිනිසුන් ඒ ගැන කරදර වෙන බවක් පෙනෙන්නත් නැහැ.එහෙවු එකේ අපි ඔහේ හිටියා කියලා ප්‍රාතිහාර පාන්න බැහැ. (නි)
තල්මහටත් එපා වෙලාද කොහෙද දොස්තරලව. නැත්නම් ඉතින් ගිලනොදමා වලිගෙන් පහර දෙයිද? (නි)
මේකා දොස්තර කෙනෙක් නෙවි ...හොරට බෝට්ටුවෙන් ආපු විදි නාට්‍ය කණ්ඩායමක කෙනෙක්......(අ)
සුර...තල් මසුන් නෑනේද (අ)
චන්ද්‍රාගේ පුතෙක්ට හරි දුවෙක්ට හරි ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ හරි එංගලන්තයේ වගේ රටක රස්සාවක් හම්බ වුනොත් යවන්නේ නැතුව ඉදියිද? ඕකට තමයි කියන්නේ කුහක කම කියලා.(නදී)
අම්මෝ මගේ නමට කිට්ටුවෙන් යන නමක් සමහරු මටත් බැනලා දාන්නේ චන්ද්‍රා කියල ඇතැම් විට. අනේ ඔය කොයි රටෙත් විවිධ සිතුම් පැතුම් තියෙන මිනිස්සු ඉන්නවා හොද නරක, අර විදියට ආඩපාලි කියලා කරන්න පුළුවන් යහපතක් නැහැ. අනික මෙවැනි සිදුවීමක් සම්බන්ධ කර.(අ)
තරුණයෙක් කිව්වට මම බැලුවා මෙයාගේ වයසත් එක්ක තරුණයා කියනවා නම් මමත් නිකන් කිරි සප්පයෙක් තාම.(නදී)
චන්ද්‍රාගේ සිත වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේශයෙන් පිරිලා. ඒ වගේම දේශ ප්‍රේමය ඉතිරිලා පිටාර ගලනවා. ඔලුව නම් මොනවා වලින් පිරිලද කියන්න මට එතරම් වැටහීමක් නැහැ. වර්තමානයේ, ලංකාවේ බොහෝ අය හිතන විදියට නම් මිනිස් ජීවිතයකට වඩා වැඩි වටිනාකමක් සත්ව ජීවිතයකට තිබෙනවා.(නදී)
ටෙනිසන් මහත්තයෝ , එතකොට , ඒ අය මැද පෙරදිග/කොරියාව/ ඉතාලියේ ගියේ අපේ රට ගැන හිතලද? බැරි කමටද? (නදී)
පිට රට ඉන්න අය සේවය කරලා එවන ඩොලර ,ඩිරාම් වලින් තමයි මේ රට දුවන්නේ. පිට රටක ඉන්න ඕනෙම කෙනක් අඩුම ගනනේ සතයක් හරි මේ රටට එවනවා. ඒවා වටින්නේ නැතිද?(නදී)
කවුරු වුනත් ජීවිතය බේර ගත්ත එක ලොකු දෙයක්. ඔබට දිර්ගායුෂ පතනවා. ඔබේ කොහේ හෝ සිට ඔබගේ සේවය මනුස්සයන් වෙනුවෙන් කරනවා. ලංකාවේ ඉපදිලා ලංකාවේම ඉන්න ඕනෑ නැහැ. ලංකාවේ සිටියත් ඔබගේ සේවය ගැනිමට කෙනෙක් නොමැති වන්න පුළුවන් (නි)
ඔස්ට්‍රලියාවේ ඉන්න අපේ කළු සුද්දෝ. එහෙ සුදු සුද්දන්ගේ වැසිකිලි හෝදලා අහිංසක අපිට ලොකු කතා දාන්නේ. ලංකාවේ දොස්තරලා ඔස්ට්‍රලියාවේදී බස් වල කොන්දොස්තර රැකියාවල් කරන්නේ. ඉංගිරිසි පොඩ්ඩක් කතා කරා කියලා ලංකාවේ ඉන්න මිනිසුන්ව පහත දමන්න එපා දම්මික මහතයෝ. අපිට හිත රිදෙනවා.(නදී)
ධම්මික මහත්තයෝ,පක්ෂ විපක්ස දෙකේම දේශපාලඥයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් කරන දේවල් අපිට පෙනෙනවා. එහෙමයි කියලා අපිට බෙල්ල කපා ගන්න බැහැ. කොහොම හරි මේකෙම ඔලුව ගහගෙන ජීවත් වෙනවා. චන්ද්‍ර කියො තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් පිනට ඉගනගෙන ඕගොල්ලෝ මේ රටට මුකුත් නොකරන එක ගැන. උගත්කමයි ටැක්ස් අංකයි නැතුව මැදපෙර දිග ,කොරියාව හා ඉතාලියේ දුක්විදින මිනිස්සු තමයි අද මේ රට ඉදිරියට තල්ලු කරගෙන යන්නේ. ඕස්ට්‍රේලියාව,කැනඩාව හා නවසීලන්තේ ඉන්න අය මේ රටට කරන සේවය ගැන අපිටත් දැන ගන්න පොඩ්ඩක් කියලා දෙනවද? (නි)
, ඕව දුකට කියවෙන කතා. ලංකාවේඔය වගේ කුහකයන්ගේ කෙරුවාව බලන්න පුළුවන් ඔස්ට්‍රල්යාවේ දේශ සීමාව ලාංකිකයන්ට සීමා රහිතව ඇරියනම්. එහෙම නැතුවත් දැන් බෝට්ටු වලින් වැඩිපුර යන්නේ සිංහලයන්. (අ)
ලංකාවේ දොස්තරලා වැඩ වර්ජනය කරයිද තල්මහට විරෝධය දක්වලා....!!! (නි)
කමක් නැහැ මල්ලී.ගුටි කෑවේ තල්මහෙක්ගෙන්නේ.(අ)
චන්ද්‍ර - ඔයා තීරනය කලේ කොහොමද , මෙය ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් කියල... ඔස්ට්‍රලියාවේ ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න බැරිද (අ)
චන්ද්‍ර, ඔබ කොපමණ දුරට ඉගෙනගෙන තියෙනවද කියලා හොඳටම පේනවා කියපු කතාවෙන්. ඒකට කමක් නැහැ. අපට දැනගන්නත් එක්ක කියනවද ඔබ ලංකාවේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන ලංකාවට කරන සේවය මොකක්ද කියලා? ටැක්ස් ෆයිල් එකේ නොම්මරෙත් එක්කම උත්තරේ දෙන්නකෝ. තව දෙයක්... එතකොට ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හුරගෙන කන මැති අමතියන්ගේ පුතාලා ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම කරන කෙනෙහිලිකම් ඔයාට පෙනෙන්නේ නැද්ද? ඕකට කියන්නේ කුහකකම කියලා. අගේ ඉඳන් කන කනවට වැඩිය හොඳයි ලෝකේ කොහේ හරි ඉඳගෙන උපන් බිමට උපන් ලෝකෙටයි කල හැකි සේවයක් කරන එක. (නි)
හොද පාඩමක් ඉගෙන ගත්තේ. ආයේවත් ඔය වගේ මෝඩකම් කරන්න එපා. (නි)
ලංකාවේ අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් ඉගෙනගෙන රට අමතක කරලා ඉන්න ඔය වගේ අයට ඔහොම වෙන්න ඕනෑ. තමන්ගේ රටට වැඩක් නැති අයට මොනවා වුනත් අපිට මොකෝ? අපි දුක් වෙන්නෙ නැහැ (නි)
කොතන ගියත් මිනිස්සුන්ට වෙන්නෙම අසාධාරනේ. තදවෙනවා මට මේවා ඇහෙනකොට (නි)
ලුම්බිණි කියපු දී හරියටම හරි. (නි)
තල්මසා: මේ මම? දොස්තරට ගැහුවා? මට මතක නැහැනෙ ආයුබෝන්ඩ (නි)
ලුම්බිණි, ගැඹුරු මුහුදේ දියමත ලිස්සිම කරන්න බැහැ. රැලි එන්නේ වෙරල අයිනේ. (නි)
අම්මෝ ,තව පොඩ්ඩෙන්... (නි)
ඇත්තටම මනුස්සයෙකුට කරදරයක් වුනහම ඒ මනුස්සයාගේ ජාතකේ හොයන එකම ජාතිය අපි වෙන්න ඇති. ලංකාවේ ඉගෙනගෙන පිටරටක සේවය කරන ඉංජිනේරුවෙක් විදිහට මෙතන අදහස් දාලා තියෙන අයට පිළිතුරක් දෙන්න ඕනෑ කියලා හිතුවා. ගොඩක් අය කියන කතාවක් තමා අපි පිනට ඉගෙනගෙන ලංකාව දාලා ගිහින් ලංකාවට මුකුත් කරන්නේ නැහැ කියලා. මුලින්ම කියන්න ඕනෑ පිනට ඉගෙන ගන්න අපිට විතරක් නෙමෙයි ලංකාවේ ඉපදුන හැමෝටම ඒ අවස්ථාව තියෙනවා. මෙතන අදහස් දාන අයත් ඇතුළුව දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපේ රටේ සියලුම දෙනාට එක වසරේ සිට උපාධිය දක්වා එම අවස්ථාව පිනට ලබාදීලා තියෙනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුන එක වෙන කාගෙවත් වැරැද්දක් කියලා හිතනවා නම් ඒක කුහකකම. ඒ වාගේම අපි පිටරටවල ඉදන් හම්බ කරලා වාර්ෂිකව අතිවිශාල මුදලක් ලංකාවට එවනවා. ඒක සංවර්ධනය වෙමින් පවතින අපේ රටේ ආර්ථිකයට විශාල රුකුලක්. සමහරුන්ට ඒක දැනෙන්නේ නැත්තේ එම මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර නොවන හින්දා වෙන්න පුළුවන්. නමුත් එම මුදල් ලංකාවේ ආර්ථිකයට විදේශ විනිමය ලෙස එකතු වෙනවා. අවසන් වශයෙන් කියන්න ඕනෑ මනුස්සයෙකුට කරදරයක් උනහම කුහකකම ප්‍රදර්ශණය කරමින් අදහස් දාන එක බොහොම පහත් ගතිගුණයක්. (නි)
මාටින්, අවුරුදු 40 වෙනකම් තරුණ කාලය කියලා තමයි සලකන්නෙ.. (නි)
චන්ද්‍ර, අපි අඩුම තරමින් ඉගෙන ගත්තා. ඔයා කලේ, අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කෙරුව එක විතරනෙ. (නි)
අනේ අයියා කවුරු හරි මටත් උදව් කරපල්ලකෝ. කොන්දොස්තර වැඩක් හරි කමක් නෑ ඕස්ට්‍රේලියාවනේ. දන්නේ නැති නිසයි අහන්නේ කවුරු හරි කියනවද මේක ජීවත් වෙන්න ලොව හොදම රට වෙන්නේ කොහොමද කියලා සිංහලයින්ට. මට නම් මම ඉපදුනු ලංකාව ඇර කොහේවත් වැඩක් නෑ.(නදී)
අනේ මහත්තයෝ, මම කාගෙවත් වැටුපටයි, තනතුරටයි ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් අදහස් පලකලේ නැහැ. මම කිව්වේ මේ දුප්පත් රටේ මුදල්වලින් ඉගනගෙන රටට වැඩක් නොකරන එක ගැන.ඔය හුගදෙනෙක් මෙහෙන් ගියේ උගත්කමට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක බොරුවක්. අපේ රටේ ආර්ථිකයට සරිලන වැටුපක් උගත්කමට ලැබෙනවා. එහෙම වෙන්නේ තමන්ගේ පුරුදු ජීවන රටාවම ගත කලොත්.උගත් කියල එකපාරට අලි අල්ලන්න ගියොත් අමාරුවේ. උගත් දුප්පත් හිමින් ඉහලටම අපු ආදර්ශවත් ජීවිත අපිට දකින්න පුළුවන්. අල්ලපු ගෙදර කාර් එක, ශීතකරණේ, රූපවාහිනිය නිසා ඉරිසියාවෛ තණ්හාව ඔලුවට ගැහුවොත් වැටුප මදී. හැබැයි අර බුද්ධි කියලා තියනවා වගේ අපේ රටේ සමානාත්මතාවය නැහැ. කොච්චර උගත් වුනත් පුහු ආටෝපේ නැතිනම් තැනක් නැහැ.නමුත් ඔයාලා මවාගන ආපු මාලිගාව නම් තවම හැදිලා නැහැ. ඒක බොරුයි කියන්න බැහැ (නි)
මේකේ තියන ගොඩක් අදහස් දෙකකම දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු ගැන මොකද කොතරම් බුද්ධාගමේ මිනිස්සු ඉන්න රටක් වුණත් නියම දර්මය පිළිපදින්නේ නැති කුහක මින්නිස්සු මනුස්සයෙකුට අනතුරක් වුණම මොනවද මේ (අ)
මේ මුහුදු තීරය ඉතාම ජනප්‍රිය වෙරළක්. සිඩ්නි ඔලිම්පික් උළෙලේ බීච් වොලිබෝල් තරඟ පැවැත්වුනේ මෙහිදී. මේ රටේ තියන හොඳේ, මිනිහෙකුට කරදරයක් වුණහම එයා ඉගෙන ගත්තේ කොහෙද, මොන රටේ එකෙක්ද, කලු ද සුදු ද, ඇඳන් ඉන්න ඇඳුම් පොෂ් ද, ඉංග්‍රීසි උච්චාරණය හරිද වගේ එවා බලන්නෙ නැතුව අවශ්‍ය ප්‍රතිකාර දෙනවා. මනුෂ්‍ය ජීවිතයක් අර වගේ සිල්ලර දේ වලට වඩා ගොඩාක් වටින බව අපේ රටේ සම හරක් ට තේරෙන්නෙ නැති වුණාට මෙහෙ අය දන්නවා. (නි)
මොහොමඩ් අර 1950 මෝඩ කතා එක්ක ජීවත් වෙන කෙනෙක්.ඇවිල්ලා බලන්න ඕස්ට්‍රේලියා වල කීදෙනෙක් ලංකාවෙන් ඇවිල්ලා වැදගත් රස්සා කරනවද කියලා. අනික දොස්තර කෙනෙක් වෙන්න ඉගන ගැනීම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ අනාගතේ තීරණය කරන්න තමන්ට සාදාරන අයිතියක් තියනවා. අවුරුදු 6 විතර ඉගන ගෙන 28000-60000 ක් මාසෙකට ගන්නවද, පැයකට 10000 -7000 ක් ගන්නවද කියලා තීරණය කරන්න ඕනෑ තමන් (නි)
ඉගෙනගෙන තියෙන්නේ නවසිලන්තේ නේද? දොස්තර වුනාට සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. මේ රටවල දොස්තරලා නලාව බෙල්ලේ එල්ලාගෙන කඩේ යන්නෙ නැහැ. මේ රටවල් වල දොස්තර වුනත් කොන්දොස්තර වුනත් එක හා සමානව ගරු කරනවා. (නි)
ටෙනිසන් මහත්තයා, තමන් ඉන්නේ කොහෙද, කරන රස්සාව මොකක්ද, පඩිය කීයද කියල හොය හොයා ඉන්නෙ නැතුව කුහකකම් අතඇරලා තමන්ට හැකි පමනින් ලෝකෙට යහපතක් කරන එකයි යුතුකම. මොහොමඩ් මහත්තයා, කරන රස්සාව අනුව මිනිස්සු හොඳ වෙන්නෙත් නැහැ නරක වෙන්නෙත් නැහැ. මනුස්සකම කරන රස්සාවෙන් මනින ඔයාලා වගේ අය නිසා තමයි අපේ රට ආපස්සට යන්නේ. අනික මතක තියා ගන්න කොන්දොස්තරකම කියන්නෙත් වැදගත් රස්සාවක් කියලා. තමන්ගේ රස්සාව හරියට නොකරන අය තමයි නොවැදගත්. පාර අතුගාන මනුස්සයා රස්සාව කලේ නැත්නම් ඔයාලා කොහොමද පාරේ යන්නේ? බිශාන්ට ඉක්මන් සුවය පතනවා වගේම සැවොම තම තමන්ගේ යුතුකම් නියමාකාරයෙන් කරනු ඇතැයි පතනවා. සැමට ජය ! (නි)
සමහර අය විදේශ වල ඉන්න අය ගැන පහත් ප්‍රකාශ කරනවා.ඔවුන් කොපමණ එවූවද කියන එක මහබැංකු වාර්තාව කියවී.මනුස්සයෙක් ලොව කොහේ හෝ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සේවය කෙරීමේ ඇති වැරැද්ද මොකක්ද?අනෙක අපේ රටේ ඉගෙනගන්න හැමෝටම තමන් කැමති රස්සාව කරන්න ඉඩ ලැබෙනවද? අනෙක දැනගන්න ඕස්ට්‍රේලියාව මානව සම්පත උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න ජීවත් වෙන්න ලොව හොදම රට. (නි)
ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන උපාධිධාරීන්ගේ 'ඉංග්‍රිසි' හොඳ නැති නිසා රැකියා ප්‍රශ්නය හරිම උග්‍රයිලු නේද? (නි)
තල්මසා මේ අය ලඟට ඇවිත් නොවෙයි මේ අයයි තල්මසා ලඟට ගිහින් තියෙන්නේ. තල්මසුන් මේ වගේ මෝඩ දේවල් කරන්නේ නැහැ. (අ)
'බොන්ඩි' වෙරළට තල්මස්සු එනවද? (නි)
තල්මහටත් බැරි උනා නේ මේ කොල්ලට හරියට වෙට්ටුවක් දාන්න. අහක යන නරි සින්දු කියල ලියල තියෙන්නේ හු ..හු ..කියන හඬ විතරයි පැටියෝ.(නදී)
අපේ රටේ ඉතිහාසෙ ගැන කියනකොට කියන්නේ හතුරෙකුට වුනත් විපතක් වුනාම දුක්වෙන ජාතියක් කියලා. ඒ වුනාට අපේ රටෙන් ඉගෙනගෙන පිටරට ඉන්නවුන් මැරිලා ගියත් කමක් නැතිලු. මේ අර කියන ශ්‍රේෂ්ඨ පරම්පරාවේ පුත්තුද?(නදී)
මේකේ අදහස් වලට වඩා බැනගන්න එකයි අපහාස කරන එකයි තියෙන්නේ. අනේ මන්දා.(නදී)
පව් අනේ තල්මසට අහු උනේ ලංකාවේ හාල්මස්සෙක්නේ .! (අ)
මිනිහෙකුට කරදරයක් උනාම සතුටුවෙන කුහකයින්ට මේ ලංකාදීපේ ඉඩක් වෙන්කර නොදෙන්න.(නදී)
ටෙනිසන්, ලාංකිකයෝ ලංකාව හැර යන හේතුව ඔබගේ පළමු වැකියේම තියෙනවා. ඔබට බැරි නිසා ඔලුව ගහගෙන ඉන්නවා කියලා කියනවා. ඕකට කියන්නේ කුහකකම කියලා. ලංකාවේ 50% සමුර්දියෙන් ජීවත් වෙනවා. පිටරට ඉන්න අපිත් කරන්නේ 50% පමණ දුප්පත් අපේ නෑදෑයින්ට උදවු කරන එක තමයි. ඔබ අහනවා අපි මොනවාද කරන්නේ කියලා. පිටරට ඉන්න අය නැත්නම් ලංකාවේ බාගයක් මෙලහට මැරිලා. හිටපු රජයේ සේවකයෙක්.(නදී)
මේ මොහොමඩ් කියන පුද්ගලයා ඇත්තෙන්ම මානසික රෝගියෙක් .යහපත් මිනිසුන්ව උනත් කෝපයට පත් කරන්න ඔයවගේ කටකට පුළුවන් .ඒවගේම ජන සමුහයක් උනත් කොටවා කලබවන්න උපන් හැකියාව තියනවා .යමෙකු තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට ලොව කොහේ සිට හෝ කුමන රැකියාව කලත් කිසිදු වරදක් නැහැ .උගත් කම සැමදා නොනැසී තියනවා . ඔබ මානසික වෛද්‍ය වරයෙකු මුනගැසුනොත් එය සමාජයට කරන ලොකු සේවයක් .(අ)
මොහමඩ් දන්නා දෙවියන්ව අදහගෙන ඉන්න. ඔස්ට්‍රලියාවේ ඉන්න ලංකාවේ දොස්තරලා ගැන කතා නොකර. ඔවුන් ඉතා හොඳින් දොස්තර රස්සාව කරනවා. ඕනේ නම් ඔස්ට්‍රලියාවේ වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි ලේඛනයට ගිහිල්ල සිංහල වාසගම් ටිකක් ගහල බලන්න . සොමියට මුස්ලිම් නමුත් ගහල බලන්න. (අ)
මෙයත් අපේ අර කොල්ලා වගේ. සෙල්ලං ද කොල්ලෝ.(නදී)