බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශයේ ක්‍රිකට් කණ්ඩායම හා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල අතර පැවති සහයෝගීතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමි කැර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
පසුගියදා ලන්ඩනයේ ‘ඕල්ඩ් පින්ච්ලේන් ‘ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී මෙම තරගාවලිය පැවති අතර මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධරයෝ රැසක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ඇතුළු කාර්ය මණ්ඩල නිලධරයෝද සහභාගී වුහ.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අතර සුහඳතාව වර්ධනය කිරීමේ ලා දෙවැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ ආගමන හා කොන්සියුලර් අංශ ප්‍රධානී නීතීඥ චමින් කුලරත්න මහතාගේ උපදේශකත්ව හා මඟ පෙන්වීම යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ ජයග්‍රහනයට උණුසුම් සුබපැතුම් ! (ස)
ජය වේවා! (නි)
අපට ඔබල ගෙන ආඩම්බරය !!! (දී)
රටෙන් පිට සිටියත් රටේ නම රකින ඔබට ජය වේවා ! (දී)
උණුසුම් සුභ පැතුම් (අ)