IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ලෝක බැංකුවෙන් ණය අරං අධ්‍යක්ෂවරුන් රට යවලා‘

වතුර, විදුලිය ඇතුළු මූලික අවශතාවන් නැති පාසල් රැසක් තිබිය දී ඒවා සංවර්ධනය කරනවා වෙනුවට ලෝක බැංකුවෙන් ණය ගෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් රට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (22) පැවසීය.

මේ වන විට බස්නාහිර පළාත් කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් තායිලන්තය හා පිලිපීනය බලා යවා ඇති බව ද, ඉදිරියේ දී උතුරු මැද සහ උතුරේ කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ට යැවීමට නියමිත බව ද, එක් චාරිකාවක් සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 11ක් පමණ බව ද ස්ටාලින් මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ කොටුවේ ගුරු මැදුර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.

‘ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ දේශපාලන පළිගැනීමේ පදනම මත පත්වීම් 4800ක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. එසේ තිබිය දීත් පත්වීම් දීමේ සූදානමක් තිබෙනවා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විභාගයෙන් පසු 3859 දෙනකුට පත්වීම් ලබා දුන්නා. ඔවුන් සඳහා පසුගිය මැයි නව වැනිදා සිට ජුනි 16 වැනි දා තෙක් පුහුණවක්ද ලබා දුන්නා. නමුත් තවමත් ඔවුන් ස්ථාන ගත කර නෑ. ඔවුන්ට පාසල් ලබා දී නෑ. පත්වීම් ගත්තු සමහරු ඒ නිසා කළින් හිටපු පාසල්වලම පන්ති කාමරවල ඉගැන්වීම් කටයුතු කරනවා.

වැඩ බලන විදුහල්පතිවරුන් තවමත් ඉවත් කර නෑ. අධ්‍යාපන ඇමැතිවරයා විපක්ෂයේ සිටිය දී දේශපාලන පත්වීම්වලට හා වැඩ බලන විදුහල්පති වරුන් තබා ගැනීම ගැන විවේචනය කළා. නමුත් දැන් වෙන්නෙත් ඒදේම තමයි. විදුහල්පති පත්වීම් ලැබූවන්ට පාසල් ලබා නොදෙන්නේ වැඩ බලන විදුහල්පතිවරුන් සහ දේශපාලන පලිගැනීම් යැයි කියමින් පත් කරන අයට පුරප්පාඩු තබා ගන්නද කියා අපි අහනවා.

ලෝක බැංකුවෙන් විශේෂ ණයක් අරගෙන කලාප අධ්‍යක්ෂවරුන් රට යවන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එක් සවාරියක් සඳහා වියදම මිලියන 116ක් පමණ.   චෝදනා ලත් නිලධාරීන්, විනය පරීක්ෂණ පැවැත්වෙන නිලධාරීන් සහ විශ්‍රාම යන්න ආසන්න නිලධාරීනුත් එම සවාරිය ගිහින් තිබෙනවා.

ආණ්ඩුව පත්වූ විගස කිව්වා දූෂණ චෝදනා ඇති විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව. නමුත් තවමත් එය සිදු වෙලා නෑ. චෝදනා ලත් විදුහල්පතිවරුන් තවමත් සිටිනවා. කොළඹ ආනන්ද විද්‍යාලයය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ආකාරයකටයි.

මේ ක්‍රියාත්මක වෙන වැඩ අනුව අපට පෙනෙන්නේ පරණ ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙළම මේ ආණ්ඩුවත් කරගෙන යන බවයි.‘‘ යැයි ද ස්ටාලින් මහතා කීවේය.

ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම වීරසිංහ මහතා ද, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ජගත් ආනන්ද සිල්වා මහතා ද, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් දයාරත්න පටබැඳි මහතා ද එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.

 



අදහස් (0)

‘ලෝක බැංකුවෙන් ණය අරං අධ්‍යක්ෂවරුන් රට යවලා‘

අරුණ Wednesday, 22 June 2016 03:10 PM

තායිලන්තයේ හෝ පිලිපීනයේ අධ්‍යාපන ක්‍රමවේදයන්ට දහස් ගුණයක් ඉදිරියෙන් තියෙන අපේ අධ්‍යාපන ක්‍රමයට ඒ රටවලින් ගන්න පුළුවන් මොනවද. අපේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්න තියෙන සල්ලිවලින් පළාත්සභා වල නිලධාරීන්ට හා දේශපාලන පන්දම්කාරයින්ට දෙන දොලපිදේනි මේ. පාසල්වල ගරාවැටෙන ගොඩනැගිලි, විද්‍යාගාර, පුස්තකාල කියක් මේ සල්ලිවලින් හදන්න පුලුවන්ද? (බ)

:       0       0

රජින්ද Wednesday, 22 June 2016 08:34 AM

පක්ෂ පාට සිඳලා දැවැන්ත ජාතික සන්ධානයක අවශ්‍යතාව මතු වෙමින් ඇත.(ම)

:       0       0

හිමාල් Wednesday, 22 June 2016 09:09 AM

ඔය විදේශ ගමන මෙයාලට නොලැබීමේ වේදනාව තමයි ඔය. ඕක දුන්නෙ නැත්නම් කියන්නේ විදේශ පුහුණු අවස්ථා කප්පාදුව කියලා. ඔය යවන්නේ ඔය රටවල අධ්‍යාපන ආයතන වල නිරීක්ෂණ චාරිකාවක්.බලාපොරොත්තුව තමයි ඒ රටවලින් හොඳ යෝජනා ලංකාවට ක්‍රියාත්මක කරන්න ‍රැගෙන ඒම. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 8 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 26 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 923 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1369 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2046 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 505 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site