සිය ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය.
කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
එහෙත් කම්කරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද කියති. ලක් කතගේ පෙර විවාහයේ පුතුන් කියා සිටියේ ඇමරිකන් බාප්පාට මරණ දඬුවම දෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අන්ත දුප්පත් රිසානා දුවව මුළු ලෝකයම එපා කියත්දීත් මරණ දඬුවමට යටත්කළා. නිසි කලවයස සපිරෙනතෙක් හිරේ දමලා අවසානයේ හිස ගසා මරා දැම්මා. එතකොට මේ ඇමරිකන්කාරයන්ට ෂරියා නීතිය වලංගු නැද්ද? මොනතරම් ඇමරිකන්ගැත්තොද මොවුන්. (නි)
කෝ මානව හිමිකම් ලොක්කෝ නිදිද? (නි)
අයියෝ දෙවියනේ! (නි)
ඔය හැම නීතියක්ම දුප්පත් අපිට තමා. මේකෙන්ම පේනවා සෞදි නීතීයේ බොරුව (නි)
පුංචි රිසානා අතින් සිදුවුණ වැරදීමකින් සෞදි දරුවෙක් උගුරේ කිරි සිරවෙලා මැරුණා. අහිංසක පුංචි රිසානට මරණ දඬුවම දුන්නා නේද. මේ ඇමරිකන්කාරයා බොහොම සුළු වැරැද්දක් කරලා වගේ. අනේ මේ ෂරියා නීතිය? (නි)
ඔන්න සෞදි අධිකරනයේ සධාරණත්වය.(අ)
ඇමරිකානුවන් ඉදිරියේ මොවුන් හැසිරෙන විදිය ගැන ලැජ්ජයි (නි)
ඇයි 5 වසරක්? ෂරියා නීතිය ඇමෙරිකානුවෙක් නිසා වෙනස් කරලද? දෙවියනි, සාධාරණය ඉටුකරන්න. (නි)
ඇමරිකාව හා සෞදි අරාබිය අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුම අනුව ප්‍රාග්ධන දඬුවම් වලින් ඇමෙරිකානුවන් නිදහස් වේ. අවාසනාවකට මෙන් එවැනි වගන්තියක් ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ගිවිසුමකදී අන්තර්ගතවී නැති හැඩයි (නි)
ඇයි 5 වසරක්? ෂරියා නීතිය ඇමෙරිකානුවෙක් නිසා වෙනස් කරලද? මොනතරම් දරුණු මිනීමැරුමක්ද මේක? ඇයට නිවන් සුව පතමු! (නි)
ඇයි මේ ඇමරිකන් ජාතිකයාට මරණ දඩුවම් නියම කර නැත්තේ.(හේ)
අනේ මුන්ගේ නීති රිසානා වගේ අසරණයන්ට තමයි. ඇමරිකානුවන් ඉදිරියේ නිවට කමේ සීමාවක් නැහැ. (බ)
මේ ගොල්ලෝ ෂරියා නීතිය නොවේ අනුගමනය කරන්නේ . මොකද මම දන්නා තරමින් ෂරියා නීතිය දුප්පතාට වගේම පොහොසතාටත් එක වගේ බලපානවා. මහා ලොකුවට අපි තමයි ෂරියා නීතිය හරියට පිළිපදිනවා කියන අයගේ කෙරුවාව මින් පෙනි යනවා. ඇමරිකාව ඉදිරියේ දණ ගහගෙන ඉන්නේ (බ)
ඔව් ඔය නීතිය අහිංසක මිනිස්සුන්ට විතරයි. ඔය නීතිය ඔය විදියට හදපු සහ ක්‍රියාත්මක කරන අයට අපි පාසල් යන කාලේ 100,,200මීටර් දුවන්න ගහපු අත්පුඩි දෙක ගහන්න ඕන එල්ලලා තෙල් ළිං පෙනෙන්න...(බ)
වසර 5ක දඬුවමක් දුන්න එකත් පුදුමයි. අසාධාරණය වුණ කාන්තාවට වඩා මිනීමරුවා ආරක්ෂා කරන නීතියක් ඔය රටවල තියෙන්නේ. ෆෝබිඩ්න් ලව් පොත කියවලා බලන්න දයාබර දාලියා නමින් සිංහල පරිවර්තනයක් ඇත (බ)
ශරියා නීතිය දුප්පත් රටවලට විතරද (හේ)
මේක අනිත් විදියට වුනානම් ? ලංකාවේ මිනිහෙක් ඇමරිකන් ගැනියෙක් මරුවනම් ? කෙලින්ම සෞදි හන්දියේදී බෙල්ල කපල දමයි . මේ අයගේ නීතියත් බොරුවක් බව ඔප්පු වුණා (අ)
මේවාට කතාකරන්න කවුරුත් නැහැ වගේ (නි)