(අංජුල මහික වීරරත්න)
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්
de silva Tuesday, 25 February 2025 02:17 PM
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට කරන්න පුළුවන් ලොකුම උදව්ව , පුද්ගලික අංශයට ඕක කරගෙන ආපු ආකාරයෙන්ම කරගෙන යන්න ඉඩ හැරලා ,රජය ඔය ටුවරිස්ට් බෝර්ඩ් එකට නාස්ති කරන්න , නිලධාරීන්ට රට සවාරි ගහන්න දෙන මුදල් ටික ඉතුරු කරගෙන , පොදු ප්‍රවාහනේ වැනි ශ්‍රී ලංකික ජනතාවට සහ සංචාරකයන් අත්‍යවශ්‍ය දෙයකට යොදවන එක , ඔය නිලධාරී ඇවිත් තිබෙන ටිකත් විනාශ කරනවා , පගාව ගන්න ව , ඔය ටුවරිස්ට් බෝර්ඩ් එක තිබෙන නිසානේ හැම මගුලකටම ඕකේ අනුමැතිය ගන්න ඕන , ඕක වහල දමන්න
වික්‍රම විදුර Tuesday, 25 February 2025 06:12 PM
අපේ රටේ හොඳ කාලය ඇවිල්ලා වගෙයි. අන්න ඒක නියම අදහසක් ජනාධිපතිතුමන් ලංකාව මාලදිවයින දෙකම එකට ප්‍රමෝට් කරලා මාලදිවයිනට අඩු ගාස්තු බෝට්ටු සේවා ගුවන් සේවා අදුන්වලා දුන්නා නම් රටවල් දෙකම එකට ගොඩයන්න පුලුවන්. රස්සා ටිකත් වැඩිවෙයි.
de silva Wednesday, 26 February 2025 01:43 AM
වික්‍රම විදුර මහතාගේ අදහස මමත් අනුමත කරනවා රටවල් 2 අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කරන්න , අර යුරෝපා සංගමේ වගේ , රටවල් දෙක ගමන් කරන මගීන්ගේ එයාර්පෝර්ට් ටැක්ස් එක අඩු කරන්න, එතකොට අපිට අපේ පලතුරු එළවලු සහ වෙනත් නිෂ්පාදන මලදිවෛන්ට යවන්න පුළුවන් , මලදිවෛනෙන් අපට මත්ස්‍ය නිශ්පාද මිලදී ගන්න පුළුවන් , මේකෙන් මලදිවෛන් ධිවරයට මෙන්ම අපේ ගොවියටත් හොඳ කළ දසාවක් යනවා , අපේ මෙන්ම මලදිවයිනේ පාරිභෝගිකයාට සහන සැලසෙනවා , මෙවැනි දේවල් කරන්න කියල අපි රජයට බල කරන්න ඕනේ