මාල දිවයින් ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ඡෙනරල් අහමඩ් ෂෙයාම් මහතා අද ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
එහිදී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩොර් ඩි.ජේ.සී වීරකෝන් මහතා විසින් ඔහු පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පවත්වන ලදි.
මෙම හමුවේදී දෙරටේ ආරකෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ අතර මාලදිවයින් ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් අහමඩ් ෂෙයාම් මහතා හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහි ගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ තිබෙන පිරිත් නුලෙන් තමයි මා දෙන්නා වෙන්කර හඳුනා ගත්තේ. දෙදෙනාගේම මුහුණුවර ලංකාවේ වගේ. (නි)
මටනම් මුලදී හිතුනේ ඔකේ අනිත් පැත්ත පස්සේ තමයි නුල දැක්කේ , මොනවා වුණත් මේ මනුස්සය තරුණ වැඩි නැද්ද මේ තනතුරට ? අපේ ශාන්ත මාලදිවෛන හොඳයි මේ වැඩේට මනුස්සයත් හිටපු ගුවන් නිලදාරියෙක්නේ (අ)
අහමඩ් ෂෙයාම් කිව්වට මුහුණ නිකන් වනවාසල මුදියන්සේලාගේ තිලකරත්න වගේ. (අ)
ධම්ම ඔය මල දිවයිනේ ඉන්නේ අතීතයේ ලංකාවෙන් ගිය ලාංකිකයන් තමයි . මාල දිවයින මීට අවුරුදු ගණනකට පෙර බෞද්ධ රටක් . දැන් මුස්ලිම් . (අ)
කමල්, තව පොඩ්ඩක් ඉවසන්න. (අ)
හොඳ පුවතක් (නි)
මොකද නැගෙනහිරට උඩින් පරිප්පු දාන්න හිතුනද (නදී)
ස්රීෆ් අපි නම් හුගක් ඉවසනවා. නමුත් තමන්ගේ ජාතියම බල්ලෝ බළලුන්ටත් වඩා මරාගන්න එක ගැන අපිට නම් කනගාටුව දක්වන්න වෙනවා (නදී)