රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක‍්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ශූරීයක වන සොනාලි කි‍්‍රස්ටීන් මෙරිල් සමත්ව සිටින්නීය. මොස්කව් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව බවට ද සොනාලි පත්වූවාය.
ඇමරිකාවේ පදිංචි සොනාලි, ෆ්ලොරිඩා ප‍්‍රාන්ත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 400 කාන්තා කඩුලූ පැන දිවීමේ ඉසව්ව තත්පර 56.45 කින් නිම කරමින් දෙවැනි ස්ථානයට පත්වීමත් සමගම ‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගත්තාය.
‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 56.55 කි.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ පූනේහිදී ලබන ජූලි මස පැවැත්වෙන ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියට ද සොනාලි සහභාගි වීමට සූදානමින් සිටින බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම් ඔබට! (නි)
ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේ කෙනෙක් පිටියේ ඉසව්වකට ලෝක තරගයකට තේරුනේ. සුබපැතුම්.(අ)
ඇය විවාහකද? (නි)
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා! (නි)
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා ගොඩක්ම සතුටුයි ඔබ ගැන (අ)
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා! ගොඩක්ම සතුටුයි ඔබ ගැන...නමුත් මට තියෙනවා පොඩි ගැටළුවක්. ඇමරිකාවේ පදිංචි නම් කොහොමද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ ? (නි)
කොහේ හිටියත් මොකද ලාංකිකයෙක් නම්. තරග කරන්නේ අපේ රට වෙනුවෙන් නම්. එයාටත් වඩා දක්ෂයෙන් ඉන්නවා නම් ලංකාවේ ඔන්න යෙදෙව්වට කමක් නැහැ. (නි)
සංජු, ඔයාට තරේන්නේනැද්ද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ ඇමෙරිකාවේ සිටින අයත් එක්ක මෙයාට තරග කරන්න බැ, එක නිසා තමා ලංකාවට තරග කරන්නේ (අ)
මෙයාලගේ ලාංකික කම තරග වලට යනකොට විතරක් තිබිල මදි. මොකද ඇමෙරිකාව වෙනුවෙන් යන්න බැහැනේ, එහෙ අය දක්ෂ නිසා.(ස)
ඔබට ජය ලැබීමට ශක්තිය ,ධෛර්ය ලැබේවා!(නදී)
හේමන්ත, ඔහේ හරියටම හරි. මෙයාට සුද්ධෝ එක්ක හැරෙන්ඩවත් බැහැ. ඉතින් ලංකාවේ කණ්ඩායමට එල්ලෙන්ඩ හදනවා. මේවා ඇවිල්ලා බෝරු ෂෝ. (අ)
අනේ වාසනාවන්, සොනාලිට මගෙන් උණුසුම් සුභ පැතුම් ! (ස)
සංජු පදිංචි රට ගැටළුවක් නෑ රටට සේවය කරන්න. අපේ උස පනින ක්‍රීඩකය, දුර දුවන ක්‍රීඩකය ,පිහිනුම් ක්‍රීඩකය වගේ ගොඩක් අය ඉන්නේ පිටරට.(නදී)