IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


ලංකා යෝජනාව ජිනීවා විවාදයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරැඹීය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

විවාදය පැවැත්වෙනුයේ ජිනීවාහිදී ය.

ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂා කළ යුතු යැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවට එම රටවල් ද අසල් වැසි ඉන්දියාව ද සහාය දක්වයි.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ නව රජය මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ඇති කළ ක්‍රියාමාර්ගය ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව ඇතුළු රටවල් රැසක්ම ප්‍රශංසා මුඛයෙන් කතා කළේය.

ඇමෙරිකා නියෝජිතයා යෝජනාවට සහයෝගය දක්වමින් පැවසුයේ පසුගිය ජනවාරියේ සිට ශ්‍රී ලංකාන නියම මාර්ගයේ ගමන් කරන බවයි.

සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවත් එහෙත් තවත් බොහෝ දේ කිරීමට ඇති බවත් ඇමෙරිකා නියෝජිතයා කීවේය.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කිරීම හා වගවීම ඉන් ප්‍රධාන කරුණු බව ද ඔහු කීවේය.

මංගල සමරවීර විදේශ ඇමැති  හිතකර ලෙස මෙම ප්‍රශ්නය ගැන කරුණු දැක්වීයැයි ද ඔහු කීවේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණය පැනවීම ද ඇමැරිකාවේ පැසසුමට ලක් විය.

බෙල්ජියම හා නවසීලන්තය ද ශ්‍රී ලංකාවේ නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රසාදය පළ කළේය.

(විවාදයේ සජීවී වීඩියෝව බලන්න...)



අදහස් (0)

ලංකා යෝජනාව ජිනීවා විවාදයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි
2024 නොවැම්බර් මස 10 199 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍


සෙලෙන්ස්කි කණස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 10 704 0

ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස


හොර ඒජන්සිකරුවෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 10 124 0

නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 2129 0

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.


නවසීලන්තය ලකුණු 108 යි
2024 නොවැම්බර් මස 10 85 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත


මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 1962 3

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 131 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1506 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site