එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව නිරීක්ෂණය කිරීමට කටයුතු කරද්දී, එයට අවසර නොදීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ක්‍රියා කරතියි ‘ද ටෙලිග්‍රාෆ්‘ දකුණු ආසියා කතෘ ඩී ඈන් නෙල්සන් කියයි.
මානව හිමිකම් දැඩිසේ උල්ලංඝනය කර ඇති රටක් බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ජාත්‍යන්තරයට බලපෑම් කිරීමට කැනඩාව හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමහරක් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පෙළ ගැසෙන බවත්, ශ්‍රී ලංකාව ලිඛිතව දක්වන ලද කොන්දේසි වුවමනාවෙන්ම කඩ කරමින් යුද අපරාධ වසන් කිරීමට යන බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරෝධාර දේශපාලකයන්ට පින් සිද්ධ වෙන්න හැම ජාතියේම චෝදනා අපිට දැන් එනවා. බොරුවට වේදිකා වල කියනවා ඒ ගොල්ලෝ හොද වැඩ කරනවා බලන් ඉන්න බැරිවටලු චෝදනා එන්නේ.(නදී)
ලංකාවේ යුද්ධය නැති උන එක ලෝකයට මහා පාඩුවක් මොකද ආයුධ එහෙම දැන් විකිණෙන්නේ නැහැනේ (දී)
අවුරුදු 30ක් තිස්සේ ලාංකිකයන්ගේ මානව හිමිකම් හා රට විනාශ කරපු පිටරට ඉන්න දෙමළ මිනිස්සු තමයි මේ උගුල් අදින්නේ. ඒකෙන් අනිත් රටවලට වින කරන බටහිර ජාතීන් ප්‍රයෝජන ගන්නවා. ඒක හින්දා නිල්, කොළ, රතු , දම් කන්නාඩි වලින් බලන්නේ නැතිව ජනාධිපතිතුමා වටා එකතු වෙලා රට රැක ගන්න හයියක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ වැඩ නොකරන දේශපාලකයන් යළි පත් කර ගන්න නෙමෙයි. රටේ ප්‍රශ්නවලදී ජනතාව යුද්ධයෙන් රට බේරාගත් ජනාධිපතිතුමා සමග ඉන්නවා කියලා පෙන්නන්න ඕනෑ. (දී)
ලංකාවේ ප්‍රශ්න විසදා ගන්න ලංකාවේ පවතින රජයට පුළුවන්, අනිත් රටවල් වලට අපේ ප්‍රශ්න වැඩක් නැහැනේ. (දී)
ඇති ගරු ජනාධිපති තුමනි මේ වෙලාවේ කොන්ද කෙලින් කරන් නියම තීරනයක් ගන්න.(දී)
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිතද?(දිල්)
මේක ලංකාව මේකේ හිටපු අපි විතරයි දන්නේ ඇත්ත (දී)
හැමදාම මොනවාද මේ එන රැලි? එයාලට දැන් වෙන රටක් තෝරාගන්න කියන්න (දී)
කවුද බොලේ ඈන්? (දී)
කාටත් දොස් කියලා වැඩක් නැහැ අපි අපිව හදාගන්ඩ ඕනේ නැතුව මේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැහැ.(නදී)
ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ තීරණය බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ තීරණයයි. ශ්‍රී ලංකා විරෝධී ජගත් රැළි මුහුදෙන් එහා පැත්තේ තියා ගත්තාවේ. (දී)
මේවා මෙහෙම වෙනවා නම් කෝ දෙයියනේ අපේ රටට උදවු කරන්ට සුදානම් වෙච්ච රටවල් ? රුසියාව, චීනය මහා මණ්ඩලයේ රටවල් නේද.? මානව හිමිකම් කොමිසම තියෙන්නේ මහාමණ්ඩලය යටතේ නේද? මානව හිමිකම් කොමිසම මොන තීරණ ගත්තත් ඒ තීරණ ක්‍රියාත්මක කරන්ට අවසාන අනුමැතිය මහාමන්ඩලයෙන් ලබා ගත යුතුයි නේද.? කොටින්ට එහෙම උද්ගෝෂණ පුළුවන් නම් අපේ රටේ ලෝකය පුරා විසිරි සිටින රටට ආදරේ ජනතාවටත් උද්ගෝෂණ කරන්ට බැරි ඇයි.? මේවට ඒ රටවල ඉන්න අපේ තානාපතිවරුන් මුල් විය යුතුයි කියලයි මම හිතන්නේ. මේක ජනාධිපති තුමාගේවත්, විදේශ අමාත්‍යංශයේවත්, මහින්ද සමරසිංහ ඇමතිතුමාගේවත් පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි නේද.? සේරම බර ආණ්ඩුවට භාර දෙනවද..? අපේ රටේ මිනිස්සු අතීතයේ එකතු වී සටන් කර ජයගත්තා නේද.? දශක තුනක සාපරාධි යුද්ධය ජය ගැනීමද අපේ රට කල වරද.? ඒ ජය ගැනීම අපේ රටේ පරාජය විය යුතුද.? බෙදීම් රට තුල තියාගමු. රටින් පිට බලවේග වලට අපි එකාවගේ මුහුණ දිය යුතුයි. අපි පරාද උනොත් රටට ආදරේ ඇති කට්ටියට පමණක් වන්දි ගෙවන්ට ලැබෙන්නේ නැහැ. ඒකට එක් නො උනු සියල්ලන්ටමත් පොදුවේ සම්බාදක වල ප්‍රතිපල භුක්ති විඳින්ට වෙනවා නේද.? (නදී)
මගේ මවුබිමට වින කරන සියලු දෙනා බංග වේවා !. (නදී)
ලංකාවේ මානව හිමිකම් කඩනවා නම් පළමුව නැගී සිටිය යුත්තේ සිංහලයින්.(නදී)
යුද්දය නතරවීම නිසා බටහිරයන්ගේ ආර්ථිකයට පහර වැදීමේ කාරණයට, පලිගැනිමක් තමයි දැන් කරන්නේ. ඉන්දියාව කරන්නෙත් ඒකමයි. ඒ අයට යුද බඩු බිස්නස් නැතිවුනා ඉන්දියාව ඇතුළු බටහිරයන්ට ස්වභාව දර්මය බලාගෙන ඉන්නවා දඬුවම් දෙන්න.(නදී)
එන පොට නම් කොහෙත්ම හොඳ නැහැ වගේ නේද? (නදී)
ලංකාවෙන් ඉගෙනගෙන වෙන රටවල් වලට ගොස් ජීවත්වන සිංහල ජාතීන්ට මේවා නොපෙනේද? (නදී)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට කොන්ඳක් තියෙනව ඒකයි අරයට මෙයාට ඕන විදියට නැමෙන්නේ නැත්තේ,ඩී ඈන් නෙල්සන් කියන්නේ කවුද ? (නදී)
1983 ජුලි කලබලවල සිට 1989 පෙබරවාරි මස ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විශ්‍රාම යනතෙක් සෑම වසරකම එනම් 1983, 1984, 1985, 1986, 1987 හා 1988 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලංකාවට අභියෝගවලට මුහුණ දීමට සිදුවිය. එකල මානව හිමිකම් කවුන්සිලය හඳුන්වනු ලැබුවේ "මානව හිමිකම් කොමිසම" හැටියටය. මේ ප්‍රධාන මානව හිමිකම් කොමිසමට අමතරව එකල එයටම අනුබද්ධ "සුළු ජාතීන් සුරැකීමේ අනු කමිටුවක්" ද විය. මෙකී අනු කමිටුවද වාර්ෂිකව රැස්‌වූ අතර ඔවුන්ද නොයෙක් යෝජනා සම්මත කර ගත්තේය. එම නිසා ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවට සෑම වසරකම මානව හිමිකම් කොමිසම රැස්‌වන මාර්තු මාසයේත් සුළු ජාතීන් සුරැකීමේ කමිටුව රැස්‌වන අගෝස්‌තු මාසයේත් මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මේ යුගයේ අවුරුදු 4 ක් ඇතුළත ලංකාවට එරෙහිව යෝජනා 4 ක් සම්මත විය. යෝජනාවක් සම්මත වූවත් නැතත් සෑම සැසි වාරයකදීම මානව හිමිකම් කොමිසමේත් එහි අනු කමිටුවේත් විවිධ සාකච්ඡා මාතෘකාවන් යටතේ බටහිර ආණ්‌ඩු හා රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ ආණ්‌ඩුවට එරෙහිව දිගින් දිගටම දීර්ඝ විස්‌තර කථන ඉදිරිපත් කරන ලදී. එකල එජාපය මේ අභියෝගයට මුහුණ දුන් ආකාරය වත්මන් ආණ්‌ඩුවට යම් මගපෙන්වීමක් ලබා ගැනීමට හැක.(නදී)
ඔය ප්‍රශ්ණවලට 1983 ඉදලා ලංකාව මුහුණ දුන්නා කිසිම ගානක් නැතිව. වර්තමාන රජය දේශපාලන වාසිගන්න හදනවා මේ තුලින්. ඉදිරි ඡන්ද වලට ගැලරිය කියවන මන්ත්‍රීලට හොද මාර්තුකාවක් මේක.(නදී)