(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.
ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ බලය අනුව නොවන බව කී අමාත්‍යවරයා ලෝක වෙළඳපලේ මිල ඉහළයාමෙන් සිදුවන පාඩු දිගින් දිගටම දරාගැනීමේ හැකියාවක් රජයට නැතැයි ද සඳහන් කළේය.
ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබානොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බව කී ඇමතිවරයා එවැනි තත්වයක් හමුවේ මිල ඉහළදැමීමකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ලෝක වෙළඳපලේ මිල පාලනය කරන්න බෑ‘‘
gagana Monday, 11 October 2021 05:04 PM
ඔහේට මොකක්ද පාලනය කරන්න පුළුවන්...?
චන්දදාසMonday, 11 October 2021 06:42 PM
තමුන්නැහැලා විපක්ෂයේ ඉන්නකොට කියන්නේ මිල පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද කියලා නේද? නුදුරේදීම ඇපත් නැතුව පැරදුණාම නුඹලාට බැරිදේ උන්ටත් බැහැ කියලා හිතන්න පුරුදු වෙන්න..
Bamunuarachchi Monday, 11 October 2021 05:07 PM
මේ ගණන් යාම අපිට විතරක් නොවෙයි. කටාර් වල රියාල් 2ට තිබුණු සිගරට් පැකට් එක දැන් රියාල් 16 යි... රියාලෙට තිබුණ පෙප්සිය දැන් රියාල් 2.50 යි.
fairoosMonday, 11 October 2021 06:21 PM
බමුණා මොකද කටාර්ව සංශෝධනය කරන්නේ? මෙහෙම ගියොත් ලංකාව ළඟදීම ඉතියෝපියාව වගේ වෙයි...
BamunuarachchiTuesday, 12 October 2021 09:04 AM
ඔබ වගේ නොදන්නා දේවල් කතා කොරන්න බැහැ මම අවුරුදු 12 හිටපු මෙගේ දෙවෙනි මව්බිම කටාර්. මම ඒ රටට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතිය වෙනස් කරන්න ගියේ නැහැ. මම ඒ රටට ඕනේ විදිහට ජීවත් උනා මට සියලුම සැපපහසුකම් ලැබුනා ලිකර් පර්මිට් එක ලැබුනා. අන්න එනිසයි මම ආදරයෙන් ඒ රට ගැන කතා කොරන්නේ.
Sena Monday, 11 October 2021 05:28 PM
අරාබි බැහැ..., මේක බැහැ කියනවා විතරයි.. මොකටද ඉන්නේ?
සඳුන් Monday, 11 October 2021 05:53 PM
මේක තවත් අනාගත්තේ ලංකාවේ ආර්ථික ඔස්තාර්ලා ඡන්ද පෝස්ටර් ගහනවා වගේ සල්ලි කොළ අච්චු ගහන නිසයි. ඒකෙන් ඩොලර් ගාන වැඩිවෙනවා උද්ධමනය වැඩිවෙනවා. මෙයා හදන්නේ මේ ගොල්ලන්ගේ බැරි බැරියාව කොරෝනාවට බැර කරන්න. එහෙමනම් හාල් මිල නහුතෙට නැග්ගේ කොරෝනාව හින්දාද? ලෝක වෙළඳපලේ නාඩු හාල් කීරි සම්බා වැඩිවෙලාද?
mp Monday, 11 October 2021 06:10 PM
ඔහෙලාට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ. ඔහෙලා එහෙනම් පාලනයට ආවේ මොකටද? බලාගෙන ගියාම මේ ඔක්කොම තොත්ත බබාලා...
WCA Monday, 11 October 2021 06:30 PM
මෙයාට කියන්න කෙනෙක් නැද්ද? එහෙම පාලනය කරන්න බැරි වුණා. ඒක කළමනාකරණය කරන්න පුළුවන් කියලා... මොකෝ එක පාරට නෙවෙයිනේ වැඩිවෙන්නේ. ටික ටිකනේ... පහුගිය යහපාලනේ කාලේ ඕකට තමයි මාසෙන් මාසෙට මිල සිස්ටම් එකක් ගෙනාවේ. එකට කොකා පෙන්නලා දැන් කියනවා බොරුවට... එදා ඒක දිගටම කළානම් අද මිනිස්සු එකපාරට ලොකු ගාණකින් වැඩිවෙන්නේ නෑ, මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ... මොකද මිනිස්සු නිකන්ම හුරුවෙනවා මේ කාලේ අනිවාර්යයෙන් වැඩි හෝ අඩු වෙනවා කියලා...
Naushad Monday, 11 October 2021 07:05 PM
හැබැයි විපක්ෂයේ ඉන්නකොට කියන්නේ වෙන දේවල්... එකෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා අපි බලයට ආවොත් ඩොලර් කන්ටේනර් පිටින් ගේනවා කියලා...
ගමේ එකාලා Monday, 11 October 2021 07:31 PM
බොරු කයිවාරු? ආර්ථික ඔස්තාර්... මීට ඉස්සරත් කිව්වේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකරන්න බැහැ. රු.2500 කින් මාසයක් ජීවිත වෙන්න ඇති කියලානේ? දූෂිත දේශපාලුවන් කරන වැඩවල හැටියට රටකට හරි යයිද?
යාපා Monday, 11 October 2021 07:54 PM
මේකේ ඉන්න හරක් හිතාගෙන ඉන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ගෑස් හදන්නේ කියලා. සජිත්, අනුර වගේ කිසිම දැක්මක් නැති මනුස්සයින්ගේ ගෝලයින්ට ඊට වඩා මොලයක් කොහෙන්ද?
BamunuarachchiTuesday, 12 October 2021 09:10 AM
දැන් ජෙප්පන්ට මොලේ ටික ටික පෑදෙනවා එනිසානේ 3% බැස්සේ. මම රාජපක්ෂලා හොඳමයි කියනවා නොවෙයි. දැන් ඉන්න ගොයියන් බැලුවාම රාජපක්ෂලා හොඳයි. රාජපක්ෂලා රට ණය කලේ රටට මොනවා හෝ වඩ ටිකක් කොරලා යහපාලකයෝ රට ට්‍රිලියන 7 ණය කලේ රටට මුකුත් නොකර.
L.G.P.Jathunarachchi. Monday, 11 October 2021 09:18 PM
නමුත් ඔබට එය කෙසේ හෝ කළ හැකිය.
Nihal Monday, 11 October 2021 11:00 PM
එකම තෙල් එකම මිලට විකුණන ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී අපට බැරි ඇයි? පිරිවැය අඩු කරන්න ආයතනය පැත්තෙන් කිසි ක්‍රියා මාර්ගයක් ගන්නේ නැතුව හැම එකටම මිල වැඩි කරන එක විසදුම කියලා හිතන ඔයා වගේ කෙනෙක්.
romehal Tuesday, 12 October 2021 08:57 AM
මේ වගේ කපටිම කපටි කෙනෙක් දේශපාලනේ දැක්කමයි.