ලෝක ළමා දිනය සමරද්දී දඹුල්ල පොහොරන්වැව කනිටු විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෝ මාස දෙකක පමණ කාලයක් සිට ගුරුවරයකු නොමැති නිසා අධ්‍යාපනයක් නොමැතිව අසරණ වී සිටිති.
බොහෝ දරුවෝ පාසට පැමිණිමට පවා මැලි කමක් දක්වති.
ලෝක ළමා සැමරුම් දිනයේදීද මෙම දරුවන් හුදකලා වී තැන තැන සෙල්ලම් කරති. වරින් වර දෙමාපියන් පැමිණ ගුරුවරයෙක් නොමැති පන්තිය බලා ගන්නා අයුරු ද දැකගැනීමට හැකි විය.
ගලේවෙල කළාප කාර්යාලයයෙන් දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ මැතිවරණයෙන් පසු ගුරුවරියක් එවන බවයි.
එහෙත් එම ඉල්ලීට ඉටු වී නැත.මේ පිළිබඳව විදුහල්පති ඩබ්ලිව් ජී එස් වීරසුරිය මහතා ද අසරණ වී සිටිති.
ගලේවෙල කළාප අධ්‍යාපන කාර්යාලයයෙන් විමසීමේදී නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කියා සිටියේ වෙනත් පාසලක ගුරුවරියක් මෙම පාසලට අනියුක්ත කිරීමක් කර ඇති බවයි.එහෙත් එවැනි අනියුක්ත කිරීමක් පිළිබඳව දැකගැනීමට නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝක ළමා දිනය නොවේ. එ.ජා.සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ නොවැම්බර් 20දාය. මේ ළමා දිනය ලංකාවේ විතරයි. අද ලෝක වැඩිහිටි දිනයයි. අද ලංකාවේ අම්මලා තාත්තලා 5 පන්තියේ ළමුන් සමඟ අඬන දිනයයි. අද ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත්කර ඇති බැවිනි. (ස)
මට මෙතන මොනවා ලියන්නද කියලා හිතෙන්නේ නැහැ ? මොනවා උනත් ළමයින් ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීම ලොකු පාපයක්. (ස)
අනේ මේ අහිංසකයන්ට ගුරුවරයෙක් ලබා දෙන්න! (ස)
නොමග යමන් පුතේ නුඹට රටක් නැතේ. (නි)
මේ විදුහලේ විතරක් නොව, බොහෝ ග්‍රාමීය පාසල්වල තත්ත්වය ඔය විදිය තමයි (නි)
රට බල්ලට ගිහින් (නි)
බන්දුල ශ්‍රිමතානන්ගෙන් මේ ගැන ඇහුවා නම් බලාගන්න තිබුනා දෙන උත්තරය (නි)
මැතිවරණයෙන් පසුව ගුරුවරයෙක් එවන බව කිවලු. (ස)