(අංජුල මහික වීරරත්න)
මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව අද (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සූම් සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවෙි ශ්‍රී ලංකාවේ තරුණ පිරිසකට ජපානයේ රැකියා අවස්ථා දහසක් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පළ කරන බවයි. මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව ද අමාත්‍යවරයා කිවේය.
මෙම සූම් සාකච්ඡාවට ජපානයේ ගොවිපොළ හිමිකරුවන් සමඟ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහුද සහභාගී වූහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාංකික තරුණයින් දහසකට ජපානයේ රැකියා දොර ඇරෙයි
Nuwan Wednesday, 15 September 2021 02:43 PM
ඔය රැකියා වලටත් නුසුදුසු දේශපාලකයන්ගේ අය යවල විනාස කරලා දානවා බොරුනම් බලන්නකෝ
Chandima Wednesday, 15 September 2021 03:05 PM
හොද දෙයක්
Hafeel Wednesday, 15 September 2021 03:42 PM
අර මැණික් ගල වගේද මේකත්? අර මැණික් ගලට මොකද්ද වුණේ?
මංගල Wednesday, 15 September 2021 04:13 PM
කරුණාකරලා මේ අය එහේ වැඩකරලා එනකොට හෝ අවුරුදු දෙකකින් පමණ ජපානයේ කෘෂිකාර්මික කටයුතුවලට උපයෝගි කරගන්න උපකරණ යන්ත්‍ර තීරුබදු නැතුව ගේන්න දෙන්න. ඒ අයට ඉඩම් දෙන්න වගාකරන්න. නවීන තාක්ෂණය ඒ මගින් ලංකාවට ගෙන්න ගන්න. සතපහක වැඩක් නැති නිලධාරින් රට යවන එක නවත්වලා....