(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එම කමිටුවේ අනුමැතිය මෙසේ හිමි වූයේ තානාපතිවරියක, මහ කොමසාරිස්වරයකු අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ආයතන ප්‍රධානීන් සිවු දෙනකු පත් කිරීමටය.
ඒ අනුව එම්.ඊ.එම්. වෙනින්ගර් මහත්මිය ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපතිනිය ලෙසද ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතා බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.
මෙයට අමතරව එච්.එම.බී.පී. හේරත් මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරිය කීවාය.
තවද විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද, ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේ මහතා ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද ,බී.එම්.එල්. පතිරණ මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට කිරීමටද අයි.එස්. විජේසේකර මහතා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද එම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා රැස්විය. මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුද සහභාගී වූහ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලොක්කන් තවත් හතක් පත් කිරීමට මැතිසබේ අනුමැතිය