IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලාංකිකයා ඝාතනයට රට කොල්ලෙක් සැක පිට

බ්‍රිතාන්‍යයයේ ෂෙෆීල්ඩ් හි  දකුණු යෝක්ෂයර්  පිට්සා අවන්හලක පිට්සා බෙදු කවීෂ ලකිඳු පීරීස්  නම් ශ්‍රී ලාංකික පරිගණක උපාධිධාරියා පිහියෙන් ඇන මරා දැමී යැයි 17 හැවිරිදි තරුණයෙක් දකුණු යෝක්ෂයර්  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හැලම් සරසවියේ  මෘදුකාංග ඉංජිනේරුවරු උපාධිධරයකු වු ලකිඳු   අවසන් පීට්සා ඇනැවුම රැගෙන යාමට සැරැසෙද්දී  ඔහුට පිහියෙන් ඇන ඇත.

ඔහු තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු වශයෙන් අලුත් රැකියාවක් ඇරැඹීමට සුදානමින් සිටියදී  මේ ඉරණමට ගොදුරු වු බව ඔහුගේ පියා වන සරත් මහින්ද පීරිස් හා මව සුධර්මා නාරන්ගොඩ කියති.

ඝාතකයා සොයා රහස් පොලිස් පරීක්ෂකවරු හා විශේෂඥ පරීක්ෂකවරු 50 කට වැඩි පිරිසක් පරීක්ෂණ ඇරැඹුහ.

‘අපේ පුතා කුරා කුහුඹුවකුටවත් හානියක් කරන්නේ නෑ .දැන් අපේ සියලු බලාපොරොත්තු ඉවරයි.තවත් මවකට පියකුට මෙවැනි වේදනාවක්  ඇති නොවන විදියට  අපරාධකරු අල්ලා ගැනීමට උදව් කරන්නැයි අපි ඉල්ලනවා’

 2011 දී ලන්ඩනයට ගිය ලකිඳු  වැඩි දුර අධ්‍යාපනය සදහා ෂෙෆීල්ඩ් නගරයට ගියේය.

ඔහුගේ කලමනාකරු රවි මාරිපුඩි පැවසුයේ  ඔහු අසනීප ගතියෙන් සිටින බව  එදා පැවසු නමුත් අන්තිම ඇනවුමත් භාර දී ගෙදර යෑමට එකඟ වු බවයි.

අවන් හලේ සිට කිලෝමීටයරක් දුර නිවසකට පීට්සාව භාර දීමට නියමිතව තිබිණි.

එවිට වේලාව  පසුගිය ඉරිදා රාත්‍රී 9.50 ට පමණ විය.

මිනිත්තු 15 කට පසු  පිට්සාව ගෙදරට නොලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවිණි.

නිවස ඉදිරිපිට කලබලයක්  ඇසෙන බවත් ඔවුන් පවසා ඇත.

ලකිඳු ඔහුගේ සිල්වර් ටොයොටා යාරිස්  රථයේ මැරී සිටියේය.ඔහුගේ සොයුරු ප්‍රමෝද් චේතක පීරිස් මල්ලිගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටී.

අධිකරණ වෛද්‍ය නිලධරයෝ ඔහුගේ කාරයද , ඔහු මැරී සිටි සුදු ක්‍රෙසන්ට් ප්‍රෙද්ශයේ  ගෙන් ගෙට පරීක්ෂණ ද කළහ.

ඝාතනය ගැන තොරතුරක් දන්නා කෙනෙකු වෙතොත්  ලන්ඩනයේ සිට දකුණු යෝක්ෂයර් පොලීසියට 101 අංකයට දැනුම් දිය හැකි බවත් එසේ දන්වන විට 1253 හා 2013 මක්තෝබර් 27  සිද්ධිය සදහන් කරන ලෙසත් පොලීසිය ඉල්ලයි.

 

 

 

 



අදහස් (0)

ලාංකිකයා ඝාතනයට රට කොල්ලෙක් සැක පිට

රොෂාන් ප්‍රනාන්දු Friday, 01 November 2013 09:46 PM

එන්ගලන්තය කොහොමහරි සැකකරුවා අල්ලනවා,ලංකාවේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව මැරුවා. තාම සාධාරණයක් ඉටුවුණේ නැහැ.ඒකත් ලංකාවෙයි පිටරටයි වෙනසක් තමයි.ලංකාවේ දේශපාලන බලපෑම් තිබුනට පිටරට වල එහෙම නැහැ (නි)

:       0       0

දොඩන්ගොඩ Friday, 01 November 2013 02:47 PM

මම හිතුවේ මේවා වෙන්නේ ලංකාවේ විතරයි කියලා . දැන් බැලුවම ලොකුම ප්‍රජාතන්ත්‍රය කතා කරන මානව හිමිකම් කතා කරන ජාතිවාදයට විරුද්ධව කතා කරන එංගලන්තයේත් වෙනවා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 November 2013 02:48 PM

රථය තුල 'පිට්සා' විකිනු මුදල් තිබේ යන සැකයට කවුරු හරි මෙය කලේද? (ස)

:       0       0

දොන් පෙරේරා Friday, 01 November 2013 11:23 PM

ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය ලංකාවේ පොලිසිය වගේ නෙමෙයි. දේශපාලන බලපෑම් නැහැ (නි)

:       0       0

උපේන්ද්‍ර යු. කේ Friday, 01 November 2013 03:38 PM

පිටිගල මාර මොලයක් ඔයාට තියෙන්නේ. මෙහෙ මෙට්‍රොපොලිටන් පොලීසියට ඔයා ෂුවර් එකටම ගන්නවා ඔයාගේ ඔය තීක්ෂණ නුවණට. අයදුම්පතක් දාල බලන්න. (ස)

:       0       0

කොටිකාවත්තේ සරත් Friday, 01 November 2013 11:39 PM

රුමේෂ මහතාට. මාව දැනුවත් කළාට බොහොම ස්තුතියි. මම සිටින්නේ ලංකාවේ නිසා මේවා ගැන නොදනිමි. මගේ අදහස දැම්මේ. නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා මාව නිවැරදි කර තේරුම් කර දුන්නාට (නි)

:       0       0

සේනාරත්න Saturday, 02 November 2013 12:40 AM

අලුත් රැකියාවට ඇහැ ගහගෙන හිටි තවත් කෙනෙක්වද්ද? නැත්නම් තරුණ ළමයෙක් නිසා ගැහැණු ළමයෙකුගේ පටලැවිල්ලක් ද? සමාවෙන්න. මගේ හිතට එන විකාර දේවල් මේවා. දෙමාපියන් කොහොම ඉවසාගෙන ඉන්නවද කියලා හිතාගන්න පුළුවන්. පුතා සුගතිගාමී වෙත්වා. (නි)

:       0       0

විජේසිංහ Friday, 01 November 2013 04:09 PM

'' විශේෂඥ පරීක්ෂකවරු 50 කට වැඩි පිරිසක් පරීක්ෂණ ඇරැඹුහ'' එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙමෙ වෙන්නේ නෑ. ...... (ස)

:       0       0

දෙවිඳු Saturday, 02 November 2013 03:08 PM

රන්ජිත් , ඔයාගේ පුතා නෙමෙයි හින්දා ඔයාට පුළුවන් ත්‍රිපිටකයේ ඔක්කොම වුණත් කියන්න.තරහා එනවා අපිට වුණත්. කරපු කෙනා ඇල්ලුවොත් එයාලට හිත හදාගන්න උදවුවක් වෙයි. මේ දුක දරුණුයි. හැමෝම මෙත් සිතුවිලි යවන්න. එයාලගේ දුක නැතිවෙන්න කියලා ඇත්තටම කරුණාවෙන් (නි)

:       0       0

රුවිනි Saturday, 02 November 2013 01:54 AM

අහිංසක අපේ මල්ලි කෙනෙක් නැති වුණා. එංගලන්ත පොලිසිය සාධාරණයක් කරාවී. නමුත් ඒ අම්මාට තාත්තාට වටිනා පුතෙක් කොහෙන් හොයන්නද ? දැනට පිටරවල ඉන්න අලුත් අයත් රැකියා කරන විට පරිස්සම් වෙන්න. (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 01 November 2013 04:35 PM

සිදුවීම හරිම කනගාටු දායක නමුත් මේ දෙමව්පියන්ට දැන් තියෙන්නේ වෙරය නේද. මිනිමරුවා ඇල්ලුවට පුතා ලැබේවිද? ඔහු ගෙනා ආයුෂ අවසන් වෙලා. ඔබල ඔහුට එන්න කිවුවාද එසේම යන්නත් කිවිවාද? ධර්මය අනුව වටහා ගන්න, අනිත්‍ය ගැන අවබෝධ කරගන්න. සැනසීමෙන් ඉන්න. ලෙඩ අඩු වේවි. (ස)

:       0       0

නදී Friday, 01 November 2013 04:45 PM

පිට්සා උණු උණුවේ අදාල පරිභෝගිකයාට ලබා දිය යුතු නිසා, එක මග ගෙවල් දෙකකට පිට්සා ගෙනයන වෙලාවකට හැරෙන්න, සාමාන්‍යයෙන් මෙවැනි ගමනකට තකහනියක් ඒ අදාල ගෙදරටම යන්න ඕනෑ. පිට්සා වලට බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ඒ අදාල පිට්සා සමාගමට අයත් වෙබ් පිටුව හරහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් මාර්ගයෙනුයි. මෙය හුදෙක් සල්ලි බලාගෙනම කළ මිනීමැරුමක් වෙන්න බැහැ. (නි)

:       0       0

කොටිකාවත්තේ සරත් Friday, 01 November 2013 04:53 PM

මම හිතන්නේ මෙම රථය පිට්සා බෙදා හරින රථයක්. මොහු එයින් ගොස් පිට්සා බෙදන අතරට මොවුන් කඩා වැදී නිකන් පිට්සා ඉල්ලා හෝ මුදල් ඉල්ලා ඇතිවූ ආරවුලක් වන්නට බැරි නැත. සමාවන්න මගේ අදහසක් පමණි (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 04:54 PM

මේ මිනීමැරුම සිදු වූ ස්ථානයේ ඇති පාර ඉතා පටු එකකි, ලංකාවේ වගේ දෙපැත්තේ ඇති ගෙවල් වල උස තාප්ප නොමැත. එහෙම එකේ මෙවැනි දෙයකදී වටේ පිටේ මිනිස්සුන්ට කෑ ගැසීමක් නොඇසීම පුදුමයකි. (නි)

:       0       0

කලු Saturday, 02 November 2013 03:52 AM

මෙතන අදහස් පළකළ හැම දෙනාම වැරදියි. මම දන්නවා මොකද වුණේ කියලා. හැබැයි දැන්ම කියන්නේ නැහැ (නි)

:       0       0

පසන් Friday, 01 November 2013 04:56 PM

ඉරිදා රෑට, සාමාන්‍යයෙන් සුදු මිනිසුන් එළියට පහලියට බැසීමට කම්මැලිකමක් දක්වයි. සමහරු පසුදා වැඩට යන්න ඕනෑ නිසා කලින්ම නින්දට යයි. නැත්නම් සමහරුන් සමාජ ශාලාවලට ගොස් ඇති තරම් පදම්වන නිසාය. ඒකයි කිසිම සාක්ෂිකාරයෙක් නැත්තේ. (නි)

:       0       0

සිංහ Saturday, 02 November 2013 04:21 AM

ඔහු සමග රැකියාවට තරග කර පරාජය වූ අය ගැන පරීක්ෂා කරන්න. (නි)

:       0       0

රුක්ශල Friday, 01 November 2013 05:01 PM

අපේ රටේ මිනිස්සු කවුරු හරි එංගලන්තයේ ගියාම හිතන්නේ, ඔක්කොම සර්ව සම්පුර්ණයි කියලා. එහෙ ඉන්න මිනිස්සු තමා දන්නේ විදින දුක. මේ මිය ගිය මල්ලි ගිහිල්ලා අවුරුදු දෙකක් යන්නට මත්තෙන්ම කාර් එකකුත් අරගෙන දියුණුවන 'ට්‍රැක්' එකට වැටිලා ඉදලා තියෙන්නේ. මහා අපරාධයක් !!! (නි)

:       0       0

හර්ෂ Friday, 01 November 2013 05:06 PM

අනිවාර්යෙන්ම ඉරිදා රැ බී ගත්, සුදු කොලු පිරිසකුගේ වැඩක් මේක. මෙහෙ කොල්ලන් කෙල්ලන් දෙපක්ෂයම අවුරුදු 13-14 වෙනකොටම, බොන්න පටන් ගන්නවා. අන්තිමට අපේ සහෝදරයෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවන්න වුණා. ඔබට නිවන් සුව මල්ලියේ. (නි)

:       0       0

කමල් Friday, 01 November 2013 05:14 PM

උපන්දා සිට ඉංග්‍රීසි පරිසරයට, භාෂාවට, හදිස්සියකදී කළ යුත්තේ කුමක්දැයි දත් සුදු මහත්තයෙකු හෝ මහත්මියක්ව කොල්ලකනු වෙනුවට, අවුරුදු පහක් හෝ ඊට අඩු කාලයක් එංගලන්තයේ ජිවත් වන විදේශීය අයෙකු කොල්ලකෑම පහසුයි. මේ සුදු කොල්ලා ඒක නම් දන්නවා හොදට. හරි නම් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළ යුතුයි. (නි)

:       0       0

මිනිපෙ Saturday, 02 November 2013 08:29 AM

හ්ම්ම්... වයස 17 ක කොල්ලෙක්? (නි)

:       0       0

රුමේෂ Friday, 01 November 2013 05:54 PM

කොටිකාවත්තේ සරත්, පිට්සා බෙදා හරින රථ ඇමෙරිකාවේ තිබුනත් , එංගලන්තයේ දැක නැත. එන්ගලන්තයේ තමාට පෞද්ගලික කාරයක් හෝ මෝටර් සයිකලයක් ඇති වීට, එමගින් පිට්සා බෙදා හැර අමතර අදායමක් උපයා ගත හැක. සමහර පිට්සා කඩ වලට වෙනම මෝටර් සයිකල් ඇත, අවශ්‍යය රියදුරන් පමණයි. (නි)

:       0       0

රේණු Friday, 01 November 2013 05:55 PM

නදී ,ඔයා බොහෝදුරට හරි. (නි)

:       0       0

ක්‍රිෂානි ලන්ඩන් Friday, 01 November 2013 07:34 PM

කළු ජාතිකයින් ඉන්න පළාත් වල ඔයවගේ ඩිලිවරි කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනෑ. බලහත්කාරයෙන් ඔය වගේ කෑම කළු ජාතික තරුණ කණ්ඩායම් පැහැර ගන්නා බව මම අහලා තිබෙනවා, කළු සුදු කියලා වෙනසක් නැහැ. අවුරුදු 12 -18 වයස් වල කණ්ඩායම් කරන දේවල් හිතා ගන්න බැරිතරම් දරුණුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 01 November 2013 08:12 PM

ක්‍රිෂානි නෝනෝ, එංගලන්තේ එහෙම වුණාට ලංකාවෙ නම් එහෙම නැහැ.ලංකාවේ ඔය වයසේ කට්ටිය කාටවත් කරදරයක් හිරිහැරයක් නැති අහිංසකව උද්ගෝෂණ බලන්න ගිහින් එහෙම නැත්නම් පන්ති ගිහින් එනකොට උද්ඝෝෂණ වලට මැදි වෙලා හමුදාවෙන් ආසාවට වෙඩි කන, පොල්ලක් ගලක් බෝතලයක් ඇහැට දැකලා නැති අතින් අල්ලලා නැති අහිංසකම අහිංසකයෝ පිරිසක්.. (නි)

:       0       0

තුෂාර Friday, 01 November 2013 08:50 PM

මොකක්ද මේ රංජිත් සිල්වා දාලා තිබෙන මෝඩ කතාව. මිනීමරුවා අල්ලන්නේ නැතුව වෙන මොනවා කරන්නද. (නි)

:       0       0

රම්‍යා Friday, 01 November 2013 09:14 PM

මම දන්නා විදියට සුද්දෝ අල්ලපු ගෙදර කෙනා මැරුණත් දන්නේ නැහැ. සමහර අය මැරිලා සතියක් දෙකක් ගියාට පස්සෙයි දන්නේ. (නි)

:       0       0

රම්‍යා Friday, 01 November 2013 09:22 PM

මොනවා කිවුවත් දැන් වැඩක් නැහැ. හොඳ කොල්ලෙක් නැතුව ගියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2609 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 130 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 92 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site