බ්‍රිතාන්‍යයයේ ෂෙෆීල්ඩ් හි දකුණු යෝක්ෂයර් පිට්සා අවන්හලක පිට්සා බෙදු කවීෂ ලකිඳු පීරීස් නම් ශ්‍රී ලාංකික පරිගණක උපාධිධාරියා පිහියෙන් ඇන මරා දැමී යැයි 17 හැවිරිදි තරුණයෙක් දකුණු යෝක්ෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හැලම් සරසවියේ මෘදුකාංග ඉංජිනේරුවරු උපාධිධරයකු වු ලකිඳු අවසන් පීට්සා ඇනැවුම රැගෙන යාමට සැරැසෙද්දී ඔහුට පිහියෙන් ඇන ඇත.
ඔහු තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු වශයෙන් අලුත් රැකියාවක් ඇරැඹීමට සුදානමින් සිටියදී මේ ඉරණමට ගොදුරු වු බව ඔහුගේ පියා වන සරත් මහින්ද පීරිස් හා මව සුධර්මා නාරන්ගොඩ කියති.
ඝාතකයා සොයා රහස් පොලිස් පරීක්ෂකවරු හා විශේෂඥ පරීක්ෂකවරු 50 කට වැඩි පිරිසක් පරීක්ෂණ ඇරැඹුහ.
‘අපේ පුතා කුරා කුහුඹුවකුටවත් හානියක් කරන්නේ නෑ .දැන් අපේ සියලු බලාපොරොත්තු ඉවරයි.තවත් මවකට පියකුට මෙවැනි වේදනාවක් ඇති නොවන විදියට අපරාධකරු අල්ලා ගැනීමට උදව් කරන්නැයි අපි ඉල්ලනවා’
2011 දී ලන්ඩනයට ගිය ලකිඳු වැඩි දුර අධ්‍යාපනය සදහා ෂෙෆීල්ඩ් නගරයට ගියේය.
ඔහුගේ කලමනාකරු රවි මාරිපුඩි පැවසුයේ ඔහු අසනීප ගතියෙන් සිටින බව එදා පැවසු නමුත් අන්තිම ඇනවුමත් භාර දී ගෙදර යෑමට එකඟ වු බවයි.
අවන් හලේ සිට කිලෝමීටයරක් දුර නිවසකට පීට්සාව භාර දීමට නියමිතව තිබිණි.
එවිට වේලාව පසුගිය ඉරිදා රාත්‍රී 9.50 ට පමණ විය.
මිනිත්තු 15 කට පසු පිට්සාව ගෙදරට නොලැබුණු දුරකතන පණිවුඩයකින් කියැවිණි.
නිවස ඉදිරිපිට කලබලයක් ඇසෙන බවත් ඔවුන් පවසා ඇත.
ලකිඳු ඔහුගේ සිල්වර් ටොයොටා යාරිස් රථයේ මැරී සිටියේය.ඔහුගේ සොයුරු ප්‍රමෝද් චේතක පීරිස් මල්ලිගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටී.
අධිකරණ වෛද්‍ය නිලධරයෝ ඔහුගේ කාරයද , ඔහු මැරී සිටි සුදු ක්‍රෙසන්ට් ප්‍රෙද්ශයේ ගෙන් ගෙට පරීක්ෂණ ද කළහ.
ඝාතනය ගැන තොරතුරක් දන්නා කෙනෙකු වෙතොත් ලන්ඩනයේ සිට දකුණු යෝක්ෂයර් පොලීසියට 101 අංකයට දැනුම් දිය හැකි බවත් එසේ දන්වන විට 1253 හා 2013 මක්තෝබර් 27 සිද්ධිය සදහන් කරන ලෙසත් පොලීසිය ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු ජාතිකයින් ඉන්න පළාත් වල ඔයවගේ ඩිලිවරි කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනෑ. බලහත්කාරයෙන් ඔය වගේ කෑම කළු ජාතික තරුණ කණ්ඩායම් පැහැර ගන්නා බව මම අහලා තිබෙනවා, කළු සුදු කියලා වෙනසක් නැහැ. අවුරුදු 12 -18 වයස් වල කණ්ඩායම් කරන දේවල් හිතා ගන්න බැරිතරම් දරුණුයි. (නි)
රන්ජිත් , ඔයාගේ පුතා නෙමෙයි හින්දා ඔයාට පුළුවන් ත්‍රිපිටකයේ ඔක්කොම වුණත් කියන්න.තරහා එනවා අපිට වුණත්. කරපු කෙනා ඇල්ලුවොත් එයාලට හිත හදාගන්න උදවුවක් වෙයි. මේ දුක දරුණුයි. හැමෝම මෙත් සිතුවිලි යවන්න. එයාලගේ දුක නැතිවෙන්න කියලා ඇත්තටම කරුණාවෙන් (නි)
හ්ම්ම්... වයස 17 ක කොල්ලෙක්? (නි)
ඔහු සමග රැකියාවට තරග කර පරාජය වූ අය ගැන පරීක්ෂා කරන්න. (නි)
මෙතන අදහස් පළකළ හැම දෙනාම වැරදියි. මම දන්නවා මොකද වුණේ කියලා. හැබැයි දැන්ම කියන්නේ නැහැ (නි)
අහිංසක අපේ මල්ලි කෙනෙක් නැති වුණා. එංගලන්ත පොලිසිය සාධාරණයක් කරාවී. නමුත් ඒ අම්මාට තාත්තාට වටිනා පුතෙක් කොහෙන් හොයන්නද ? දැනට පිටරවල ඉන්න අලුත් අයත් රැකියා කරන විට පරිස්සම් වෙන්න. (නි)
අලුත් රැකියාවට ඇහැ ගහගෙන හිටි තවත් කෙනෙක්වද්ද? නැත්නම් තරුණ ළමයෙක් නිසා ගැහැණු ළමයෙකුගේ පටලැවිල්ලක් ද? සමාවෙන්න. මගේ හිතට එන විකාර දේවල් මේවා. දෙමාපියන් කොහොම ඉවසාගෙන ඉන්නවද කියලා හිතාගන්න පුළුවන්. පුතා සුගතිගාමී වෙත්වා. (නි)
රුමේෂ මහතාට. මාව දැනුවත් කළාට බොහොම ස්තුතියි. මම සිටින්නේ ලංකාවේ නිසා මේවා ගැන නොදනිමි. මගේ අදහස දැම්මේ. නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා මාව නිවැරදි කර තේරුම් කර දුන්නාට (නි)
ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය ලංකාවේ පොලිසිය වගේ නෙමෙයි. දේශපාලන බලපෑම් නැහැ (නි)
එන්ගලන්තය කොහොමහරි සැකකරුවා අල්ලනවා,ලංකාවේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව මැරුවා. තාම සාධාරණයක් ඉටුවුණේ නැහැ.ඒකත් ලංකාවෙයි පිටරටයි වෙනසක් තමයි.ලංකාවේ දේශපාලන බලපෑම් තිබුනට පිටරට වල එහෙම නැහැ (නි)
මොනවා කිවුවත් දැන් වැඩක් නැහැ. හොඳ කොල්ලෙක් නැතුව ගියා (නි)
මම දන්නා විදියට සුද්දෝ අල්ලපු ගෙදර කෙනා මැරුණත් දන්නේ නැහැ. සමහර අය මැරිලා සතියක් දෙකක් ගියාට පස්සෙයි දන්නේ. (නි)
මොකක්ද මේ රංජිත් සිල්වා දාලා තිබෙන මෝඩ කතාව. මිනීමරුවා අල්ලන්නේ නැතුව වෙන මොනවා කරන්නද. (නි)
ක්‍රිෂානි නෝනෝ, එංගලන්තේ එහෙම වුණාට ලංකාවෙ නම් එහෙම නැහැ.ලංකාවේ ඔය වයසේ කට්ටිය කාටවත් කරදරයක් හිරිහැරයක් නැති අහිංසකව උද්ගෝෂණ බලන්න ගිහින් එහෙම නැත්නම් පන්ති ගිහින් එනකොට උද්ඝෝෂණ වලට මැදි වෙලා හමුදාවෙන් ආසාවට වෙඩි කන, පොල්ලක් ගලක් බෝතලයක් ඇහැට දැකලා නැති අතින් අල්ලලා නැති අහිංසකම අහිංසකයෝ පිරිසක්.. (නි)
මම හිතුවේ මේවා වෙන්නේ ලංකාවේ විතරයි කියලා . දැන් බැලුවම ලොකුම ප්‍රජාතන්ත්‍රය කතා කරන මානව හිමිකම් කතා කරන ජාතිවාදයට විරුද්ධව කතා කරන එංගලන්තයේත් වෙනවා. (ස)
නදී ,ඔයා බොහෝදුරට හරි. (නි)
කොටිකාවත්තේ සරත්, පිට්සා බෙදා හරින රථ ඇමෙරිකාවේ තිබුනත් , එංගලන්තයේ දැක නැත. එන්ගලන්තයේ තමාට පෞද්ගලික කාරයක් හෝ මෝටර් සයිකලයක් ඇති වීට, එමගින් පිට්සා බෙදා හැර අමතර අදායමක් උපයා ගත හැක. සමහර පිට්සා කඩ වලට වෙනම මෝටර් සයිකල් ඇත, අවශ්‍යය රියදුරන් පමණයි. (නි)
උපන්දා සිට ඉංග්‍රීසි පරිසරයට, භාෂාවට, හදිස්සියකදී කළ යුත්තේ කුමක්දැයි දත් සුදු මහත්තයෙකු හෝ මහත්මියක්ව කොල්ලකනු වෙනුවට, අවුරුදු පහක් හෝ ඊට අඩු කාලයක් එංගලන්තයේ ජිවත් වන විදේශීය අයෙකු කොල්ලකෑම පහසුයි. මේ සුදු කොල්ලා ඒක නම් දන්නවා හොදට. හරි නම් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළ යුතුයි. (නි)
අනිවාර්යෙන්ම ඉරිදා රැ බී ගත්, සුදු කොලු පිරිසකුගේ වැඩක් මේක. මෙහෙ කොල්ලන් කෙල්ලන් දෙපක්ෂයම අවුරුදු 13-14 වෙනකොටම, බොන්න පටන් ගන්නවා. අන්තිමට අපේ සහෝදරයෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවන්න වුණා. ඔබට නිවන් සුව මල්ලියේ. (නි)
අපේ රටේ මිනිස්සු කවුරු හරි එංගලන්තයේ ගියාම හිතන්නේ, ඔක්කොම සර්ව සම්පුර්ණයි කියලා. එහෙ ඉන්න මිනිස්සු තමා දන්නේ විදින දුක. මේ මිය ගිය මල්ලි ගිහිල්ලා අවුරුදු දෙකක් යන්නට මත්තෙන්ම කාර් එකකුත් අරගෙන දියුණුවන 'ට්‍රැක්' එකට වැටිලා ඉදලා තියෙන්නේ. මහා අපරාධයක් !!! (නි)
ඉරිදා රෑට, සාමාන්‍යයෙන් සුදු මිනිසුන් එළියට පහලියට බැසීමට කම්මැලිකමක් දක්වයි. සමහරු පසුදා වැඩට යන්න ඕනෑ නිසා කලින්ම නින්දට යයි. නැත්නම් සමහරුන් සමාජ ශාලාවලට ගොස් ඇති තරම් පදම්වන නිසාය. ඒකයි කිසිම සාක්ෂිකාරයෙක් නැත්තේ. (නි)
මේ මිනීමැරුම සිදු වූ ස්ථානයේ ඇති පාර ඉතා පටු එකකි, ලංකාවේ වගේ දෙපැත්තේ ඇති ගෙවල් වල උස තාප්ප නොමැත. එහෙම එකේ මෙවැනි දෙයකදී වටේ පිටේ මිනිස්සුන්ට කෑ ගැසීමක් නොඇසීම පුදුමයකි. (නි)
මම හිතන්නේ මෙම රථය පිට්සා බෙදා හරින රථයක්. මොහු එයින් ගොස් පිට්සා බෙදන අතරට මොවුන් කඩා වැදී නිකන් පිට්සා ඉල්ලා හෝ මුදල් ඉල්ලා ඇතිවූ ආරවුලක් වන්නට බැරි නැත. සමාවන්න මගේ අදහසක් පමණි (නි)
පිට්සා උණු උණුවේ අදාල පරිභෝගිකයාට ලබා දිය යුතු නිසා, එක මග ගෙවල් දෙකකට පිට්සා ගෙනයන වෙලාවකට හැරෙන්න, සාමාන්‍යයෙන් මෙවැනි ගමනකට තකහනියක් ඒ අදාල ගෙදරටම යන්න ඕනෑ. පිට්සා වලට බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ඒ අදාල පිට්සා සමාගමට අයත් වෙබ් පිටුව හරහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් මාර්ගයෙනුයි. මෙය හුදෙක් සල්ලි බලාගෙනම කළ මිනීමැරුමක් වෙන්න බැහැ. (නි)
සිදුවීම හරිම කනගාටු දායක නමුත් මේ දෙමව්පියන්ට දැන් තියෙන්නේ වෙරය නේද. මිනිමරුවා ඇල්ලුවට පුතා ලැබේවිද? ඔහු ගෙනා ආයුෂ අවසන් වෙලා. ඔබල ඔහුට එන්න කිවුවාද එසේම යන්නත් කිවිවාද? ධර්මය අනුව වටහා ගන්න, අනිත්‍ය ගැන අවබෝධ කරගන්න. සැනසීමෙන් ඉන්න. ලෙඩ අඩු වේවි. (ස)
'' විශේෂඥ පරීක්ෂකවරු 50 කට වැඩි පිරිසක් පරීක්ෂණ ඇරැඹුහ'' එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙමෙ වෙන්නේ නෑ. ...... (ස)
පිටිගල මාර මොලයක් ඔයාට තියෙන්නේ. මෙහෙ මෙට්‍රොපොලිටන් පොලීසියට ඔයා ෂුවර් එකටම ගන්නවා ඔයාගේ ඔය තීක්ෂණ නුවණට. අයදුම්පතක් දාල බලන්න. (ස)
රථය තුල 'පිට්සා' විකිනු මුදල් තිබේ යන සැකයට කවුරු හරි මෙය කලේද? (ස)