IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලාංකිකයා ජර්මනියේදී මරුට

පසුගිය සතියේ ජර්මනියේ ස්ටුට්ගාඩ් ප‍්‍රධාන නගරයට යාබද මාග්‍රොයිනිගන් නගරයේදි වයස අවුරුදු 21 ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි දරුවෙක් රිය අනතුරකින් මිය ගියේය.

ඇලෙක්සැන්ඩර් පීරිස් නම් එම දරුවා උදේ නවයට පමණ ඔහුගේ යතුරු පැදියෙන් නගරයට ගොස් තම නිවසට පැමිණෙන අතර තුර මර්සිඩීස් බෙන්ස් රථයක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. බෙන්ස් රථය පැදවු වයස අවුරුදු 45ක් වයසැති ජර්මන් ජාතික රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

මීගමුවේ පදිංචි ඈන් නිලන්ති හා ඩොනල්ඩ් පීරිස් ගේ කනිටු පුත් ඇලෙක්සැන්ඩර් විදුලි කාර්මිකයෙක් ලෙස තම පියා සමග සේවය කළේය.

 

 

 

 



අදහස් (0)

ලාංකිකයා ජර්මනියේදී මරුට

රාජ Monday, 04 November 2013 08:37 PM

මේක දෙමාපියන්ගෙන් වූ වරදක්. වගකීම බාර ගතයුතුයි.සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 05 November 2013 04:26 AM

අවාසනාවන්ත සමුගැනීමක් පවුලේ සියලු දෙනාටම මගේ බලවත් කණගාටුව පුතුට නිවන්සුව අත්වේවා .(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 04 November 2013 08:58 PM

මල්ලියේ, ඔබට නිවන් සුව පතමි...!!! (නි)

:       0       0

පද්මිණි Tuesday, 05 November 2013 11:42 AM

කෝ මෙතන සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැහැනේ? තුන්වෙනි පින්තුරේ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 November 2013 04:48 PM

අකාලයේ අපෙන් සමු ගත් මෙම දරුවාට නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

සරත් Monday, 04 November 2013 04:54 PM

නිවන් සුව පතමි. (ස)

:       0       0

චින්තක Monday, 04 November 2013 04:55 PM

මල්ලි, ඔබට නිවන් සුව අත් වේවා. (ස)

:       0       0

නිමල් රණසින්ග්හේ Monday, 04 November 2013 10:34 PM

ඔබ තරුණ වයසේදීම අකාලයේ මියගිය පුවත ඇසීමෙන් අපද මහත් කම්පා උනෙමු. තරුණ වයසේ දරුවන් ඉන්න දෙමව්පියන් කාගේත් නෙතට කඳුලක් ගෙනදුන් ඔබට නිවන් සුව පතමි. (දී)

:       0       0

පෙරුමාල් Monday, 04 November 2013 05:10 PM

එංගලන්තෙදි මැරුවෙත් පීරිස් කෙනෙක්. ඔක්කොටම අපලද? (ස)

:       0       0

චමත් ඉතාලිය Monday, 04 November 2013 05:20 PM

අනේ පව් අහිංසකයෙක්.ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පාලින්ද Monday, 04 November 2013 10:59 PM

මට නම් හිතෙන්නේ ලංකාවට අපලයි මේ දවස්‌ ටිකක් අපලයෝ වගේ (දී)

:       0       0

රවින්ද්‍ර Monday, 04 November 2013 05:53 PM

ලංකාවේ කොල්ලන්ට ලෝකයේ හැමතැනින්ම අපල සිදුවෙන කාලයක්ද මන්දා? ඉතා ඉක්මනින් මේ තත්වය දුරුවේවා කියා පතමි. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 04 November 2013 06:00 PM

නිවන් සුව පතමි. (නි)

:       0       0

ටිරල් Monday, 04 November 2013 06:14 PM

මල්ලි, ඔබට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

දොඩන්ගොඩ Monday, 04 November 2013 06:18 PM

අවුරුදු 21 ලාබාල තරුණයෙක් ජීවිතය පටන් ගත්තා පමණි. ඔබට මොක් සුව පතමි. බුදු දහමට අනුව පෙර කර්මයක් පල දුන්නා වෙන්නට පුළුවන. නැවත ඔබට මෙසේ අකල් මරණයක් නොවේවා පතමි. ඔබට පින් අනුමෝදනා කරමි (නි)

:       0       0

ශෂී Tuesday, 05 November 2013 08:07 PM

මේ අනතුර සිදු වුණේ මගේ තාත්තාගේ මාමගේ පුතාට. එයා ගෙදර ඉදලා එයාලගේ වැඩපලට යනකොට කාර් එකක් වැරදි පැත්තෙන් ඇවිත් අතුරු පාරකට හරවලා.එහෙමයි පොලිස් වාර්තාවේ කියලා තියෙන්නේ.ඒක තමයි ඇත්ත.එයා වෙනුවෙන් දුක් වුණ හැමෝටම ගොඩක් ස්තුතියි.වයස 21 වුණාට එයා මගේ බාප්පා.අපි ඔයා වෙනුවෙන් ජේසුට කියන්නම් ඔයාව ජේසු අම්මගේ තුරුල්ලේ හැමදාම තියන්න කියලා.ඔයාට මොක් සුව පතනවා! (නි)

:       0       0

දම්-ලන්ඩන් Tuesday, 05 November 2013 03:31 PM

අනේ චමත් ....ඇත්ත නම් 10%... (ස)

:       0       0

ශාන්ති Tuesday, 05 November 2013 02:06 AM

මේ පුතාට නිවන් සුව පතන්නෙමි. තරුණ වයස මේ වයසේදී දෙමාපියඅන් හට ලොකු වග කීමක් පැවරිලා තියෙන්නේ දරුවන් ගැන නිතරම තම දරුවා ගැන සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

ගජබා Tuesday, 05 November 2013 10:20 AM

මම හිතාගෙන හිටියේ ලංකාවේ උන් විතරයි මේ විදියට බයික් පදින්නේ කියලා. චමත් කියන විදියට හැම තැනම එකයි...අපේ රටේ බයික් පදින අය එයාලගේ ආරක්ෂාව අනිත් අයට පවරලා තමා යන්නේ... (ස)

:       0       0

රේණුකා Tuesday, 05 November 2013 10:27 AM

පුතාගේ වියෝව ගැන සොවින් ඉන්න දෙමාපියන්ට මගේ බලවත් කණගාටුව! පුතාට නිදුක් සුව පතන්නෙමි. (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 05 November 2013 10:30 AM

හරිම කණගාටු දායක සිදුවීමක්. පුතේ ඔබට මතු උපදින බවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!! (ස)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 05 November 2013 03:23 AM

මේ මල්ලීට නිවන් සුව පතමි පළමුවෙන්ම! මට මේ පිලිබදව තවත් කරුණු ටිකක් කීමට ඇත. මේක තමයි සත්‍ය ඇත්ත. සමහරු මේ අදහස බලා මට බනිනු ඇත " තමුසේ දන්න ඉටි ගෙඩිය කියල" ඒකට කමක් නැත. බටහිර රටවල් වල මාර්ග නීති උල්ලංගනය කරන රියදුරන් අතර මුලිකයන් වන්නේ යතුරු පැදි කරුවන්ය. රිය අනතුරු වලින් වැඩිපුරම මරණයට පත් වන්නේ මොවුන්ය. ප්‍රධානම හේතුව අධික වේගය. ඡායාරූප වල හැටියට මෙම යතුරු පැදිය බි.එම්.ඩබ්ලිව් වර්ගයට අයත් එකක් විය යුතුයි. අඩුම වශයෙන් මෙහි එන්ජින් ධාරිතාව සි සි 2000 කට වඩා වැඩි වේ.. මෙවැනි යතුරු පැදියකට තප්පර 4-5 ඇතුලත කාලයකදී කි.මි.100 වේගය ඉක්මවා යා හැකිය. මොවුන් මාර්ග නීති පිළිබද තැකීමක් නැත. තනි රෝදයෙන් යාමටත් මොවුන් අති දක්ෂයෝය.මන් තීරු මාරු කිරීමේදී කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැත, ඔහේ මාරු කරනවාය. මාර්ග සංඥා ඇති ස්ථාන වල වාහන අඩු වේගයකින් අනිකුත් වාහන ගමන් ගන්නා විට එම වාහන අතරින් ඉදිරියට රිංගා පොලීමේ මුලටම ගොස් සිටීම මොවුන්ගේ තවත් වැඩකි . තරුණ යතුරුපැදි කරුවන්ට උණ ගතිය වැඩිය. මේ උණ වැඩි වීම නිසා තමන්ගේ වටිනා ජීවිතය අකාලයේ නැති කරගන්නේය. මේක තමයි ඇත්ත කතාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 816 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 585 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 351 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 337 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 379 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 500 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site