පසුගිය සතියේ ජර්මනියේ ස්ටුට්ගාඩ් ප‍්‍රධාන නගරයට යාබද මාග්‍රොයිනිගන් නගරයේදි වයස අවුරුදු 21 ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි දරුවෙක් රිය අනතුරකින් මිය ගියේය.
ඇලෙක්සැන්ඩර් පීරිස් නම් එම දරුවා උදේ නවයට පමණ ඔහුගේ යතුරු පැදියෙන් නගරයට ගොස් තම නිවසට පැමිණෙන අතර තුර මර්සිඩීස් බෙන්ස් රථයක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. බෙන්ස් රථය පැදවු වයස අවුරුදු 45ක් වයසැති ජර්මන් ජාතික රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
මීගමුවේ පදිංචි ඈන් නිලන්ති හා ඩොනල්ඩ් පීරිස් ගේ කනිටු පුත් ඇලෙක්සැන්ඩර් විදුලි කාර්මිකයෙක් ලෙස තම පියා සමග සේවය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තරුණ වයසේදීම අකාලයේ මියගිය පුවත ඇසීමෙන් අපද මහත් කම්පා උනෙමු. තරුණ වයසේ දරුවන් ඉන්න දෙමව්පියන් කාගේත් නෙතට කඳුලක් ගෙනදුන් ඔබට නිවන් සුව පතමි. (දී)
මේ අනතුර සිදු වුණේ මගේ තාත්තාගේ මාමගේ පුතාට. එයා ගෙදර ඉදලා එයාලගේ වැඩපලට යනකොට කාර් එකක් වැරදි පැත්තෙන් ඇවිත් අතුරු පාරකට හරවලා.එහෙමයි පොලිස් වාර්තාවේ කියලා තියෙන්නේ.ඒක තමයි ඇත්ත.එයා වෙනුවෙන් දුක් වුණ හැමෝටම ගොඩක් ස්තුතියි.වයස 21 වුණාට එයා මගේ බාප්පා.අපි ඔයා වෙනුවෙන් ජේසුට කියන්නම් ඔයාව ජේසු අම්මගේ තුරුල්ලේ හැමදාම තියන්න කියලා.ඔයාට මොක් සුව පතනවා! (නි)
අනේ චමත් ....ඇත්ත නම් 10%... (ස)
කෝ මෙතන සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැහැනේ? තුන්වෙනි පින්තුරේ. (ස)
හරිම කණගාටු දායක සිදුවීමක්. පුතේ ඔබට මතු උපදින බවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!! (ස)
පුතාගේ වියෝව ගැන සොවින් ඉන්න දෙමාපියන්ට මගේ බලවත් කණගාටුව! පුතාට නිදුක් සුව පතන්නෙමි. (නි)
මම හිතාගෙන හිටියේ ලංකාවේ උන් විතරයි මේ විදියට බයික් පදින්නේ කියලා. චමත් කියන විදියට හැම තැනම එකයි...අපේ රටේ බයික් පදින අය එයාලගේ ආරක්ෂාව අනිත් අයට පවරලා තමා යන්නේ... (ස)
අවාසනාවන්ත සමුගැනීමක් පවුලේ සියලු දෙනාටම මගේ බලවත් කණගාටුව පුතුට නිවන්සුව අත්වේවා .(නදී)
මේ මල්ලීට නිවන් සුව පතමි පළමුවෙන්ම! මට මේ පිලිබදව තවත් කරුණු ටිකක් කීමට ඇත. මේක තමයි සත්‍ය ඇත්ත. සමහරු මේ අදහස බලා මට බනිනු ඇත " තමුසේ දන්න ඉටි ගෙඩිය කියල" ඒකට කමක් නැත. බටහිර රටවල් වල මාර්ග නීති උල්ලංගනය කරන රියදුරන් අතර මුලිකයන් වන්නේ යතුරු පැදි කරුවන්ය. රිය අනතුරු වලින් වැඩිපුරම මරණයට පත් වන්නේ මොවුන්ය. ප්‍රධානම හේතුව අධික වේගය. ඡායාරූප වල හැටියට මෙම යතුරු පැදිය බි.එම්.ඩබ්ලිව් වර්ගයට අයත් එකක් විය යුතුයි. අඩුම වශයෙන් මෙහි එන්ජින් ධාරිතාව සි සි 2000 කට වඩා වැඩි වේ.. මෙවැනි යතුරු පැදියකට තප්පර 4-5 ඇතුලත කාලයකදී කි.මි.100 වේගය ඉක්මවා යා හැකිය. මොවුන් මාර්ග නීති පිළිබද තැකීමක් නැත. තනි රෝදයෙන් යාමටත් මොවුන් අති දක්ෂයෝය.මන් තීරු මාරු කිරීමේදී කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැත, ඔහේ මාරු කරනවාය. මාර්ග සංඥා ඇති ස්ථාන වල වාහන අඩු වේගයකින් අනිකුත් වාහන ගමන් ගන්නා විට එම වාහන අතරින් ඉදිරියට රිංගා පොලීමේ මුලටම ගොස් සිටීම මොවුන්ගේ තවත් වැඩකි . තරුණ යතුරුපැදි කරුවන්ට උණ ගතිය වැඩිය. මේ උණ වැඩි වීම නිසා තමන්ගේ වටිනා ජීවිතය අකාලයේ නැති කරගන්නේය. මේක තමයි ඇත්ත කතාව.(නදී)
මේ පුතාට නිවන් සුව පතන්නෙමි. තරුණ වයස මේ වයසේදී දෙමාපියඅන් හට ලොකු වග කීමක් පැවරිලා තියෙන්නේ දරුවන් ගැන නිතරම තම දරුවා ගැන සොයා බැලිය යුතුයි.(නදී)
මට නම් හිතෙන්නේ ලංකාවට අපලයි මේ දවස් ටිකක් අපලයෝ වගේ (දී)
අකාලයේ අපෙන් සමු ගත් මෙම දරුවාට නිවන් සුව ලැබේවා! (ස)
මල්ලියේ, ඔබට නිවන් සුව පතමි...!!! (නි)
මේක දෙමාපියන්ගෙන් වූ වරදක්. වගකීම බාර ගතයුතුයි.සාමදානයේ සැතපේවා! (නි)
අවුරුදු 21 ලාබාල තරුණයෙක් ජීවිතය පටන් ගත්තා පමණි. ඔබට මොක් සුව පතමි. බුදු දහමට අනුව පෙර කර්මයක් පල දුන්නා වෙන්නට පුළුවන. නැවත ඔබට මෙසේ අකල් මරණයක් නොවේවා පතමි. ඔබට පින් අනුමෝදනා කරමි (නි)
මල්ලි, ඔබට නිවන් සුව අත් වේවා! (නි)
නිවන් සුව පතමි. (නි)
ලංකාවේ කොල්ලන්ට ලෝකයේ හැමතැනින්ම අපල සිදුවෙන කාලයක්ද මන්දා? ඉතා ඉක්මනින් මේ තත්වය දුරුවේවා කියා පතමි. (නි)
අනේ පව් අහිංසකයෙක්.ඔබට නිවන් සුව ලැබේවා! (නි)
එංගලන්තෙදි මැරුවෙත් පීරිස් කෙනෙක්. ඔක්කොටම අපලද? (ස)
මල්ලි, ඔබට නිවන් සුව අත් වේවා. (ස)
නිවන් සුව පතමි. (ස)