ඉතාලියේ රායි දෙක නැමති රජයේ රූපවාහිනී නාළිකාවෙන් ප්‍රචාරයවන පෙකීනෝ එස්ප්‍රස් නැමති රීයෑලිටි වැඩසටහනට ග්‍රෙගරි ජයසේන නම් ලාංකිකයෙක්ද තරඟවැද සිටියි. නළුවන් ,ක්‍රීඩකයින්,ආදරවන්තයින් ,පියපුතු,නිරූපිකාවන් ආදීවශයෙන් 16දෙනෙකු මෙහි තරගවැද සිටියෝය.
ලාංකිකයා තරගවැදසිටියේ තම සේවා ස්ථානයේ ස්වාමිදුව වන මර්කේසා මහත්මිය සමගය.මෙහි තරගය වන්නේ වියට්නාමය, තායිලන්තය, ලාඕසය හරහා තායිලන්තයේ බැංකොක් නුවරට මුලින්ම පැමිණෙන යුවළ ජයග්‍රහණය කිරීමයි.
ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් තමන්ම නොමිලේ සපයාගත යුතුවේ. ඉහත සඳහන් රටවල නොදියුණු ගම්මාන ගැමිපරිසරය තුලින් දුෂ්කර ගමනක මොවුහු ගමන්කරති.කොටස් දහයකින් සමන්විත මෙම වැඩසටහන් මාලාවේ ඊයේ ප්‍රචාරය වූ හත්වැනි වැඩසටහනේදී ලාංකිකයා සහ තම ස්වාමිදුව ලකුණු අඩුවීම නිසා තරඟයෙන් ඉවත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! ලංකාවට වහාම ගිහිල්ල කුඹුරු හාන්න උදව් කරන්න..(නදී)
කුසුම් ගිහිල්ලා වැඩක් බලාගන්න (නි)
රූපවතිගේ මෝඩ පුහුමාන්නය මෙතනත් පෙන්නලා තියෙන්නේ... (නි)
සමාවෙන්න. රූපවතිගේ නෙමෙයි, අරුණ මල්ලිගේ අදහසට ගරු කරනවා (නි)
ශ්‍රියානි, විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද? (නි)
මාලති මිලානෝ,ඔබගේ අදහසට මාගේ අප්‍රසාදය.මෙපමණ දුරක් තරග කළ ඔබට මාගේ ස්තුතිය! (නි)
බල්ලෝ උඩු බුරුලති.ගැල ඉදිරියටම ඇදෙයි.අපේ ගමන අපි යමු.අපෙන් කාටවත් කරදරයක් නැත. (නි)
විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර සිටින 3 වන පෙළේ පහත්ම ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සිටින්නේ ඉතාලියේ බව ලොවට පෙන්වීමට මෙහි පාසලකට නොගිය මට්ටමේ පහත් අදහස් දැමූ මිලානෝ,රෝම,වැනීසිය,ලේක්කෝ ඇතුළු සියලු නගර වල වෙසෙන ඔබ සියලු දෙනාම ලාංකිකයන් හැටියට ලජ්ජාවට පත්විය යුතුයි (නි)
බොහොම දුකයි සමහර පාටක අදහස් වලට.ඔහුව මෙම තරඟයට තෝරා ගැනීමත් ලොකු දෙයක් .කෙනෙකුට පහත් අන්දමට චරිත ගටනය කරන්න එපා.අප සතුටු වෙන්න ඕන ඔහු හට වෙනි වටය දක්වා පැමිණීම ගැන. (දී)
අනේ අපොයි! (නි)
රූපවති මීට පෙරත් හොදට බැනුම් අහලා තිබුනා මට මතකයි. (නි)
අයියෝ සමන්, පරාජය වෙන එක ලැජ්ජාවක් නෙමෙයි තවත් දිරිමත් වීමක්. මෙහෙම ලියපු ඔයා ගැන ලැජිජයි.(නදී)
අනේ අපොයි.(නදී)
රූපවති, ඔයාගේ අදහස් වලට මං ගරු කරනවා. ඇත්ත කතා කරන අයට ලැබෙන ප්‍රතිචාර ඔහොම තමයි. ඵල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. මම නම් දන්නේ නැහැ මේ පුද්ගලයා "ගම" කෑවද කියන්න. නමුත් ඔයිට වඩා රටේ ප්‍රතිරූපය (උවමනාවෙන්ම) විනාශ කළා 2011 "ඇමසින් රේස් "කියන වැඩ සටහනට සහභාගී වුන ශ්‍රී ලංකික නිවුන් සොහොයුරියෝ දෙන්නා. ඔවුන්ගේ හැසිරීමෙන්,කතාවෙන් කුහක කම හොඳට ප්‍රදර්ශනය කළා. නමුත් ලංකාවේ පත්තර වල නම් ඔවුන්ව හොඳට පුම්බලා තිබුනා.(නදී)
ඔබට අපේ සුබ පැතුම්! නැවතත් දවසක මේ වගේ තරගයකට ඉදරිපත් වෙලා රටේ නම තියන්නට ඔබට දිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සජිනි,රට දෙවෙනියට දාන්න එපා. (නි)
මේ දවස් වල අපිට බලන්න තියන අලුත්ම ක්‍රීඩාව තමයි ගලේ පහරපු බළල්ලු ඒවා වහන්න උත්සහ කරන එක. බලන්න ලස්සනයි.(නදී)
රුපවති අක්කගේ අදහසට මම ගරු කරනවා අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම නොහැකියාව සමහර අදහස් වලින් පේනවා ලාංකිකයගෙන් විස්වාසය තැබූ සුවාමි දුවට හා ඔහුට මතු දියුනුව පතනවා (නදී)
ඉෂාන්, ෆ්රන්සි, ඔයාලගේ කතාව හරි (නි)
මේ මනුස්සයා කළ වරද මොකක්ද? වැඩිපුර අදහස් දාලා තියෙන්නේ ඊර්ෂ්‍යාකාරයෝ (නි)
සජිනි, ඔයා පාසල් ගිහිල්ලා තිබෙනවද? (නි)
ඉන්දු මෙල්බර්න්, සමන් සහ අරුණ, මෙතැනදී මේ තරුණයට බැනලා නැහැ. බැනලා තියෙන්නේ රූපවතිට. රූපවතී අදහස් දාන පණ්ඩිත ක්‍රමයට බොහෝ දෙනෙක් අකමැති පාටයි (නි)
ටෙනිසන්, ඔබ ඉතාලිය ගැන දන්නේද? රටක් විදිහට ඔහු කළ දෙය මුළු ඉතාලියටම අපේකම පෙන්වීමක් වූ බැවින් ඒ දෙය ඉතාලියේ වෙසෙන අපේ ජනතාවට අනුමත කරන්න බැහැ (නි)
මේ කවුද මේ මගේ නමින් අදහසක් දාලා තියෙන්නේ? ලැජ්ජා නැද්ද අනුන්ගේ නමින් තමන්ගේ අදහස් දාන්න?මම කොහොමත් ඇත්ත ලියන රූපවතීගේ අදහස් වලට ගරු කරනවා. (නි)
රූපවති හැමවෙලේම අනෙක් අයව පහත් කරලා කතා කරන්නේ. (නි)
රූපවති මීට පෙරත් මගෙන් හොදට අහගත්තා. ලැජ්ජාවක් නැද්ද? (නි)
අයියෝ මොනවද රූපවති අක්කේ, මෙහෙමත් ලැජ්ජාවට පත්වෙනවද? (නි)
අපේ රටේ මිනිසුන් කොපමණ බුද්ධිමත් කොටසක්ද? කොච්චරද කිවුවොත් මේ වැඩසටහන මොකද්ද කියන්නවත් දන්නෙ නැති මහා උගත් කොටසක්.අනේ! බොරුවට කෑ ගහන්නේ ඇයි කියලාවත් දන්නවද? (නි)
හරි , ජයලාල්, ඔයත් රූපවතිගේ අදහස් වලට අකමැතිනම් ඔයා එයාට පිළිතුරු නොලියා ඉන්න. රෑපවතිට කැමති අයත් ඉන්නවා හොදේ (නි)
ග්‍රෙගරිගේ ඉදිරිපත් වීම හා උත්සාහය අගයන අතර නැවත මෙවන් තරගයකට ඉදිරිපත් වී අවසානය කර ළගාවීමට (දිනුමම නොවේ) ශක්තිය වාසනාව පතමු. රූපවතීගේ අදහසට ගරුකරන අතර තරගයක් යනු දිනුම නොවන බව නොදත් මෝඩයන් ගැන කණගාටු වෙමි.ස්වාමියා හෝ ස්වාමිදුව හෝ ආයාතන ප්‍රධානියෙක් යම් බාරදුර කාර්යයක් සදහා තම සේවකයා සහභාගි කරවා ගන්නේ ඔහුගේ හැකියාව හා විශ්වාසය මතයි. එයම ලාංකිකයන්ට ගෞරවයක් (නි).
පුබුදු, ඔයා කියපු කතාව හරි. මෙතන අදහස් දුටුවම සංසාරේ එපා වෙනවා. (නි)
කාගේත් ප්‍රතිචාර වලින් කියැවෙන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතවල තරමයි. මෙය හොද දෙයක්. (නි)
අත මිට ඇති කලට... නෑයොත් නො නෑයොත් නෑයෝය හැමවිටම... මොහු කලේ රංගනයක් පමණි.මේ අය පණ්ඩිතයෝ වෙලා අනාවැකි කියනවා. (නි)
ලැජ්ජයි (නි)
පාඨක අදහස් අනුව නම් මෙවර මොහු වරද්දාගෙන වගේ. (නි)
සමන් සහ අරුණ, රූපවතිගේ වැදගත් අදහස හොඳින් තව වරක් කියවන්න. මට පෙනෙන්නේ ඉතාලියේ ජීවත්වෙන හුඟ දෙනෙක් ග්‍රෙගරි මේකට සහභාගි වුණාට ඊර්ෂ්‍යාවයි වගේ. නැවතත් සහභාගි වීම අගය කරනවා, (නි)
මෙම පළකරන එකිනෙකාගේ අදහස් ගැන බලනවිට බොහෝ දෙනෙක් එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගනිමින් දුර්වල, මාතෘකාවට අදාල නොවන, අසෝබන ආකාරයෙන් කතාකර ඇත. (නි)
ඇත්තෙන්ම ග්‍රෙගරි ගැන හරි සන්තෝෂයි.7 වැනි වටයටම පැමිණියා. අන්තිමට දිනන්නෙ එක යුවළයි. ඔහුට මාගේ සුභ පැතුම්! (නි)
අතුලගේ අදහසට මමත් එකගයි (නි)
රූපවති හොදයි කියලා දාලා තියෙන්නේ එයාම වෙන්න ඇති. නිකන් කාලය නාස්ති කරන වෙලාවේ ගෙයක් දොරක් පිරිසිදු කළා නම් නරකද? (නි)
මෝඩ කතා කියන්න දක්ෂ අය ඕනේ තරම්, මේ තරුණයත් මර්කේසාත් විතරක් නෙවෙයි තරඟයෙන් ඉවත් වෙන්නෙ. තවත් අය ඉවත් වේවි. මං වැඩසටහන බලනවා. ග්‍රෙගරි ගැන අපි සතුටු වෙන්න ඕනෙ, අපිට වඩා මර්කේසා කොච්චර සතුටු වෙනවද මේ තරුණයා එයත් එක්ක මෙයට සහභාගී වුනාට. ඉදිරියේ ඔහුට තැනක් එන්නත් බැරි නෑ යම් වැඩසටහනක. පටු ආකල්ප නිසා නිස්කාරනේ බාල්දු වෙන්න එපා. (ස)
බලාගෙනයි...හරක් මස් කඩයක් ලඟින් වත් යන්න එපා. (ස)
ලංකාවේ මී කිරි කර්මාන්තයට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි ආපහු ගියා නම්. (ස)
ඒ මනුස්සයා හරි අහිංසක කෙනෙක්. එයා තරඟයට සහභාගිවීමත් ආඩම්බරයක්.,එතුමාව අපහසුවට අවමානයට පත්වන අදහස් නොදමා ඉන්න. එයාගේ හිතවතෙක් උනත් එවැනි අදහස් දැක දුක්වෙයි. (ස)
පිටිගලගේ වලිගෙ තවමත් තියනවා වගේ.. (ස)
මේකේ ප්‍රතිචාර ලියල තියෙන අය වලිගෙ පාගාගෙන වගෙයි .මේක රට ගැන ප්‍රශ්නයක් නෙවෙයි.මීට වැඩිය රට ගැන ප්‍රශ්න තියෙද්දී දක්ෂකම් තියෙන මිනිහෙක් තමන්ගේ ස්වාමි දුවත් එක්ක තම හැකියාවන් ලෝකෙට උරගා බලන්න ගිය එක වැරද්දක් වත් වහල් කමකුත් නෙවෙයි .ස්වාමි දුවගේ හිතවත්කම යනු සේවකයාගේ අවංක හා විශ්වාස වන්ත භාවයයි. (ස)
බලන් ඉන්න අය විදියට, වලිගෙ කපාගෙන නැත්තේ කවුද කියලා, අපිට ඉතාම පැහැදිලියි. (ස)
මෙයා 'උම්බෑ' කියලා කතා කරන කෙනෙක් වගේ පෙනෙන්නේ. (ස)
ලේක්කෝ ගලබඩ ... ලෝකය ගැන සාමාන්‍ය දැනුමවත් නැති හැටියටයි ඔයා අදහස් පල කරලා තියෙන්නේ ...ලෝකේ දියුණු රටවල් රියලිටි වැඩසටහන් ගොඩාක් ..වැදගත් විදියට ඕනෑම ආකාරයකින් පවත්වනවා ..ඒ වගේ ස්වභාවය අනුව ..එම රටේ . ආයතන සමාගම් ..මාධ්‍ය ..ඒ තරඟ කරුවන්ට ..සහය දෙනවා දිනුම් කරුවන්ට ලැබෙන ත්‍යාගයට වඩා රූපවාහිනිය සහ සියලු ජන මාධ්‍යන් ඔවුන්ව ජනතාව අතරට ගෙනියනවා ...බොහෝ විට ඉන් ලැබෙන ත්‍යාග මුදල රටේ අසරණ ,පවුල් කැන්සර් ලෙඩුන් , අංග විකල දරුවන් වෙනුවෙන් ..විදේශික අසරණයින් වෙනුවෙනුත් පරිත්‍යාග කරනවා ...තරඟ කරුවාද ඉන් ප්‍රසිද්ධියක් මෙන් ආස්වාදයක් ලබනවා ..මේවා හොඳ වැඩ ...ඔයාල ..ටිකක් ළිදෙන් ගොඩට යන්න බලන්න ...?ඒ සහෝදරට ඊ ළඟ වතාවේත් ඉදිපත් වෙන්න ශක්තිය ලැබේවා ...!!! (ස)
කොහොම උනත් හොඳ අත්දැකීමක් ලැබුන බව කිව හැකිය. මොකද මේ රටවල් වල සංචාරය කිරීමට ලැබීමට අවස්ථාවක් ලැබීම. (ස)
මේ අර අපේ නළුවා නේද..මෙයා දැන් එහෙත් රඟපානවද ...අනේ හොඳයි (ස)
ඉතාලියට ආවත් තවම වලිගෙ කපාගෙන නැහැ වගේ. (ස)
මෙහෙම ගම කන මෝඩයෝ හරියට ඉන්නවා. ෂුවර් එකටම අර ප්‍රසිද්ධ ගමේ. ආයි අහන්න දෙයක් නැහැ. (ස)
ස්වාමිදුව හා සේවකයා රියැලිටි ටීවී වැඩසටහනක් නේ. අපේ අයට හොඳට වහල් කම පුළුවන් කියලා සතුටු වෙන්න පුළුවන් එහෙනම්. (ස)
"සමන්" පිටරටවල අය ලංකාවෙන් කිව්වහම තියෙන්නේ විශාල ගෞරවයක් නම් නෙමෙයි වෙන දෙයක්. ඒ ගැන නම් කියන්නත් ලැජ්ජයි. අපේ රටේ අය පිට රට ගිහින්, තමන්ගේ වාසියට රට පවා දීලා,ජරා වැඩ කරලා , දැන් පිට රටකට ගිහින් ලංකාවේ කිව්වොත් අපි දිහා ඒ මිනිස්සු බලන්නේ නිකන් සතෙක් දිහා බලන විදිහටයි. (ස)
තරඟයකදී ජය පරාජය දෙකම පිළිගන්න ඕනේ. ඉදිරිපත්වීම අගය කරනවා. (ස)
ඇයි මේ වගේ දෙකට සහභාගී වෙන එකම අපේ රටට මොන තරම් ගෞරවයක්ද? (ස)
මොන ගමද කාල තියෙන්නේ? හත් වෙනි වටයට යනකම් දිනලා තියෙනවා. (ස)
මෙයා ගම කනවා! (ස)
මහතුනේ, මම මුලින් ප්‍රතිචාරය දැම්මේ විහිලුවට. ජය පරාජය දෙකම තරඟයක පොදුයි. ඔබ කරන රැකියාවත් අපිට සතුටක්. සුබ අනාගතයක්. අනාගතේ ඉතාලියේ ජනප්‍රිය නළුවෙකු වීමට වාසනාව ලැබේවා!! (ස)
සජිනි, සමහරවිට මේ ලාංකිකයා ලංකාවේ කාන්තාවක් සමග තරගයට මුහුණ දුන්නා නම් ඔයාගේ ඉතාලි කාන්තාව යන දුරටත් වඩා වැඩි දුරක් යන්න තිබුණා. ඉතාලියේ හිටි පළියට ඉතාලි සුද්දෝ සුද්දියෝ ලොකුයි කියලා හිතාගෙන තමන්ගේම මිනිසුන්ව අවතක්සේරු කරන්න එපා. (නි)
මේ කෙනාට දොස් කියන්න එපා. සිදු වුයේ භාෂාව නොදන්නාකමට වූ අඩු පාඩු. කෙසේ නමුත් මෙම පුද්ගලයා මේ කාන්තාව පාලනය කරගෙන ඉන්න එක ලොකු දෙයක්. (නි)
සමහරවිට මෙම කාන්තාව ඉතාලි කාරයෙක්ව ගත්තනම් තව දුර මේ තරඟයේ ඉදිරියට යන්න තිබ්බා. මේකෙන් උනේ අපේ රටට අප කීර්තියක් (ස)
අයියෝ මම මුලින් අදහස් කලේ ශ්‍රී ලාංකිකයින් අපරාජිත විය යුතුයි කියලා විහිලුවට. ඒක අල්ලාගෙන පහත් පෙලේ අදහස් රැසක් දාලා. ඔබතුමාට ජයෙන් ජය වරදක් කලත් සිතකින් නෙමෙයි. (ස)
රුපවති, ඔයාගේ වටිනා අදහස් මා කියවා තිබෙනවා. ඒවා මේ මිනිස්සුන්ට කියල වැඩක් නැහැ. ඌරන් අතරේ මුතු වැපුරුවට පලක් නැහැ.(දිල්)
අරුණ, රූපවති ගැන කියන දේට නම් මාත් එකඟයි. (ස)
බලන්න ඔයාල කුමන හීතුවක් අරඹයාද ..? මේ මනුස්සයට දොස් කියන්නේ කියලා ..ඇත්තටම ..කෙනෙක් බැන්න දැක්කා. ඒ නිසා හැමෝම වැල්වටාරම් ලීවා ..?. මේ මිනිසා ..විදේශයකදී ..ඒ මිනිහගේ මුදල් වියදම් කරලා ඉදිරිපත් උන ක්‍රියාවට කාටවත් ඇයි අමාරු ...? (ස)
අරුණ මල්ලි ..ඔයාට පුලුවනි නම් රියලිටි වැඩ සටහන් ගැන ඉන්ටර්නෙට් හරහා ..කියවලා දැනුම ලබාගන්න ...ඔයා ඉන්න තැන සුවඳවත් කර ගන්න ...?දැනුම ලබාගන්න ..?මියැදෙන තුරාවට අපි උගත යුතු දේ ඉමහත් ...බව සිතන්න ...? ඒ පුද්ගලයට නිගා නොකරන්න ..?ලංකාවේ අසරණ දරු පැටියෙකුව දුෂණය කරන තාත්තෙකුට වඩා, උතුම් වැඩක් ඒ මිනිසා කරලා තියෙන්නේ ...? (ස)
අයියෝ...සමහර අදහස් තියෙන්නේ ඊර්ශියාවෙන් සහ කුහකත්වයෙන් සපිරුණු අදහස් වලින්. තරඟයට සහභාගී වීමද අගය කල යුතු දෙයකි. අපි ඔහුට සුභ පතමු. (ස)
චිකේ ලැජ්ජාවේ බැහැ. ලංකාවේ කීරිති නාමයට හානි කරනවා. පිටරටවල අය ලංකාවෙන් කිව්වහම තියෙන්නේ විශාල ගෞරවයක්. ඒක රැක ගන්න දැන ගන්න ඕනේ. (ස)
අනේ මොකද්ද ඒකේ වැරැද්ද . මීට වැඩ ජරා වැඩ කරන අය ඉන්නෙ. (ස)
මට නම් මගේ රට ගැන ලැජ්ජා හිතෙන්නේ, මේකේ අදහස් දාපු සමහරක් ගැන හිතන කොට. (ස)
මෙතන ඉන්න අය මොනවා කියනවද කියල මට තේරෙන්නේ නැහැ. මේ රියලිටි වැඩසටහන ඇමෙරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල වල තියෙනවා. ඉතාම අමාරු ඉලක්කයක් කරා යන්න තියෙන වැඩසටහනක් . පරාද උනා කියල ලජ්ජා වීමට වඩා ඉදිරිපත්වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (දිල්)
මුලින්ම ග්‍රෙගරි ජයසේන මහතාට ශ්‍රී ලාංකිකයෙකු ලෙස මගේ සතුට හා ගෞරවය පුද කර සිටිනවා. මන්ද, විදේශයකට ගොස් එම සමාජයන් හා බද්ද වෙමින් ඔවුන් සමග රුපවාහිනී රියලිටි වැඩසටහනකට සහභාගී වීමම එතුමා ලද විශාල ජයග්‍රහණයක්. (දිල්)
රූපවති, යන යන තැන දුගඳයි. මෙතනට නෑවිල්ල ඉන්න බැරිද? (ස)
අශාන් මහත්තයගේ කටේ රත්තරන් දාන්නා වටිනවා.කියන කතාව සම්පුර්ණ ඇත්ත.බොහො බටහිර රටවලට ලෝකේ තියන හැම ජරා උපක්‍රමයක් ම දාලා ඇතුලු වෙන අපේ උදවිය ඕනෑම ජරා වැඩක් කරලා සල්ලි හොයන්න උත්සහ කරන්නේ.මෙවැනි කැත සිරිත් නිසා ඔවුන් පදිංචි වෙලා ඉන්න ස්ථානවල අසල වැසියන්ටත් කරදරයි.සමහර ස්ව දේශිකයන්ගේ දේපල මෙන්ම ජිවිතත් අහිමි වෙලා තියනවලු. හැබැයි මේ ඔක්කොටම මුල නුගත්කම සහ දුප්පත් කම නොවෙයි.විලි ලැජ්ජාවක් නැති කම සහ වැරදී සමාජ ඇසුර.මෙතුමා සහබාගි වුනේ තරඟයකට.ඉතින් ඒක කොච්චර හොඳද? (ස)
මෙයට ලංකාවේ පශු සම්පත් මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන්න. (ස)
අදහස් පල කරලා තියෙන අයගේ විදියට වලිගෙ කපා ගෙන නැත්තේ කවුද, 'උම්බෑ' කියන්නේ කවුද, ගම කන මෝඩයෝ කවුද, ඉතාම පැහැදිලියි. (ස)