එංගලන්තයේ දකුණු යෝක්ෂයර්හි ෂෙෆීල්ඩ් හෙලන් සරසවියේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන ශ්‍රී ලාංකිකයෙක් එහි අවන්හලක දී පිහියෙන් ඇන මරා දමා ඇතැයි එංගලන්ත පොලිසිය කියයි.
ෂෙෆීල්ඩ් කාර්මික නගරය පිහිටියේ ලංඩනයට සැතපුම් 168ක් උතුරෙනි.
තවීෂ ලකිඳු පීරිස් (25) ලන්ඩනයට පැමිණියේ වසර දෙකහමාරකට කළිනි.
තවීෂ මියගොස් සිටියේ ටොමිනෝ පිට්සා හළකය. ඔහු එහි වැඩ කළේය.
ඔහුගේ පපුවට පිහි පහර කිහිපයක් ඇන ඇතැයි ද, තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද ෂෆීල්ඩ් පොලිසිට කියයි.
පීරිස්ගේ මිතුරකු පැවසුවේ ඔහු ඉතා නිහඩ කලබල නැති ඉතා මිත්‍රශීලී තරුණයකු බවයි.
‘ඔහුට සතුරන් හිටියේ නැහැ. හරි හොඳ කොල්ලෙක්. කවුරුත් ඒ බව දන්නවා. ඔහු මරා දැමුවේ ඇයිදැයි මටත් ප්‍රශ්නයක්‘ යැයි නම හෙළි කිරීමට අකමැති වූ මිත්‍රයා කීවේය.
පීරිස් ලන්ඩනයට පැමිණියේ 2011 දීය. අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ඔහු රැකියාවක් සොයමින් සිටියේය.
ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ මවුපියන්ට උදව් උපකාර කිරීම සඳහා මුදල් සොයා ගැනීමයි. ඔවුන් ලන්ඩනයට ගෙන්වා ගැනීමට ද ඔහු අදහස් කළ බව මිත්‍රයා පවසයි.
ඒ ගැනතොරතුරක් දන්නා කෙනකු සිටිතොත් 101 දකුණු යෝර්ක්ෂයර් පොලිසිය අමතන ලෙස ද ඉල්ලා සිටියි.
ඔහුගේ මව්පියෝ නාවල රාජගිරිය කොස්වත්තේ පදිංචි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ,ඔබට නිවන් සුව! (නි)
කොතැන වුවත් නැත මාරු හැර බාධා...නිවන් සැප ලැබේවා! (නි)
දැන් එංගලන්තෙත් ලාංකිකයෙක්ව මැරුවා? එතකොට එංගලන්ත පාර්ලිමේන්තුවේත් මේ ගැන විවාදයක් යාවිද? (නි)
මේකට අපේ රටෙන් මොනවා කියයිද දන්නේ නැහැ (නි)
මෙවැනි දේ සිදුවීමෙන් අපේ රටට සහ ජාතියට විශාල කැළලක් ඇතිවෙනවා (නි)
නිවන් සුව තවීන්! හේතුව හිතා ගන්න අමාරුයි (නි)
නම හෙළි කිරීමට අකමැති වූ මිත්‍රයා කවුද? (නි)
අපි බලමුකෝ සමුළුවට එනකොට කට්ටිය වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරලා එයිද කියලා. (නි)
එංගලන්තෙත් තංගල්ල වගේ? ඉක්මනින් ලංකාවේ වගේ නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි. (නි)
රුවන්,අපේ කෙනාව මැරුවා විතරයි,අපේ කට්ටිය 8-10 ක් අර පිරිමියා ඉදිරිපිට එයාගේ බිරිදව දුෂණය කළා,මේක කතා 2ක් (නි)
මොන අපරාධයක්ද දෙයියනේ මේ.........ජීවිතේ පටන් ගත්තා විතරනේ...........(නදී).
හරිම දුකයි, අනේ අපේ උගතුන්ට යන කල! සරසවි ඉංජිනේරුවෙකු නම් අවංහලක වැඩ කලේ මන්ද?(නදී)
තවීෂ,ඔබට නිවන් සුව! පවුලේ සැමට අපේ බලවත් ශෝකය.. සාධාරනය ඉටු කරන්නට නීතියට බලය ලැබේවා! (නි)
ඔබට නිවන් සුව!සමුළුවේදී මම දැන් කියන්නේ, එකට එක කැපී යා යුතුයි කියා නොව,රටවල් දෙකේම නීතිය ක්‍රියාත්ම කිරීමට හොඳම වේලාව බවයි.ලංකාවේ එම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම දේශපාලන තනතුරු වලින් නෙරපා සිරගත කළ යුතුයි. (නි)
අපේ නායකයොත් කොන්ද පණ ඇතුව ප්‍රශ්න කරන්න ඕනෑ මේ ගැනත් ඒ ගොල්ලෝ ප්‍රශ්න කරන අවස්ථාවේදීම. (නි)
දැන් ඔය චාල්ස් කුමාරයා ලංකාවට ආ විට ඔය ගැනත් අහන්න පුළුවන් නේද? (නි)
රුවන්,කුමාරන, එන්ගලන්තය ගැන බයවෙන්න එපා. එයාලා රටේ නීතිය අකුරට කරනවා. හැමෝටම එකයි. ඒක නිසා ඒ ගැන බයවෙන්න එපා. හොදට බලාගෙන ඉන්න මොනවද වෙන්නෙ කියලා (නි)
ප්‍රින්ස් චාල්ස් මොකද දන්නෙ නැහැ කියන්නේ ? (නි)
මේක නම් ,කවුරු කළත් හෙණ ගහන අපරාධයක්! (නි)
මල්ලියේ, ඔබට නිවන් සුව !!! විදෙස් රටක අධ්‍යාපනය අතරතුර පාර්ට් ටයිම් ජොබ් ,ස්ථිර පුරවැසිකම ,දෙමාපියන්ට උදව් කිරීම ,සහෝදරයන්ට උදව් කිරීම ,සහෝදරයෙක් ගෙන්වාගැනීම ඔබගේත් සිහින අතර තිබෙන්නට ඇත (නි)
අපේ ආණ්ඩුව ඉල්ලන්න ඕනෑ පරීක්ෂණයක් හා මානව හිමිකම් (නි)
ඔබට නිවන් සුව! (නි)
,ඔබට නිවන් සැප ලැබේවා! (නදී)
මේ ලමයව මරපු උන්ට නම් නිසි දඩුවම් ලැබෙනවා නමුත් මෙහෙ ඉන්න සුද්දොන්ට මේක තවත් එක මරණයක් පමණි. මෙහෙ ඉන්නවා කොටසක් උන්ට කියන්නේ ස්කින් හෙඩ් කියල උන්ට කළු මිනිස්සු එහෙම නැතිනම් අපේ ඇගේ පිට මිනිස්සු තනියම අහු උනොත් පුළුවන් උපරිම හිරිහැර කරනවා, මෑත කාලේ ආපු සමහරු ඒවා බව නොදැන නොදැන දුර පලාත්වල ගිහින් ඉන්නව අපි දන්නා හැම කෙනෙක්වම දැනුම්වත් කරනවා නමුත් වෙලාව ආවහම මොනවා කලත් වලක්වන්ද බැහැ. ඔබට නිවන්සුව ලැබේවා.(නදී)
එන්ගලන්තයේ පොලිසිය නීතිය සැමටම එකයි (නි)
එංගලන්තයේ අපේ ලංකාවට වඩා ඉක්මනට මරපු අය සොයා දඬුවම් දෙයි. (නි)
ඇමරිකාවෙත් ඔහොම වෙනවා ,ලෝකේ කොහෙත් එකයි. ප්‍රශ්නය නම් ලංකාවේ උනොත් අගමැතිටත් උනා. ලංකාවේ තරුණයාගේ ජීවිතය වටින්නේ නැද්ද.(නදී)
තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය ගැන බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට කල බලපෑම උනන්දුව පාඩමකට අරගෙන මේ ශ්‍රී ලාංකිකයා ගැන ශ්‍රී ලංකා රජයත් බ්‍රිතාන්‍යයට කලයුතු බලපෑම් උනන්දු කිරීම් කරවලා අපරාද කරුවන්ට ඉක්මනින් දඩුවම් ලබා දී සාදාරනය ඉෂ්ට කල යුතුයි.(නදී).
දැනට අවුරුදු කිහිපයකට උඩදී එංගලන්තයේ පනවා තිබෙන නිතිය යටතේ ඉගෙන ගැනිමට එන කිසිවකුට රැකියාවක් කිරීමට ඉඩ නොදේ . මෙය මා හොඳින් දන්නා කරුණකි . එහෙත් හොරෙන් වැඩ කරනා අය එමටය . මොහුත් මම හිතන්නේ හොරෙන් වැඩ කර මොනවා හෝ අකරතැබ්බයක් කර ගෙන මරණය ලගා කර ගෙන තිබේ . අද්‍යාපනය හමාර කිරීමෙන් පසු විසා දිගු නොකෙරේ . ඉදිරියේදී මෙහි විස්තර අපට සොයා ඔබ දෙනුවත් කිරීමට සිතමි . කෙසේ නමුත් මගේ සෝකය කනගාටුව ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ අයට සහ මිතුරන්ට පලකරමි.(නදී)
අනේ පුතේ ඇයි මෙහෙම වුනේ.(නදී)
ඉතාමත් සෝචනීය මරණයක්. ජව බල සහිත වෘතීය තරුණ සම්පතක් අහිමිවීම ඛේද ජනකයි. මින් මතු සසර වසනතුරු, නිවන් දකින තුරු දීර්ඝායු සම්පත් ලැබීමට හේතු වාසනා වේවා !!!(නදී)
කට්ටිය එංගලන්තෙට බැට දෙන්න වගේ හදන්නේ, ඒත් මේකයි කියන්න තියෙන්නේ, මෙහෙ මිනීමැරුම යට ගැහුවා, එකයි උන් කතා කරන්නේ, ඒත් එහෙ යට ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විවාද යන්නේ මිනීමරුවා නිදැල්ලේ ඉන්න හින්දයි. (නදී)
හරිම කණගාටුදායක සිද්දියක් මේ වගේ සිත් පාරවන දේවල් මිනිස්සු කරන්නේ කොහොමද. ඔබට නිවන් සුව(නදී)
එකට එක කරලා වගේ එයාල(නදී)
ජෝන් අයියා ඔයා පොලිස්ද ? හොරා පොලිස්ද? අනවශ්‍ය ප්‍රශ්න අසන්න එන්න එපා !! (නදී)
ඔබට නිවන් සුව!(නදී)
වටිනා තරුණ ජීවීතයක් අකාලයේ මියගියා.(නදී)
අනිවාර්යන්ම මේ මරණයට හේතුව සොයාවි. තංගල්ල වගේ වෙන්න ලංකාවේ නෙවනේ ඩයස්.මොනවා උනත් ජීවිතයක්නේ නිවන්සුව පතනවා හැර වෙන මොනවද කරන්නේ ? (නදී)
රුවන්, එංගලන්තේ පාර්ලිමේන්තුවට යන එකක් නෑ ඕක. මොකද අපේ ලංකාවේ වගේ එහෙ මිනිමරුවන්ව ආරක්ෂා කරන්නේ නෑ... (නදී)
මේක ජාති බේදය නිසා කරපු මිනි මැරුමක්. ... මෙහෙ දැන් තියෙන ආණ්ඩුවෙන් කරන්නේ සංක්‍රමිකයන්ව අක්‍රමිකයන් විදියට හඳුන්වල දෙන එක.. පත්තර ගොඩක් සංක්‍රමිකයන් , විශේෂයෙන් දකුණු ආසියාවෙන් ආපු අය ගැන වැරදි විදියට කතා කරනවා.. මෙහෙ ඉන්න නුගත් තරුණ කොටස් උසිගැන්නිමේ ප්‍රතිපල තමි මේ.. මේ එංගලන්තයේ මැරුන පලවෙනි ශ්‍රී ලංකිකය නොවෙයි.. මීට පෙර විශේෂයෙන් දෙමල ජාතිකයන් කිහිපදෙනෙක් ම පිහි පහරින් මරල දාල තියෙනවා.. ශ්‍රී ලංකා ආණ්ඩුව මේගැන ඩේවිඩ් කැමරන් ගෙන් විමසිය යුතුයි. මොකද ශ්‍රී ලාංකිකයන් කියන්නේ මනුස්සයෝ නොවෙයිද?(නදී)
ගුණසේකරගේ රට මොකක්ද? (නදී)
ගුණසේකර මහත්තයෝ රටට සහ ජාතියට විශාල කැළලක් ඇතිවන්නේ කුමක් නිසාද ? ඔන්න එංගලන්තයට නම් මේ සිදුවීමෙන් ඒ රටේ ආරක්ෂාව පිළිබද දරුණු කැළලක් ඇතිවෙනවා. ඒ උගත් අහිංසක තරුණයා අපේ ලංකාවට අහිමිවීම පාඩුවක් මිසක් කැළලක් නොවෙයි.(නදී)
මහා අපරාදයක්.....මේක රස්තියාදු ගසන වර්ණ බේද වාදී සුදු තරුණයන් කිහිප දෙනෙකුගේ වැඩක් විය යුතුයි. එංගලන්තයේ ඉන්න සිංහල මිනිස්සුත් , එල් ටි ටි යි හිතවාදී දෙමළ මිනිස්සුත් ඔය උද්ගෝෂණ වලදී ගහා මරා ගන්න හැදුවාට. අනෙක් වෙලවට එහෙම දේවල් වලට පෙලඹෙන්නේ නැහැ. එහෙම දේවල් වලට වෙලාවකුත් නැහැ.(නදී)
එංගලන්තයේ නිතිය ලංකාවට වඩා හොදින් ක්‍රියාත්මක වෙනවා. ඔය සමහර අයට තියෙන සැක දුරු කරගත්තොත් හොදා. එකම දේ ඒ දරුවාගේ දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට , යහළුවන්ට....ඒ තරුණයා අහිමී වීම.(නදී)
ආගමක් අදහන්නේ නැති, දෙමාපියන් හොයාගන්නවත් නැති සුදු ගැටවරයින්ගේ වැඩක් වෙන්න ඕනේ. මෙයින් සමහර අය 17-18 වෙනකොටම ළමයෙකුත් ඉන්නවා.(නදී)
බුදු දහමේ නම් කියන්නේ මරණය කොහේ හිටියත් , මොන තරාතිරකම හිටියත් හඹා එනවයි කියලා. මුගලන් මහ රහතන් වහන්සේට සිද්ද උනෙත් ඒකනේ. මේ දරුවාට නිවන් සැප ලැබේවා.....(නදී)
ඉන්දියාවේ සිසුවෙක්ට මේවාගේ දෙයක් මීට මාස කිහිපයකට කලින් උනා. ඒක එහෙ මෙහෙ පත්තර වල, ට්වි වල ගිහිල්ලා , මහා අන්දොල්නයකටත් තුඩු දුන්නා. ඉන්දියාවේ අගමැති පවා මැදහත් වුණා.(නදී)
ඔන්න දැන් අපිටත් අවස්ථාවක තියෙනවා එංගලන්ත පාර්ලිමේන්තුවට බල කරන්න (නදී)
අපි දන්නා හඳුනන අහිංසකම අහිංසක මිතුරෙක් මේ මරල තියෙන්නෙ, කා එක්කවත් ගහ බැනගන්න යන කෙනෙක් නෙවි එයා තවීෂ කියන්නෙ. යෝක් ශෙයාර් මේ අවන්හලේ අයිතිකරුවන් එක්කල අපි කතා කලා මේ ගැන. එයාල හරියට කනගාටු වුනා මෙ සිද්දිය ගැන. ඉගුනුමක් නැති කාලකන්නි ජාතිවාදි මිනිස්සු ලෝකෙ කොහෙත් ඉන්නවා. අපි වගේ අසියානුවො මේ රටවල ඉන්නවට අකමැති ජාතිවාදි සුදු කොල්ලන් කන්ඩායමක් කරපු තිරිසන් වැඩක් මේක. හොඳ මිනිස්සු මේ රටවල කොතරම් හිටියත් මේ වගේ පාපතර මිනිස්සුත් ඉන්නවා. මිතුරානනි, ඔබට නිවන්සුව පතමු...(නදී)
හරිම දුකකි. ඔබට මොක් සුව! (නි)
හුග දෙනෙක් මේ සිද්ධියෙදී කම්පා වෙනවට වඩා අපේ රජයට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට බල කරනවා.බ්‍රිතාන්‍ය පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරයි.තවිඳු පිරිස් තරුණයට මෙවන් අකල් වියෝවක් සිදුවීම පිළිබද බලවත් කණගාටුව ඔහුගේ දෙමව්පියන් ඇතුළු ඥාතින්ටත් මිතුරන්ටත් පළකරමි. තරුණ ඔබට නිවන් සුව! (නි)
රෝග පීඩා ,අකල් මරණ දුරු වී මතු බුදුන් දවස නිවන් දකින්නට පින් කරන්නට ඔබට ශක්තිය ලැබේවා! (නි)
මෙයාව මරලා තියෙන්නේ ලංකාවේ කට්ටියක්මද? (නි)
අපරාධ නැත්තේ කොයි රටේද? (නි)
ඇත්තටම අහිංසක බවක් පෙනෙනවා. හරිම කණගාටුයි (නි)
එංගලන්තය ගැන එක දෙයක් මට පැහැදිලිව කිව හැක. ඔවුන් සිය රටේ නිතිය ක්‍රියාත්මක කිරීමට අනික් රටවල් ඇඟිල්ලෙන් ඇන කියනකම් සිටින්නේ නැත. (නි)
තනියම නිදහසේ කළු ජාතිකයෙකුට ඉන්න බැරිනම් ඔය හම සුදු හිත කළු කම්බා හොරු ඉන්න රටට මොකට යනවද ලෝකයේ වෙනත් රටවල් නැතිද. (නදී)
මේක කරපු අයට හොදක් නම් වෙන්න එපා (නදී).
"..එංගලන්තෙ, එංගලන්තෙ,..එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..කල්ලි වැදිල අහිංසකයෝ මරල දාන් නැහැ.."..අනේ මට සුනිල් පෙරේරා මහත්තයව මතක් වෙනවා.. (ස)
දියුණු රටවල් වල නම් ඔඩ් ජොබ් කියල කියන්නේ හොරකම් කරන එක, බාලාපචාර, බොරුකීම, දුප්පත් මිනිසුන්ව මුලා කිරීම, බදු මුදල් හොරකම් කිරීම, ස්ත්‍රී දුෂණ, කප්පන් ගැනීම ආදී දේවල් වලටයි. මහන්සි වෙලා හම්බකරලා බදු ගෙවනවනම් ඒක ඔඩ් ජොබ් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි ගානක් ගන්න රස්සාවල් දියුණු රටවල් වල ජනාධිපතිවරු උනත් පොඩි කාලේ කරලා තියෙනවා. ඒ දෙමුපියන්ට බරක් නොවී ඉන්න පුරුදු වෙන්නයි. ජීවිතේට බදු ගෙවන තිය බදු නොගෙවන කුලී වැඩක්වත් නොකරපු කී දෙනෙක් අද දශක ගානක් ලංකාවේ පාර්ලිමේන්තුවේ බදු ගෙවන ජනතාවගෙන් ජීවත් වෙනවද? කැනඩාවේ මුදල් ඇමති වැඩට යන්නේ දුම්රියෙන්. ඇමෙරිකාවේ මන්ත්‍රී වරු නො පාර්කින් පුවරු තියෙන තැන්වල වාහන නවත්වන්නේ නැහැ.දියුණු රටවල නීතිය හැමෝටම පොදුයි. ඉතින් ලංකාව දියුණු වෙයිද? දියුණු වෙනවා කියන්නේ මේ ලෝකෙටම ණය වෙනවා නෙමෙයි. (ස)
අපට හිටිය හොඳ කොල්ලෙක්, අහිමි වෙච්ච එක පාඩුයි. ඒකයි මට කනගාටු. (ස)
ශ්‍රී ලාංකිකයන් එංගලන්තයේ හෝටල් වල වැඩ කරන්න ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරුවෝද?? (ස)
කොච්චර පුරාජේරුව තිබුනත් ඔය රටවල දැන් රැකියා ඉතාම අඩුයි. මේ කොල්ලා ජොබ් එකක් හොයන ගමන් කරපු අමතර රැකියාව තමයි ඔය, කවුරුත් වැරදියට වටහා ගන්න එපා...යාලුවෙක් වශයෙන් එහෙම වෙන කොට මට දුකයි. ලංකාවට ඇවිත් රැකියාව පටන් ගත්තනම්, අපේ තවියා තාමත් ජීවතුන් අතර (ස)
අපේ මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙක්. විදෙස් විශ්ව විද්‍යාල වලින් අපේ රටට සලකන විදිය මේකද ? හරිම දුකයි . (නදී)
එහෙ නීතිය හරියට ක්‍රියාත්මක කරයි. කාගේවත් දේවල් වැඩක් නැහැ. අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. එතකොට කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැහැ. (ස)
කරුණාකර ඩේලි මිරර් පුවත් පතේ විස්තර දාලා තියන විදිය බලන්න.(නදී)
පිට බැද්දර සොයුර ..? ඒ උනාට ..එහේ දී දේශපාලකයෝ මිනිස්සු වටවෙලා අපේ කවුරුවත් දුෂණය කලේ නැහැ නේද ..? පව් රටට වටිනා කොලු පැටියෙක් අපිට අහිමි උනේ ...? ඒ මිනිසුනුත් නිකම්ම මිනිහෙක් මැරුවොත් රට දනේන්නැති නිසයි ඔය වැඩේ කලේ ..? සොයුර ඔබට නිවන්සුව පතමි ..!!! (ස)
එංගලන්තෙත් දැන් කියිද දන්නේ නැ ලකිඳුම පිහියෙන් ඇනල මරාගෙන කියලා. කෝ දැන් ඔය විදේස බලවේග ගැන නිතරම කෑගහන අර වන්ස. අපට දැන් බය වෙන්න දෙයක් නෑ. වන්සකාරයා චාල්ස් කුමාරයා එනකොට සත්‍යග්‍රහ කරලා කෑම නැතුව ඉන්නකොට පිරිත් වතුර ගැන දන්නේ නැති නිසා බියර් නැත්තම් විස්කි වීදුරුවක් දීල සමව ගනී. එතකොට අර තංගල්ලේ කේස් එකත් වන්ස කාරයා විසඳලා දෙයි. (ස)
ලන්ඩනයේ මෙවැනි දේවල් සිදුවෙනවා අඩුයි .හේතුව ලන්ඩනයේ පදිංචි බහුතරය විදේශිකයෝ..නමුත් තනිපංගලමේ රැට සුදු කොල්ලන්ට අහු උනොත් සුද්ද කරනවා.මම රෑ වැඩ ඇරිලා එද්දී සුදු කොල්ලෝ දෙන්නෙක් ආවා. පර්ස් එක ගන්ඩ හොඳ වෙලාවට මා සමග වැඩ කරන මොරොක්කෝ ජාතික මිත්‍රයෙක් මේක දැකල දෙන්නටම ගහල එලෙව්වා.ඔහුගේ වයස අවුරුදු 65ක් .මේ කොල්ලෝ දෙන්න අඩි 6 වැඩි උස 18 වගේ කොල්ලෝ. මුන් දෙන්න කෙහෙල් කදන් දෙකක් වගේ බිම වැටුනා.ඔහු ඉස්සර ජිම්නාස්ටික් සුරයෙක්ලු..එහෙම දෙයක් මීට කලින් මම දැකල තිබුනේ ෆිල්ම් වලින්. (ස)
බොහොම කනගඩුදායක සිද්දියක්. ලන්කාවේ බේරුනත් එංගලන්තයේ අපරාදකාරයින්ට කිසිම සමාවක් නැහැ. අපරාදේ, බොහොම හොඳින් යුක්ති ගරුකව ජීවත්වුණා තරුණයෙකුට වෙච්ච දෙය. (නදී)
එංගලන්තේ සුද්දෝ අපේ රටට ආවහම අපේ රටෙන් නීතිය ඉගෙන ගෙන මේ කේස් එකට යොදන්න කියමු. එතකොට ආශික් නේද? (ස)
ගුණසේකර,දැන් ලංකාවේ මනුස්සයෙක්ව එංගලන්තේදී මරලා දැම්මම කැළලක් වෙන්නේ අපේ රටටද? (නි)
පොලිසිය මේ වෙනකොට අවුරදු 16 ක් වන තරුණයින් තුන් දෙනේකෙන් ප්‍රශ්න කරනවාලු...... (ස)
පුතේ නුබට නිවන් සුව පතන්න හිත ඉඩ දෙන්නේ නැහැ..,!! ජාති ජාතිත් මෙවන් රුදුරු අකල් මරණයකට ගොදුරු නොවී ඔබගේ දෙමාපියන් ළඟම නැවත උපත ලබන්නට හේතු වාසනා ''වේවා ''...!!! (ස)
ඔබට නිවන් සුව ලැබේවා ...... සමන් ඔයාගේ දැනීම ගැන නම් බොහෝම කනගාටුයි ... මෙච්චර උගත් අහිංසක කොල්ලෙක් නැති වෙලා ඉන්දැද්දී .කණගාටුව ප්‍රකාශ කරන එක පැත්තක තියලා ....ඔයාගේ නුගත්කමයි නොහැදියවයි ලෝකෙට පෙන්නන්න එපා... (ස)
වටිනා තරුණ ජීවිතයක්, අහන්න දුක හිතෙන කතාවක්, ඔබට නිවන් සුව !!! (ස)
ශානි මෝඩ කතා කියන්න එපා .හරකෙක් උනාට උම්බා ගාන්න එපා .මෙහේ එහෙම උනාට එංගලන්තේ නීතිය කාටත් එක සමාන වෙයි .අපරාධකාරය රැජිනගේ පුතා උනත් දඩුවම් ලැබෙනවා. (ස)
එංගලන්තයේ රජ පවුලේ අයට වුණත් දඬුවම් දෙනවා නියතයි. ඒකනේ සම්මතයට පිටුපෑ 'ඩයනා කුමරිය' ටත් වුණේ. (නි)
නවනීදන් පිල්ලේගේ මානව හිමිකම් කොහෙද? මේවා තමා මානව හිමිකම් වලට අඩංගු වෙන්න ඕනේ. අහිංසක දරුවෝ තවිෂ දෙමාපියන්ට ලැදි කීකරු යහපත් කරුණාවන්ත දරුවෙක්. සතුටින් හිටිය පවුලක්. අද ඉතින් ඔක්කොම ඉවරයි. බුදු දහමේ අනිත්‍ය භාවය තමා හිතන්න වෙන්නේ. (ස)
මේ අදහස් බලන විට හිතට හරිම දුකක් දැනෙනවා.මේ දරුවාගේ වයසත් එක්කල හොඳ යහපත් දරුවෙක්.වැඩිදුර ඉගන ගන්න ආවා නම්? අහවර කලා නම්? පීසා හාට් එකක වැඩ කරේ අහවල් දේකටද? ලංකාවේ හොඳ රැකියාවක් කරන්න තිබුනනේ.ලංකාවේ නිදහස් අධ්‍යාපනේ ලබල ලක්ෂ ගණන් වියදම් කරලා එංගලන්තෙට ඇවිත් උපාධිය ගත්තට පස්සේ නාටමි වැඩ කරලා හරි ඉන්න තමා බලන්නේ. අන්තිමට මොකද වෙන්නේ කියල දෙමව්පියෝ දන්නේ නැහැ.හොඳ පවුල්වල දරුවෝ මොන තරම් නාස්ති වෙලා ඉන්නවද?මේ දරුවා ගැන හරිම දුකක් දැනෙනවා.අනිත් දෙමව්පියන්ට මේක ලොකු ආදර්ශයක්.අවුරුදු 25 ක් කියන්නේ ජීවිතේ පටන් ගන්න හැදුවා පමණි.දෙමව්පියෝ මීට වඩා දරුවෝ ගැන හිතෙනවා නම් මෙවන් සම්පත් රටට අහිමි නොවේවි.ඔහුට නිවන්සුව පතමු! (ස)
ඔබ සමඟ ස්ලිට් 1 හිටපු කාලය අමතක නොවේ.. ඔබට නිවන් සුව පතමු. (ස)
මෙම මිනීමැරුමට සම්බන්ධව දැනටමත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියනවා. ඉදිරි දින කීපයකදී සියල්ල අනාවරණය වෙයි. දේශපාලනයෙන් මනස කොලොප්පන් වී ඇති සමහරුන් මේකත් දේශපාලන ප්‍රශ්නයක් කරගන්න හදනවා. ටිකක් ඉවසන් ඉන්න. එංගලන්තයේ නිතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන එරට වෙසෙන විදේශිකයන්ටත් එංගලන්ත වැසියන්ටත් විශ්වාසයක් තිබෙනවා.අකල් මරණයකට ගොදුරුවූ සොයුරාට නිවන් සුව පතමි! (ස)
ඔය ලොකුවට එංගලන්තේ කිව්වට, ගිහින් බලන්ඩ ඕන මිනිස්සු දුකේ ඉන්න හැටි. (ස)
සමන් ..ඇත්තටම ..අවන්හලක් කීවාම ..ඔයාගේ හිතට අවේ ඒ ළමයා පිඟන් හෝදනවා කියලද ඒකේ ....අනික ඔයාගේ ..පොල්ගෙඩි මොලේට වැටුනෙම නැද්ද ..බඩ ගිනි ආවාම .. කෑම..බීම ගන්න මිනිසුන් යනවා විය හැකියි කියලා ..ඉන්ටර්නෙට් පාවිච්චි කලාට මදි ..ඔලු ගෙඩි වැඩි දියුණු නොකර ගෙන මිනිසුනේ ..? ඒ දරුවාගේ දෙමාපියන්ට දැනෙන වේදනාව ..කොතෙක්ද කියල ඔයාට දැනෙන්න ඔයා මේ පවුලේ සාමාජිකයෙක් නම්...? ඔහුට නිවන් සුව පතමි ..!! (ස)
රන්ජනී, පටු විදියට කල්පනා කරන්න එපා.මේ වගේ දේවල් ඔයාට වෙන්න පුළුවන්. මට වෙන්න පුළුවන්. හරි වැරදි නෙමෙයි මෙතන බලන්න ඕනෑ. කරුණාව මුදිතාව වගේ දේවල් ඉදිරියට ගන්න. (නි)
ඔබලා දැනුවත් වුවහොත් හොඳ දෙයක් . සල්ලි ගෙවා එංගලන්තයේ වෙළඳ කඩ විශ්ව විද්‍යාල කියා ගන්න උපාධියට එංගලන්තයේ රැකිය නොමැත . එය මුදලට ලබා ගන්න සහතිකයක් වාගේ . එංගලන්තයේදී එයට වටිනා කමන් නොමැත . ගොඩක් අය මේවට මුදල් ගෙවා ඉගෙන නොගන්නා අතර එම විසා කාලයේදී රැකියාවක් කර මුදල් උපයති. මම හිතන්නේ . මොහු වැඩ කර බලපත් නොමැතිව. සමහර සුදු ජාතික තරුණ තරුණියන් මේවාට දැන් බොහෝ විරුද්ධය. ආසියාතිකයන් අප්‍රිකානුවන් පැමිණ මෙහි හොරෙන් රැකියා කිරීමට. මොකද එංගලන්තයේ රැකියා විරහිත බාවය මිලියන ගණනක් නිසා. මෙම මරණය සමහරවිට සුදු ජාතික තරුණයන් කිරීමක් වෙන්නට පුළුවන්. (ස)
ඉතා දුක්බර අපගේ සහෝදරයකුගේ මරණයක් . ඔහුට නිවන් සුව පතන අතර ඔහුගේ පවුලේ අයට මගේ දුක්බර කනගාටුව පල කරමි . උපාධියක් ලබා මෙවැනි රැකියා කරන්නේ කුමටද ? එම උපාධිය එංගලන්තයේ වැදගත් කමක් නොමැතිද ? එහෙත් ඔහුට ලංකාවට හෝ වෙන රටකට ගොස් තමන්ගේ දැනුමෙන් උසස් රැකියාවක් කර දෙමාපියන්ට උදව් කරන්නට තිබුනා . මතේශ මහතාගේ කතාවද වටිනා අදහසක් ලබා දෙනවා. (ස)
මේ වාගේ අහිංසකයෙක්ව ඝාතනය කිරීම ගැන දැනගත් විට සිතට දැනුනේ කණගාටුවක් වගේම කෝපයක්. මේ අපරාධකාරයන්ට උපරිම දඬුවම් දිය යුතුයි.තානාපති කාර්යාලය මෙයට සහයෝගය දිය යුතුයි.සහෝදරය, ඔබට නිවන් සුව! (නි)
රූපවති නෝනා . එන්ගලන්තයේ සිටින බොහෝ දෙනෙකු හොටෙල් රෙස්ටුරන්ට් වල කුස්සියේ රැකියා කිරීම සාමාන්‍ය දෙයක්. සමහරු කෝකියන් මෙන් සහ සමහරු පිඟන් සහ වලන් සේදීමත් කරති. නමුත් ඔවුන් එය ලංකාවේ කීමට මැලිවෙති. මෙය මා දන්නා සත්‍යයකි. (නි)
ලීල් ගුනවර්දන, ඔබ දුක් වන්නට එපා. එංගලන්තයේ පවතින නීතිය අනුව ලොකු පොඩි හෝ දේශපාලන බේදයක් නොමැතිව වැරදිකරු හසුවුනොත් දඬුවම් ලැබෙනවා (නි)
සශිකා, මම කිවුවේ මගේ ඇස් දෙකට දකින,කන්වලට ඇසෙන දේවල්.වෙන්න තිබෙනො නම් වෙනවා. හොද දරුවෝ නාස්තිවෙලා යනවා.මමත් අම්මා කෙනක්. මේ දරුවා ගැන දැන් මොනවා කිවුවත් ඵලක් නැහැ.ඒ දෙමව්පියන්ට දැනෙන වේදනාව මටත් දැනෙනවා. සිංහල අපි ළග තිබුනට ඔයා කියන කරුණාව,මුදිතාව සුද්දෝ ළග නැහැ.මෙවන් දේවල් අසන්න,දකින්න නොලැබේවා! (නි)
ගිඅ සතියේ ඉතාලි ජාතිකයෙක්ව මරල තිබුන තවිෂ්ට වඩා බාල අවුරුදු 21යි(නදී)
අනේ පව් තරුණ ජීවිත අපරාදේ ඔබ දෙදෙනාටම මොක් සුව පතමු.(නදී)
රුවන්, තංගල්ලේ මරණයටත් පාර්ලිමේන්තු විවාද තිබුනද? වපුරපු දේ නෙලා ගන්නයි වෙන්නේ මල්ලි (නදී)
මේ හැම දෙයක්ම වෙන්නේ හැම කෙනාගේම ඉරණම නිසා. මෙයත් ගෙනැල්ල තියෙන ආයුෂ මෙපමණයි. කාලය විසින් හැම දෙයක්ම විසඳෙනවා. නිවන් සුව පතමු. (ස)
ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි. මරණය එන්නේ අප සිතා සිටින වෙලාවක නොවේ. ලොව ස්වභාවය එයයි (නි)
මෙහෙම තමයි නීතියක් නැති රටක වැසියන්ට පිටරටකදී වුණත් සිද්ධ වෙන්නේ (නි)
විදේශ රටවල ඔහොම තමා.අපිට රැකවරණයක් නෑ. (ස)
හුඟක් අය ඇත්ත හොයන්නේ නැතුව කියවනවා. මේක විහිළුවක් නෙමෙයි. මේ ළමයා හොරෙන් වැඩ කළා කියන එක වැරදියි. හැම රටකම ඉගෙනගන්න ළමයින්ට පැය ගානක් වැඩ කරන්න දෙනවා. මෙයාට හොඳ රැකියාවක් ලැබිලා අන්තිම දවසෙලු මේ පීසා පොලේ වැඩ කරපු. පිසා එක ගිහින් දීපු ගෙදර ළගලු මරලා තිබුනේ.? මේක සැක සහිත මිනී මැරුමක්. අපේ ආණ්ඩුව බලපෑම් කරන්න ඕනෑ. (නි)
උගත් අහිංසක ලස්සන කොල්ලෙක් අපට නැති උනා අපරාදේ .ඔබට නිවන් සුව .(නදී)
මේක විහිළුවක් නොවේ. ලංකාවෙන් බලපෑම් කරලා සත්‍ය හෙළිකරගන්න. මේ මිනීමැරුම නිසා සියළුම විදේශිකයින් කම්පනයට පත්වී ඇත. මේ දරුවාගේ අලුත් රැකියාව ඉලක්ක කරගෙන මෙයාව නැතිකරලා වගේ.ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
පළිගැනීමක් කියා සිතන්නේ (නි)