ජිලියන් ඇන්ඩර්සන් හොලිවුඩ් නිළිය හා ඇගේ සැමියාට රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි කියන අනුර වීරරත්න බණ්ඩාර නම් පුද්ගලයකු ගැන රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත අද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.
පස්යාලේ නුගගල වත්තේ හිල් හවුස් ප්‍රයිවෙට් ලිමිටට් සමාගමේ බාර කරු ලෙස ක්‍රියා කළ මෙම පුද්ගලයා රුපියල් එක්කෝටි 78 ලක්ෂයක් වංචා කළැයි නිළිය හා ඇගේ සැමියා වන ජොබ් ඩේවිස් පැමිණිලි කළහ.
එහෙත් රහස් පොලිසිය කියා සිටියේ වත්තට විදුලිය ගැනීම ඇතුළු කටයුතු වලදී වංචා කළ මුදල රුපියල් කෝටියට වඩා මදක් ඉක්මවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණනක් වංචා කළ ආකාරය දැන ගන්න තිබෙනවා නම් වටිනවා. (නි)
පුවතේ හැටියට අර දෙන්නගේ පමිනිල්ලෙත් වරදක් තියෙනවනේ .සමහර විට වංචාවක් වෙලත් නැතිව ඇති .නඩුව ඉවර වෙනකන් මොකුත් කියන්න බැහැ. (ස)
වසන්තගේ කටට නම් සීනි ටිකක් දැමිය යුතුයි,ඇත්ත පිළිගත්තාට. මෙරටේ කරන අපරාධ වලින් 95%ක්ම කරන්නේ සිංහලයෝ කියලා අනෙක් අයට නොතේරුනාට අපේ වසන්ත අයියාට නම් හොඳට තේරුනා. (නි)
ගිලියන් එක්ස් ෆය්ල්ස් වලවත් මේ වගේ ගැටළුවක් විසදන්න නැතුව ඇති. (නදී)
පිටිගලගේ කතාව හරි. ලංකාවේ ඉඳගෙන අවංකකම පුරුදු කරන්නට බැහැ. අර ගිරා පෝතක කතාව වගේ. (ස)
ලංකාවේ දැන් ජාති, ආගම් වාදය රැල්ලක් වෙලා.මම ලංකාදීප හුඟක් පුවත් වලට දාල තියෙන ප්‍රතිචාර බලනවා.සමහර ඒවා පුවතට කිසිම අදාලත්වයක් නැති ඔන්ලයින් ජාතිවාදී අරගල වගේ. මොඩයිනේ...ලංකාවේ එක ජාතිවාදී යුද්ධයක් ඉවර වෙලා තව මහා කාලයක් ගියේ නෑ.යුද්දෙ ඉවර කරපු උන්මාදෙන් මිදිලා යුද්දෙ තිබුන අවුරුදු 30 මේ රටට වෙච්ච විනාසේ ගැනත් මතක් කරපල්ලා.අපේ රට අයෙත් ඒ තත්වෙට පත් කරගන්න එපා.මොකද ඉවර වෙච්ච යුද්ධෙදි හසලක ගාමිණීල වගේම මොහොමඩ් මුතාලිෆ්ලත් මැරුණා. (ස)
ෂෙහාන්,ජාතිවාදීව හිතන්ඩ එපා. අපේ රටේ කොච්චර අපරාද වෙනවද, මේවට ජාතින් හැටයට සිංහල, මුස්ලිම් දෙමල ප්‍රතිසතය කීයද කියල බලන්ඩ, අපි විනෝද වෙමු, අපරාද, පගා ගැහීම්. වංචාවල්, මිනීමැරුම් නවත්වමු. ගවගාතනයත් නවත්වමු. ඔබේ අදහස නැවත දන්වන්ඩ. කැමති විදිහට බනින්න.(නදී)
ප්‍රදේශයේ දුප්පත් ගම්වැසියෝ මේවා දැනගත්තේ මේ අය ඒ ගැන හිතන්නත් පෙරයි. නමුත් හමුදා නිලධාරියෙක් නිසා ඕවා ගැන කියන්නවත් යමක් කරන්නවත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ගමේ දුප්පත් දරුවන්ට හා පවුල්වලට මේ මිනිස්සු ලොකු ගෞරවයක් දැක්වූවා. අපේ රටේ නීතියෙන් අපේම සිවිල් සමාජය විසින් නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න ඕනෑ.ඒක කළොත් ලොකු අැබැද්දියක් අපේ දේශපාලකයින්ට වෙන නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ (නි)
රහස් පොලිසිය ඉන්නේ කාගේ පැත්තටද? (නි)
ලංකාවේ කට්ටිය ගිය ගිය තැන, තැන ගන්නවා. කාටද ආඩම්බර? (නි)
හොලිවූඩ් වලට වඩා හොඳ නළුවෝ ලංකාවේ ඉන්නවා එහෙනම්.....(නදී)
පිටිගල, හැබැයි, "අහවලා මෙන් හැදියන්" කියල පෙන්වන්න පුළුවන් ප්‍රසිද්ධ චරිතනම් වැහි වැහැල, නේද? (නදී)
අපේ රටේ සිද්ධ වෙන ගොඩක් දේවල් ජිලියන් රඟපාපු එක්ස්-ෆයිල්ස් වගේ විසඳුම් තීන්දු නැති දේවල් තමා. (නි)
අද ලංකාවේ හිසේ සිට දෙපතුලටම දුෂණයෙන්, වංචාවෙන් සහ හොරකමෙන් පිරී ඇත. අහවලා මෙන් හොඳට හැදියන් කියලා කියන්න තරම් ප්‍රසිද්ධ 'පරමාදර්ශී' චරිත අද ලංකාවේ නම් නැත. (නි)
හොරකන් කරන මිනිස්සුන්ට වැටහෙන්නෙ නැද්ද, කවදාහරි හොරකම හෙලිවෙනවා කියලා?(නදී)
වසන්ත ඔයාගෙ බළලා මල්ලෙන් එළියට පැන්නා. ඇත්තටම ඔයා සිංහලද? ඔයාගේ ජාතිය හිතාගන්ඩ අමාරු නැහැ.(නදී)
අපේ නළුවන්ගේ රඟපෑම් දැකල නිලියට අන්දුන් කුන්දුන් වෙලා ඇති ....(නදී)
ආඩම්බරයි! (නි)
එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළේ එක දවසකින් නොවෙයි නේද?අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! මේ ලංකාවේ පුද්ගලයට නිසි දඬුවන් දීලා අපේ රටේ වංචා කාරයන්ට,හොරුන්ට තැනක් දෙන්නේ නැහැ කියලා ලෝකෙට පෙන්වන්න. (නි)
නුග ගල වත්ත කියන්නේ ලොකු වලව්වක්, කන්දක් උඩ තියෙන්නේ. ඉස්සර මෙම වලව්වට මහා විශාල ඉඩම් යායක් සහ කුඹුරු යායක් අයිති වෙලා තියෙනවා. නිළිය ආවේ මෙම වලව්ව අරගෙන හොඳ සංචාරක හෝටලයක් හදන්න. හෙලිකොප්ටර් බාන්න හෙළි ෆැඩ් එකකුත් හෝටලය ලගම හදන්න එයාලට ඕනවුණා. නමුත් ඒ සඳහා ඉතා වටිනා ලොකු ගස් කපන්න එයාලා අකමැති වුනා. ඒ තරම් ඔවුන් පරිසරයට ආදරය කලා. (නදී)
ලංකාවේ හොද මිනිසුන් ඕන තරම්. නමුත් ප්‍රසිද්ද නැත. මෙතන ජාති බේද නැත. අපේ ජාතියේ හැටිය.(නදී)
ලංකාවේ සිංහල කියන්නේ කියලා වැඩක් නැහැ. හොඳ වැඩත් එහෙමයි, නරක වැඩත් එහෙමයි. අනේ අපේ මිනිසුනි, මෙවැනි වැඩවලින් අපේ ජාතියම, රටම නැතිවෙනවා. මොනවා කළත් වංචා,හොරකම්,මිනීමැරුම් එපා. මමත් සිංහල (නි)
ඔය වැඩේ ලංකාවේ කෙනෙක් නොකළා කිවුවොත් තමයි පුදුම වෙන්න ඕනෑ. (නි)
ඉදලා ඉදලා අපේ පිටිගල මහතාගෙන් හොද අදහසක් (නි)
ලංකාවෙ අයියලා අධ්‍යක්ෂනය කරන "බ්ලොක් බස්ටර් ඇක්ෂන් ෆිල්ම්" හොලිවුඩ් වල හදන ඒවට වඩා තාත්වික බව නිළියට වැටහෙන්න ඇති (නි)