IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලාංකිකයන්ට ඇෆ්ගන් රැකියා දොර ඇරේ

 තෙදින නිල සංචාරයක් සදහා  දිවයිනට  පැමිණි ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි මහතා  අද  දිවයිනෙන් පිටත්ව ගියේය.

ඔහු  සමුගන්නා අවස්ථාවට  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු  රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණියහ.

ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි හා ශ‍්‍රී  ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ(6)පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව දෙරට අතර සහයෝගීතා ගිවිසුම් 4 ක් අත්සන් තැබිණි.

ඇෆ්ගනිස්ථාන හෙදියන් ශ‍්‍රී ලංකාවේදී පුහුණු කිරීමේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ  සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම,  මෙරට  පුහුණු සහ වෘත්තීය ශ‍්‍රම බලකායට ඇෆ්ගනිස්තානයේ රැකියා සම්පාදනය සඳහා ගිවිසුම සහ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ  අවබෝධතා ගිවිසුම මේ අතර වන බව වාර්ථා වෙයි.

 

 



අදහස් (0)

ලාංකිකයන්ට ඇෆ්ගන් රැකියා දොර ඇරේ

රොෂාන් ප්‍රනාන්දු Friday, 07 March 2014 10:39 PM

ඇෆ්ගනිස්තානේ කොහෙද රස්සා තියෙන්නේ ඒගොල්ලොත් රස්සා හොයාගෙන අනාථයෝ සරණාගතයෝ වශයෙන් යුරෝපයට ,ඇමරිකාවට ,ඔස්ට්‍රලියාවට වගේ රටවල් වලට යනවා.(නදී)

:       0       0

ද සිල්වා Monday, 10 March 2014 08:27 PM

හෙට අනිද්දා සෝමාලියාවේ ඉන්න මුහුදු කොල්ලකර නායකයෙක් ලංකාවට ඇවිත් එහෙ රස්සා දෙනවා කියල කිවුවොත් ඔවුන්වත් මල්මාලා දල පිළිගන්න අපේ දෙශාපලකයෝ සැදී පැහැදී ඉන්න අතර , ලංකාවේ ජිවන බර අධික නිසා ලංකාව හැරදමා සෝමාලියාවට උනත් යන්න ලස්තිවෙලා ඉන්න දුප්පත් නුගත් ජනතාවකුත් ඉන්නවා (දී)

:       0       0

ජයතිලක Saturday, 08 March 2014 01:35 AM

ලාංකිකයෝ ඇෆ්ගනිස්තානයේ රැකියා වලට යාමට පෙර එරට ඇති යුදමය කලබලකාරී තත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න. ආරක්ෂාව නම් දෙනවයි කියයි. ඒත් ඉතින් තමන්ගේ සොල්දාදුවන්ව ආරක්ෂා කර ගන්න බැරුව විදේශිකයන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද ? (නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 08 March 2014 08:50 AM

නියම තැන හිඟා කන්නන්ට. (නදී)

:       0       0

ගීත් Saturday, 08 March 2014 09:07 AM

බෙල්ල නැතුව එන්න වෙන්නේ ..(අ)

:       0       0

දයා අලහාකෝන් Saturday, 08 March 2014 09:37 AM

මතක තියාගන්න, බුදු පිළිම විනාශ කල රටක් බව.(නදී)

:       0       0

ධම්ම Saturday, 08 March 2014 09:40 AM

බෝට්ටුවෙන් ගිහින් ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ ඉතාලියේ රස්සා හොයනවාට වඩා මෙහෙ ආරක්ෂාව හොඳයි මගෙ හිතේ.(නදී)

:       0       0

පද්මපානි Saturday, 08 March 2014 10:17 AM

මගේ දරුවෝ මොන නොසන්ඩාල වැඩේ කලත් ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒ අයට ලංකාවේ ඉඩක් ලැබෙන්න නම් එක්කෝ ලංකාවේ තරුණයෝ කැරළි ගහන්න ගිහිල්ල වෙඩි කාල මැරෙන්න ඕනේ. නැත්නම් වෙන රටවලට පනින්න ගිහිල්ල මගදී මුහුදෙදි මැරෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඇෆ්ඝනිස්තානය වැනි "පව්කාර" දේශයකට ගිහිල්ල යුද්ධයකට මැදිවෙලා මැරෙන්න ඕනේ. "තාරුණ්‍යයට හෙටක්" කියල වෙන නම් වලින් හඳුන්වන්නේත් ඔය ක්‍රියාවලියම තමයි. (නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 09 March 2014 03:03 PM

ඇෆ්ගනිස්ථානයේ රැකියාව කරන්න යනවා කියන්නේ ජීවිතය පරදුවට තැබීමක් වාගේ. හැම තැනම බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම්. ඉස්සර ලංකාවේ වාගේ.(නදී)

:       0       0

චමින්ද Saturday, 08 March 2014 12:16 PM

මන් වැඩ කරන්නෙත් ඇෆ්ගන් වල නේටෝ හමුදා කෑම්ප් එකක. මේ රටේ මිනිස්සු විදින දුක අපිට පේනවනේ. හරියට කන්න නෑ. සීතල වැඩි කමට මිනිස්සු ගොඩක් මැරෙනවා. දර පුච්චගෙන තමයි ගෙවල් වල ඉන්නේ. මේ අය 500ක් විතර අපේ කෑම්ප් එකේ වැඩ කරනවා.(නදී)

:       0       0

පද්මිණි Saturday, 08 March 2014 02:38 PM

අදායම් මාර්ගය පොපි මල් ලෝකෙට බෙදන එක. එහෙව් රටේද ලංකාවේ තරුණයින්ට රැකියා දෙන්ට යන්නේ. යුරෝපයේ සරණාගත කඳවුරු වල ඉන්න තරමක් ඇෆ්ගන් තරුණයන් .(අ)

:       0       0

බුද්ධි Saturday, 08 March 2014 03:07 PM

මේ ඇෆ්ගනිස්ථාන් රට අන්තිම භයානක රටක්. ඉන්න මිනිස්සු හදන්නෙත් වෙන රටකට පැනල යන්න. අනේ අපේ මිනිස්සු මේවා මොලේ කල්පනා කරලා තේරුම් ගත්තොත් ලොකු දෙයක්. (අ)

:       0       0

සදුන් Saturday, 08 March 2014 04:48 PM

ඕස්ට්‍රේලියා වගේ රටවලට වැඩිපුර සරණාගතයෝ යන්නේ ඇප්ගනිස්ථානය, ඉරානය වගේ රටවලින් තමා. ලංකාව ඒ සරණාගතයන්ගේ ගෙවල් වලට වැඩට කාන්තාවන් යවන රට. අපි සරණාගතයන්ටත් පහලයි. (අ)

:       0       0

රුවන් විතානගේ Friday, 07 March 2014 03:08 PM

මෙහෙ මිනිස්සුන්ටත් රැකියා නැහැ අපේ අයට කොහෙන් රැකියා දෙන්නද ? (නදී)

:       0       0

සෑම් Friday, 07 March 2014 03:43 PM

මෙතුමා කාබුල් නගරයේ නගරාධිපති ( මේයර් ඔෆ් කාබුල් ) කියලා තමා හඳුන්වන්නේ. හේතුව මෙතුමාගේ පාලනය කාබුල් නගරයට පමණක් සීමාවී තිබීමයි. නගරයෙන් පිටත කිසිම පාලනයක් නැති අරාජික රටක්.(නදී)

:       0       0

වජිරා Saturday, 08 March 2014 10:01 PM

ලංකාවේ දොරවල් ඇප්ගනිස්ථානයට හොදහැටි ඇරලතියනබව ගෙන්වන කුඩු තොගවලින් පේනවා. විලි ලැජ්ජයි.(නදී)

:       0       0

ගුණේ Friday, 07 March 2014 04:18 PM

ඇෆ්ගන් ජනපති තුමනි ඔබට ලංකාවෙන් තෑග්ගක් ලෙස අවශ්‍යනම් අපේ ඇමති තුමෙක් අරන් යන්න.(නදී).

:       0       0

ද සිල්වා Saturday, 08 March 2014 10:51 PM

මෙහෙ ඉන්න නාහෙට අහනේ නැති ප්‍රාදේශීය දේශපාලකයෝ රෝත්තක්ම මිහින් ලංකා එකක පටවලා ඇෆ්ගනිස්ථානයට යවන්න අඩුම තරමේ ඡන්දය ඉවර වෙනකම් වත්.(නදී)

:       0       0

සිරි Friday, 07 March 2014 05:12 PM

යනවානම් ඔන්න රට. එහෙ ඉන්න අයත් මොන උප්පර වැට්ටියක් දාල හරි රට ඇරලා යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඕන තරම් ඇබෑර්තු නම් ඇති.(නදී)

:       0       0

සුගත් Friday, 07 March 2014 05:15 PM

පොපි මල් වතු වල වෙන්න ඇති.(නදී)

:       0       0

සරත් Friday, 07 March 2014 05:30 PM

කරසායි මහතා බෝම්බ වලින් අඩුවක් නැති රටක රස්සාවල් දෙන්න හිතිලා. බෝම්බ හැමදාමත් පිපිරෙන රටක් ඕක.(නදී)

:       0       0

ද සිල්වා Friday, 07 March 2014 05:33 PM

ඇෆ්ගනිස්ථානයේ රැකියාව කරන්න යනවනම් අන්තිම කැමති පත්‍රය ලිය තබා යන්න. රස්සාවල් කරන්න යන්න වෙන රටවල් ඇත්තේම නැද්ද? රැකියා පුහුණුවට එන පුද්ගලයන් ගැනත් ගෙන එන ගමන්මලු ගැනත් සෝදිසියෙන් ඉන්න.(නදී)

:       0       0

ජ/.් Friday, 07 March 2014 06:55 PM

මෙයත් දැන්මම පුරුදුවෙනවා. (අ)

:       0       0

වීරසේකරගේ Friday, 07 March 2014 07:00 PM

ලංකාවේ ශ්‍රමිකයෝ ඇෆ්ගන් යවන්නේ තාරුණ්‍යයට හෙටක් නැතිනිසාද.(අ)

:       0       0

ඇන්ටන් Friday, 07 March 2014 07:25 PM

ඇෆ්ගනිස්ථානයට අපේ රටේ ශ්‍රමිකයන් විකුනන්න තරම් අපේ ශ්‍රී ලංකාව පහත් මට්ටමකද ඉන්නේ ? (අ)

:       0       0

අසංග Friday, 07 March 2014 07:36 PM

කුඩු සදහා පොපි මල් වවන ගොවිපලවල් මෙහි ඇත.(නදී)

:       0       0

විද්‍යා Friday, 07 March 2014 09:13 PM

ජාත්‍යන්තර හමුදාව ආපසු ගිහාම දොර වැසේ. තලෙයිබාන් කියන අන්ත වාදීන් නැවතත් එම රට ටිකෙන් ටිකෙන් අල්ලාගෙන යනවා . මෙයාගේ රටත් දුවන්නේ ජාත්‍යන්තර ආධාර වලින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2153 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2215 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2774 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5802 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1901 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6543 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18469 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 90 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site