තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.
ඔහු සමුගන්නා අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණියහ.
ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි හා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ(6)පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව දෙරට අතර සහයෝගීතා ගිවිසුම් 4 ක් අත්සන් තැබිණි.
ඇෆ්ගනිස්ථාන හෙදියන් ශ‍්‍රී ලංකාවේදී පුහුණු කිරීමේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම, මෙරට පුහුණු සහ වෘත්තීය ශ‍්‍රම බලකායට ඇෆ්ගනිස්තානයේ රැකියා සම්පාදනය සඳහා ගිවිසුම සහ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අවබෝධතා ගිවිසුම මේ අතර වන බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ ඇෆ්ගනිස්තානයේ රැකියා වලට යාමට පෙර එරට ඇති යුදමය කලබලකාරී තත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න. ආරක්ෂාව නම් දෙනවයි කියයි. ඒත් ඉතින් තමන්ගේ සොල්දාදුවන්ව ආරක්ෂා කර ගන්න බැරුව විදේශිකයන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද ? (නදී)
හෙට අනිද්දා සෝමාලියාවේ ඉන්න මුහුදු කොල්ලකර නායකයෙක් ලංකාවට ඇවිත් එහෙ රස්සා දෙනවා කියල කිවුවොත් ඔවුන්වත් මල්මාලා දල පිළිගන්න අපේ දෙශාපලකයෝ සැදී පැහැදී ඉන්න අතර , ලංකාවේ ජිවන බර අධික නිසා ලංකාව හැරදමා සෝමාලියාවට උනත් යන්න ලස්තිවෙලා ඉන්න දුප්පත් නුගත් ජනතාවකුත් ඉන්නවා (දී)
ඇෆ්ගනිස්ථානයේ රැකියාව කරන්න යනවා කියන්නේ ජීවිතය පරදුවට තැබීමක් වාගේ. හැම තැනම බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම්. ඉස්සර ලංකාවේ වාගේ.(නදී)
මෙහෙ ඉන්න නාහෙට අහනේ නැති ප්‍රාදේශීය දේශපාලකයෝ රෝත්තක්ම මිහින් ලංකා එකක පටවලා ඇෆ්ගනිස්ථානයට යවන්න අඩුම තරමේ ඡන්දය ඉවර වෙනකම් වත්.(නදී)
ලංකාවේ දොරවල් ඇප්ගනිස්ථානයට හොදහැටි ඇරලතියනබව ගෙන්වන කුඩු තොගවලින් පේනවා. විලි ලැජ්ජයි.(නදී)
ඕස්ට්‍රේලියා වගේ රටවලට වැඩිපුර සරණාගතයෝ යන්නේ ඇප්ගනිස්ථානය, ඉරානය වගේ රටවලින් තමා. ලංකාව ඒ සරණාගතයන්ගේ ගෙවල් වලට වැඩට කාන්තාවන් යවන රට. අපි සරණාගතයන්ටත් පහලයි. (අ)
මේ ඇෆ්ගනිස්ථාන් රට අන්තිම භයානක රටක්. ඉන්න මිනිස්සු හදන්නෙත් වෙන රටකට පැනල යන්න. අනේ අපේ මිනිස්සු මේවා මොලේ කල්පනා කරලා තේරුම් ගත්තොත් ලොකු දෙයක්. (අ)
අදායම් මාර්ගය පොපි මල් ලෝකෙට බෙදන එක. එහෙව් රටේද ලංකාවේ තරුණයින්ට රැකියා දෙන්ට යන්නේ. යුරෝපයේ සරණාගත කඳවුරු වල ඉන්න තරමක් ඇෆ්ගන් තරුණයන් .(අ)
මන් වැඩ කරන්නෙත් ඇෆ්ගන් වල නේටෝ හමුදා කෑම්ප් එකක. මේ රටේ මිනිස්සු විදින දුක අපිට පේනවනේ. හරියට කන්න නෑ. සීතල වැඩි කමට මිනිස්සු ගොඩක් මැරෙනවා. දර පුච්චගෙන තමයි ගෙවල් වල ඉන්නේ. මේ අය 500ක් විතර අපේ කෑම්ප් එකේ වැඩ කරනවා.(නදී)
මගේ දරුවෝ මොන නොසන්ඩාල වැඩේ කලත් ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒ අයට ලංකාවේ ඉඩක් ලැබෙන්න නම් එක්කෝ ලංකාවේ තරුණයෝ කැරළි ගහන්න ගිහිල්ල වෙඩි කාල මැරෙන්න ඕනේ. නැත්නම් වෙන රටවලට පනින්න ගිහිල්ල මගදී මුහුදෙදි මැරෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඇෆ්ඝනිස්තානය වැනි "පව්කාර" දේශයකට ගිහිල්ල යුද්ධයකට මැදිවෙලා මැරෙන්න ඕනේ. "තාරුණ්‍යයට හෙටක්" කියල වෙන නම් වලින් හඳුන්වන්නේත් ඔය ක්‍රියාවලියම තමයි. (නදී)
බෝට්ටුවෙන් ගිහින් ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ ඉතාලියේ රස්සා හොයනවාට වඩා මෙහෙ ආරක්ෂාව හොඳයි මගෙ හිතේ.(නදී)
මතක තියාගන්න, බුදු පිළිම විනාශ කල රටක් බව.(නදී)
බෙල්ල නැතුව එන්න වෙන්නේ ..(අ)
නියම තැන හිඟා කන්නන්ට. (නදී)
මෙහෙ මිනිස්සුන්ටත් රැකියා නැහැ අපේ අයට කොහෙන් රැකියා දෙන්නද ? (නදී)
ඇෆ්ගනිස්තානේ කොහෙද රස්සා තියෙන්නේ ඒගොල්ලොත් රස්සා හොයාගෙන අනාථයෝ සරණාගතයෝ වශයෙන් යුරෝපයට ,ඇමරිකාවට ,ඔස්ට්‍රලියාවට වගේ රටවල් වලට යනවා.(නදී)
ජාත්‍යන්තර හමුදාව ආපසු ගිහාම දොර වැසේ. තලෙයිබාන් කියන අන්ත වාදීන් නැවතත් එම රට ටිකෙන් ටිකෙන් අල්ලාගෙන යනවා . මෙයාගේ රටත් දුවන්නේ ජාත්‍යන්තර ආධාර වලින්.(නදී)
කුඩු සදහා පොපි මල් වවන ගොවිපලවල් මෙහි ඇත.(නදී)
ඇෆ්ගනිස්ථානයට අපේ රටේ ශ්‍රමිකයන් විකුනන්න තරම් අපේ ශ්‍රී ලංකාව පහත් මට්ටමකද ඉන්නේ ? (අ)
ලංකාවේ ශ්‍රමිකයෝ ඇෆ්ගන් යවන්නේ තාරුණ්‍යයට හෙටක් නැතිනිසාද.(අ)
මෙයත් දැන්මම පුරුදුවෙනවා. (අ)
ඇෆ්ගනිස්ථානයේ රැකියාව කරන්න යනවනම් අන්තිම කැමති පත්‍රය ලිය තබා යන්න. රස්සාවල් කරන්න යන්න වෙන රටවල් ඇත්තේම නැද්ද? රැකියා පුහුණුවට එන පුද්ගලයන් ගැනත් ගෙන එන ගමන්මලු ගැනත් සෝදිසියෙන් ඉන්න.(නදී)
කරසායි මහතා බෝම්බ වලින් අඩුවක් නැති රටක රස්සාවල් දෙන්න හිතිලා. බෝම්බ හැමදාමත් පිපිරෙන රටක් ඕක.(නදී)
පොපි මල් වතු වල වෙන්න ඇති.(නදී)
යනවානම් ඔන්න රට. එහෙ ඉන්න අයත් මොන උප්පර වැට්ටියක් දාල හරි රට ඇරලා යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඕන තරම් ඇබෑර්තු නම් ඇති.(නදී)
ඇෆ්ගන් ජනපති තුමනි ඔබට ලංකාවෙන් තෑග්ගක් ලෙස අවශ්‍යනම් අපේ ඇමති තුමෙක් අරන් යන්න.(නදී).
මෙතුමා කාබුල් නගරයේ නගරාධිපති ( මේයර් ඔෆ් කාබුල් ) කියලා තමා හඳුන්වන්නේ. හේතුව මෙතුමාගේ පාලනය කාබුල් නගරයට පමණක් සීමාවී තිබීමයි. නගරයෙන් පිටත කිසිම පාලනයක් නැති අරාජික රටක්.(නදී)