IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලෝකාපවාදයෙන් බේරෙන්න ඉන්දියාවට බෑ

බුද්ධගයාවේ මහාබෝධි විහාරයට පහරදීමේ තැතක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදී එය වැළැක්වීමට නොහැකිවීයැයි භාරතීය ජනතා පක්ෂය හා ඉන්දියාවේ වෙනත් පක්ෂ ඉන්දියා රජයට හා බිහාර් ප්‍රාන්ත රජයට චෝදනා කරයි.

අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පූජනීය ස්ථානයකට ප්‍රමාණවත් ආරක්ෂාව දීමට නොහැකිවීම ගැන ලෝකාපවාදය බිහාර් ප්‍රාන්ත රජයටත් මධ්‍යම රජයටත් හිමිවනු ඇතැයි ද ඔවුහු කියති.

බුද්ධගයාවට පහර දෙන බව කල් ඇතුව කියා තිබියදී සුදුසු ආරක්ෂක වැඩපිළිවළක් නොයෙදීම ගැන මධ්‍යම රජයත් බිහාර් ප්‍රාන්ත රජයත් වග කිවයුතුයැයි ද, අනාගතයේදී එවැනි දේ සිදුවීමට ඉඩ නොදියයුතු යැයි ද භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක ප්‍රකාශ් ජවාදෙකාර් කියයි.

 

 



අදහස් (0)

ලෝකාපවාදයෙන් බේරෙන්න ඉන්දියාවට බෑ

අසේල Sunday, 07 July 2013 08:48 PM

රසිකා හරියටම හරි. අපේ අය දැන්වත් අවබෝධ කරගන්නවා නම් හොඳයි.අනික සේනාවල් ගැන අමාරුවෙන් කතා කරන්නෙත් ඒවා තියෙනකන් මේ වගේ අපරාධ කරන්න මේ රටේ ඉඩකඩ නැති බව දන්න උදවිය තමයි. (නි)

:       0       0

ඇසළ Sunday, 07 July 2013 09:25 PM

අපේ කට්ටියට මේවා තේරෙන්නේ තව පහුවෙලා තමයි. පේනවනේ ප්‍රාන්ත රජයටයි මහා රජයටයි එයාලගේම අය දොස් කියන හැටි. අපිට කන්න නැතත් කමක් නැහැ පළාත් සභා විසුරුවලා මධ්‍යම රජය විතරක් තිබුනහම ඇති. (නි)

:       0       0

නිමල් Sunday, 07 July 2013 09:37 PM

හැම දෙයකටම සේනාව මතක් වෙන අයටයි මේ. රටින් පිටවෙලා ඉන්න ඔයගොල්ලන්ට වැඩිය සේනාව අපිට වටිනවා. සිංහල ද්‍රෝහියන් සේනාවට බැන්නට එයට කැපවුණ පිරිසකුත් සිටිනවා. ඔය ගොල්ලන්ට වැඩිය එම පිරිස දහස්වාරයක් ශක්තිමත්. (නි)

:       0       0

අමිල Sunday, 07 July 2013 09:44 PM

ඔන්න බලන්න ඔය ළඟදීම වෙන වැඩේ. බුදුන්ට අත ඔසවපු අයට වෙනදේ බලාගන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා විනාශ කරපු මිත්‍යා දෘෂ්ට ඇෆ්ගනිස්ථාන් වලට වුනදේ මතකනේ. (ත)

:       0       0

ස්ටික් Sunday, 07 July 2013 10:38 PM

එතකොට දැන් තියෙන විදිහට සිද්ධස්ථාන, ජාතික කෞතුකාගාරය එහෙම හොදින් රැකුනද? (නි)

:       0       0

ප්‍රියා Monday, 08 July 2013 10:23 AM

ෆර්සාන්, කාටද මේ දිට්ට ධම්ම වේදනීය කර්ම පල දෙන්නෙ? දන්නෙ නැති දේවල් කතා නොකර ඉන්නවා නම් හොඳයි. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 07 July 2013 11:48 PM

බාමියන් බුදුපිළිම විනාශ කරලා ඇෆ්ගනිස්ථානය තවම විදවනවා...කවුරු කවුරුත් ඒක මතක තිය ගත්ත නම් හොඳයි (ත)

:       0       0

දයාවංශ Monday, 08 July 2013 12:12 AM

ඉන්දියාවේ අයට තව නොතේරන දෙයක් තමා, ඉන්දියාවට එන. විශේෂයෙන් දඹදිවට එන ලංකාවෙන් හා අනිකුත් රට වලින් එන සංචාරකයින් නෑවතීමෙන් ආර්තික වශයෙන් ඔවුන්ට සිදුවන විශාල පාඩුව.(නදී)

:       0       0

සෙනරත් Sunday, 07 July 2013 05:07 PM

ලංකා රජයත් මේ සම්බන්දව හෙළාදකීමක් සහ විරෝදයක් ඉන්දීය රජයට දක්වන්න (නි)

:       0       0

සුජීව Monday, 08 July 2013 11:01 AM

මම නම් සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ආගමට විරුද්ධයි (නි)

:       0       0

රජිත් ඉතාලි Sunday, 07 July 2013 05:31 PM

සේනාව, සීරුවේන් සිටින්! (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 05:31 PM

මොන බෝම්බ ගැහුවත් සත්‍ය යටපත් කරන්න බැහැ. ඇෆ්ගනිස්ථාන් වලට වුනදේ මතක තියාගත්තොත් දිට්ට ධම්ම වේදනීය කර්මය පලදෙනකම් ඉන්නම ඕනෑත් නැහැ. (නි)

:       0       0

රසිකා Sunday, 07 July 2013 05:40 PM

දැන් තේරෙනවද පොලිස් බලතල බෙදීමේ අනතුර? මහා ආණ්ඩුවට පුළුවන් කණගාටු වෙන්න විතරයි. නැගෙනහිර බොදු සිද්ධස්තාන වලට වෙන දේ දැන්ම හිතා ගන්න පුළුවන් (නි)

:       0       0

සදුනි Sunday, 07 July 2013 05:50 PM

මහලොකුවට අපිට ලොකු ලොකු කතා දාන ඉන්දියාවේ ආරක්ෂාව බිංදුවයි (නි)

:       0       0

ශාන සෞදි Sunday, 07 July 2013 06:09 PM

ඉන්දියාවට තමන්ගේ රටේ ත්‍රස්තවාදින් අන්තවාදීන් පාලනය කරගන්න බැරුව ඉදගෙනද අපේ රටේ තියන ප්‍රශ්න විසදන්න හදන්නේ? කිසිම පළාත් සබාවකට පොලිස් හෝ ඉඩම් මෙන්ම අනවශය බලතල කිසි සෙත් නොදිය යුතුයි. ඕනෑම පළාත් සභාවක නිලදාරියෙක් මන්ත්‍රීවරයෙක් හෝ සබාපතිවරයෙක් රජයට ඉවත් කලහැකි මෙන්ම පොලිසියට අත්අඩංගුවට ගත හැකි වන ලෙස 13 වැනි සංශෝදනය කළයුතුයි (නි)

:       0       0

ලුම්බිණි Monday, 08 July 2013 05:56 AM

මම හිතනවා ලංකා රජයත් ඉන්දියානු රජයත් එකතු වී වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. වන්දනාවේ යන අය දැනුවත් කිරීමෙන් සහ මෙතන ආරක්ෂාව වැඩිකිරීමෙන් මෙවැනි දේවල් වීම වලක්වා ගත හැකි වේවි. (නදී)

:       0       0

රසික ඕමාන් සිට Sunday, 07 July 2013 06:29 PM

දළදා මාලිගාවට පහරදුන් කොටින්ට උනදේම මෙයලටත් සිදුවේවා (ත)

:       0       0

බමුණු Sunday, 07 July 2013 06:32 PM

[සේනාව, සීරුවේන් සිටින්!] මෙයා සිංහල බුද්ධාගමේ කෙනෙක් වෙන්න බැහැ. ලංකාවේ වුනා නම් අපි සේනාව සමග තමයි. එහෙම නම් මෙලහකට වැඩ ගොඩක් කෙරිලා තේරුනාද රජිත්? (නි)

:       0       0

සමන් Monday, 08 July 2013 06:17 AM

සම්පත් ප්‍රියංකර ගේ මතයට මමත් එකගයි , කිරි දීලා නයි ඇති කලානම් උන්ගේ විෂ නසන හැටි අපිට දැන් බලාගන්න පුළුවන්. අපි එයාලට අනුකම්පා කරමු. නිසි වේලාවට එයාලට පිළිතුරු ලැබේවි.(නදී)

:       0       0

මංජුල Sunday, 07 July 2013 06:44 PM

සියලුම බෞද්ධයින් හැටියට අපි මෙය හෙලා දැකිය යුතු අතර මේ අවස්ථාවේ සියලු සංවිදාන ජනතාව කුපිතවෙන අයුරින් කටයුතු කිරීමෙන් වැළකිය යුතුයි . එසේ වුවහොත් මෙම සිදුවීමට සාදාරනිකරණයක් කිරීමට අදාල ආගම් උත්සාහ දරාවි. (නි)

:       0       0

උපාලි Monday, 08 July 2013 07:33 AM

කිරි දීලාම නයි ඇති කළත් විෂ විෂම තමයි.උන්ටත් සමහර සිංහල ද්‍රෝහියන්ටත් නිසි වේලාවට පිළිතුරු ලැබේවි. (නි)

:       0       0

කුමාර Sunday, 07 July 2013 07:00 PM

මේ විදියට ගියොත් ලංකාවේ තියෙන ඉන්දියානු බිස්නස් අකුලාගෙන යන්න වෙයි (ත)

:       0       0

රූපා Monday, 08 July 2013 07:40 AM

අපිට කන්න නැතත් කමක් නැහැ පළාත් සභා විසුරුවලා මධ්‍යම රජය විතරක් තිබුනහම ඇති. මහලොකුවට අපිට ලොකු ලොකු කතා දාන ඉන්දියාවේ ආරක්ෂාව බිංදුවයි. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 07 July 2013 07:04 PM

ලංකාවෙත් බෝම්බ පිපිරුනේ නැතුවට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. දේශපාලකයන් ගැන හිතීම විහිළුවක් (නි)

:       0       0

දම්මි Sunday, 07 July 2013 07:21 PM

රජිත් ඉතාලි නම් මහ පුදුම මිනිහෙක් (නි)

:       0       0

රංජිත් Sunday, 07 July 2013 07:24 PM

ඉතාලියේ රජිත් ට මොකක්ද අමාරුවක්. සමහරවිට ඔලුවේ වෙන්න ඇති. තියනවා නම් ඔලුවක් සේනාව ගැන තව ටිකක් ඔලුවෙන් බලන්න. (නි)

:       0       0

ෆර්සාන් Sunday, 07 July 2013 07:29 PM

දිට්ට ධම්ම වේදනීය කර්ම තමයි මේ පළ දෙන්නේ. (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 07 July 2013 07:46 PM

ඉන්දියාවේ බහුතරය හින්දු ආගමිකයන් නිසා බුද්ධාගම ගැන කිසි හැගිමක් නැහැ එම රජයට. බුදුරජාණන් ‍වහන්සේ ඉන්දියාවේ ඉපදුනත් බුදු දසුන ඉන්දියාවෙන් ලෝකයට ගියත්, හින්දු ආගම රැකිම තමා මද්‍යම රජයෙන් කරන්නේ. හින්දුවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වන නිසයි ඒ. එය අපේ රටේ බලයට පත් වන අය බුදුදහම පිටින් යනවා සේමයි (නි)

:       0       0

චින්තක Sunday, 07 July 2013 08:44 PM

ලෝක අපවාදයෙන් බේරුනත් දෙමල ත්‍රස්තවාදයෙන් නම්, ඉන්දියාවට බේරෙන්න බැරි බව පැහැදිලිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 98 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1010 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2264 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site