IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලොකුම ගස සෙවණ දෙන ගිනිදන නගරය

2016-12-29-ent-03

මන්නාරම කියන්නේ සංචාරයේදී දකින්න දෑ රාශියක් තියෙන ප්‍රදේශයක්. කලක් යුද්ධය නිසාවෙන් තහනම් කලාපයක් වුණාට දැන් මන්නාරම සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්වෙලා. දැනට ටික කාලෙකට කලින් අපි walk121 එක්ක ඔබව මන්නාරම් කොටුව බලන්න එක්කගෙන ගියා. අතීතයේදී දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලා මැරෑ මන්නාරම් කොටුව හැරැනාම මන්නාරමේ බලන්න දේවල් තව බොහෝමයක් තියෙනවා. ඒ අතරින් අද අපි යන්නේ සොබාව දහමේ අපූරැ නිර්මාණයක් වුණ සියවස් ගණනක් පැරුණි බයෝබැබ් ගස බලන්න. බොහෝදෙනා මේ ගසේ ඡායාරෑප දැකලා ඇති. නමුත් මේ මොකද්ද, ඇයි මේක වැදගත් කියලා දන්නේ නැතිව ඇති. අද අපි මේ දේවල් දැනගමු.

 

2016-12-29-ent-02මන්නාරම්පිටි වැල්ල සිපගෙන හමා එන මද නලෙහි මුසුව ඇති දාහය රටේ වෙනත් කොතැනකදිවත් නොදැනෙන තරම්. ඒ ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නගරය මන්නාරම වන නිසයි. 

එමෙන්ම ලංකාවේ අඩුම වර්ෂාපතනය ලැබෙන්නෙත් මන්නාරමටයි. ඒ වාර්ෂිකව මිලි මීටර 975ක්. කොතරම් ශුෂ්ක වූවත් මන්නාරම් ජනතාවට ඒ පරිසරය හුරැ පුරැදුයි. අපි මුලින්ම කිව්වා වගේ යටත් විජිත සමයේ පාලකයන් ඇති දැඩි කළ අශ්වයන්ට ඖෂධ තනාගැනීම සඳහා මැඩගස්කරයෙන් ගෙන්වා සිටවූ බයෝබැබ් නම් වූ මහා වෘක්ෂ අතරින් ඉතිරිවූ ගස  තවමත් මන්නාරම් නගර මධ්‍යයේ දක්නට ලැබෙනවා. ලංකාවේ ඇති බයෝබැබ් ගස්වලින් වට ප්‍රමාණයෙන් වැඩිම ගස තිබෙන්නේ මන්නාරමේ. එහි වට ප්‍රමාණය අඩි 64යි, උස අඩි 24යි. එහෙම කිව්වාම හිතේවී තව බයෝබැබ් ගස් ලංකාවේ තියෙනවාද කියලා. දැනට තියෙන තොරතුරැවලට අනුව බයෝබැබ් ගස් 40ක් විතර ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් විතරක් බයෝබැබ් ගස් 34ක් හඳුනාගෙන ඇති බවයි කියන්නේ. ඒ බොහෝ ගස් අවුරැදු 300ත් 400ත් අතර පැරුණි ඒවා. අපි මේ බලන්න පැමිණි ගස මන්නාරම නගරයෙන් ඇතුළට තියෙන පල්ලිමුනෙයි පාරේ පුංචි දුරක් ගියාම දකින්න පුළුවන්. මේක තමයි ලංකාවේ පැරුණිතම බයෝබැබ් ගස.

ඒ වගේම විශාලම ගස ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව හා මැඩගස්කරයට ආවේණික වූ බයෝබැබ් වනස්පතීන් මෙරටට ගෙන්වා ඇත්තේ ලන්දේසීන් හා පෘතුගීසීන් විසින්. එකල මෙරට අශ්ව වෙළෙඳාම සරැවට සිදුකෙරැණා. ලංකාවේ විශාලතම අශ්ව ගහනය අදත් වෙසෙන්නේ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ. අශ්වයන්ට බේත් හදන්න ගෙන ආ බයෝබැබ් ගස්වලින් කිහිපයක් අදත් ඩෙල්ෆ්ට් දූපතේ නිරැපද්‍රිතව තිබෙනවා.

 

Text / Pic- Prasad

 

2016-12-29-ent-09
2016-12-29-ent-08
2016-12-29-ent-07
2016-12-29-ent-06
2016-12-29-ent-05
2016-12-29-ent-04



අදහස් (1)

ලොකුම ගස සෙවණ දෙන ගිනිදන නගරය

ඔසද Monday, 24 January 2022 03:13 PM

ඇත්තටම ගොඩක් තොරතුරු දැනගත්තා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 24 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 168 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 233 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 440 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 155 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 115 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site