IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


’’ලෝකෙම දන්න දේ මේ ආණ්ඩුව දන්නේ නැද්ද?’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපනයනකරුවන්ගේ සුබ සිද්ධිය සඳහා එක්ස් වැට් ක්‍රමය මෙලෙසම ක්‍රියාත්මක වීම හොඳ බවට යෝජනා ලැබී තිබෙනවා. අප රටේ අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා.අපට අපේ අදහස් මේ සභාවට ඉදිරිපත් කිරීමටත් පින්සෙන්ඩු වෙන්න සිදුවී තිබෙනවා.

ඩොනල් ට්‍රම්ප්  ජනාධිපති වෙච්ච එක වත් රජය දන්නේ නෑ මං හිතන්නේ. ඩොනල් ට්‍රම්ප් චන්දෙ දිනන්න පෙරම අදාල බදු පනවන කතාව කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ වගේ චන්දෙ දින්නට පස්සේ ඒ ප්‍රතිපත්ති වෙනස් කරාවි කියලා මේ ආණ්ඩුව හිතුවද දන්නේ නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (13)

’’ලෝකෙම දන්න දේ මේ ආණ්ඩුව දන්නේ නැද්ද?’’

නිමේෂ් Wednesday, 09 April 2025 12:29 PM

මම හිතන්නේ ඇමරිකාවට වඩා අපිට ගේම දීලා තියෙන්නේ ඉන්දියාව, බදු ගහන්න කලින් ට්‍රම්ප් ඉන්දියාව හැඳින්නුවේ "tariff king " කියලා, හැබැයි මෝඩි ට්‍රම්ප් එක්ක ඩීල් එකක් දාලා අන්තිමට ඉන්දියාවට කලාපේ අනිත් රටවල් වලට වඩා සෑහෙන්න අඩු බදු ප්‍රතිශතයක් ගහලා, දැන් ලංකාව වගේ වටේ තියන පොඩි රට වල බිස්නස් ටික ඔක්කෝම ඉන්දියාවට අල්ලාගන්න පුළුවන්...

:       71       7

Pradeep Kumara Wednesday, 09 April 2025 12:43 PM

අනේ ලොක්කා ඔයා කියන්නේ මොනවාද කියලා ඔයාවත් දන්නේ නෑ. දෙයක් වෙනතුරු බලා ඉඳලා ඕනෑම කෙනෙකුට කතන්දර කියන්න පුළුවන්. ඔයාලා බලයේ ඉන්නකොට කරපු දේවලුත් ජනතාවට හොඳට මතකයිනේ...!

:       56       15

FernandoWednesday, 09 April 2025 03:35 PM

ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදීත් කිව්වා අවාසිදායක වෙළෙඳ ශේෂ තියාගෙන ඉන්න හැම රටකටම බදු ගහනවා කියලා. අපේ අපනයන වැඩිපුරම යවන ඇමරිකාවට බදු අයින් කරලා සහනයක් දීලා හිටියා නම් ඔහොම බදු වදින්නේ නෑ ලංකාවට. ආණ්ඩුවේ අදූරදර්ශී බව තමයි මේකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ...

:       5       6

කව්ද බෝයි Wednesday, 09 April 2025 01:34 PM

මෙයා විපක්ෂනායක කියලවත් රටේ බහුතරයක් නොදන්න එකේ ඕක මොකක්ද?

:       43       17

Hemantha Wednesday, 09 April 2025 01:43 PM

ඉදලා ඉදලා වැදගත් දෙයක් කිව්වා.... අන්න එහෙම ඉන්න

:       6       53

සෙනෙවිරත්න Wednesday, 09 April 2025 01:58 PM

දැන් ඕක කලින් දැනගත්තු අයට බදු නිදහසක් දුන්නද කියලා කියන්නකෝ, තමුන්නැහැ ආයෙමත් ගොන්කම ප්‍රදර්ශනය කරනවා...

:       44       18

සමන්ත Wednesday, 09 April 2025 02:02 PM

ඔබතුමලා ඔවා කලින් දැනගෙනත් නිකමටවත් අනුරලට කීවේ නැහනේ තියෙන කුහක කමට .

:       35       13

KrishanWednesday, 09 April 2025 03:29 PM

අය වැය විවාදෙදීත් සජිත් මේ ගැන ආණ්ඩුවෙන් ඇහුවා. සජිත් මෝඩයා කිය කිය හිනා වෙවී හිටියා. අන්තිමට තමයි මෝඩ ආණ්ඩුවට තේරුනේ මීට කලින් ඇමරිකා ආණ්ඩුවත් එක්ක කතා කරලා තිබුනා නම් මීට වඩා සෑහෙන්න බදු අඩු කර ගන්න තිබුනා කියලා.

:       4       5

අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:29 PM

ඕන එකයි එපා එකයි හැමදේම කියවන ඔයා, ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති ගැන ඔය තරම් දැනගෙන හිටියා නම් ඒ ගැන එක වචනයක් කතා කෙරුවේ නැත්තේ රට වැටෙයි කියලා ආසාවෙන් බලා හිටිය නිසාද ? අනේ යන්න සජිත් අපි නොදන්න මොණරතැන්න !

:       30       10

ගමේ එකාලා Wednesday, 09 April 2025 02:53 PM

අසමගි ජන බලවේගයේ ඉන්නා අයත්, නායකයගේ වැඩ හින්දා, පක්ෂය අතහැර ගියා කියලාවත් දන්නේ නැතුව ඇති...

:       1       7

idr tharanga Wednesday, 09 April 2025 03:15 PM

එතකොට අක්කා හොර සල්ලි ගහනවා කියලා දැන දැනත් ඇයි පොලිසියට කියලා අල්ලලා දුන්නේ නැත්තේ...!

:       2       3

Jinna Wednesday, 09 April 2025 03:32 PM

සජිත් මෙතනදි හරි කතාව කිව්වා. යූ ටියුබ් එකෙත් අපි දැක්කා සජිත් මේක කලින්ම ප්‍රශ්න කරනවා. කොහේද මේ ආණ්ඩුවට සෑහෙන්න වැඩ තිබුණානේ. රිලව් ගණන් කරා, බූරුවෝ හෙව්වා, ඩේසි ආච්චිට හාල් ගැරුවා, මහින්දව ගෙයින් එලෙව්වා, බල්ලෝ හාල් කාපුවා හෙව්වා, චාමරගේ ඉස්කෝල බෑග් දීපුවා හෙව්වා, ඉතින් කොහේද මේ වගේ වැඩ වලට වෙලාවක්...?

:       6       7

සකියම Wednesday, 09 April 2025 06:37 PM

සුදා... කවුරු දන්නේ නැතත් ඔයා දන්නවානේ. ඒ මදැයි පැටියෝ.. තමන්ට වෙන්නේ මොකක්ද නොදන්නා ඔයා ඇමරිකාවෙන් කරන දේ ගැන ඔය තරම් දන්නේ...? වාව්... ලෝකෙ දේවල් හොයන ගමන්, ඡන්දයක් අත ළඟ තියෙද්දීත්, එළියට ඇවිත් මිනිස්සුන්ට කථා කථාකරන්න බැරි මොකද කියලා ට්‍රම්පච්චිගෙන්වත් අහලා දැනගන්න.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1143 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 867 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 359 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1094 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1115 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 691 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site