IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෝකයේ ලොකුම සිනමා ගම්මානය Ramoji Film City

2016-07-15-ent-50 2016-07-15-ent-45

2016-07-15-ent-52තමන් ගත්තු ඉඩමේ තිබුණු ගහක් යටට වෙලා තනියම කල්පනා කර කර හිටියලු. ඒ කල්පනා කළේ මේ ගත්තු ඉඩමට මම මොකද කරන්නේ මේ ඉඩමෙන් මට ගන්න පුළුවන් ලොකුම ප්‍රයෝජනය මොකද්ද කියන එකලු.

ආහ්... හරිත පැහැ තුරැ මුදුන අතරින් උදෑසන ළා රන්වන් ඉර එළිය පොළොවට වැටෙන වෙලාව. ළා සීතලක් ඒත් එක්කම සිරැරට උරාගන්න වෙලාව. සොබාදහම වලාකුළු වියනේ පාට තවරමින් ඉර එළියෙ පාටින් විසල් මහ පොළොව මත නෙක නෙක සිතුවම් අඳින වෙලාව... මේ වෙලාෙව රාමෝජි රාඕ හයිද්‍රාබාද්වල තමන් ගත්තු ඉඩමේ ලොකු ගහක් යටට වෙලා ලොකු කල්පනාවක.

අවසනයේදී රාමෝජි රාඕ තීරණකට ආවලු.

මම හදනවා සිනමා ගම්මානයක්... ඉන්දියානු සංචාරයේදී අපි දිල්ලියේ ඉඳන් හයිද්‍රාබාද් ගියා. හයිද්‍රාබාද්හී ගත කළ දවස් කිහිපයේදී අපේ නවාතැන වුණේ ටාජ් ඩෙකෑන් හෝටලය. ඒත් එහි හිටපු දවස් කිහිපයම අපි වෙන්කළේ සංචාරයට.

Ramoji Film City - රාමෝජි සිනමා ගම්මානය ඒ සංචාරයේදි අපි ගිය හරිම දර්ශනීය තැනක්. එහි බිම් ප්‍රමාණය අක්කර 2000ක් පමණ වෙනවා. ඒත් මුලින් අර රාමෝජි රාඕ ගහ යටට වෙලා කල්පනා කරපු දවස වෙද්දී එයා එච්චර ලොකු බිම් ප්‍රමාණයක අයිතිකාරයෙක් නෙවෙයි. ඒත් සිනමා ගම්මානය හැදීමේ තීරණයත් එක්ක අවසානයේ ඔහු අක්කර 2000ක් වෙනුවෙන් ඉන්දියානු රැපියල් වැය කළා.

සිනමා ගම්මානය ගැන විස්තර කියන්න ඉස්සර කියන්න දෙයක් තියෙනවා. රාමෝජිට සිනමා ගම්මානය හදන්න සිතුවිල්ල ආව මොහොතේ එයා බිම ඉඳගෙන හිටියේ ගහක් යටනේ. රාමෝජි සිනමා ගම්මානයේ සිහිනය හැබෑවක් වෙච්ච දවසේ ඉඳන් එයා විශ්වාස කරනවලු ඒ ගහ ප්‍රාර්ථනා සිහින යථාර්ථයක් කරන අදිසි බලයක් අරක්ගත්තු ගහක් කියලා. ඒ නිසාම එයා ඒ ගහ හැඳින්වූයේ Wonderful Tree කියලලු...

1936 නොවැම්බර් 16 වැනිදා ඉපදුණු රාමෝජි රාඕ එයාට අවුරැදු 60ක් වෙද්දී ඒ කියන්ෙන් 1996දී මේ සිනමා ගම්මානයේ සිහිනය ඇත්තක් බවට පත්කර ගත්තා.. රාමෝජි රාඕ කියන්නේ ව්‍යාපාරිකයෙක්. චිත්‍රපට නිෂ්පාදකයෙක් වගේම ජනමාධ්‍යවේදියෙක් විදිහටත් ජීවිතේ හුඟාක් භූමිකාවලට පණ දුන්න දිරියවන්ත මිනිහෙක්.

ඒක එහෙම නොවුණානම් කොහොමද ඔහු ලෝකයේ ලොකුම සිනමා ගම්මානයේ නිර්මාතෘවරයා - අයිතිකාරයා වෙන්නේ. ලෝකයේ ලොකුම සිනමා ගම්මානය හැටියට Ramoji Film City ගිනස් වාර්තා පොතට එකතු කරන්නේ...

රාමෝජි සිනමා ගම්මානයේදීත් අපට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. අපි සිනමා ගම්මානය පුරාම ඇවිද්දේ රතුපාට බස් එකකින්.

අලංකාර මහල්, පල්ලි, කෝවිල්, ගුවන් තොටුපොළවල්, දුම්රිය ස්ථාන, අලංකාර උද්‍යාන, පොකුණු මේ වගේ චිත්‍රපට පසුබිම් සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මේ සිනමා ගම්මානයේ තියෙනවා. ඒ හැම එකක්ම හදලා තියෙන්නෙ ප්ලාස්ට් ඔෆ් පැරිස් සහ ෆයිබර් වලින්. බොලිවුඩ් සිනමාවේ සම්මානයට පාත්‍ර වෙච්ච හුඟාක් චිත්‍රපට මේ සිනමා ගම්මානයේදී රෑගත කරලා තිබෙනවා. ඒ වගේම Shooting වලට එන නළු නිළියන්ට අවශ්‍ය හැම පහසුකමක්මත් චිත්‍රපට සංස්කරණයේදී අවශ්‍ය ශබ්දාගාර, ඇතුළු හැම පහසුකමක්මත් මේ සිනමා ගම්මානය සතුයි.

බොලිවුඩ් චිත්‍රපට විතරක් නෙවෙයි හොලිවුඩ්, දෙමළ, තෙළිඟු අැතුළු හුඟක් චිත්‍රපට මේ සිනමා ගම්මානයේ රෑපගත කිරීම් කරලා තියෙනවා. රාමෝජි සිනමා ගම්මානයේදී පුංචි විවෘත රථයක නැගිලා යන්න ලැබෙන විශේෂ චාරිකාවක් තියෙනවා. ඒ යද්දී මග දෙපැත්තේ සිනාසෙන, ඇස්ගහන ලස්සන කුමාරිකාවන්ගේ රෑප තියෙනවා. එක එක විදිහෙ වැඩවල නිරත වෙච්ච විවිධ ඉරියව් සහිත මිනිස්සුන්ගේ සත්තුන්ගේ රෑප තියෙනවා. බස් රථයෙන් නැගී කරන සංචාරයටත් වඩා ඒ පුංචි රථයේ නැගී කරන සංචාරය හරිම ප්‍රීතිමත්.

ඒ වගේම සිනමා රෑප රාමුවක් හදනවා නම් වැස්ස, සුළඟ, කරත්ත රෝද ශබ්දය වගේ සිනමා පටයකට අවශ්‍ය විවිධ ශබ්ද වැලි, පොල්කටු වගේ දේවල් උපයෝගී කරගෙන නිර්මාණය කරන හැටි ගැන සජීවී අත්දැකීමකුත් රාමෝජි සිනමා ගම්මානයට යන කෙනෙකුට ලබාගන්න පුළුවන්.

රාමෝජි සිනමා ගම්මානයේදී වින්ද වින්දනීයම අත්දැකීමක් තමා 3D කෙටි චිත්‍රපටයක් බලන්න ලැබුණු අවස්ථාව. චිත්‍රපටයක් කිව්වට ඒක අපිවත් සජීවි රෑප රාමු තුළටම ඇඳලා ගන්න අමුතුම අත්දැකීමක්. ච?ිත්‍රපටය බලපු කට්ටියගේ කෑ ගැහිල්ල, සිනා කෙළවරක් නැතුව ඇසුෙණ් ඒ අත්දැකීම ඒ තරමට සජීවීව හිතට දැනුණු නිසා.

වාර්ෂිකව රාමෝජි සිනමා ගම්මානය නරඹන්න එන සංචාරක පිරිස මිලියන 1.5ක්ලු. ෂාරැක් ඛාන් - දීපිකා පදුකෝන් රඟපාපු චෙන්නායි එක්ස්ප්‍රස්, රිතික් රෝෂන් රඟපාපු ක්‍රිෂ් 3 වගේ චිත්‍රපට ගණනින් කියන්න බැරි තරමක් මේ සිනමා ගම්මානයේදී රෑපගත කරලා තියෙනවා.

රාමෝජි සිනමා ගම්මානයට ගිය අපට එහි භෝජනාගාරයේදී ලැබුණු භෝජන සංග්‍රහයත් ඉන්දියානු ආහාර සංස්කෘතියේ කැඩපතක්. රාමෝජි සිනමා ගම්මානයට යන කෙනෙක් රසවත් සුප් වර්ග ඇතුළු ඒ ඉන්දියානු ආහාරවල රස නොවිඳ නොයන තරම්. ඒ භෝජනාගාරය පුරා බොලිවුඩ් සිනමාවේ අතීත තරැ පරම්පරාවල සිට අලුත්ම පුංචි තරැ දක්වා හුඟාක් අයගේ පිංතූර ගහලා තියෙනවා.

රාමෝජි රාඕගේ සුවිසල් මන්දිරය තියෙන්නෙත් මේ සිනමා ගම්මානය කෙළවරක කඳු ගැටයක් ඉස්මත්තේ...

හිරැ නැගෙන හැම තත්ත්පරයකමත්

හිරැ හැංගෙන හැම තත්ත්පරයකමත්

පුර සඳ මෝදු වුණු හැම රුයකමත්

රාමෝජි රාඕ ප්‍රාර්ථනා ගස පාමුල සිට දැකි සුබ සිහිනයේ යථාර්ථය කීවරක් නම් රසවිඳින්නට ඇත්ද...

Ramoji Film City පියමං කර එන මොහොතේ මා සිතට නැඟුණු සිතුවිල්ල එයයි...

 

සංජු

(ඉන්දියානු සංචාරයකින් පසු)  

 

2016-07-15-ent-51
2016-07-15-ent-49
2016-07-15-ent-48
2016-07-15-ent-47
2016-07-15-ent-46
2016-07-15-ent-44
2016-07-15-ent-43



අදහස් (0)

ලෝකයේ ලොකුම සිනමා ගම්මානය Ramoji Film City

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 717 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1539 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2307 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5940 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4069 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site