‘ජීනිවා නුවරින් දැන් රටේ සෛවරීභාවයට හානි කරන නීති රීති පනවනවා’ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (12) බත්තරමුල්ල සමෘද්ධි උත්සව ශෘලාවේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සම්මේලනයට එක් වෙමින් කීයාසිටියේය.
‘ආණ්ඩුවේ ලොකුම පොරොන්දුව වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි . විධායක ජනාධිපති ක්‍රමය හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය දැන් ඒ ව්‍යවස්ථා පැත්තකට දාලා. කොඩිය, සිංදුව, රාජ්‍ය ආගම වැනි දේ තමයි සංශෝධනය කරන්න යන්නේ. ඒවාගේම දේශපාලන පළිගැනීම හා විවිධ මර්දන කරගෙන යනවා. රටේ එකම වැඩ බිමක් වෙලා තිබුණු ලංකාව අද සොහොන් පිටියක් වාගේ.’ ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදාහනාගාරයක හිටපු අපිට සොහොන් පිටිය හොඳ වැඩියි (නි)
මේ කාන්තාවන්ට ගෙදර කොපමණ වැඩ තියෙනවද? මේ අයගේ කතා වලට සවන් දෙනවට වඩා. (නි)
හතර අතේ ණයට අරන් සද්දේ දාලා ජයට මඟුල් කෑවොත් මඟුලට පස්සේ ණය ගෙවලා පිළිවෙලක් වෙනතුරු කිරිහොදියි බතුයිනේ. රටටත් වෙලා තියෙන්නේ ඕකම තමයි. ඔබතුමාලා හතර අතේ ණය වෙලා යෝධ ඉඳිකිරීම් කරලා පෙන්නලා රට එකම වැඩබිමක් කළා. අපිත් හුරේ දාගෙන බලා හිටියා. අන්තිමට කොහෙන්වත් ණය දෙන්නේ නැතුව හිරවුණාට පස්සේ ලහිලහියේ ඡන්දයක් තියල එකතු කරගත් දේවලුත් අරගෙන මාරුවුණා (නි)
පාද යාත්‍රා යන කාලේ මෙයාලා හිටියේ යූ.එන්.පී. එකේ. මහින්දගේ ආණ්ඩු පිහිටෙව්වහම මේ පැත්තට පැන්නා. එහෙනුත් කාලා මෙහෙනුත් හොදට කෑවා. දැන් මැරිලා ඉපදිලා වගෙයි නේද මේ ඉන්නේ. (නි)
අනේ ඉතින් මේවා අහන අයත් ඉන්නවනේ! (නි)
සොහොන් පිටියේ සොහොන්පල්ලද ඔයා? කතාකිරීමේ නිදහසෙන් ප්‍රයෝජන අරන් බොරු කිය කියා ඉන්නවා. ජනාධිපතිතුමාටත් පත්තර අතේ අරන් යන්න වෙලා තියෙන්නේ මෙයාලා නිසා. (නි)
මෙතුමා රටේ දැවැන්ත සංවර්ධනයක් කළා. දැන් මාස ගණන් පාරවල් කඩාගෙන දඟලනවා. ඉවරයක් නැහැ. ඔක්කොම සංවර්ධන කටයුතු ඇණහිටලා. මෙතුමාගේ කාලේ නම් ඔයවගේ බලාහිටියේ නැහැ. ඉක්මනින්ම පටන්ගත් වැඩ ඉවර කරනවා. දැන් අපි කාපට් පාරවල් වල යන්නේ මෙතුමාට පින් සිදුවෙන්නයි (නි)
අපිට නම් මේ සොහොන් පිටිය හොඳයි (නි)
රොහාන්, ඔබ හරියටම හරි (නි)
මෙහෙම අයගේ කතා අසන්න ඉන්න අය දැක්කහම පුදුම දුකක් ඇතිවෙන්නේ. (නි)
මේවට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න අමාරුයි (නි)
ඔය කියන සමෘද්ධි නිලධාරියෝ කොහොමද මෙයාලට රැස්වීම් වලට ආරාධනා කරන්නේ? පඩි ගෙවන්නේ බැසිල් මහතාගේ ගෙදරින් නොවේනේ. බැසිල් මහත්තයා ගැන මට නම් පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ (නි)
අනේ මොකටද මගේ කට? (නි)
කවුද මෙයාලට දේශන තියන්න අවසර දුන්නේ? (නි)
අපොයි! ඒ කාලේ සොහොන් පිටි ගැන කුමට කතාද? (නි)
මට දුක මෙතන යමක් කමක් කියවන්න, ලියන්න දන්නා කට්ටියත් මෙයාගේ කතාව අසාගෙන ඉන්න හැටියි. දුකයි. ලැජ්ජයි. (නි)
ඔය ඇඳුම් ඇඳගෙන උජාරුවට ඉන්න සමහර අය දන්නේ නැහැ ඒ අය ඉන්නේ නිරුවතින් බව. (නි)
බුද්ධිමත් ප්‍රතිචාර ටිකක් අසන්ට සැලසීම ගැන ලංකාදීපයට බොහොම ස්තුතියි.(ම)
මේ අහගෙන ඉන්න පුගලයන්ට නිකමට හරි හිතෙන්නේ නැද්ද මේ කතාකරන්නේත් ජාතික ධනය ගිල්ල එක්කෙනෙක් කියලා (නි)
‘ජීනිවා නුවරින් දැන් රටේ සෛවරීභාවයට හානි කරන නීති රීති පනවනවා’ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා. (ම)
දෙවියන්ගේ නාමෙට මේ වගේ හොරුනම් මේ රටට අාපහු බිහි කරන්නනම් එපා. රට ගොඩ නගන්න එකවගේ සියලු දෙනා එක්වන්න. (බ)
අද සොහොන් පිටිය එදා හොරුන්ගේ පිටියකි? (බ)
රටේ ඉන්න හොරු ඔක්කොම දැන් මැරිලා රට වටේම හොල්මන් කරනවා ඉතුරු වෙලා තියන ටිකත් කන්න (බ)
ඈදුම් ඈදගෙනද දන්නේ නැහැ ඕවා දොඩවන්නේ (බ)
ඒ ඔයාලට, ඔයාල හිටියනම් ඒ දේ වෙන්නේ අපිට. (බ)
අපිටනම් ඒ වගේ දෙයක් පේන්නේ නෑ.(හේ)
මේ මනුස්සය සමග මේ අය රෙදි අැදගෙනද මෙහෙම එකම වේදිකාවක ඉන්නේ. (බ)
ඇමෙරිකාවේ ගෙවල් හැදුවේ කාගේ සල්ලි වලින්ද ? ඒවා බලාගන්න ලංකාවේ හමුදාවේ අය ආණ්ඩුවේ පඩිවලට ගෙන්න ගත්තේ කාගේ අවසරයෙන්ද ? (බ)
අනේ අම්මේ වැදී බණ අහන්න ඇවිල්ල ඉන්න අම්මන්ඩිලා ටික (බ)
මෙයාල හොරකම් කරන ගමන් රටටත් මොනවා හරි කළා. දැන් කොහොමද මල්ලි? හොරකම් විතරයි. මෙයාලගේ වැරදි හොයන අයට ඒවා පේන්නෙ නැද්ද? (බ)
ලජ්ජා නැතිව අායෙත් එනවනේ කතා කරන්න . මහින්ද රාජපක්ෂටත් කෙලෙව්වේ මේ වගේ අය තමා ප්‍රබල විපක්ෂයකට අපිත් කැමති , (බ)
බදු ගෙව්වට දැන් කප්පන් ගෙවන්න ඕන නැහැනේ. මෙයා තමයි පසුගිය ආණ්ඩුව විනාශ කළේ. දැන් මෙතන මොනවා දොඩවනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (බ)
මහින්ද පැරදුන දවසෙම රෑ ඇමෙරිකාවට ගියේ උඹලට ආදරයට නොවේ (බ)
මහින්ද මහත්තය දිනනකං මෙතුමා කොහේ හිටයාද කොහෙන් ආවාද කියල රටේ වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අඩුතරමේ ශ්‍රී.ල.නි. පක්ෂයේ වත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. බලයේ ඉන්නකොට මෙතුමා වැඩ කළේ හරියට හනුමා දර පලනවා වගේ පක්ෂයේ මැති ඇමතිවරු මෙතුමා ගැන හිටියේ මහත් කලකිරීමකින් සහ පිළිකුලකින්. ඕවට කතා කරනවට වඩා හොඳයි ලැබිච්ච ටිකෙන් සැහීමකට පත්වීම කියන න්‍යායයෙන් එකී දේශපාලකයින් හිටියා.(බ)
අපිට මේවට අධෝමුඛයෙන් හිනායනවා (නි)
ඔබට මොන චෝදනා තිබුනත් ඔබගේ කාලේ රට සංවර්ධනය වුණා. ආර්ථිකය දියුණු වුණා. ගම්වල පාරවල් හැදුනා. නගරේ පාරවල් හැදුනා. මිනිසුන්ට පොහොර සහනාධාර ලැබුනා. මිනිසුන්ගේ සාක්කු වලට මුදල් ආවා. අනේ අද ඒ මොකුත් නැහැ. හැබැයි ඉස්සර තිබුන විදියටම කොමිස් ගැහිල්ල, අැමතිලට සැප දීම නම් තියෙනවා. (නි)
හැබැයි ගම්පහ පැත්ත තමුන්ට තහනම්. ඕනෑදෙයක් මැදමුලනට වෙලා කරගන්න. (නි)
රට කාපු දේශපාලුවෝ දැන් යන්නේ නෙලුම් මලෙන්. ඒ තරමට පින් කැට හැලෙනවා. ඇල් වතුරත් නිවලා බොන්නේ (නි)
නිම්මි වගේ සිතන අය ඉන්නකම් හොරු කවදත් වාසනාවන්තයෝ වෙති. (නි)
කොතනින් බේරුනත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ මහත්තයෝ. (නි)
පව් කියලත් හිතෙනවා මේ කියන කතාවලට (නි)