ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට මෙරට උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු කුඩා කළ බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද ආහාර පාන සැපයුම් ආයතනයක කම්කරුවෙක් බව කියන සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ අවමගුලකට බව පොලිසියට පවසා ඇත.
ලිංගික අපයෝජනයට පත් වු බව කියන බ්‍රිතාන්‍ය තරුණිය 27 හැවිරිදිය. ඇය ඇයගේ පෙම්වතා සමග සති තුනක නිමාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇත. දෙදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුය.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 504 දරණ ගුවන් යානයෙන් ඊයේ සවස 3.10 ට පමණ මෙරටට පැමිණ ඇත.
ගුවන්යානයේදී දෙදෙනාටම නින්දගොස් ඇති බවත් එම අතරවාරයේ සැකකරු ඔහුගේ ආසනය ඇය දෙසට හරවා ඇයගේ දෙකකුල් ස්පර්ශ කරමින් ලිංගික අපයෝජනයක් කළ බව ඇය පොලිසියට පැමිණි කර ඇත.
සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ඡන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් පිට කටුනායක පොලිසියේ පොලිස් නිළධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ..බස් කෝච්චි වල මේවා ඕනතරම් වෙනවනේ...(බ)
කොටියා කියල හදිස්සියකටවත් ලියන්න නම් එපා. සමහර අයවලුන්ට වාර්ගික ප්‍රශ්න ඔලුවට එනවා. අපි කොටියට මීට පස්සේ එළුවා කියමු එළුවට කොටියා කියමු. (නදී)
මෙතන අදහස් දාන සමහර අය මේ ප්‍රශ්නයට වාර්ගික හේතුත් ගාවාගෙන... (නි)
ගුවන් යානයේ යනකොට දෙනවනේ උණුසුම් වෙන්න ඕනෑ අයට පොඩි බ්ලැන්කට් එකක්.ඒකෙන් මුළු ඇඟම වහගෙන යනවා නම් ඕවා පෙනෙන්නේ නැහැ.අපේ අප්පුහාමිලා ඉතින් දන්නේ නැද්ද? (නි)
කැලය මාරුකළාට, කොටියාගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැනේ. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කිව්වාට ලංකාවේනේ ඉපදුනේ! (නි)
බස් රථයේ,දුම්රියේ තිබු ක්‍රමවේද, දැන් ගුවන් යානය දක්වාද ව්‍යාප්තවී වැඩිදියුණු වී ඇති හැඩයි (නි)
මේ වගේ අයව හඳට ඇරලා එහෙ පුරවැසිකම දුන්නත්, උපන් ගතිය යන්නේ නැහැ. අපේ රටත් ගඳ ගස්සලා එංගලන්තෙත් ගඳ ගස්සනවා (නි)
අපි හුඟක් දෙනෙකුට මෙවැනි ආසා විටින්විට පහළවෙනවා.නමුත් එය පාලනය කරගෙන,තැනට සුදුසු නුවණ පාවිච්චි කළ මැනවි. (නි)
පොඩි කලේ ඉදන් හරියට නොහැදුනොත් ලෝකේ කොතනකින් හරි පාඩමක් ඉගන ගන්න වෙනවා. (ස)
ගුවන් යානයක සාමාන්‍ය පන්තියේ ආසන මෙහෙම හරවන්න බැහැනේ? අනික අපි මොකට කලබල වෙනවද , එකම රටක කට්ටියනේ මේ; කොහොමත් කොතනත් "සම-හරක්ට" ඕනෙම ජරා වැඩක් කරන්න තැනක් නොතැනක් නැහැ. (ස)
එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ? ඔප්පු කරන්න සාක්කි නැත්නම් ඔහුව නිදහස් කළයුතුයි වහාම (නි)
දයාන් මහත්තයෝ ගොඩාක් මිනිස්සු නොවේ. සමහර. කියලා. (ර)
බ්‍රිතානයේ නෙමේ ලෝකේ කොහේ පුරවැසිකම ගත්තත්, ජන්ම ගතිය අරින්න බැහැනේ..(හේ)
මෙයා සැහෙන කාලයක් ලංකාවේ බස් වල හිටගෙන ගිය කෙනෙක් වෙන්න ඇති. (හේ)
මේවා ඕනෑතරම් උඩුගුවනේදී වෙනවා.මේවා අපි අත්දැකීමෙන් කියන්නේ. (නි)
ආදරේට වෙන්ට, තරහ ගන්න දෙයක් නෑනේ... (ර)
ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (බ)
ලංකාවේ ගොඩක් අය මේ වගේ වැඩ තමා කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්‍රසාදයක්. (නි)
ලංකාවේ ගොඩක් අයවලුන් මේ වගේ බලු වැඩ තමයි කරන්නේ.මේ වගේ මිනිසුන් රටටත් අප්ප්‍රසාදයක්.(හේ)
මෙයත් හීනෙන් ඇවිදින එක්කෙනෙක්ද දන්නේ නැහැ?(හේ)
විලි ලැජ්ජයි.(හේ)
බස් වල පුරුද්ද ගුවන් යානා වලටත් ගිහිල්ලා....! (හේ)
දෙදෙනාම බ්‍රිතාන්‍ය පුරවැසියෝ .(හේ)
ලංකාවේ ඉපදුනාට මෙයා දැන් බ්‍රිතාන්‍ය පුරවෙසියෙක් නේ.මෙයාව එහෙටම දෙන්න තමයි තියෙන්නේ.හැබැයි මේ කාන්තාව කියනදේය ඇත්තද කියලා පරීක්ෂණය කලානම් හරි.(හේ)
මම දන්නා තරමට ගුවන් යානයක පළමු පන්තියේ ආසනයක්වත් ඕන ඕන පැතී වලට හරවන්න බැහැ.(හේ)
මෙපමණ බුධිමත් සමාජයක ජීවත් වෙලත් මේ මිනිසුන්ට හැදෙන්න බැරි හැටියක්..? (හේ)
සමහර අසහන කාරයින්ට තැනක් නොතැනක් නැ. දැඩි දඬුවම් දිය යුතුයි. (බ)
සනුහරේ වැරැද්ද..!! (අ)
මේ වැඩේ හරිම අශෝභනයි. (අ)
මේ තුන්දෙනාම බ්‍රිතාන්‍ය ජාතිකයෝ නේද? (නි)