IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ලංකාව නරක සංඛ්‍යා ලේඛන හංගනවා‘

වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ තවදුරටත් හුදකළා නොකළ යුතු යැයි ද, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට තව තවත් අවධානය යොමු කළ යුතුයැයි ද, මෙවර අයවැයෙන් ඒ ගැන අවධානය යොමු කර ඇතැයි ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමැති වාසුදේව නානායක්කාර මහතා  පැවසීය.

කෙයාර් ජාත්‍යන්තරය සහ  සමාජ සංවර්ධන ආයතනය මගින් ආරම්භ කර ඇති ‘ශ්‍රී ලංකාවේ වතු ප්‍රජාව උදෙසා සේවා පහසුකරණය කිරීමේ‘ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හා එයින් ලද අත්දැකීම් ගැන සාකච්ඡා කිරීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් ප්‍රධානී ඩේවිඩ් ඩෙලී, කෙයාර් ජාත්‍යන්තරයේ ආසියා කලාපීය අධ්‍යක්ෂ නවරාජ් යාලි, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ , මහාචාර්ය ටියුඩර් සිල්වා, සංවර්ධනය වන රටවල කාන්තා විමුක්ති පුරෝගාමිණියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන, ආචාර්ය ලලිත් වෙලමැදගේ මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ රැසක් මේ වැඩසටහනට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ වතු ජනතාවගේ අවශ්‍යතා හා  ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් කෙයාර් ජාත්‍යන්තරය සහ සමාජ සංවර්ධන ආයතනය මගින් කළ පර්යේෂණ සම්බන්ධයෙන් මහාචාර්ය ටියුඩර් සිල්වා සහ ආචාර්ය කුමාරි ජයවර්ධන ඇතුළු පිරිසක් ඇදහස් දැක්වූ අතර ඉන් පසු පැමිණ සිටි වතු සංගම් නියෝජිතයන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ අදහස් විමසමින් වතු ජනතාවට ලැබෙන පහසුකම් ගැන සාකච්ඡා කළහ.

ආචාර්ය කුමාරි ජයවර්ධන -

‘බොහෝ දෙනකු කියනවා සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරද්දී මේ ජනතාවගේ නියම තත්ත්වය ඇතුළු නොකරන බව. සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරද්දී හොඳ ඉස්සරහට දානවා. නරක පස්සට දානවා.

ලංකාවේ වතුකරයට ඉන්දියාවෙන් ජනතාව ගෙන්නුවා. අප්‍රිකාවෙන් වහලුන් ගෙන ආවා හා සමානයි. 1947 වන විට ඔවුන්ගේ නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට පත් කරලයි තිබුණේ. නමුත් නිදහසෙන් පස්සේ 1948 ඡන්ද අයිතියත් ඔවුන්ට නැති වුණා. වතුකරයට ආහාර ලබා ගැනීමේ මාර්ග තිබුණේ නෑ. එය අහිතකර ලෙස මේ ජනතාවට බලපෑවා. ඔවුන් තවදුරටත් වහළුන් නොවෙයි. ඔවුන්ගේ පහසුකම් වැඩි කළ යුතුයි.‘



අදහස් (0)

‘ලංකාව නරක සංඛ්‍යා ලේඛන හංගනවා‘

සතයයා Wednesday, 19 November 2014 01:38 AM

සමසමාජ කාරයෝ වතු කම්කරුවොත් එක්ක එකතු වෙලා නවසිය හතලිස් ගණන් වල විප්ලව කරන්න හිතුවා නම් උතුරු මැද දුක් විඳින දේශයට පාරම්පරික අයිතියක් තියෙන හේන් ගොවියන් ගැන එක කඳුලක් හෙළන්න මේ වීරයින් ඉදිරි පත් වේද? (නදී)

:       0       0

සිසිර Tuesday, 18 November 2014 06:38 PM

මිතුරන් අතරේ පමණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 2 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 763 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1482 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1362 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 387 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 345 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site