(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය සමත් වී ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ රාමනාතපුරම් හි පදිංචි 39 හැවිරිදි මොහොමඩ් ඉම්රාන් ඛාන් නැමැති සැකකරුවෙකු බව ජාතික විමර්ශන ඒජන්සිය පවසා තිබේ,මොහු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු ඉන්දියාවට ගෙන්වා ගනිමින් නීති විරෝධීව වෙනත් රටවලට යැවීමට උත්සාහ කර ඇතැයි ඉන්දියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මොහොමඩ් ඉම්රාන් ඛාන් මිනිස් ජාවාරමට පමණක් නොව තවත් වැරදි කීපයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 2021 වසරේදී එසාන් නම් ශ්‍රී ලාංකිකයෙකු සමඟ එකතු වී කැනඩාවේ නීත්‍යානුකූල රැකියා අවස්ථා ලබා දෙන බවට රවටා එම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගනිමින් තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රඳවා ඇති බවත් ඉන්දියානු බලධාරීන් පවසා ඇත. එපමණක් නොව එසාන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවද එම නිලධාරීන් පෙන්වා දී තිබේ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙක් ඉන්දියාවෙිදී අල්ලයි