නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් නොව ඇය ශානි ශෙනායා වික්‍රමසිංහ වෙයි. බොහෝ කාලයක් නිරූපණයෙන් ඈත්ව සිටි ඇය නැවතත් නිරූපණය සඳහා දායක වී තිබේ. ඒ පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.
මගේ නම ශානි ශෙනායා වික්‍රමසිංහ. විනෝදාංශයක් වශයෙන් නිරූපණයේ යෙදෙනවා.
නිරූපණ ගැන කතාකළොත්?
මම වැඩි වශයෙන් මනාලියන් දැක්මන් සඳහා දායක වෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් සහ ෆැෂන් ෂෝ සඳහා කතාකළොත් දායක වෙනවා.
ඊට අමතරව?
නිරූපණයට අමතරව මම රංගනයෙන් වෙළෙඳ දැන්වීම සඳහා දායක වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ තුනක් හෝ හතරක් සඳහා දායක වෙලා තියෙනවා.
නිරූපණයට එකතු වුණේ කොයි කාලයේද?
දැනට අවුරුදු 4ක් විතර වෙනවා.
ඒ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?
මුලින්ම සැලොන් දෙක තුනකින් බ්‍රයිඩල් සඳහා කතා කළා. ඊට පස්සේ ඒ හරහා එක එක නිෂ්පාදනවල ප්‍රමෝෂන් සඳහා දායක වුණා. ඒවලින් පස්සේ තමයි වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ.
ළඟකදී එහෙම වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණාද?
මෑතකදී එහෙම වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණේ නැහැ. මොකද මම අම්මත් එක්ක රට ගිහින් හිටිය නිසා.
රංගනය පැත්තට යොමුවෙන්න අදහසක් තියෙනවාද?
මම හිරු එකේ 'අදිසි' නම් කළා. මීට ගොඩක් කාලයකට ඉස්සෙල්ලා නාට්‍යයක පොඩි චරිතයක් සඳහා දායක වෙලා තියෙනවා. ලංකාවේ හිටියේ නැති නිසා මේ දේවල්වලින් ඈත්වුණා. ආයේ ඒ සඳහා දායක වෙන්න තමයි හිතන් ඉන්නේ.
චිත්‍රපට සඳහා දායක වෙන්න ආරාධනා එහෙම අදහසක් නැද්ද?
මම චිත්‍රපටවලට කැමති නැහැ.
හේතුවක් තියෙනවාද?
මම ලංකාවේ චිත්‍රපටිවලට වැඩිය ආස නැහැ.
ටෙලිනාට්‍යවලට?
ටෙලිනාට්‍යවලට නම් මම කැමතියි.
නිරූපණය ක්ෂේත්‍රයේ ඉන්නවට දෙමාපියන්ගෙන් අකමැත්තක් නැද්ද?
මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවට අම්ම නම් කැමති නැහැ. මගේ කැමැත්තට අම්මව කැමති කරගත්තා මිසක්. නැත්නම් ගෙදරින් එහෙම වැඩිය සහයෝගයක් නැහැ. මල්ලි නම් කැමතියි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාවේ සිනමාවට කැමති නැති ශෙනායා