පාලිත තෙවරප්පෙරුමගේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සහගත බව යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ළමයින් ඇතුළු කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, තෙවරප්පෙරුමගේ සිද්ධිය වන අවස්ථාවේ බලා සිටි පොලිසිය දෙමාපියන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවත් ඔහු කීවේය.
ලංකාවේ පාසලක් නැති ළමයින් තුන් දහසක් සිටිනා බව ද ස්ටාලින් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ස්ටාලින් මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත වීඩියෝවෙන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළයුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව නොවේද? අසාධාරණයක් වුණ මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත්වීමට තෙවරප්පෙරුම වැනි දේශපාලකයන්වත් සිටීම සන්තෝෂයට කරුණකි. (නි)
මෙය සම්පූර්ණයෙන් ඇත්තක්. හොඳම දේ තමා හොර ලේඛන හදලා හරි ළමයි පාසල් වලට දාන එක. රටේ තත්වය මේක තමා. අපේ ළමයටත් පාසලක් ලැබුනේ නැහැ තාම (නි)
මොනවාද මේ කියන්නේ? ඒ කියන්නේ අරයා කරපු දේ හරි? අනෙක් අයත් එහෙම කරන්න ඕනෑද? අනේ මහත්තයෝ තක්කඩිකම් වලට මැරකම් වලට උඩගෙඩි දෙන කතා කියන්න එපා. රටක නීතියක් තියෙනවා. මොන වැරැද්ද අඩුපාඩුව තිබුණත් ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයේ මන්ත්‍රීවරු,ඇමතිවරු පොලිසියට ,උසාවියට කැඳවා නීතිය ක්‍රියාත්මක කර සිරබාරයට ගන්නවා. ඒ පිළිබඳව ප්‍රණාමය පිරිනමනවා. (නි)
අනේ එතකොට ඔය ඡන්දෙන් පත්වෙන හැමෝගෙම ළමයි රෝයල් විශාඛා දාන එක සාධාරණද? ඇයි ඒ අයට තමන්ගේ ආසනයේ ඒ හා සමාන එක පාසලක්වත් හදන්න බැරි? මෙන්න මේ ක්‍රමය නතරකළා නම් ඔය කොයි ඇමැතියත්, මන්ත්‍රීත් තම අාසනේ පාසල් දියුණු කරාවි (නි)
මේ අයත් ගන්න පඩියට ළමයින්ට උගන්වනවද කියලා අහන්න ඔක්කොටම කලින් (නි)
ඒකනායක මහත්තයෝ, රටක නීතියක් තියනවා? නීතියේ හැටියට කටයුතු කෙරෙනවද? මේ වගේ ප්‍රශ්නවලදී නීතිය ක්‍රියාත්මක වෙනතුරු බල බලා හිටියොත් ළමයි ටික ඉස්කෝලයක් නැතුව ගෙදරටම නාකි වෙන තුරු ඉන්න වෙවී. මට මේ එක ප්‍රශ්නයක් එක ආයතනයකින් ඉෂ්ට කොර ගන්න බැරුව දැන් අවුරුදු පහක් ගත වෙලා. (ර)
හලාවත විදුහලක් ඉදිරිපිට සිටින ළමයෙකුට මාස 18 ක් තිස්සේ පාසැලක් නැහැ. (ර)
නියෝජ්‍ය ඇමතිතුමා ක්‍රියාකල ආකාරය කෙසේ වෙතත් ළමුන් පාසැල් වලට ඇත්ලත් කිරීමේදී විශාල අසාධාරන කම් සිදුවනවා. එවන් අවස්ථාවලදී අසරන වන ළමුන් සහ දෙමාපියන් වෙනුවෙන් ඉදිරිපත්වීම ජනතා නියෝජිත්යන්ගේ යුතුකමක්. (ර)
මම හිතන්නේ ගුරුවරුන්ටත් ඉලක්කයක් තිබිය යුතුයි. තමන්ගේ පංති වල ළමයින් ලබාගන්න ප්‍රතිශතයක් ඔවුන්ට තිබ්බොත් පාසල්වල තත්ත්වය මීට වඩා සතුටුදායක වේවි. (ර)
කොහොමත් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න වලදී බලධාරීන් මරනින්දේ (නි)
පාලිත තෙවරප්පෙරුම මහතා මේ සිද්ධිය නිසා ළමයින් අතර වීරයෙක් වුණා (නි)