වීසා නොමැතිව රවල් 173 කට ගමන් කළ හැකි රටවල් අතර මහා බ්‍රිතාන්‍යය,පින්ලන්තය හා ස්වීඩනය සිටින බව ජගත් සමීක්ෂණයකදී සොයාගෙන ඇත.
මෙම සෝදිසියේ හොදම රටවල් 20 අතරට ඩෙන්මාර්කය(172) ජර්මනීය,(172 ) ලක්සම්බර්ග්(172),ඇමෙරිකාව ,බෙල්ජියම(171),ඉතාලිය(171),නෙදර්ලන්තය(171),කැනඩාව, ප්‍රංශය(170),අයර්ලන්තය,ජපානය(170),නෝර්වේ(170) ,පෘතුගාලය(170),ස්ලාඤ්ඤ්ය(170),ඕස්ට්‍රේලියාව(170), නවසීලන්තය(168) හා ස්ව්ට්සර්ලන්තය(166).
වීසා සම්බන්ධයෙන් නරකම රටවල් අතර මුල් තැන ඇෆ්ගනිස්ථානයටත් නව වැනි තැන ශ්‍රී ලංකාවටත් හිමි වේ.ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් වීසා නොමැතිව ගමන් කළ හැක්කේ රටවල් 38 කට පමණි.
සෙසු රටවල් අතර ඉරාකය (31),සෝමාලියාව(32),පකිස්ථානය (32),පලස්තීනය (36), එරික්ත්‍රියාව (36),නේපාලය (37),සුඩානය(38),ලෙබනනය (38),කොසෝවෝ(38),සිරියාව(39),දකුණු සුඩානය(39) ,ලිබියාව (39),කොංගෝ(38),මියන්මාරය(40),ඉරානය (40),ජිබුති (40),ඇන්ගෝලාව (40) හා උතුරු කොරියාව (41) වේ.
හෙන්ඩ්ලියන් ඇන්ඩ් පාර්ට්නස් සමාගම මේ සමීක්ෂණය කළේය.
වරහන් වලින් දැක්වෙනුයේ වීසා නොමැතිව යා හැකි රටවල් ගණනයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හොඳය.නුඹලාට ප්‍රඥාව පහළවී ගඳ සුවඳ දැනගන්න තුරු තක්කඩි දේශපාලකයින්ට ජයවේවා කියන හොරුන්ට රැවටෙන එක දුටු, ඒ වගේම දියුණු ලෝකය දියුණු මිනිසුන් දුටු, ඒ තුලින් මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන සතෙක් වශයෙන් මාගේ ලාංකිකයින් සමග දුක බෙදා ගනිමි.. (නි)
ඩේව්ඩ් කියන විදිහට ඔය 50 හ පැනපු අත්තල මුත්තලාද දැන් රට කරවන්නේ?(නදී)
ආඩම්බරයි , ලබන අවුරුද්දෙ අපි කොහොම හරි දහවැනි ස්ථානයට හරි උත්සහ කරමු . (අ)
අපේ රට උතුම්. අපේ ශ්‍රී ලාංකිකයන්ට විසා නොදුන්නට අපේ රටට එන හැම විදේශිකයකුටම විසා නියම කල යුතුයි මගේ නිගමනය. හැම වෙලාවකම අපේ රට ඉහලින් තබා ගනිමු. (අ)
ඔන්න ලාංකිකයන් හැටියට අපි දැන්වත් ආඩම්බර විය යුතුයි ..(නදී)
අපි කෙසේ කිවත් ලාංකිකයින් ආකල්පමය වෙනසකට සුදානම් වියයුතුයි. මම බෞද්ධ. නමුත් අපේ රටේ සංඝයා වහන්සේ පවා නිකාය වලට කැඩිලා. කුල දරුවන් පමණයි මහන කරන්නේ. කුල භේදය ,ජාතිභේද තියෙන තුරු අපි ශිෂ්ඨ ජාතියක් ලෙස පිළිගන්ට බැහැ. දියුණු රටවලත් මිට සිය වසකට පෙර වංශක්කාරයෝ, සහ දුප්පතුන් කියල උන්නා. .අද සේරම සමානයි.(නදී).
අපි මොන බොරු පම්පෝරි ගැහුවත් ඇත්ත කතාව ඕක තමයි. පිට රටවල වැඩ කරන අපිනේ දන්නේ. සිංගප්පුරුව එදා අපි දිහා බලලා අද දියුණු වෙලා තියෙනවා. ඒ කාලේ හිටපු නායකයන්ට දර්ශනයක් තිබුනා.(නදී)
අපට විසා නොදෙන කිසි රටකට අපත් විසා නොදිය යුතුය. රටේ ගෞරවනීය බව රැක ගත යුතුය. (නදී)
සත්‍යපාල මහත්තයාගේ අදහස අගය කරනවා.. ව්‍යායාජ දේසපාලන රැකවරණ පතන්නන් සහ සරණාගතයින් ලෙස ඉහල ආර්ථික මට්ටම් සොයා යන්නන් නිසා කවදාවත් අපිට ඔය දර්ශකයේ තැනක් ගන්න බැහැ. එහෙම තැනක් අවශ්‍යත් නැහැ. වීසා නැතුව ඔය රටවල් ගානේ සංචාරය කරන්න ගමේ ගොඩේ අපිට හැකියාවක්වත් ආර්ථික මට්ටමක්වත් අවශ්‍ය තාවයක්වත් නැහැ. මේ දර්ශකය ගැන රුදාවක් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ, මේ කොමෙන්ට්ස් දාන කළු සුද්දෝ ටිකකට තිබුනට..ත්‍රස්තවාදයෙන් තොර මර බිය නැති නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් අද අපිට තියෙනවා..අපිට නම් ඒ ඇති හොදටම.(නදී)
අපේ රට ඔය දර්ශකයේ ඉහලට ගෙන ඒමේ වගකීම තියෙන්නේ රජයටවත් නිලධාරීන්ටවත් නෙවේ. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු වෙන අපිටයි. මහන්සි වී වැඩ කරනවා නම්, අලුත් විදියට හිතනවා නම් අලුත් දේවල් නිෂ්පාදනය කරනවානම් අපේ රට දියුණු වෙන එක නවත්තන්න බෑ. පිටින් එන මිනිස්සු වලක්වන්න අපිටත් තද නීති දාන්න වෙන දවස ඈතක නොවේ කියලයි මගේ හැගීම. ටෙනිසන් මහතාට ස්තුතියි. (නදී)
තව රටවල් අටයි අපිට උඩින් ඉන්නේ. ලබන අවුරුද්ද වෙනකොට අපේ ටාගර්ට් එක ක්ලියර් කරගන්න පුළුවන්. (නදී)
මේ ප්‍රතිපලය එන්න එකම හේතුව දෙමල ඩයස්පෝරා එක ගිහිල්ලා රටේ නම විනාශ කරන එකයි. නැතුව අපේ රට ගැන තියෙන වැරදි හැඟීමක් හින්දා නෙමෙයි. (නි)
අපේ අය කොපමණ පුරාජේරු ගැහුවත් ඔන්න ලංකාවට ජාත්‍යයන්තරයේ තියෙන වැදගත්කම. (නි)
ආස්චර්ය නිසා තමයි ගොඩක් අය මුහුදු වෙලා හරි රට යන්න හදන්නේ. .(නදී)
http://www.doyouneedvisa.com/passport/Sri Lanka (නි)
ඒ වුනාට ලෝකයේ ධනවත්ම පවුල ඉන්නේ ලංකාවෙනෙ. ඒ මදිද? (නි)
ඉරාකය,සෝමාලියාව,පකිස්ථානය ,පලස්තීනය, එරික්ත්‍රියාව ,නේපාලය ,සුඩානය,ලෙබනනය,කොසෝවෝ,සිරියාව,දකුණු සුඩානය,ලිබියාව ,කොංගෝ,මියන්මාරය,ඉරානය ,ජිබුති ,ඇන්ගෝලාව හා උතුරු කොරියාව කියන රටවල් ටික තමයි ලෝකයේ දියුණුම රටවල් ටික. (නි)
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් වීසා නොමැතිව ගමන් කළ හැක්කේ රටවල් 38 කට පමණි.සෙසු රටවල් අතර ඉරාකය ,සෝමාලියාව,පකිස්ථානය ,පලස්තීනය , එරික්ත්‍රියාව ,නේපාලය ,සුඩානය,ලෙබනනය,කොසෝවෝ,සිරියාව,දකුණු සුඩානය,ලිබියාව ,කොංගෝ,මියන්මාරය,ඉරානය ,ජිබුති ,ඇන්ගෝලාව හා උතුරු කොරියාව වේ. මේ තරම් රටවල් ගොඩකට ගියහම මදිද? තවත් මොනවද ඉල්ලන්නෙ? (නි)
ඇඹිලිපිටිය, මේවා නේටෝ සංවිධානයට අයත් රටවල් තමයි. ඒ හැර ජර්මනිය, ජපානය, ඉතාලිය යුද්දෙදි නේටෝවට යටත්වූ රටවල්. ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් බ්‍රිතා්න්‍යය බූවල්ලාගේම අඬු. විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකක් දිනාගත්තු ධනවාදී රටවල් විවිධ ජගත් සංවිධාන හදාගෙන ඔවුන්ට ඕනෑ හැටියට අනෙකුත් රටවල් පාලනය කරනවා. වෝර්ෂෝ සංවිධානයට අයත්වූ රටවල් කිසිවක් මේ අතර නොමැති බව තේරුම් ගන්න තරම්වත් හැකියාවක් ලාංකිකයන්ට නොමැතිවීම දුක්ඛිතයි. එහෙව් ජනතාවකට තිබෙන එකම සරණ දේශීය සූර්ය දේව රාජ්‍යයත්වය පමණයි. (නි)
ඇඹිලිපිටිය, මේවා නේටෝ සංවිධානයට අයත් රටවල් තමයි. ඒ හැර ජර්මනිය, ජපානය, ඉතාලිය යුද්දෙදි නේටෝවට යටත්වූ රටවල්. ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් බ්‍රිතාන්‍ය බූවල්ලාගේම අඬු. විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකක් දිනාගත්තු ධනවාදී රටවල් විවිධ ජගත් සංවිධාන හදාගෙන ඔවුන්ට ඕනෑ හැටියට අනෙකුත් රටවල් පාලනය කරනවා. වෝර්ෂෝ සංවිධානයට අයත්වූ රටවල් කිසිවක් මේ අතර නොමැති බව තේරුම් ගන්න තරම්වත් හැකියාවක් ලාංකිකයන්ට නොමැතිවීම දුක්ඛිතයි. එහෙව් ජනතාවකට තිබෙන එකම සරණ දේශීය සූර්ය දේව රාජ්යත්වය පමණයි. (නදී)
පිටරටවල් ගැන කතාකිරීම කිනම් කතාද ? මේ රටේම ඈත එපිට ගම්මානෙක ඉන්න අහිංසක මනුස්සයෙක් කොලඹට අවොත් , අහිංසක ගෑනු දරුවෙක් රාත්‍රීයක අතරමන් උනොත් යන්න තැනක් තියෙනවද ? ගැනු දරුවෙකුට තියා ආච්චි කෙනෙකුටවත් තනියෙන් කොහෙවත් යන්න තියා ගෙදරකවත් ඉන්න පුළුවන්ද ? අපේම ආකල්ප වෙනස් කරගන්න තුරු මේ තත්වය වෙනස් කරන්න බැහැ.(නදී)
මම මේ කමෙන්ට් එක දාන්නෙත් ඇමරිකාවේ ඉදල, අපේ පාස්පොටි එකට කිසි අවුලක් මෙහෙ නෑ.(නදී)
පළමු රටවල් 20 න් 15 ක් ම යුරෝපා රටවල් නේ.යන්තමට ආසියාවෙන් ජපානය නම් ඉන්නවා. කෝ එතකොට මේ චීනෙයි , රුසියාවයි? (නි)
මම දැනගෙන හිටියේ නැහැ අපේ පාස්පෝර්ට් එකට රටවල් 38 කට වීසා නැතුව යන්න පුළුවන් බව. ඒක කොච්චර ලොකු දෙයක්ද? (නි)
සත්‍යපාල , අපි කවුරුවත් අපේ රට දෙකේ කොලේට දාන්නේ නැහැ. අපි මේ රටට අපේ පණ දෙවෙනි කරලායි ආදරේ කරන්නේ. නමුත් මේ රටේ පුවත්පත් නිදහස කෝ ? මාධ්‍යවේදීන් රට ඇරලා යනවා නැත්නම් වෙඩි උන්ඩේට ජීවිතේ දෙන්න ඕනෑ. හමුදාව පොලිසියයි නැතුව අපිට පුලුවන්ද නිදහසේ ඡන්දේ පාවිච්චි කරන්න? මෙන්න මේවයි මිනුම් දඬු. මේවා හදාගතොත් අපිත් ලෝකේ ඉහලින් බැබලෙන ජාතියක්. බලමුද උත්සහ කරලා මේවා හදාගන්න? (නි)
මොකා කිව්වත් අපි ඉපදුන හැදී වැඩුණ අපේ මේ රට අපට හොඳයි. (ස)
අපේ කට්ටිය එහෙ ගිහිල්ලා කරන සමහර මෝඩ වැඩ, සමහර රටවල් විසා අඩුවෙන් අපට නිකුත් කරන්න හේතුවක්... (නි)
මොනවා සෝමාලියාවත් අපිත් අතර තියෙන්නේ රටවල් 6ක වෙනසක්. අහෝ, ආසියාවේ ආශ්චර්යයට ගිය කල!! (දී)
මටත් අත්දැකීමක් තියනවා ඇතුවම හොන්ග්-කොන්ග් ගිහින්. ගුවන් තොටුපොලේදී දුඹුරු පාට, ලංකාවේ පස්ස්පෝට් එක දැකපු ගමන් බල්ලොන්ට වගේ තමා සලකන්නේ. ලංකාවේ වැදගත් විදිහට හම්බකරගෙන කන අපිව පල් හොරු ගානට දාල තමා සැලකුවේ. අපේ රටෙන් වෙන රටවලට යන යට ඕන තරම් මේ වගේ අත්දැකීම් ඇති.එදා නම් මට හිතුන අපහු ඒ රටට අඩිය තියන්නේ නෑ කියල. එත් ඉතින් අපිට එහෙම වෙලා තියෙන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන අපේ සමහරුන්ගේ ක්‍රියා කලාපය හින්දනේ. ඒ වගේ අය පත් කරන්නෙත් ඉතින් අපිම නේ. (අ)
ඔය හොදයි කියන ලිස්ට් එකේ ඉන්න රටවල මිනිස්සු හැකිපමණ තමන්ගේ රටේම ඉන්න බලන්නේ සහ අනික් රටවලට වැඩිපුර යන්නේ සංචාර සදහා. එයාලගෙන් අපේ සංචාරක ව්‍යාපාරයට ලොකු අදායමක් ලැබෙනවා වාර්ෂිකව. ඒ රටවල ලොකුම වෙනස අපේ රටේ වගේ තමන් කරන රාජකාරියෙන් මිනිස්සු මහන්තත්ත්වයට වෙලා නැහැ. මේ වගේ දේවල් වලින් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. අපේ රටේ සිට දරුණු බුද්ධි ගලනයත් තිබෙනවා මෙම රටවලට. එම රටවල් දියුණු වෙනවා අපේ රටේ සම්පත් එළියට යනවා. වෙනස් වීම් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉහළට විධිමත්ව ක්‍රියාත්මක වේ නම් අපේ රට ඉක්මනින් දියුණු වේවි. (නි)
ජයා, මම රට කරවන අය ගැනවත්, දේශපාලනය ගැනවත් අදහස් දමල නැහැ. 50 පැනපු කතාවෙන් අදහස් කලේ ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුට ආශාව පිටරට යන එක .වයසක අයට ඒ අදහස හුඟක් දුරට නැහැ .තරුණ පරපුර නිතරම හිතන්නේ පිට රටකට ගියොත් ගොඩ තමා කියලා . හරියට තේරුම් ගන්න. (ස)
ඇත්ත තමා හේමන්ත .අපිට විස නොදෙන රටවලට ඇයි අපි විස දෙන්නේ ? (ස)
මේක තමයි රියලිටි නව කලාව. ළිදෙන් වතුර, මෝටරයෙන් ඇදගෙන නෑම. (නි)
ව්‍යාජ දේශසපාලන රැකවරණ පතන්නන් හා යහපත් ආර්ථික සොයායන සරණාගතයින් නිසා අපිට කවදාවත් ඔය ලිස්ට් එකේ උඩට එන්න ලැබෙන්නෙත් නැහැ..එන්න අවශ්‍යත් නැහැ..(අ)
ලංකාව ලෝකේ තිබෙන විශිෂ්ඨම හා ලස්සනම රටක් කියන එකේ ආයේ දෙකක් නැහැ. නමුත් 1948 ඉඳලා අද වෙනකම් අපේ දේශපාලකයන් පර සුද්දෝ කියල සුද්දන්ට බැනලා අද වෙනකම් කරන්නේ මොනවද? අපිව මුලා කරලා ඒ තුලින් ප්‍රයෝජන අරගෙන ඔවුන්ගේ සැප පිරුණු ජීවිතය ගොඩ නගා ගන්නවා. නැත්නම් ලංකාව විදේශ විනිමයෙන් හෝ ලෝකෙන් මහා පොලියට නය අරගෙන හෝ ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි හැගීම්බරව වීම අපේ දේශපාලකයන්ට වාසනාවක්. මිලියන 20 ක් වැනි පුංචි රටක් හදා ගන්න බැරි අපේ දේශපාලකයන්ට මොනවා කියන්නද. ඔක්කොම ටොම් පචයෝ. .(නදී)
සෙනෙවි, ඔයාගේ කතාව කියෙව්වම මට මතක් වුනේ අපේ වත්ත පහල ලිඳ!!! (ස)
මෙතන උනත් දැන් බලන්න අදහස්ස් දාපු අය ඒකාට ඒකා නෑ....තව වෙන මොන කතාද...අපේ රටේ නැත්තෙ ඕක, {එකමුතුකම} (ස)
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියමින් පම්පෝරි ගහ ගහ ඉන්නේ නැතුව රටේ නම පිරිසිදු කරගන්න කාලය ඇවිල්ලා. සරණාගතයන් සේ බෝට්ටු වලින් මිනිසුන් පටවන ජාවාරම් කාරයන්ව මුලින්ම නවත්වන්න ඕනෑ. ලෝකේ පුරා ඉන්න තානාපතිවරුන් දැන් ඇහැරලා වැඩ කරන්න ඕනෑ. දේශපාලන හෙන්චයියෝ නැතුව රටට ආදරේ කරන සුදුස්සන් තානාපති සේවයට බඳවා ගන්න ඕනෑ. .(නදී)
ලංකාවට වඩා හුඟාක් පිටුපසින් සිටිය සිංගප්පූරුව දැන් ජාත්‍යන්තරයේ තලයේ විශිෂ්ට ඝනයේ රටක් වෙලා ඉදිරියට යමින් තිබෙනවා. එහෙත් අපි ජාතිවාදීව හා ආගම්වාදිව දේශපාලකයන්ගේ ලණු හා අන්තවාදීන්ගේ කූට උපක්‍රම වලට ගොදුරු වෙලා දිනෙන් දින අන්ත අගාදයට යමින් සිටිනවා. මල් පිපෙනවා වගේ අන්තවාදීන් බිහි වෙනවා ආගම මුවාවෙන්. ඇත්තටම තමුන්ගේ ආගමට ආදරේ නම් ප්‍රථමයෙන් කල යුත්තේ තමුන්ගේ ආගමේ කියන දේවල් පිලි පැදීම මිසක් අනුන්ට වෛර කිරීම හෝ ඊර්ශියා කිරීම නොව. ලංකාව තව තවත් ලෝකේ තිබෙන අනිත් රටවල් තනි කරන තත්වය වැඩි ඈතක නැහැ. (ස)
රටවල් 38 විසා නැතිව යන්න පුලුවන්නම් මොනාද? ඒ රටවල් ලෝක සිතියමේ තියන රටවල්ද ??? (ස)
ගනේගොඩ, ඔබ හරි, ඕක නිසා තමයි ලංකාව මේ තරමට විනාශ නොවී දියුණුවෙලා අනිත් රටවල් 178 දහ ජරාවල් සේරම ගිහින් විනාශ වෙලා තියෙන්නේ නේද. (ස)
ඉන්දික, දෙමල ඩයස්පෝරාව කියන දේවල් අහන්නත්, අපේ වැදගත් නායකයින් කියන දේවල් ජාත්‍යන්තරේ ගණන් නොගන්නත් හැබැටම මොකද්ද හේතුව? (ස)
ලංකා පාස්පෝර්ට් එකෙන් ඇමරිකාවට වීසා ඇතිව ගියත් සමහරවිට පැය ගණන් තියාගෙන ප්‍රශ්න අහනවා . වෙන රටවලට ගිහින් විසා වැදිලා තියෙන තරමට ප්‍රශ්න වැඩි. ඒ උනාට ඔය උඩ තියෙන රටවලින් අපේ රටට කවුරු හරි ආවොත් මොනවා අහන්නෙත් නැහැ . කදිමට එලියට යනවා කිසි ප්‍රශ්නයක් නැහැ . ඒවා ගෙන් තේරෙනවා දුප්පත් අපේ රට මොන තරම් පහලද කියලා . ඉතින් පිටරට ඉන්න අය ඒ රටේ පාස්පෝර්ට් අරගෙන තියා ගන්න එක වරදක් නෙමේ (ස)
මම ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම නොගෙන දිගටම ලංකාවේ පාස්පෝර්ට් එකෙන් හිතාගෙන හිටපු කෙනෙක්. නමුත් දැනට අවුරුදු 10 කට පමණ පෙර මම පිටරටකට නිවාඩුවකට ගිහින් එනකොට ට්‍රාන්සිට් එකකදී මගේ පාස්පෝර්ට් එක නිසා මගෙන් ප්‍රශ්න කිරීමකදී මම කේන්තියෙන් උත්තර දුන්නම උන් මගේ පාස්පෝර්ට් එකත් එක්ක උන්ගේ ලොක්ක ගාවට එක්ක ගියා. මිනිහ එංගලන්තයේ සුද්දෙක් .මගෙන් විස්තර අහලා (මම ඒ වෙනකොට ඔස්‌ට්‍රේලියාවේ . අවුරුදු 10/12 ජීවත් වෙච්ච කෙනෙක්) මට කිව්වා මේ ප්‍රශ්න ඔක්කොටම මුල ලංකාවේ පාස්පෝර්ට් එක කියලා. මට සුහද උපදෙසක් හැටියට කිව්වා ප්‍රශ්න ඇති නොවෙන්නනම් ඔස්. පුරවැසිකම ගන්න කියලා. ඒ තමා මගේ ලාංකිකත්වය නැති වූ හේතුව. (ස)
අපිට වීසා නැතිව යන්න පුලුවන් උඩරට, කදුරට, පහතරට, මතුරට තව කොච්චර තියෙනවද? (ස)
අපි මොකටද එක එක රටවල යන්නේ අපේ රට ලෝකේ උතුම් රට. ඒක නිසා අපේ රටට එන අයට වීසා ඕන කියල ලෝකෙටම කිව්වම ඇති (ස)
රනිල් මේකනේ ප්‍රශ්නෙ. ලංකාවේ පාස්පෝර්ට් එක ඇමරිකාවේ අවුලක් නැති වුනාට අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට වීසා ඉල්ලුවට අපිට වීසා දෙන්නේ නෑනේ. මොකද දන්නවද හේතුව? අපි ටුවරිස් වීසා අරගෙන ගිහිල්ලා එහේ ගල් [ප්ලග්] වෙනවනේ. ඉතින් ඒක හන්දා ඇමරිකාව අපිට වීසා දෙන්නේ නැහැ. (ස)
අපට විසා නැතිව යන්ට අවශ්‍ය නම් අපිත් අනෙක් අයට විසා නැතිව ලංකාවට එන්ට දෙන්න වෙනවා. එදාට ලෝකේ තියෙන කුණු ජරා සේරම කර ගහ ගෙන ඔය හැම එකෙක්ම ඇවිත් ලංකාවද විනාශ කරලා දමයි. ඊට වැඩිය හොඳයි ඒ ගොල්ලන්ටත් විසා අරගෙන එන්ට කියමු. අපිත් විසා අරගෙන යන තැනකට ගිහින් එමු. වැඩි සැප විනාශයටයි කියලා අපි අහල තියෙනවනේ. (ස)
උතුන්ම රට කියා කියා ඉන්නවා විතරයි; ලිදේ ඉන්න ගෙම්බෝ වගෙයි. වෙන රටක් ගැන දන්නේ නැහැනේ. දූපතක් නිසා තමයි ඔය ප්‍රශ්නේ. නැත්නම් අඩුම ගානේ මායිමකටවත් ගිහින් බලා ගන්න තිබුන..(නදී)
එතෙර, මෙතෙර, විසා මගඩි ගැනත් කතිකාවක් අවශ්‍යයි.(නදී)
මෙයට ජනදිපතිට ඇගිල්ල දික්කරලා වැඩක් නැත. විදේශ අමාත්‍යංශය තමාගේ කාර්යය නිසි පරිදි නොකිරීමෙන් ඇතිවන ප්‍රතිපල තමා මේ..(නදී)
සිංගප්පූරුව ඔය දර්ශකේ 6වැනි ස්ථානයෙ ඉන්නෙ ලකුණු 167ක් ලබාගෙන ස්විට්සර්ලන්තයට වඩා උඩින්. ආසියාවෙ ආස්චර්ය රටවල් වෙච්ච ජපානෙ 4 (ලකුණු 170), සිංගප්පූරුව 6 (ලකුණු 167), දකුණු කොරියාව 7 (ලකුණු 166). ආසියාවෙ ආස්චර්ය වෙන්ට ඉන්න ලංකාව?.(නදී)
නාලකගේ කතාව ඇත්ත ,ගොඩක්ම රටවල් වලට පත්කර යවපු තානාපතිවරු වැඩකරන්න පුළුවන් කමක් තිබෙන අය නෙමෙයි ,වලට පයයි ගොඩට පයයි .ශ්‍රමිකයෝ තමා ඒ අයගේ ප්‍රශ්න බලන්නේ .වයස අවුරුදු 65 ගෙවපු කට්ටිය ගෙන්වා ගත යුතුයි. පව් ගෙවන්න යවලා..(නදී)
මම කැමතියි දැනගන්න මොනවද ලංකාවට ෆ්‍රී විසා තියෙන රටවල්වල නම්..(නදී)
නාලකගේ කතාව හරියටම හරි .(නදී)
ඒකනේ මම බ්‍රිතාන්‍ය ගමන් බල පත්‍රයක් ගත්තේ මගේ මුළු පවුලටම. අපේ රටේ දේශ ලුවෝ ඔක්නොටම තියෙන්නේ පිට රට ගමන් බල පත්‍ර තමයි. .(නදී)
වීසා නොමැතිව රටවල් 38 කට ඇතුලුවෙන්න් පුළුවන් නම් අපට ඒ රටවල් මොනවද කියල දැනුවත් කරා නම් හොඳයි. මා දන්නා හැටියට ළඟ තිබෙන ඉන්දියාවට ,චීන යට,ෆිල්ලිපිනේ,තෛලන්ඩ්,පකිස්තාන් වලට වත් වීසා නොමැතිව ගමන් කල නොහැක. ලංකාව ගැන ලෝකයේ අනෙක් රටවල් සහ ජාති කයන් දැනුවත් කිරීමක් තානාපති වරුන් ගෙන් සිදුවීමක් නොමැත..(නදී)
හැම රටක්ම කියන්නේ තමන්ගේ රට ලෝකෙන්ම උතුම් කියලා. විසා අරන් බටහිරට යන අය, ආපසු එනවා බොරු නිසා තමයි, ඔය තත්වේ ඇතිවෙලා තියෙන්නේ. අනි ක අපේ රට තුන්වන ලෝකේ රටක්. තානාතිපති වරුනට මේ සම්බන්දව කල හැක්කක් නැත. බලන්නකෝ, අනුකම්පාව ආධාරයෙන්, විසා ගත් මිනිසුන් ඉතාලියේ කරන ජරා වැඩ. තව කරුණක් තමයි එක පුද්ගල මාසික ආදයම..(නදී)
අපිට යන්න බැරි උනාට ඒ අයට අපේ රටට එන්න පුලුවන්ද ,? ලංකාවත් දැන් බටහිර රටවලට සහ උතුරු ඇමරිකාව වගේ රටවලට විසා රැගෙන ඇතුළුවීම නියම කරලා . ඒක නිසා කමක් නැහැ . යන්න අවශ්‍ය අයට තානාපති කාර්යාල වලින් විසා ලබා ගන්න මුළුවන්. නැතිනම් රාජ්‍ය නොවන සන්විදනයකට බැදිලා ලංකාවට බැනලා රට යන්න විසා හදා ගන්න පුළුවන්. මාද්‍ය වේදීන් කියල රට යන්න විසා ගන්න පුළුවන්. නැතිනම් බහු දින යාත්‍රා වලින් ඔය රටවලට විසා නොමැතිව යන්නත් පුළුවන් . ඔය සමීක්ෂණ අපිට වැදගත් නැහැ .(නදී)
ලංකාව ලෝකේ උතුම්ම රට කියල කියන්නේ ලංකාවේ ඉන්න නුගත් මිනිස්සු සහ ඔවුන්ව රවටන දේශපාලකයන් .(නදී)
ලංකාවේ විදේශීය තානාපතිවරුන් මෙයට වග කිව යුතුයි.(නදී)
ඒ වුණාට ලංකාව ලෝකෙන් උතුම් රටනේ. (නි)
ආසියාවේ ආශ්චර්ය .(නදී)
ඔය කාටත් ලංකාවට එන්න විසා ගන්න ඕනා. .(නදී)
වීසා නැතුව ඕනෑම රටකට රිංගන්න පුළුවන් රටවල් තමයි දෙවන ලෝක යුද්දෙ දිනපු නේටෝ සංවිධානයට අයත් රටවල්. ජයග්‍රාහකයෝ ජය පැන් බොනවා. ඒකයි ලෝක ස්වභාවය. අපිත් අනාගතේ ලෝක යුද්ධයක් දිණුවොත් අපිටත් ඉහලම තැන ඉන්න පුළුවන්. යුරෝපීය ආක්‍රමණිකයාට ගැති වහල් චින්තනයෙන් මිදී දැන්වත් මේරට ගොඩනගන්න එක්වන්න. .(නදී)
පිට රට යන ''උන'' තියෙන අපේ අයට විසා නැතිව යන්න ලැබුනොත් ඔක්කොම ගිහින් නවතින්නේ උඩ සඳහන් කරලා තියෙන හොඳම රටවල් ටිකේ තමා.මාසේ යනකොට ලංකාවේ ඉතිරි වෙන්නේ 50 පැනපු අත්තලා,කිරිඅම්මල ටික විතරයි .ඒවා ඉතින් මහජනයාගේ පැත්තෙන් හිතල බැලුවම අසදාරනයකුත් නැහැ ..(නදී)
දන්නා කෙනෙක් කියන්නකෝ අපට මොන රටවල් වලටද යන්න පුළුවන් වීසා නැතුව. මම නම් දන්නේ උඩරට සහ පහත රට විතරයි..(නදී)
නාලක ; ලෝකේ උතුම් රට ලංකාවයි අපේ ලංකාවයි.... .(නදී)
1980 වන තෙක් ශ්‍රීලංකා ගමන් බලපත්‍ර හිමියන්ට එංගලන්තයට යාමටත් වීසා අවශ්‍ය නැහැ. නමුත් අසුව දශකයේ කොටි සංවිධානය හරහා සිදු වුනු මිනිස් සහ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය හේතු කරගෙන මෙලෙස මෙය ක්‍රම ක්‍රමයෙන් අවතක්සේරු වුණා..(නදී)
මිනිස්සු පන එපා කියල යන්නේ මේ රටේ ඉන්න බැරි නිසයි. එකයි ඇත්ත. තානාපති සේවය කියන්නේ පරාද වෙච්ච හෙන්චයියල සැප ගන්න යවන ව්‍යාපාරයක්..(නදී)
ලෝකේ තියෙන්නේ ලංකාවේ ඇතුලේ. මොකටද පාස් පොර්ට් ?.(නදී)
මම එකක් කියන්නම්.ඔය එක එකා වාසි බලාගෙන උන්ගේ රටවල් ඉහලින් තියගත්තාවයි.ඕව පලකිරීම තුලින් ඔය රටවලට ලැබෙන ලාභය ඩොලර් බිලියන ගණන්.ඉහල රටවල් කියල තම තත්වය ඉහල දමාගත්තම එම රටවල මුදල්,භාණ්ඩ එකී නොකී හැම දෙයකම වටිනාකම ඉහල යනවා.එම රටවලට මිලියන ගණන් ගෙවල ඉහල අධ්‍යාපනයට ලෝකයේ හැම තැනින් එනවා.මෙවැනි එකී නොකී වාසි තිබෙනවා.අපේ රටේ අනන්ත වැරදි,දුර්වලකම් තිබුනට ඒවා හදාගන රට ඉහලට ගතහැකිය.එහෙත් කාගෙවත් සමීක්ෂණ මත අපේ රටේ මිනිස්සු පහලට වැට්ටවීම පහත් වැඩක්."උනහපුලුවට උගේ පැටිය මැණිකක්" මගේ අම්මට ඉංගිරිසි බැරි වුනාට ,බුලත්විට කෑවට,උපාධියක් නැතිවුනාට,රෙද්ද හැට්ටේ ඇන්දට හිලරි ක්ලින්ටන් නෝනට හෝ ජුලිය ගිලාඩ් සමග සංසන්දනය කර මගේ අම්ම මට පහත් නෑ.රත්තරන් ගැහැනියක්.මගේ රටත් එවැනිය.කරුණාකර මේ රට එකා එකාගේ රටවල් අතර යටින්ම කියලා පහත් කරන්න එපා.ඔය සන්සන්දන කිරීම් මගින් අනිත් රටවල්, ජාතින් ඉදිරියේ තමන් නිවට ජාතියක් බවට හිතන මිනිසුන් බිහිකිරීමේ නින්දිත උත්සාහය නැවැත්විය යුතුමය.ජාතියක් නිවටයන් කිරීමේ කුමන්ත්‍රණ වහ නැවතිය යුතුය, .(නදී)
අපිට කොහෙවත් යන්න උවමනාවක් නැහැනේ.මේක .ලෝකේ උතුම්ම රටනේ.අපි මේ බලාගෙන ඉන්නේ ආශ්චර්ය කියන මිම්මෙන් මැනල අපි පලවෙනි තැන කියල කියනකල්..(නදී)
අපිට අඩුම ගානේ බංගලි දේශයටවත් වීසා නැතුව යන්න බරහර. බයවෙන්න එපා අපිට විසා නැතිව ටැන්සානිය සෝමාලිය උගන්ඩා ඉතියෝපියාව බලුකිස්තාන් යන්න හදලා දෙයි.(නදී)
මේ ගණන් ගැනීම කරන ක්‍රමවේදය තමයි තම රටෙන් පිටරටකට යන කෙනෙක් ආපසු තම රටට පැමිණීමේ සම්භාවිතාව ගණන් බැලීම. ඒ වගේම ඒක පුද්ගල ආදායම, පුද්ගලයාගේ ආර්ථික ශක්තිය සොයා බැලීම. ඕනෑම කෙනෙක්ට ඉතාමත් හොඳ ආදායමක් තම මවු රටේ තියෙනවා නම් , තෘප්තිමත් රැකියාවක් තියෙනවා නම් ලෝකේ මොන රටකට ගියත් ආපහු කැරකිලා තම රටට එනවා. අපේ ලංකාවේ නිදහසෙන් පස්සේ පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලකයන්ගේ නුගත්කම සහ නුගත් , මෝඩ තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටුන නිසා අපේ මිනිස්සු ඉන්නේ ආර්ථිකමය වශයෙන් අසහනයෙන්. ඉතින් ප්‍රතිශතයක් ලෙස කුමන හෝ ක්‍රමයකින් විදේශගත වෙන ජනතාව ආපසු එන්නේ නැහැ. (නි)
පේනවානේ රටට තියෙන පිළිගැනීම? (නි)
ඔය ලොකු ලොකු රටවල් ලංකාවට එන්න වීසා ගන්න වෙන බව දැනගන්න (නි)
දසුනි සහ ඩේවිඩ් දෙන්නා කියලා තියෙන දේ තමා හරියටම හරි (නි)
අපේ රටේ හොරකම් , වංචා , දුෂණ අඩු කරලා තියෙන සමපත් වලින්,සරල ජීවිත ගෙවනවා නම් අපේ රටත් දියුණු රටවල් වගේ වෙනවා. බුදු දහම තියෙන නිසා ඒ රටවලට වඩා හොද වෙනවා. හැම කෙනාම සරල සහ නිහතමානී ජීවිත ගත කිරීමයි වියයුත්තේ.හැමකෙනාම මුදල් පසුපස යාම නවතා අසල්වැසියන්, නෑදෑයින් සමග සුහදව සහ සහයෝගයෙන් ඉන්නවා නම් දියුණු රටවල් වගේ වෙනවා.හිතන්න ටිකක් හරි දියුණුව කියන්නේ මොකද්ද කියලා. (නි)
මම එංගලන්තයේ අවුරුදු 15 හිටියත් තවම මෙහේ ඉපදුන දරුවන්ටත් තියෙන්නේ ලංකාවේ පොත්.ලැබෙන හැම නිවාඩුවකටම එන්නේ ලංකාවට පමණි.නමුත් ඉදිරියට දුරදකින නායකත්වයක් ඉක්මනින්ම අවැසිය (නි)
ඇත්ත (නි)
අපි ඕක හිතුවා (නි)
නාමල් මහත්තයාගේ අදහසට මමත් එකග වෙනවා (නි)
සත්‍යපාලගේ හා චින්තක පෙරේරාගේ අදහස් ඉතා අගෙයි, දෙපලම තම මල්මිටක් (අ)
නිල් රනා බොරු කියන්න එපා. ඔස්ට්‍රේලියාව කියන්නේ නේටෝ සංවිධානයට අයිති රටක් නෙවෙයි. නමුත් ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයෙන් ලෝකේ රටවල් 170 කට වීසා නැතිව ඇතුල්වෙන්න පුළුවන්. (අ)
මේක ගාන ඔය තරම් හිතන්න ඕනේ නැහැ . රට යන්නේ සංචාරය සඳහා නම් අවශ්‍ය ලිපි ලේකන පෙන්නුවම වීසා ලැබෙනවා . යන්නේ සරණාගතයන් වන්නට නම් වෙනත් ක්‍රම තියෙනවා . අර සරි යුනිට් ඉතාලි කියන්න වාගේ . අපේ රටින් සරණාගතයන් සංක්‍රමණය වීම තමා ලොකුම ප්‍රශ්නය මේකට . එම රටවලට අපව කරදරයක් වෙලා දෙන්. පෙන්නේ නැද්ද ඉතාලිය ඔස්ට්‍රේලියාව ජර්මනිය ප්‍රන්සය එංගලන්තය . ලංකාවේ සරණාගතයන් පිරිලා (අ)
අර ද්විත්ව පුරවැසිකම දීමට වගන්ති දෙකක් සංශෝධනයට දාලා අවුරුද්දක් ලු. අනේ, ඉක්මන් කරලා ගන්න කීය හරි අරන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. අනෙක් කොයි රටට විසා නැතුව ගියත් අපි ඉපදුනු මව්රට බලන්න එන්න අපි වීසා ගන්න එපායැ. (නි)
එල්.ටී.ටී.ඊ අය නිසා ලංකාවට තැන නැතිවෙලා. (නදී)
ලංකාවේ මිනිස්සුන්ට මේ රටවල් වලට යන්න වීසා ගන්න ඕනේ වෙන එකක් නිසා නෙවෙයි, අපේ මිනිස්සු මේ රටේ ඉන්නේ කවදද පිට රටකට පැන ගන්නේ කියන මානසිකත්වයේ හින්දයි. ආර්ථික පීඩනය සමාජ පීඩනය වගේම වැරදි ආකල්ප මේ තත්වයට හේතුවක්. ලංකාවේ බොහෝ තරුණයන් බලාපොරොත්තු වෙන්නේ වැඩිය මහන්සි නොවෙන නමුත් වැඩියෙන් සල්ලි ලැබෙන රස්සාවල්. ඒ වුනාට ඒ අයම පිටරටවලට කොහොම හරි පැනල ටොයිලට් සේදීම, පාරවල් අතුගම වගේ රස්සා කරනවා. ලංකාවේ තරුණයන් කීදෙනෙක් බෝක්කු ගානෙ, හන්දි ගානේ රස්තියාදු වෙනවද? ඒ අය වුනත් බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ඇඳගෙන කරන රස්සා. ඒවගේ රස්සා විතරද රටක තියෙන්න ඕනේ...? ලෝකේ කොයි රටේත් සුදු කරපටි රස්සා අඩුයි. මේ අය කොහොමහරි පිටරටකට පනින්න හදන නිසා තමයි ලංකාවේ පාස්පෝර්ට් එකට ඔය පිළිගැනීම ලැබිල තියෙන්නේ. යුරෝපයේ හරි ඇමෙරිකාවේ හරි යන සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට අනිත් ජාතිකයෙකුට නැති විශේෂ පරීක්ෂාවලට ලක් වෙන්න වෙනවා මේ නිසා..(නදී)
මෙතරම් පහත මට්ටමක ලංකාව තිබිලත් ලංකාවේ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිකම ගන්න පන්දම් පෙළපාලි,ගිහින් ලක්ෂ ගණන් සල්ලි ගෙවන්න ඕන. පිටරට ඉපදුන අයට නම් කමක් නැහැ කියමුකෝ .කෙනෙත් කියනවා වගේ මේක යට තියෙන්නෙත් විහිළුවක් .මට හිතෙන විදියට හම්බකර ගැනීමක් .රටේ පුරවැසිකම අහෝසි කර නව කියන්නේ ,ඒ පුද්ගලයාගෙන් රටට ලැබෙන්න තියෙන සම්පත අහිමි කිරීමක් . මේ ක්‍රමය අහෝසි කරන්න බලදාරින්ට ඇයි අපහසු ?.(නදී)
මෙන්න තවත් වාර්තාවක් අපේ රටට. ලංකාවේ පම්පෝරි ගහන අය හොදට බලන්න මේක තමයි හරි තත්වය. ලෝකේ කිසිම තැනක් නැහැ ලංකාවට. එක තමි සැබෑ තත්වය. .(නදී)
මෙම තත්වයට තානාපතිලා වගකිව යුතුයි කියලා මම හිතන්නේ නැහැ. මේකට වගකිව යුත්තේ හොරෙන් රටවලට පනින මිනිස්සු හා සරණාගතයෝය. ඒක නිසයි විසදෙන්නේ නැත්තේ. නැතුව රටේ ප්‍රතිරූපයට නෙවේ. ලංකාවේ මිනිස්සු විසා නැතුව යන්න දුන්නොත් පනිනවා කියල දන්න නිසා විසා දෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න නම් ලංකාවේ මිහිස්සු බොරු සරණාගතයන් ලෙස යාම නැවැත්විය යුතුයි.(නදී)
වරප්‍රසාද අහිමි අප ශ්‍රී ලංකාවෙන් පිටවිය යුතුමයි, රටවල් 38 කියන්න හොද එකක් තෝරාගන්න. එහෙන් වත් ජොබ් එකක්, ගෙයක්, දොරක්, පවුක් හොයා ගන්න. .(නදී)
වීසා නැතුව ඕනෑම රටකට රිංගන්න පුළුවන් රටවල් තමයි දෙවන ලෝක යුද්දෙ දිනපු නේටෝ සංවිධානයට අයත් රටවල්. ජයග්‍රාහකයෝ ජය පැන් බොනවා. ඒකයි ලෝක ස්වභාවය. අපිත් අනාගතේ ලෝක යුද්ධයක් දිණුවොත් අපිටත් ඉහලම තැන ඉන්න පුළුවන්. යුරෝපීය ආක්‍රමණිකයාට ගැති වහල් චින්තනයෙන් මිදී දැන්වත් මේරට ගොඩනගන්න එක්වන්න. .(නදී)
රටේ වත් පොහොසත් කම් මත ලැබෙන වරප්‍රසාදයක්. මුල්තැන ඇෆ්ගනිස්තානය නම් එය දුප්පත් රටකි ..(නදී)
දැන් පෙනෙනවා නේද ලංකාවෙන් පිටවෙන ඕනෑම කෙනෙක් ඒ රටවල පුරවැසිකම දෙනකොට ගන්නේ ඇයි කියල, හේතුව ඒ සමග ලැබෙන ඒ රටේ ගමන් බලපත්‍රය ලංකාවේ එකට වඩා ඉතා පිළිගැනීමක් ඇති නිසා වෙනත් රටකට පහසුවෙන්ම යා හැකි නිසාත්ය. අපි මෙම ද්විත්ව පුරවැසිකම නමැති නූලෙන් මේ ලාංකිකයන්ව ලංකාව සමග බැද තබා නොගත්තොත් රටට සදාකාලිකව අහිමිවෙන මානව සම්පත මිලකොට නොහැකියි. මොකද ඉතා ඉහල පිළිගැනීමක් ඇති වෙනත් රටක සියලු සැප සම්පත් පිළිගැනීම තිබෙන ලැබුන කෙනෙක් නැවත ලංකික වෙන්න ඒවා අතහරී කියල සිතීම ප්‍රයෝගිකව බැලුවම විහිළුවක් . මේ නිසා ලාංකිකයෙක් සාදාරන හේතු මත දියුණු රටක පුරවැසිකම පිළිගනිද්දී මේ රටේ පුරවැසිකම අහෝසිකරන අනුවන ක්‍රියාදාමය රටට මහා හානියක්. නමුත් ප්‍රයෝගික ඇත්ත ගැන නොසිතා කාඩ්බෝඩ් වීරකමක් හිතට ගත්තොත් අපි හැමදාම පරාදයි. .(නදී)
මේ කතා බොරු. ලෝකේ එපාම කරපු පාස්පෝර්ට් 10 මෙන්න මෙතනින් බලාගන්න. .(නදී)
වීසා නැතුව අපිට යන්න පුලුවන් රටවල් මොනවාද? ඒ අතුරින් ජොබ් එකක් කරන්න පුලුවන් සුදුසුම රටවල් මොනවාද?