IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලංකාවට තලන්න බීබීසිය මුලපුරයි

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආවරණය කිරීම සඳහා කොළඹට පැමිණ සිටින විදේශ වාර්තා කරුවන් කිහිපදෙනෙක්ම ශ්‍රී ලංකා විරෝධී මතයක එල්බගෙන තම වාර්තාවන් ඉදිරිපත්කිරීමට බොහෝදුරට ඉඩඇතිබවට චෝදනාවන් ඉදිරිපත් විය හැකි ආකාරයේ වාර්තාවක් බිබිසි රුපවාහිනි ප්‍රවෘත්ති අංශය බදාදා විකාශනය කළේය.

වාර්තාව ඉදිරිපත් කලේ බිබිසි සේවයේ ජේෂ්ඨ විදෙස් වාර්තා කරුවකුවන ෆර්ගල් කින් විසිනි. 

ෆර්ගල් කින් ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ. 

කොටි ත්‍රස්තවාදය උච්චව පැවති සමයේ  ඔහු ටික කාලයක් කොළඹ සිට ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණයට සම්බන්ධ ප්‍රවෘත්ති සම්පාදනය කළේය. ඒ කාලයේ නැගෙනහිර ත්‍රස්තවාදී නායකයා මුණගැසී ඔහුගේ නිවසේදී සම්මුඛ සාකච්චාවක් පටිගතකරගැනීමට හැකිවන අන්දමට ත්‍රස්තවාදීන් සහ කොළඹ සිටි ඔවුන්ගේ තැරව් කරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට තරම් ඔහු දක්ෂ වාර්තා කරුවකු විය.

මෙවර ෆර්ගල් කින් ලංකාවට පැමිණ ඇත්තේ න්‍යාය පත්‍ර කිහිපයක්ම අතේ තියාගෙන  විය හැකිබව ඔහුගේ වාර්තාව නැරඹු බොහෝදෙනාගේ අදහස වී ඇති බව පෙනෙන්නට ඇත. 

ඔහුගේ වාර්තාවට මාර්තුකාව ලෙස යොදාගෙන තිබුනේ "ශ්‍රී ලංකාවේ උත්තර නැති මානව හිමිකම් ප්‍රශ්න" යන්නයි.

එහිදී ඔහු විදේශ ඇමති ජි. එල්.පිරිස් සමඟ පැවැත්වූ සාකච්චාවක කොටස් තම වාර්තාවට අන්තර්ගත කොට තිබුණි. 

එයට අමතරව එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධව සිටි අය සහ ශ්‍රී ලංකා හමුදාවන්ගෙන් දුෂණයට ලක්වුවායයි පවසන අය සමඟ පැවැත්වූ සාකච්චාවන් කිහිපයක්ද ඇතුලත් විය. මෙම පුද්ගලයින් පැවසු දේ පටිගතකර තිබුනේ එම පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහාය යන පදනම මත මුහුණු නොපෙනෙන අයුරිනි.

මේ හේතුවෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම කතාවක් ගොතා පැවසීමට අවස්ථාව ලබාදී ඇතිබවද මෙම චෝදනා පදනම් රහිතඒවා බවද එය දුටු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අදහස විය. 

ස්ත්‍රී දුෂණ සහ අමානුෂික වධ හිංසා උතුරු නැගෙනහිර ප්‍රචලිතව පවත්නා බව මානවහිමිකම් සංවිධානයන්ට සම්බන්ධ අයගේ අදහස වන බව ඔප්පුකර පෙන්වීම මෙම වාර්තාවේ මුලික පරමාර්ථය වියයුතු සලකුණු පෙනෙන්නට තිබුන බවත්, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි අනෙකුත් මාධ්‍ය ආයතන මඟින්ද මේ සති කිහිපය ඇතුලත ශ්‍රී ලංකාව විවේචනයට භාජනය කෙරෙන අන්දමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට හොඳටම ඉඩ ඇති බවත් ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෝ පවසති. 

මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රූපගත කිරීම සඳහා දැනටමත් වාර්තා කරුවන් කොළඹට පැමිණ ඇතිබව ඔවුන්ගේ අදහසවී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව මාතෘකා කොට බීබීසිය,චැනල් 4, ඩේලි ටෙලිග්‍රාෆ්, ගාර්ඩියන්  සහ ඉන්ඩිපෙන්ඩන්ට් වැනි බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන තුලින් ශ්‍රී ලංකාවට අහිතකර විවේචනාත්මක වාර්තා ඉදිරිපත්වීමට ඉඩ ඇතිබව පෙනීයන බව මේ අයගේ අදහස වී ඇත.

මෙම ආයතනයන්ට සම්බන්ධ ශ්‍රී ලාංකික පිරිස් පවා දරන්නේ ශ්‍රී ලංකා විරෝධී අදහස් බවට කලක් තිස්සේ චෝදනා ඉදිරිපත්ව ඇති බවත්, වාමාංශික මෙන්ම දක්ෂිනාංශික මත දරන බවට ප්‍රකට මෙවන් බ්‍රිතාන්‍ය මාධ්‍ය මෙපරිද්දෙන් ශ්‍රී ලංකා විරෝධී මත ඉදිරිපත් කිරිමසඳහා යොමුවිඅඇත්තේ  කුමන හේතුවක් නිසාද කියා විමසා බලා එම කරුණු නිවැරදිකර ගැනීම සඳහා ඥානාන්විත ක්‍රියාදාමයක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු වගකීමක් වන බවත් මෙවැනි මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෝ ඔවුන් හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන්  ඔවුන් දරන මත වෙනස් කරගැනීමට හැකි නොවන බවත් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.

 



අදහස් (0)

ලංකාවට තලන්න බීබීසිය මුලපුරයි

ඩේව්ඩ් Saturday, 26 October 2013 07:00 PM

චැනල් 4 කට්ටියත් ඉන්නවා ඇති.කොහොම වුණත් මේ වෙලාවේදී පස්ස ගහලා ඔලුව නමලා එයාලගේ මතයට සාකච්ඡා ස්ථිර කරගන්න දෙන්න එපා. (නි)

:       0       0

සමන් - දෝහා Friday, 25 October 2013 05:51 PM

පොදු රාජ්‍ය සමුළුව අපිට ඉල්ලගෙන කෑමක් වෙන්න වගේ යන්නේ. (නදී)

:       0       0

චමත් [ලංකාව] Friday, 25 October 2013 12:53 PM

බීබීසී එක දැන් ස්වාධින ආයතනයක් නොවේ. ඒ ඉස්සර, මෙවර ඩේවිඩ් කැමරන්ගේ පදේට නටනු ඇත. (ස)

:       0       0

ආරියසේන Saturday, 26 October 2013 08:56 AM

ප්‍රේමදාස මහත්තයා නැවත ඉපදිලා හිටිය නම් හොඳයි වගේ.(නදී)

:       0       0

බ්‍රිටිෂ් බබා Friday, 25 October 2013 01:19 PM

ලංකාවේ බෞද්ධයන් අමු අමුවේ මැරුවා. ඇයි ඒ මැරුවෙ සත්තුද? බ්‍රිතාන්‍ය කියන්නෙ හොරු සහ මිනීමරුවෝ. උන් තමයි ලෝකෙම කොල්ල කාපු හොරු. දැන් සුදනෝ වෙන්න එනවා..(නදී)

:       0       0

ආලෝක Saturday, 26 October 2013 08:47 PM

ඉල්ලාගෙන කෑමක් තමයි අපේ අය කරන්නේ. ඇයි කියන එකයි ප්‍රශ්නය? අධිරාජ්‍යවාදයට තාමත් ගැතිවීම නිසා බදු ගෙවන්නේ ණය ගෙවන්න වෙන්නේ මිනිස්සුන්ටමයි. එන මාධ්‍ය කිරිබත් කාලා නිදා ගන්නේ නැහැ. හොඳ කතා හදන්න තමා එන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 October 2013 01:50 PM

අපේ රටේ සමහර දේවල් අපිට අනුමත කරන්න බැහැ. නමුත් මෙයාලගේ මානව හිමිකම් ගැන කුමන කතාද? මතකනේ මීට අවුරුදු පහකට හයකට කලින් අහිංසකයෙක් වෙඩි තියල මරපු හැටි අපි වීඩියෝ වලින් දැක්කා. (ස)

:       0       0

සමීර සාලින්ද Saturday, 26 October 2013 09:55 AM

දැන් කෝ අපේ රටේ අර කෑගහන කෙනා විමල් මහත්තයා. රටට වෙන හානිය ... එතකොට සුදුව රටට එනවට සුද්දන්ගේ දේවල් එපා කියන කෙනා. . දැන් කෝ මේ ඒ අය.(නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 25 October 2013 02:00 PM

බි.බි.සිය කොහොමත් කොටි හඩනේ නියෝජනය කරන්නේ මෙයාලාගේ මේ වැඩසටහනට උදව් කරන්න තමයි ......වව්නියාවේ අර කට්ටියක් උසාවි ගියේ. දැන් මෙයාලා ගිහින් එයාලාව හම්බ වෙයි ...ඔය නිසා තමයි ඒ අය සමුළුව ලන් වෙනකන් ඉදලාම උසාවි ගියේ. දැන් ඉතින් මට බනින්න ....ජාති වාදියා,ආගම වාදියා කියලා.....බටහිර ඉදගෙන බටහිරට බනින නැට්ට නැති කට්ටියගේ අය කියලා ....(නදී)

:       0       0

එදිරිසිංහ Friday, 25 October 2013 08:08 PM

පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලුම නායකයන් අප රටට එන එකෙන් අප රටට ඇතිවෙන කිර්ති නාමයට කැළලක් කරන්න පිටදේශ වල තිබෙන ඔය මාධ්‍යයන් වලට කිට්ටු කරන්න දෙන්න බැහැ (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 26 October 2013 10:40 AM

අවධානය ගැන ජනප්‍රිය වෙන්න බොරුව ඔනේ. ඇත්ත කිව්වොත් බලන්නේ නැහැ. එය ඔහුගේ කාරියයි. ප්‍රතිරූපය ඔවුන්ට වැඩක් නැහැ.(නදී);

:       0       0

මොහමඩ් Sunday, 27 October 2013 12:15 AM

බ්‍රිතාන්‍යයෝ මෙරටේ ඉන්න සුළුජාතීන්ව සිංහලයාගෙන් ගළවා ගන්නයි එන්නේ. නියමයි (නි)

:       0       0

සම්පත් Friday, 25 October 2013 03:06 PM

පරණ දේවල් අවුස්සනවා නම් අපිට එංගලන්තයේ රැජිනගේ ඉඳල ඔක්කොම අන්තර්ජාතික අදිකරණය ඉදිරියට ගෙනෙන්න පුළුවන්. .(නදී)

:       0       0

යු. කේ Saturday, 26 October 2013 12:42 AM

තිස්ස මහත්තයෝ, තාම දන්නේ නැද්ද? මේ බි බි සි යේ වැඩකරන්නේ බොහෝවිට අපේම සිංහල අය. එනිසා සුද්දෝ ගැන පුදුම වෙන්න එපා. (නි)

:       0       0

අශෝක ලන්ඩන් Friday, 25 October 2013 03:52 PM

කෝ අර රැජිනට තේ සපයන ලොක්කා. එයා කිව්වේ නම් ඔක්කොම අන්ඩර් කොන්ට්‍රෝල් කියලනේ. අගමැති ඩේවිඩ් කමොරන්, විලියම් හේග් අපේ පැත්තේ, කොටියව ලන්ඩනයේ මෙල්ල කරලා තියෙන්නේ. වැඩ බැරි වයසක සීයා මාධයවේදියෙකුත් දාගත්තේ පත්තර කාරයන්ට දුවන්න වැඩ දෙන්න. දැන් බැලුවහම ඔක්කොම බොරු හෙළිවෙනවා. ගොයියෝ, දුවන්න පාර මදි වෙයි. විලි ලැජ්ජාවේ බැහැ. (නදී)

:       0       0

කමල් Friday, 25 October 2013 04:42 PM

ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් වයස අවුරුදු 14 වැඩි සිංහල ළමයින් මරා දමන්න ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කලා කියලා මතකයි. (ස)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 26 October 2013 06:02 AM

සුදු වැන් එකක් හොයා ගන්න නැද්ද මේ වාර්තා කාරයව එක්කරගෙන යන්න , .(නදී)

:       0       0

ජේ Saturday, 26 October 2013 06:26 PM

දන්නවද එංගලන්තයේ ඉන්න ඉන්දියන් අය ගැන. ලංකාවට විරුද්ධ ප්‍රචාර වැඩිපුරම බලන්නේ කියවන්නේ එහෙ ඉන්න අය තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4465 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 0 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 44 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 55 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 66 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 84 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site