ශ්‍රි ලංකාවට අසීමිතව ආදරය කරනා ඉතාලි ජාතික දෙල්ලා පව්ලේරා කාර්ලෝ නාපොලි නගරයේ ජිවත් වන්නෙකි. නාපොලි වෛද්‍ය විද්‍යාලයයේ හිටපු පරිපාලන කළමනාකරු වු කාර්ලෝ මේ වන විට විශ්‍රාමික සුවයෙන් කල් ගෙවයි.
ඔහුගේ බිරිඳ මෙයට කලකට පෙර මිය මියගියාය. 2000 වසරේ සිට මේ වන විට 15 වතාවක් තමා ශ්‍රි ලංකාවට ගිය බවත් ඒ සෑම වතාවකම ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් තමන්ගේ ගමන වෙනුවෙන් යොදාගත් බව කාර්ලෝ කියයි.
‘ මම එහෙම කලේ මගේ ගුවන් ටිකට් පතේ සල්ලි යන්නේ ලංකාවට නිසා. නුවර එළියට මම හරිම ආසයි. නිලාවැලි හික්කඩුව මුහුදු වෙරලටත් ඒ වගේමයි.
හැබැයි කුරුණෑගල හරිම රස්නෙයි. මම ලංකාවට ගියාම කන්නේ අතින්. ලොකු හොටල්වලට ගිහින් අතින් කද්දි ඒ අය පුදුම විදියට මගේ දිහා බලනවා. බතුයි සම්බොලයි පරිප්පුයි තෝර මාළුයි මගේ ප්‍රියතම කෑම.
ආප්ප වටලප්පන් වලටත් හරිම ආසයි. අමරදේව, ජෝතිපාල, කින්ස්ලි පීරිස්, චාමර වීරසිංහ වැනි ගායකයින්ට මම කැමතියි. මට ඔබේ රටේ ජාතික ගීය කියන්නත් පුලුවන්.( කාර්ලෝ ජාතික ගීය ගයා පෙන්වයි.) උපතින් මම කතෝලික දැන් බෞද්ධ. දළදා මාලිගාව ළගට ගිහින් බොහෝ වෙලා ඉන්න තියෙනවා නම් ඒ තමයි මගේ ලොකුම ආසාව. අචින්ත ගමගේ තමයි මට මේ පාර කියලා දුන්නේ. දුප්පත් ශ්‍රි ලාංකිකයෝ හත් දෙනෙක් මම නොමිලේ ඉතාලියට ගෙනත් දැම්මා. ඔවුන්ට රැකියාවල් හොයලා දුන්නා. ඒ හත් දෙනාගෙන් එක්කෙනෙක් විතරක් මට ඉදලා හිටලා කතා කරනවා. මම වෛද්‍ය හිටපු නිසා බොහෝ වෛද්‍යවරුන් මගේ හිතවත්තු.
මෙහේ රෑදි සිටිමේ බලපත්‍රය නැතිව අසරන ලාංකිකයින්ට බෙහෙත් ගන්න ඔන උනාම මම ඔවුන්ට උදව් කරනවා. නාපෝලියේ ජිවත් වෙන මාවතගම තරුණයෙකුට හදිසි සැත්කමක් කරන්න ඕන වුණා. වකුගඩු ආශ්‍රිතව හැදුණු රෝගයක් නිසා ඒ තරුණයාගේ ජිවිතය අනතුරෙයි තිබුණේ. නමුත් ඔහු නීත්‍යනුකුලව නොවෙයි හිටියේ. රෝහල් වල දින වේලාවල් තිබුනෙත් නැහැ ඒ සෑත්කම කරන්න.
මම ඉක්මනටම මෑදිහත් වී ඒ සෑත්කම කර ඒ තරුණයාගේ ජිවිතය බේරා දුන්නා. මෙහේ ලංකාවේ අය බොහෝ බස්වල යන්නේ ටිකට් නෑතිව. මගේ අතේ නිතරම ටිකට් පොත් දෙකක් තියෙනවා .
ලංකාවෙ කෙනෙකු ටිකට් නැතිව යනවා දැක්කොත් මම ඔහුට ටිකට් එකක් දෙනවා. ඔබේ රට ගැන පොතක් ලියපු රොබට් නොක්ස් ගෑන මම අහලා තියෙනවා. මටත් ආසයි ඔබේ රටේ ජන ජිවිතය හා රට ගෑන පොතක් ලියන්න. එකට මට වාසනාව තියෙයිද දන්නේ නෑහෑ.
ඔහු එසේ කිමටද හේතුවක් ඇත. රුදුරු පිළිකාවකින් මෙ සොදුරු මිනිසාගේ ශරිරය වෙලාගෙන ඇතැයි ද එහෙත් ඇපල්ස් කදුවැටිය හරහා ඇදී එන පිරිසුදු මදනළ ඒ උතුම් මිනිසාගේ හුස්ම ටික රැගෙන යෑමට තරම් අකාරුණික නොවනු ඇතැයි ද සොබා දහම පවා මෙවන් මිනිසුන් ආරක්ෂා කරනු ඇතැයි ද නාපොලි නගරයේ ජීවත් වන මහ නුවර අචින්ත ගමගේ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු පුතේ, ඔබේ අදහසට එකඟ නොවෙමි. නමුත් ගරු කරමි. (ස)
දළදා සමිඳු රැකවරණයි !! බුදු සරණයි !! ඔබතුමා නීරෝගී වේවා. (ස)
මම සඳරුවන්, බණ්ඩාරවෙල ඉන්නේ.මම දන්නා කෙනෙක් ඉන්නවා පිලිකා සුව කරන...දන්නා කීප දෙනෙක් හොඳටම සුව වෙලා තියෙනවා .පුලුවන්නම් මට කතා කරන්න.... ටෙලි නො - 0715721502. (ස)
බමුණුට මානසික රෝගයක් ඇති සිතමි. මේ ඉතාලි මහතා අපේ රටේ ඉපදිලත් නැතුව එතුමා අපේ රටට ආදරය කරනවා. (ස)
සමදර. ඔයාට පුලුවන්නම් එයා ලංකාවට ආපුහම මට අදුන්වල දෙන්න. මම ඉන්නේ සේරුවාවිල පන්සල කිට්ටුව. මට පුළුවන් මගේ නම්බර් එක දෙන්න. (ස)
අපේ ලංකාවේ අයට උදවු කරනවා වගේම අපිත් ඒ උත්තමයට උදව් කරන්න ඕනේ. මේ වගේ අය ගැන අහන්න ලැබීමත් හදවතට දැනෙන්නේ අපිරිමිත ආදරයක්. ඒ මොකද අපේ ලක්මවට අපි ආදරය වගේම ඒ මහත්මය ආදරය කරන්නේ සංසාරගත බැඳීමක් වෙන්න ඇති.ඒ මහත්මයා අදුන ගන්න කැමැත්තෙන් ඉන්නවා.පුලුවන්නම් ඒ මහත්තයාගේ දුරකථන අංකය දෙන්න.නැත්නම් මගේ විද්‍යුත් තැපැල් ලිපිනය මාර්ගයෙන් එතුමාව හමුවෙන්න අවස්ථාවක් සලසන්න අචින්ත මහත්මයාණනි. එතුමාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි. (ස)
බුදුන් ඉපදුනු කාලේ මිනිසෙක් කියලා කියන්නේ මෙවන් මිනිසුන්ටයි (නි)
මෙතුමා ගැන හරිම ආඩම්බරයි. ඔබට තෙරුවන් සරණයි! එහෙත් මේ කියලා තිබෙන වෙදමහතා ළගට මෙතුමා ගෙනියන්න පෙර දෙවරක් සෝදිසි කරන්න. (නි)
ඔය කියන කඳුවැටිය කොහෙද තියෙන්නේ කියලා දන්න කාටහරි කියන්න පුලුවන්ද? (නි)
පිළිකාව නිට්ටාවටම සුව කරනවා කියල දැන්වීමක් තිබුනා. මේ එකේ විස්තර වේද මහතාගේ නම මහානාම හපුගොඩ නුවර පළාතේ දුරකථන අංක 0776300666 - 0755559229 - 0727300666 නිකමට වගේ සෝදිසි කරලා බැලුවොත් මේ මනුස්සයට කරන උපකාරයක් වෙනවා. (ස)
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. (ස)
අපට ඔබ ගැන ආඩම්බරයි. තෙරුවන් සරණයි. (ස)
හරිම සුන්දර මිනිසෙක්,අවසාන කාලයේ හොද මාර්ගය හොයාගෙන.ලංකාවේ මිනිසුන් මේ සුන්දර මිනිසාට උදව් කරනවා මෙවන් අසනීපයක් සුව කරගන්න අපහසු වුණත් සිතටත් ගතටත් සැනසීමක් මදකට හෝ ලැබෙන්නේ බුදු දහමෙන්. ඔබතුමාට තෙරුවන් සරණ ලැබේවා! (නි)
මයේ ජයලත් පුතේ, දෙසැම්බර් 25 මම ත්‍රිකුණාමලේ හම්බවෙතෑකි. (ස)
කාර්ලෝ කියන්නේ ලංකාවට පුදුම ආදරයක් තියෙන මනුස්සයෙක්. ඔහු දැනට අවුරුද්දකට විතර ඉස්සර හොඳට හිටියා අසනීප උන වෙලාවේ ලංකාවේ අචින්ත ඇතුළු යාලුවෝ ඔහුව බලන්න ගියා. ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (ස)
බොහොම හොඳ සංවේදී කතා පුවතක්. මේ ලිපිය පල කලාට ලංකාදීපයට ගොඩක් තුති. මේ සොඳුරු මිනිසාට ඉක්මන් සුවය ලැබේවා. (ස)
පිටිගල මිලානෝ, ඔන්න ඔබලාට අවස්ථාව තියෙනවා මෙතුමාට කළගුණ සලකන්න. (ස)
අපේ රට පලවෙනි පංතියේ රටක්.. තුන්වෙනි පංතියේ මිනිස්සු ඉන්න... (ස)
මට දුක මේ වගේ අපේ අයට උදව් උපකාර කරන සැබෑ මිනිසෙකුට අපේ අය කළගුණ සලකන සලකන ආකාරය ගැන. හරි නම් ලංකාවට ගෙනැල්ලා උපහාර දක්වන්න නියම සුදුස්සො තමා මේ වගේ මහත්වරු... (ස)
7 දෙනකුට උදව් කරලා. ඒකයි කළගුණ සළකලා තියෙන්නේ (නි)
ඔබේ කතාව හරිම සංවේදියි.ඔබට ඉක්මන් සුවයත් නැවත අපේ මව්බිමට එන්න වාසනාවද ලැබේවා....!!!! (ස)
මේ ඉතාලි මහත්තයට අපගේ හෘදයාංගම ස්තුතිය.නමුත් කණගාටුවට කරුණ නම්, ඉතාලියේ සිටින වැඩි හරියක් සිංහලයින් තමන් හම්බකරන් කන ඉතාලියට කෘතගුණ සලකන්නේ නැති එකයි. තමන්ගේ රටේ නමත් කාල මෙරටත් කනවා. (ස)
කටාර් දේශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු මමත් මගේ රටට ගොඩක් ආදරෙයි. මට ඔහුගේ ඊමේල් ලිපිනය ලබා දෙන්නේ නම් බොහොම පින් (නි)
ලංකාවට ආදරය කරන තව බොහෝ අය පිටරටවල ඉන්නවා. හැබැයි උදවු අරගෙන මුල අමතක කළ ගොඩක් ලාංකිකයන් නිසා දැන් එයාලට ලංකාවේ මිනිස්සු එපාවෙලා,හොද කතා තියනවා කියන්න ඕනෑ නම්. දෙයියෝ සාක්කි එකට ලියන්න පුළුවන් සිය සැරයක්.මෙම මහතාට ජය වේවා! (නි)
අපේ රටේ සුන්දරත්වය අපිට බෙදාගන්න නැහැ අපේ අරමුණු මුදල් නිසා අපේ රට ලෝකේ උතුම්ම රට මෙවැනි විදේශික මහතුන් අපේ රටට වටිනාකම තේරුම්ගෙන මේවගේ රටට ආදරේ අය අපේ රටේ පාලකයෝ වුනානම් ඔබට බුදු සරණයි (බ)
මේ උතුම් මිනිසා වෙනුවන් උදව් කිරීමට මa කැමති මගේ යාලුවෙක් සින්හලවෙදකමෙන් නිට්ටාවට දැනට සුවය ලබා ඉන්නවා අචින්ත මෙය ඔබ දුටු වහාම මට කතා කරන්න.ස්ක්ය්පේ-දයාල්.ස්රිනථ2.-BUDUSARANAI
ඔබ උතුම් මිනිසෙකි අපේ උපන් බිමෙහි වටිනාකම මොහුට වැටහුනත් අපේ ගොඩක්දෙනාට ඒ බවක් වැටහී තිබෙන බවක් නම් නොපෙනේ රටෙන් පිට හිටියත් ජන්මයෙන් ගෙන දේවල් නම් අමතක කල නොහැක ඔබට තෙරුවන් සරණ පතන අතරම නැවත වරක් අපේ රටට යාමට හැකිවේවා කියා පතමි
ඔබතුමා ආත්ම ගණනක් ලක්බිම ඉපදුන කෙනෙක්.දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබතුමා නිරෝගී සුවය ලබනවා (නි)
දෙවි පිහිටෙන් අසනීපය සුව වේවා! (නි)
පිළිකාවක් කිවුවම හුගක් දෙනා හිතන්නේ මරණ සහතිකය අතට ගත්තා කියලා. නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ මේ මහත්මයා තවත් සෑහෙන කාලයක් ජීවත්වීමට මේ හැමෝගෙම ආශිර්වාදය ඖෂධයක් වේවි.ඔබට දීර්ඝෘයුෂ! (නි)
මට කියන්න තිබෙන්නේ ඒ මහත්තයට අපේ රටේ මිනිස්සු ඔබතුමාව දැකලා ගොඩක් සතුටු වෙනවා වගේම දුක් වෙයි කියලයි (නි)
ලංකාවට ආදරය කරන, ලංකාවේ මිනිස්සුන්ට ආදරය කරන ඔබතුමාට ඉක්මන් සුවය ලැබී තවත් දිගු කලක් ජිවත්වීමේ වාසනාව ලැබේවා. එතුමාගේ ලිපිනය පුලුවන් නම් අපට හොයලා දෙන්න. අපි එතුමාට කථා කරලා සිංහල වෙද මහතා ගැන කියමු. (නි)
අනේ සමදරෝ,ඔයා දන්නා එක?කවුද ඔයාට ඕක කිව්වේ ඉතාලිය ලෝකේ දියුණුම රටක් කියලා? ඉතාලියේ තමා දැන් වැඩියෙන්ම රැකියා නැති අය ඉන්නේ,අපේ ලංකාවේ අයටත් දැන් අමාරුයි (නි)
මේ ලිපිය කියවන අපිත් ඔබට ගොඩක් ආදරෙයි. ඔබට ඉක්මන් සුවය පතමි (නි)
අප ඉතාලියේ ජීවත් වුණාට මෙවැනි විස්තරයක් පළමු වරටයි ඇහුනේ. එනිසා විශේෂ ස්තුතිය මෙම ලිපිය පල කළ මඩවල මහතා ඇතුළු සියලු ලංකාදීප කතෘ මණ්ඩලයට හිමිවේවා! මෙවැනි උතුම් මිනිසුන් මැද අපද මිනිසකු වීම කොතරම් භාග්‍යයක්ද?තෙරුවන් සරණින් ඔබට නීරෝගී සුව ලැබේවා.ජාතියේ ප්‍රණාමය ඔබල සියලු දෙනාට හිමි වේවා. (නි)
මේ වගේ උතුම් මිනිස්සුන්ටත් මේ රට එපාවෙනවා මෙහෙ අය කරන වැඩ දැක්කම. (දී)
අනේ මේ ලංකාවේ මිනිස්සු නම් උදව්වක් කළවිට ප්‍රති උපකාර කරන්නවත් දන්නේ නැහැ. කවුරු හරි මේ කෙනාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්න. මං දැනුම් දෙන්නම් ලංකාවේ ඉන්න හොඳ වෙද මහත්තුරු ගැන. මේ වගේ මිනිස්සු ලංකාවට සම්පතක්. නාරම්මල මැටියගනේත් ඉන්නවලු දක්ෂ වෙද නෝනා කෙනෙක්. (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට දීර්ඝා යුෂ පතමි. නිරෝගී සුවය ලැබේවා, දළදා හාමුදුරුවන්ගේ පිහිට මම පතමි. (ස)
මට නම් පිස්සු වගේ මෙයා මේවා දකින කොට ? (ස)
කාර්ලෝ, ඔබ ඉතා හොඳ ගතිගුණ ඇති මිනිහෙක්. ඔබව අපි ආරක්ෂා කළයුතු හොඳ මිනිසෙක්. ඔබට දීර්ඝ ආයු කාලයක් ලැබේවා. තවද ඔබගේ අසනීපය ඉක්මනින් සුව වේවා. ඔබ අපි සැමට ආදර්ශවත් සැබෑ උතුම් මිනිහෙක්. ඔබට බුදුන්ගේ සරණයි. (නි)
මෙයාට පිළිකාවක් තිබුනත් නැති වගේ පේන්නේ. මෙයා අනිවාර්යෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා.ජීවත් වෙන්න ඕනේ. මම අද කියන්නේ මෙයාට කරදරයක් වෙනවා නම් වෙන්නේ 2020 වසරේදී මේක හොඳට හිතට ගන්න . ආයුබෝ වේවා. (ස)
අනේ පෙරේරා ..සොයුර හැකි නම් ඔබට ..අපේ පිට බැද්දර ජයා ලබා දුන් ඒ විස්තර ටික ඔහුට ලැබෙන්න සලස්වන්න ..ඔයාට ඒ පින මෙලොවදීම ලැබේවි ..!! (ස)
අනේ මේ තීරයේ යම් කෙනෙක් ..වෙතොත් මේ පුද්ගලයට ..අපේ පිට බැද්දර ජයා මහතා දුන් ඒ වේද මහතාගේ ..විස්තර ටික ලබා දෙන්න ..ඔහුට ඒ සදහා වියදම් කිරීමට මුදල් ඇති හෙයින් ..පින් වත් කෙනෙක් මේ ..තීරයේ නිව්ස් එක ලබා දුන් අපේ කතෘ තුමා හෝ මේ පුද්ගලයට උදව් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ..! අපේ ලංකාදීපේ ..මෙරට පිටරට සියලුම දෙනාට උදව් කරන ..උතුම් මිනිස් ගති පිහිටි සැබෑ මිනිසුන් බව අපි හොඳාකාරවම දනිමු ..!! (ස)
මම ඉන්නේ නාපොලි..මම මෙයාව අදුරනවා..කාට හරි මෙයා ගැන දැනගන්න ඕනේ නම් මට කතා කරන්න.මෙතුමාගේ නිවාස පිහිටලා තියෙන්නේ.. වියාලේ දිපීනි ,,කොල්ලිඅමෙනි. යන ලිපිනයේ. (ස)
ඔබ හොඳ කෙනෙක්. ඔබට දලදා සමිඳු පිහිටයි. (ස)
ජෙනොව සම්බුදු විහාරයෙ ලබන 24 ඉරිදාව පුජාවෙන් පසු එතුමාගේ නම සිහි කරලා සුවය ප්‍රර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමට ඉක්මන් සුවය ලැබේවා (අ) .
හද බදින පුවතක්.රසබර කතාවක්.කියවන්න පුළුවන් පණිවුඩයක්.ස්තුතියි සහාය වූ සැමටම.සියලු දෙනා සුවපත් වේවා. (නි)
අනේ ගෞතම බුදුන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ මහා හාස්කමකින් ඔබට නිරෝගී සුවය ලැබේවා.....!!! (අ)
මම ඉන්නේ නපොලියේ අපිට හැකිද මේ ඉතාලි ජාතික මනුස්සකම අදුරගන්න.මම වසර 10ක් ඉතාලියේ .මටත් ඕන කට හෝ පිහිටක් වෙන්න හැකිනම් මට අදුරගන්න ඇසි හදවතින්ම ..(අ)
කාර්ලෝ උතුම් කළමනාකරු ගුණ යහපත්.. අසරණ අයගෙ පිහිටට ගත් වෙර සවිමත්.. ලංකාවාසි ණය ගැති ඔබහට කවදත්.. ඔබෙ පොත ලියන්නට වැඡඹෙනු වී සුවපත් (අ0
ඔබට සුවය පතමි (නි)
සමීර කියනවා වගේ අපේ සිංහල වෙද ක්‍රම මගින් මේ උතුම් මිනිසාව බේරා ගන්න පුලුවන් වේවි (නි)
දොස්තර මහතාණෙනි, ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා! (නි)
ඉතාලි ජාතික මහතෙකු ලංකාව ගැන දක්වන ආදරය ඉතා අගනියයි ,බටහිර ලෝකයට මේවා පෙනෙන්න ඕනේ . මහත්තයෝ ඔබට තෙරුවන් සරණයි..පතමි ආයු බල. (අ)
එතුමාට තිසරණ සරණයි! (නි)
ඔය කියන කදුවැටිය තියන්නේ ඇත්තටම කොහේද ? (නි)
එතුමාට දීර්ඝායු වේවා! (නි)
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා !!!!! (ස)
කාර්ලෝ මහතාට ඉක්මනින් නිදුක් නිරෝගි සුව අත්වේවා! (අ)
බුදු සරණින් ඔබට දීර්ඝායුසම්පත් ලැබේවා . (දී)
මහත්තයෝ මට මේ ලිපිය කියවලා ඇසට කදුලක් අවා ඔබට හදවතින්ම සුවයපතමි මගේ ආයුස වලින් බිදක් හෝ ඔබට ලැබේවා මගේ ආයුස අඩුවී ඔබේ ආයුස දිගුවෙවා. තෙරුවන් සරනයි. (දී)
වඩා කනගාටුදායක පුවත නම් අර කතා නොකරන රැකියා ලබපු අය
ජයවේව ....
ඔබට ගොඩාක් පින් (දී)
යතාර්ථය දකින්නා බොරුව අත්හරී ! (දී)
අර ලංකවේ ඉන්නවා නේද වේද මහත්තයෙක් පිළිකාව හොද කරන්න පුළුවන්. මේ මනුස්සයව එතැනට ගෙනිහිල්ල හරි , ඒ වේද මහත්තයාගේ නම්බරේ හරි දෙන්න. මේ වගේ මිනිසුන් දෙවියන් හා සමානයි. මහනාම ඒ. හපුගොඩ වේද මහතා තමයි එයාගේ නම. (දී)
ඉතාලි ජාතිකයෙක් උනත් කාර්ලෝ දොස්තර මහත්මයා කරුණාවන්ත පුද්ගලයෙක් බව පෙනෙනවා. අචින්ත ගමගේ මහත්මයා, ඔබද ලොකු පිනක් කර ගැනීම ගැන අපට සතුටුයි. (දී)
ඔබට ජාතියේ ප්‍රණාමය (දී)
ඔබට නිරෝගී දිවියක් මුළු හදින්ම ප්‍රාර්ථනා කරමි (නි)
එතුමාට නිදුක් නිරෝගී දිවියක් පතමි. (ස)
ඉක්මන් සුවය පතමි.. (ස)
ලංකාව ලස්සන තමා. ඇතුලේ ඉන්න අය හැරුනම, (අ)
ආයු බෝ වේවා ! අපේ රටේ උපන් මිනිස්සුවත් අපේ රටට ආදරය නොකරන කාලේ , ඔබ වැනි මිනිසෙකුගේ , හැගීම් පවා උත්තරීතරයි. (අ)
හරිම සංවේදී කතාවක්.. අපිටත් සතුටුයි අපේ රට ගැන එහෙම හිතන එක. ඒ වගේම , අපේ රටේ බහුතරක් ඉන්නේ අසීමිතව වෙනත් රටවලට ආදරය කරන සහ හැකි විදියට හොරෙන් හරි ඒ රට වලට යන්නයි බලන්නේ ... කොහොම උනත් ඔබතුමා ලංකාව ගැන ලියනවා නම් අර බස් එකේ හොරෙන් යන අය ගැන ලියන්න එපා.මොකද එහෙම අය මෙහෙත් සෑහෙන්න ඉන්නවා. ඒ වගේම අර ඔබතුමා රස්සාව හොයල දුන්නට පස්සේ අමතක කල පිරිසටත් සමාව දෙන්න .... (ස)
බමුණු...කරුණාකරලා හැම රටකම සිදුවෙන අපරාධ ගැන කියවල බලන්න එතකොට ඔබට තේරෙයි ඕනෑම රටක වැරදි කරන මිනිස්සු ඉන්නවා කියලා. ඒක ජාතියේම වැරැද්ද නෙමෙයි. ඔය ඇත්තටම සිංහල ජාතිකයෙක් නම් ඔයාට තියෙන්නේ ජාතිය ගැන මානසික ප්‍රශ්නයක්... (ස)
බුදු සරණින් ඔබට දීර්ඝායුසම්පත් ලැබේවා . (අ)
අපේ රටේ සමහර අමනයන්ට මේ රටේ වටිනාකම තේරෙන්නේ නෑ,,මේ ලිපිය කියෙව්වම හිතටඅපේ රටගැන ලොකු අභිමානයක් දැනෙනෙව ...එතුමන්ට සම්බුදු සරණ පතමි .සියලු ලෙඩදුක් සුවවේවා..ගමගේ මහතාටත් පින් (අ)
මේවටත් කේන්ති යන සමහර කුහක අය ලංකාවේ ඉන්නවා.(අ)
මහත්මයාණෙනි ඔබට තුනුරුවන් බෙලෙන් නිදුක් නීරෝගී සුවය ලැබෙන්න පැතුම් (අ)
ඔහු නැවත ලංකාවට ආ දිනෙක මම කැමති මගේ වියදමින් ඔහු කැමති තැන් කිහිපයකට එක්ක යන්න. මම ඉන්නේ ත්‍රිකුණාමලේ. කවුරු හරි කෙනෙක් මට මේ සදහා මැදිහත් වෙන්න. නැවත නැවත ලංකාවට එන්න වගේම ඔහු කැමතිම දළදා මාලිගාව වදින්නත් ඔහු වාසනාවන්ත වේවා. ඒ වෙනුවෙන් අපි පින් කරලා දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. (ස)
ආයු බෝ වේවා (ස)
ලංකාව ලස්සන තමා. ඇතුලේ ඉන්න උන් හැරුනම, රස්සාව හොයා දුන්න මනුස්සයා අමතක කරපු උන් උන්ගේ අම්ම තාත්තත් අමතක කරනු ඇත. (ස)
මෙවැනි උතුම් මිනිසුන් නොමැරී ජීවත්වෙනවනම් කෙතරම් ඇගේද? (අ)
මහතාණෙනි, ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා! (නි)
"පුතේ බමුණු, මොකක්ද මම ඔයාට කළ වරද?" ඔයා මට පුද්ගලිකව වරදක් කරලා නැහැ. නමුත් පොදුවේ මුලු රටටම වැරදි කරලා තිබෙනවා. බලන්න පත්තරය කියවලා. වෙලා තිබෙන සිදුවීම් කියවනවිට අපි මහා නරක ජාතියක් නේද? මේ වැඩ වලට මුල් තැන දෙන දේශපාළුවෝ තේරුවේ මේ මිනිස්සු නේද? (නි)
මේ වගේ කෙනෙක් අපේ රට භාරගත්තොත් අපේ රට කොහොම හිටීද? අපිට එහෙම වාසනාවක් තිබේද? (නි)
පුතේ බමුණු, මොකක්ද මම ඔයාට කළ වරද? (නි)
මමත් ලංකාවට ආදරෙයි. නමුත් එහි ඉන්න මිනිසුන්ව පිළිකුල් කරනවා. (නි)
ඉතාලිය කියන්නේ ලෝකයේ තියෙන දියුණුම මහා පෝසත්ම රටක්. ඉතින් එවැනි රටක උපන් සුදු මහතෙක් අපිට ආදරේ නම් තවත් කියලා වැඩක් නැහැ. (නි)
ඉතාලි ජාතිකයෙක් මෙවැනි උතුම් මිනිසෙක් අපේ රටට ඉතාලියටත් ආඩම්බරයක්. ඔබට ගොඩාක් පින් මහත්මයනණනි . ඔබේ ආයුස දිගුවෙවා. ජාතයේ ප්‍රනාමයය ඔබට. (අ)