IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලංකාවත් ක්ෂණික නූඩ්ල්ස් පරීක්ෂණාගාරයට යවයි

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම්ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගනී.

අනුමත් ප්‍රමාණයට වඩා ඉන්දියාවේ එම නූඩ්ල්ස්වල ඊයම්  හත් ගුණයකින් තිබුණූ බව ඉන්දියා රජය සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවද පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසන්නීය.

වෙළඳපොළෙන් ගත් විවිධ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත. එම වාර්තා ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව අධිකාරියේ සභාපති රුමී මර්ෂුක් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක, පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.තිලකරත්න මහතා පවසනුයේ අනුමත ඊයම්  ප්‍රමාණය මිලියනයකට කොටස් 0.11 සිට 2.5 දක්වා වේ. එම්.එස්.ජී ලෙසද හැඳින්වෙන මෙම රසකාරකයෙන් ඉරුවාරදය, ඔක්කාරය, ඇඟේ පළු මතුවීම පමණක් නොව හදවතටද හානි කළ හැකිය.

මැගී නූඩ්ල්ස් නිපදවන නෙස්ලේ සමාගම පවසනුයේ තම නිෂ්පාදනයන්හි තත්ත්වය හා ආරක්ෂාවට හැමවිටම ප්‍රමුඛස්ථානය දෙන බවයි. පන්නල හා කුරුණෑගල කම්හල්වල මැගී නූඩ්ල්ස් නිෂ්පාදනය කරන බවත් ශ්‍රී ලංකාවේ ආහාර නීති හා රෙගුලාසි පිළිපදින බවත් සමාගම කියයි.

නියමිත පර්යේෂණ පැවැත්වෙන බවද ඒ හැම පර්යේෂණයකදීම තම නිෂ්පාදනයේ ආරක්ෂාව ඇති බව සහතික කරන බවද සමාගම කියයි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මැගි නූඩ්ල්ස් වල එම්.එස්.ජී රසායනය අනුමත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබූ බව ඉන්දියාව කියයි. ඉන්දියා ආහාර හා ඖෂධ අධිකාරිය පවසනුයේ තමන් පරීක්ෂා කළ සියලු සාම්පල බාල මට්ටමේ තිබූ බවයි. එවැනි නිෂ්පාදන අලෙවියද තහනම් කළ හැක.

 

 

 



අදහස් (0)

ලංකාවත් ක්ෂණික නූඩ්ල්ස් පරීක්ෂණාගාරයට යවයි

සමන්ති Sunday, 24 May 2015 04:09 PM

ඉන්දියාවේ එහෙම කළත් මෙහෙ එහෙම කරන්නේ නැතිලු.පුදුමයි. (නි)

:       0       0

සඳුන් Monday, 25 May 2015 06:09 AM

නිෂාද්, එහෙම තමයි බොහෝවිට පරීක්ෂණ කරන්න වෙන්නේ. ඉන්දියාව, වෙනත් රටක් හෝ ලංකාවෙන්ම ලැබෙන ඉඟියකින්. දියුණු රටවල වෙනස නීති තද නිසා නිෂ්පාදකයන් ඒවාට අනුව හදනවා. අපි දැන්වත් හරියට කරමු.(ම)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Monday, 25 May 2015 02:51 AM

අපිනං ඔව්වා දරුවෙකුටවත් කන්ට දෙන්නේ නෑ. මේ වගේ කෑම ජාති ගැන රුවාහිනියේ පෙන්නන්ට කලින් මහජනයාට හානිදායක නැහැ කියලා සහතිකයක්වත් ඉදිරිපත් කරන්ට කටයුතු කෙරුවා නම් හොඳයි නේද.? (ම)

:       0       0

නිෂාද් Monday, 25 May 2015 03:55 AM

පුදුම පාරිභෝගික අධිකාරියක්නේ. ඉන්දියානු රජය එය සොයා ගත්තේ නැතිනම් මොකක්ද තත්වය ? අපේ රටේ අය වැඩ කරන්නේ වෙන රටවල දෙන සහතික උඩද. ? ඇයි අපේ අධිකාරිය මගින් වෙනම පරීක්ෂණයක් කරන්නෙම නැතිද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 196 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1762 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 215 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 820 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 983 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1204 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37574 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site