IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවේදී සත පහකට ගණන් ගත්තේ නැහැ

ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටියි.

වෙරෝනා නුවර ජිවත්වන කටුනේරියේ ලක්මාල් සිල්වා 32 වයස අවුරුදු 7 සිට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන්නෙකි.

කුඩා අවදියේදීම කටුනේරිය ක්‍රිඩා සමාජයට බැදී අවුරුදු 7ක්  මල්ලව පොර සටන් කලාවත් අනතුරුව තවත් අවුරුදු 6ක් උෂෝ සටන් කලාවත් ප්‍රගුණ කළ බවත් එයින් පළාත් මට්ටමින් සංදර්ශන රැසකට සහභාගී වී ජයග්‍රහණ රැසක් අත්කරගත් බවත්  ලක්මාල් කියයි.

2001 දී ඉතාලියට පැමිණ එතැන් සිට මේ වන තෙක් ප්‍රංශ ජාතික ලුයිජි කර්ලියෙලේ ඉතාලි ජාතික රොබැර්තෝ ග්‍රනානි ජපන් ජාතික සුගිනෝ සෙන්සෙයි යන උපදේශක වරුන් යටතේ ආත්මාරක්ෂක සමුරායි සටන් කලාවේ කළුපටි තුන්වැනි ශ්‍රේණියත් කඩු හරබ සදහා කළුපටි පළමු ශ්‍රේණියත් ලක්මාල් ලබා සිටියි.

තමා හා තම ඉතාලි ජාතික පුහුණු කරු සමග එක්ව වෙරෝනා විශේෂ පොලිස් ඒකකයට ආත්මාරක්ෂක සටන් කලාව හා විශේෂ පැරිෂුට් පාඨමාලාවක් උගැන් වු බව ලක්මාල් එසැණට පැවසිය.මම ලංකාවට ගිහින් පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනෙක් මුණ ගැසුණා.

අපේ පොලිසියේත් තියෙනවා පැලියගොඩ වලාන මිරිහාන වගේ විශේෂ පොලිස් එකක. අන්න ඒ පොලිස් එකක වලට වටිනා සමුරායි සටන් පාඨමාලාවක් නොමිලේ ලබා දෙන්නයි මම ඉහළ පොලිස් නිලධාරින් හමු වුයේ.

 ඒ අය සතපහකට ගණන් ගත්තේ නැහැ. මම ඉගෙන ගත්තු දේ ඉගෙන ගන්න දේ මගේ රටේ ප්‍රයෝජනයවත් දෙකට යොමු කරන්න මම ආසයි.

යුරෝපා සමුරායි සංගමය ඒ සදහා මට උදව් කරන බව මම දන්නවා. ජනාධිපතිතුමා හමු වෙන්නත් මම උත්සහා කළා. එත් වැඩක් වුණේ නැහැ. ආරක්ෂක ලේකම් තුමාගෙන් පොලිස්පති තුමාගෙන් හමුදා පතිතුමන්ලාගෙන් මම ඉල්ලන්නේ අපේ විශේෂ පොලිස් හමුදා එකක වලට මේ වටිනා පුහුණුව ලබා දෙන්න මට අවස ර දෙන්න කියලයි.



අදහස් (0)

ලංකාවේදී සත පහකට ගණන් ගත්තේ නැහැ

කෝප්‍රල් චමින්ද-පනාගොඩ Wednesday, 15 January 2014 04:03 PM

ඔබට පුළුවන් නම් ගොස් ආබාධිත සෙබළුන් පුනරුත්ථාපනය කරන ස්ථානයක ඔවුන්ට අවශ්‍ය කරන ව්‍යායාම කරවන්න. මේ සඳහා අමාත්‍යංශ හරහා අවසර ගත යුතු නැත. එම ස්ථානයේ භාරකාර කෝප්‍රල් මහතා ඔබට ඉඩ දෙයි. මෙවැනි ස්ථාන වල ලංකාවේ තරුණයන් රාශියක් විටින් විට පැමිණ ස්වේච්චාවෙන් මෙම ක්‍රියාවන්ට හවුල් වෙනවා. (දී)

:       0       0

හප්සාල් Monday, 13 January 2014 06:04 PM

කොමිස් දෙනවා කිව්වා නම් පොරකාගෙන එයි.(නදී)

:       0       0

විජේසිංහ Monday, 13 January 2014 06:05 PM

ගණන් ගන්න එපා ඔව්වා ඔහොම තමයි. මැණිකේ අගේ කණා දන්නේ නෑ. පුළුවන් නම් මොනා හරි සංවිදානයක් අටවා ගෙන පාරට බහින්න. නිකන් ඉන්න එකේ අපිත් එන්නම් කෑ ගහන්න.(නදී)

:       0       0

ලක්මල් Monday, 13 January 2014 06:11 PM

අල්ලසක් දුන්නොත් කර ගන්න පුළුවන්. බෝයිං කොම්පැනි එකටත් ඕකම තමයි වුනේ. පිටරට අය අල්ලස් දෙන්නේ නැති නිසා අපේ අය කැමති නැහැ.(නදී)

:       0       0

කෙවින් Tuesday, 14 January 2014 11:39 AM

අනේ කොල්ලෝ හොදට ඉගන ගෙන ඇග හදා ගෙන කාලා බීලා කීයක් හරි හොයාගන ඔහෙටම වෙලා ඉන්න අපේ රටේ අයට මොන කරාටෙද පුතේ. 30% කොමිස් දෙනවනම් ලංකාවට උත්සව තියල වී අයි පි විදියට පිලි ගනී. හිතෙන් සතුටු වෙන්න හොද දෙයක් ඉගන ගත්තා කියලා. (දී)

:       0       0

අයිවන් ඉතාලිය Monday, 13 January 2014 06:37 PM

ඔබත් ඔබගේ වටිනා සටන් කලාවත් වෙනස් නොකර සාමයෙන් ජීවත් වෙන්න.(නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 13 January 2014 06:40 PM

ඔය දරුවා දේශ පාලකයෙකුගේ පුතෙක් නම් මේ වනවිට ලංකාවේ ශත පහට වඩා ,ඩොලර් ,පවුම් වලින් වටිනාකම් ලැබිලා. ඉතාලියේ සිටින නිසා සටන් කලාවත් ප්‍රගුණ කරගෙන ,ලීරා කන්දක් හදා ගත්තා නම් ,ගණන් නොගත්ත අය කන්ද පාමුලට ඇවිත් වැඳ නමස්කාර කරයි. වහාම ඉතාලි චිත්‍රපට නිෂ්පාදකයෙක් හමුවන්න. ලෝක ප්‍රසිද්ධ වෙන්න වාසනාව ලැබෙයි.ඔබට ජය.(නදී)

:       0       0

නිහාල් Monday, 13 January 2014 07:35 PM

ඔය වගේ දේවල් වලට තැනක් දෙන්න මහා ලොක්කෝ ටික කවදාවත් කැමති වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ශ්‍රීමාල් නිරෝෂන් Monday, 13 January 2014 07:53 PM

අපේ රටේ හොද දේට වඩා නරක දේට මුල් තැන දෙන්නේ. දැන උගත් අය මේ වගේ සටන් කලාවක් වැදගත් කොට සලකමු. පුද්ගලිකව අදටත් හෙටටත් මා මේ වෙනුවෙන් සහයෝගය දෙමි.(නදී)

:       0       0

අසම Monday, 13 January 2014 08:00 PM

සමුරායි නෙවෙයි අපිට කිරිපිටි ටිකක් ගන්න විදිහක් නැද්ද ? (නදී)

:       0       0

අමිල Tuesday, 14 January 2014 01:16 PM

ඔහාටම වෙලා ඉන්න (දී)

:       0       0

ඡයා Monday, 13 January 2014 08:17 PM

අහිංසක මිනිස්සුන්ගේ අත පය කඩන්නද ඔය සටන් කලාව පොලිසියට දෙන්න හදන්නේ.(නදී)

:       0       0

පෙරේරා Monday, 13 January 2014 08:21 PM

ඔබගේ උත්සාහය සපල වේවා! (නදී)

:       0       0

මයිත්‍රී ගුණවර්ධන මිලානෝ Wednesday, 15 January 2014 04:49 AM

අයිකීදෝ, බුදොකාන්, ජුජුට්සෝ,වා ෆන්කුලෝ වැනි සටන් ක්‍රම උගන්වන සංවිධාන සියල්ලම වානිජමය ව්‍යාපාරයන්ය. මේවාට එන අයට ඒ අයගෙම මුදල් වලින් පදක්කම්ද දී එම අය ලොව සිටින උසස්ම කරාටේ හෝ හදාරන ලද සටන් ක්‍රමයේ පුද්ගලයා බව පෙන්වා දෙනවා. මෙකී ආයතන වල සාමාන්‍ය සම්ප්‍රදාය මෙයයි. මෙවැනි තැන වලින් ඉගෙනගත් අය ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයට පුහුණු කටයුතු කරනවා කියන්නේ 'හාවෙක් අලියෙක්ව නාවන්න යනවා' වැනි වැඩකි. (නදී)

:       0       0

රොහාන් පණ්ඩිත මිලානෝ Wednesday, 15 January 2014 05:00 AM

ඔයගොල්ලෝ වෙන්නප්පුවේ පටන් ගත්ත කරාටේ පන්තියට මොකද වුනේ? ඒක ඉබේම නැවතුනා නේද? (නදී)

:       0       0

කුලතුංග Tuesday, 14 January 2014 01:55 PM

කොයි තරම් දක්ෂයින් මේ මොහොතේ ලංකාවේ ඉන්නවාද, සුදුසු ඇගයීමක් ලැබී තියෙනවාද කියන එක ප්‍රශ්නයක් (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දෝ Monday, 13 January 2014 08:55 PM

අපේ පොලිසියේ අයට ඕවා පුහුණු කලොත් රටේ මංකොල්ල සහ අපරාද තවත් වැඩිවෙයි. කරන තරමක් ලොකු අපරාද ,මංකොල්ල කෑම කරන්නේ විශේෂ පුහුණුව ලත් හමුදාවේ හිටපු හෝ පොලෝසියේ හිටපු අයයි. අනික පෙළපාලි යන විශ්ව විද්දයාල සිසුන්ට ,ගොවියන්ට වගේ සාමාන්‍ය ජනතාවට වැඩ දාලා ගහවි.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 14 January 2014 02:18 PM

ලොව ඕනෑම රටක හමුදාවන් පුරුදු පුහුණු කරන ක්‍රම පටිපාටියක් තිබෙනවා. බොහෝ විට මේ දේවල් රාජ්‍ය ආරක්ෂක රහස් ලෙසයි දැක්වෙන්නේ. ලංකාවේ එය ඉතාමත්ම ක්‍රමවත් සහ අත්දැකීම් වලින් පරිපුර්ණ වූ සහ විදේශ යුද ඇකඩමි වල පශ්චාත් උපාධි පවා කල පිරිසක් එය කරන්නේ. ඒ සඳහා වූ පුර්ණ සම්පත් සහිත විශ්ව විද්‍යාලයක්, පොලිස් අභ්‍යාස ආයතන පවා තිබෙනවා. එවන් විටකදී, කරාටේ, ජුජුට්සු වැනි අමතර පන්ති ගොස් සහතික ලබපු අය පොලිසිවලට හමුදාවන්ට විශේෂයෙන්ම සටන් ක්‍රම උගන්වන්න යාම අනුවන උත්සාහයක් බවයි මට නම් පෙනෙන්නේ. (දී)

:       0       0

සදුනි Monday, 13 January 2014 09:19 PM

පොලිසියේ අය ගුටිකන හැටියට මාෂල් ආට් එකක් උගන්නනවා නම් හොද තමයි.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 13 January 2014 09:19 PM

ඔබතුමාට ලංකාවෙත්, වෙන රටවලත් උසස් නිලධාරීන්ගේ වෙනස හොදින් පෙනුනාද? (නදී)

:       0       0

ට්‍රුත් Tuesday, 14 January 2014 02:27 PM

ඔය ඉන්න රටටම වෙලා ඉන්න සහෝදරයා, මේ ලංකාවට ඇවිත් වැඩක් නැහැ, මෙහේ ඉන්න කිසිම කෙනෙක්ට මේ රටේ තැනක් නැහැ, නිකන් ඉල්ලන් ගාගන්නේ නැතුව ඔය ඉන්න රටට මොනවා හරි දෙයක් කරන්න...(දී)

:       0       0

රමසි Tuesday, 14 January 2014 02:28 PM

සාමකාමී සමාජයට තර්ජනයක් කියල හිරේ නොදා බෙරිච්ච එක ගැන සතුටුවෙන්න. (දී)

:       0       0

උපුල් Monday, 13 January 2014 09:48 PM

අපේ පොලිසියේ බොහෝ අයට නැවිලා දණහිස වත් අල්ලගන්න බැහැ. ඒ අයට බොහෝවිට තිබෙන්නේ සද්දේ තියෙන කටක් පමණයි. ඒ කටත් වැඩකරන්නේ අසරණ අය ඉදිරියේ පමණයි.(නදී)

:       0       0

කමල් Monday, 13 January 2014 09:52 PM

අරයාගේ සංකල්පයක් මෙයාගේ ආරාධනයෙන් අහවලාගේ වියදමින් ඔබේ මහන්සියෙන් මෙය කරනවා කියලා බෝඩ් එකක් වත් දානවා කිව්වනම් ගොඩ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 09:58 PM

ඇයි ඕවා පොලිසියට කියන්න ගියේ.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 13 January 2014 10:00 PM

මම නම් කියන්නේ මේ මනුස්සයා ඕක සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙන්නුවා නම් තමයි හොඳ.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 13 January 2014 10:00 PM

මම නම් කියන්නේ මේ ඕක පොලිසියට උගන්වන්නේ නැතුව, සාමාන්‍ය මිනිස්සුන්ට ඉගෙන්නුවානම් හොඳයි මොකද පොලිස්කාරයෝ ගහනකොට වැඩ දාලා බේරෙන්න.(නදී)

:       0       0

කුෂාන් Monday, 13 January 2014 10:08 PM

පුතේ...අපේ රටේ සැලකිලි ගන්න ඕවා කරලා බැහැ.(නදී)

:       0       0

ජෝර්ජි Tuesday, 14 January 2014 03:30 PM

අම්මෝ මල්ලි වෙරෝන වලට වෙලා තමුන්ගේ වැඩක් බලන් ඉන්න එක හොදෛයි .මොකද දැන් රට යන්නේ රුවිතෙට .. අච්චාරු හැලියක් වෙලා .හොද දෙයක් අරගන්න තරම් වරම් නැති තත්වෙට පත් වෙලා. (දී)

:       0       0

නිශාන්ත Monday, 13 January 2014 11:40 PM

මේ මල්ලිගේ දුරකතන අංකයක් දෙන්න.(නදී)

:       0       0

නිමල් රණසිංහ Monday, 13 January 2014 11:52 PM

මල්ලියෝ දන්නේ නැද්ද ලංකාවේ ඉන්නේ කෙල පැමිණි වැඩ කාරයෝ කියලා. අපේ මිනිස්සු කවද්ද දෙකට නැමුණේ. පේන්නේ නැද්ද පාරේ යනකොට තියන සද්දේ. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 14 January 2014 12:28 AM

අර කරාටේ කියයි, ජුජිට්සු කියයි මෙකී නොකී හැම නමකින්ම ඔවැනි සංවිධාන ලංකාවේම බර ගණනක් තියෙනවා. ඒ වගේ ඉන්න ඔක්කොම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටා දමපු අපේ හමුදාවට සටන් උගන්න්වන්න ගියොත් හොදට තියෙයි. ඔබාමා ජනාධිපති තුමාගෙන් අහල බලන්න ඒ අයට වත් අවශ්‍යද කියලා.(නදී)

:       0       0

සමන් Tuesday, 14 January 2014 12:33 AM

ජායා, අහිංසකම මිනිස්සු ඉන්නවා නම් පොලිසි ඕනේ නැහැ නේද? (නදී)

:       0       0

පී කරුණාසේන මිලානෝ Tuesday, 14 January 2014 04:50 PM

මේ වගේ වැඩ ඕනී නෑ ඉතාලියෙන් ටොෆි, චොක්ලට්, බිස්කට් ටිකක් අරන් යන්න ඉස්පිරිතාලෙකට. ළමා වාට්ටුවකට ගිහින් ඒවා රෝගී අහිංසක ළමයින්ට බෙදන්න. බිත්ති අපවිත්‍ර නම් යහළුවන් සමග ඒවායේ තීන්ත අලේප කරන්න. අපවිත්‍ර වූ වැසිකිලි පවිත්‍ර කර අලුත් බඩු මුට්ටු සබන් වැනි දේවල් ඒවායේ තබන්න. වයසක ලෙඩුන් ලඟට ගොස් ඔවුන්ගේ දුක සැප විමසන්න. බෙහෙත්, ගමන් පහසුකම් සඳහා ඔවුන්ගේ අතට යම් මුදලක් දෙන්න. ආපසු යනකන් යාළුවො වටේටම සිටින ඔබලාට මේවා සුළු දේවල් නොවේද?(දිල්)

:       0       0

මගලී පොන්සේකා Tuesday, 14 January 2014 01:55 AM

ඔවා ලංකවට ඕනි නැහැ ලංකාවේ කඩු කිනිසි වලින් කපලා කොට මරන්නේ සටනක් නැහැ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 14 January 2014 02:03 AM

අහු නොවී අල්ලස් ගන්න ක්‍රමයක් ගැන පොලිසියට කියා දෙන්න ගියානම් ඔය ලොක්කෝ ඔක්කොම පූර්ණ සහයෝගය දෙනවා ස්තිරයි.(නධී)

:       0       0

මාධවී Tuesday, 14 January 2014 05:17 AM

කොහොමත් ඉතින් මොකක්හරි ප්‍රගුණ කරපු කෙනෙකුට රටේ තැනක් නැහැ.මේවනවිට රටේ වටිනා මානව සම්පත් කොපමණ ප්‍රමාණයක් වෙන රටවල් සින්න කරගෙනද?(දිල්)

:       0       0

සුජිත් Tuesday, 14 January 2014 06:05 AM

ඔයා ගැන ආඩම්බරයි

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 14 January 2014 07:50 PM

මෙතරම් පෞද්ගලික සටන් ක්‍රම වාණිජව උගන්වන සංවිධානයක ලියා පදිංචිව පුහුණුව ලැබූ සහ ඔබ කියන සාමාර්ථ එම සංවිධානයෙන්ම ලැබූ ඔබ අවම වශයෙන් ජාතික මට්ටමක වත් ක්‍රීඩා උළෙලට සහබාගීවී පදක්කමක් වත් දිනා තිබේද?(නදී)

:       0       0

සනා Tuesday, 14 January 2014 06:44 AM

අසම..විකාර ප්‍රශ්න දාන්නේ නැතුව කිරි බෝතල් අරගෙන බොන්න පුරුදු වෙන්න.. අඩුම ගානේ දේශීය කිරි ගොවියට වත් සෙතක් වේවි (දී)

:       0       0

ජානක Tuesday, 14 January 2014 06:52 AM

පුතේ ඔය රටටම වෙලා ඉන්න හොදටයි කියන්නේ (දී)

:       0       0

හර්ෂ Tuesday, 14 January 2014 07:02 AM

බ්‍රිතාන්‍ය නම් මම දන්නේ නැහැ ඔය කයිවාරු ගහන ඇමරිකාවනම් මානව හිමිකම් හොදටම කැඩුවා (දී)

:       0       0

උපේන්ද්‍ර ලංඩන් Tuesday, 14 January 2014 08:12 PM

කරුණාරත්න මහත්මයාණෙනි ඔබ වැනි අය ලංකාවේ සිටියා නම් පිට රට යන්න අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

madawi Thursday, 16 January 2014 04:31 AM

හැකියාවක් තියෙන කෙනෙකුට කවදද අපේ රටේ තැනක් තිබුනේ.අපේ අය පිටරටවල්වල ගිහින් එම රටවල් බබලනවා.කනට කවදද මැණිකේ අගේ තේරුනේ.(අ)

:       0       0

පී කරුණාරත්න මිලානෝ Tuesday, 14 January 2014 08:45 PM

උපේන්ද්‍ර ලන්ඩන් මහත්මයෝ...අපි අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් ලංකාවට ගොස් සතුට පතා කරන්නේ මෙවැනි දේවල්. ඉන් ලැබෙන චිත්ත ප්‍රීතිය අප්‍රමානයි. යන්තම් දොස්තරවරයෙක් 'චැනල්' කරන්න පමණක් මුදල් සොයා ගන්නා අම්මලා තම අත දරුවාට අවශ්‍ය බෙහෙත් ටික සොයා ගන්නට මුදල් නැතිව බෙහෙත් වට්ටෝරුව අතේ තබාගෙන හෙලන කඳුළු අප බොහෝ දැක තිබෙනවා. ඇඟ පත හයිය තිබෙන, පෙර පිනකට යහමින් මුදල් අතේ ගැවසෙන මේ කාලයේ මම සහ මගේ මිතුරු කැල කරන්න උත්සාහ ගන්නේ නම් මේ දේවල් ය.(නදී)

:       0       0

ශෙනික් මිලානෝ Tuesday, 14 January 2014 09:14 PM

කරාටේ, අයිකීදෝ,බුදොකාන්, වුෂු, කික් බොක්සින් වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු කරන සංවිධාන විවිධ නම් වලින් ලොව පුරා තිබෙනවා. මේ හැමෝම තම සාමාජිකයන්ට කියන්නේ ලොව උසස්ම ආයතනය තම ආයතනය බවය. තම ව්‍යාපාරික වාසි සඳහා මෙවන් මානසිකත්වයකට ඇද බැඳ තබන මේවායේ ඉන්න සිසුන් සිතන්නේ තමන්ට දෙන සහතිකය ලොව ඉහලම සහතිකය ලෙසය. ඉතින් මේවයින් පිටවන අය ලෝකයේ උසස්ම පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකා පොලිසියට සහ හමුදාවට සටන් ක්‍රම උගන්වන්න යන්නෙත් මෙවන් මානසිකත්වයක සිටින නිසා බව මගේ හැගීමයි. උතුරේ සටන් බිමේ සිට 'දිය, ගොඩ,අඳුරේ, එළියේ' සටන් කර රටක් ජාතියක් බේරා ගත්ත අපේ විරුවන්ගෙන් මේ අය දැන ඉගෙන ගත ගත යුතු දේ බොහෝ ඇත. (නදී)

:       0       0

රුවන්තක මිලානෝ Tuesday, 14 January 2014 09:23 PM

මේ මල්ලිට 'සමුරායි' කඩුවක් දීල ජපන් ඇඳුමක් අන්දවලා ඒ දවස්වල යවන්න තිබුනා උතුරේ සටන් බිමට.(නදී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 08:42 AM

සහෝදරයා ඔයාට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවිතේ ඉතුරු ටික ගෙවන්න ඕන නම් ,ඉන්න රටකට වෙලා තමන් දන්නා සිල්පේ කරගෙන ඉන්න.(දී)

:       0       0

සේනක Tuesday, 14 January 2014 09:18 AM

කලකිරෙනවා අපේ රටේ මිනිස්සු ගැන (දී)

:       0       0

රනිල් Tuesday, 14 January 2014 09:31 AM

මේ මෙවන් දෙයක් වූ ප්‍රථම අවස්ථාව නොවෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 887 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1547 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 638 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 151 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 503 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1990 2

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14590 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 186 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site