නාපොලි නුවර පදිංචි ජා ඇල තරුණයෙකුගේ(24) දුකාති යතුරු පැදියක් සොයාගත් බව නාපොලි පොලිසිය කියයි. සී සී 1000 ධාරිතාවයක් ඇති එම යතුරුපැදියේ බිල යුරෝ 10000 (රුපියල් 1720000) කි.
එම යතුරු පෑදියේ කිසිදු ලියවිල්ලක් ශ්‍රි ලාංකික තරුණයා සතුව නොතිබූ නිසා එය සොරකම් කරන ලද යතුරු පැදියක් බවට සැක කල හැකියැයි නාපොලි පොලිසිය පවසයි.
තරුණයා මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවෙයි. පසුගිය වර්ශයේදි පමණක් නාපොලි නගරයේ මෙවැනි වටිනා යතුරු පැදි 400ක් පමණ සොරකම් කළ බවට පොලිසියට පැමිණිලි ලෑබි තිබේ. නාපොලි නගරයේ කන්ටෙනර් බඩු ප්‍රවාහයය කරන ශ්‍රි ලා0කිකයින් දෙදෙනෙකුගේ කන්ටෙනර් පෙට්ටියක් තුළ තිබි යතුරු පෑදි 20ක් හසු වූ පුවතක් එසැණ මෑතකදී අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ගොඩක් උගත් අය ඉන්නවා. වැදගත් අයත් ඉන්නවා සංජීව, ඉතාලියට ඇවිත් බලන්න (නි)
ඔතන වෙන්න ඇත්තේ වෙනත් දෙයක්. අපේ අය බයිසිකල් හොරකම් කරන්නේ නැහැ. ඔය කෙනා ෂුවර් එකටම හොරකම් කරපු බයිසිකලයක් ගන්න ඇති. අඩු ගානට. වැරැද්ද ගත්ත කෙනාගේ.අනික මෙහෙ එන උගත් නුගත් දෙපිරිසෙන්ම සමහර අය කරන්නේ බීගෙන ප්‍රශ්න දාගන්නවා . නාපොලි වල දැන් ලංකාවේ අයව ගණන් ගන්නේ නැහැ වැඩිය. හැබැයි බහුතරය තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. (නි)
මගේ අතින් වැරදි දෙයක් ලියවිලා හිත රිදුනානම් මට සමා වෙන්න. මට දැනුන දේ මම ලිවුවේ. (නි)
අහවල් බලකායේ කෙනෙක් වෙන්න ඇති. (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පු කට්ටිය කරන කියන දේවල් දිහා බලපුවම නම් සංජීව කියූ දේ හරි. (නි)
ඉතාලියේ වාසය කරන බොහෝ ලාංකිකයන් සොරකම් වංචා කරති. මෙහි සිටින බොහොමයක් නුගතුන්ය. මෙහි වාසය කරන අපටද ගරුත්වයක් ඇතුව ජිවත් වන්නට බැරී තත්වයක් දැන් ඉතාලියේ සිදුව ඇත. මම නාපොලි නගරයෙන් පිටත්ව මෙහි ඇති කුඩා නගරයකට ආවෙත් මේ සිද්ධීන් නිසාය. (නි)
යතුරුපැදිය ලක්ෂ 17යි. කාගේද කියලත් හොයාගත්තා. හැමෝම දැනගත්තා. ඒක ඉතාලි පොලිසියේ වැඩක්. කෝටි 250 ක කුඩු පාකිස්තාන් වලින් ගෙනැල්ලලු. කාගේද කියලා හොයාගන්නවද කියලත් බලමු අපේ අය (නි)
පිටිගල මිලානෝ, ඔබගේ උගත්භාවය ඔබගේ ප්‍රතිචාර වලින් අපට වටහා ගන්ට පුළුවන්. මම පසුගිය ජුලි මාසයේ රෝමයේ සිට නාපොලි දක්වා වාහනයක ගමන් කළා. ඉතාලි වල සිටින මිතුරෙකු සමග . මට ඔහු කියූ දේවල් වලින් මෙහි දමා තිබෙන ප්‍රතිචාර ගොඩක් සැබෑ වග වැටහෙනවා. ඉතාලියේ සිටින්නේ ගොඩක් නුගතුන් පමණක් බව ඔබ දමන ප්‍රතිචාර වලින් සනාථ වෙනවා. ඔබ වෙනත් රටවල සැරිසරා තිබෙන බවක් පෙනෙන්නේ නැත. මම යුරෝපයේ බොහෝ රටවල සැරිසරා ඇසින් දුටුදේ බොහෝය. සමහරවිට මම ඔබවත් දැක ඇති. සංජීවගේ කතාව මම අනුමත කරමි. රිදුන බොහෝ දෙනෙක් ඔහුට අවලාද නගා ඇත. දැන් ඕනෑ නම් මට බැනලා ලියන්න ඕනෑ කෙනෙක් (නි)
මමත් ඉතාලියේ වාසය කරන නිසා මටද මෙය මඩ පහරකි. නමුත් සත්‍ය කතාව නම් සියයට 90ක් පමණ සිටින්නේ නුගත් පාසලේ 5 ටවත් නොගිය අඩුම සිංහලවත් හරියට ලියන්න කියන්න නොදන්නා සිංහලයන්ය. මෙහි සිදුවන දේවල් නිසා මටද මානසිකව චිත්ත පිඩා ගෙනදේ. මෙය තිත්ත ඇත්තකි. මා මෙය ලිව්වේ කාටවත් රිදවීමට නොව මටම රිදුන නිසාය. ඔබ සැමට දෙවි පිහිට පතමි (නි)
පිටිගල මිලානෝ වැනි අය ඉතාලියේ සිටිනතුරු ඔය වාගේ දේවල් සිදුවේ. පිටිගල මිලානෝ මම හොඳින් දන්නා කෙනෙකි. (නි)
සංජිව දන්නේ ඉතාලියේ ඉන්නේ ලංකාවේ නූගත් අය විතරමයි කියලා වෙන්න ඇති. ඔබ නොදන්නා දේ මෙහි ලියන්න එපා. විදුහල්පතිවරු මට්ටමේ සිට ගුරුවරු දක්වා ලංකාවේ උගත් බුද්ධිමත් අය ඉතාලියේ සේවය කරනවා. අපේ රටේ ලැබෙන පඩිය මදි නිසා සියයට 70 ක පමණ දෙනා ඉතාලියේ සේවය කරනවා. බෝට්ටු වලින් ඉතාලියට යන්නත් බැහැ ඔබ එයත් නොදන්නා කමට ලියලා. ඔස්ට්‍රේලියාව, කැනඩාව, නොර්වේ, ස්වීඩනය යන රටවල සියයට 70 ට වඩා ඉන්නේ ලංකාවේ හොරකම්, මැරකම් කරපු නූගත් පාතාල සාමාජිකයින් බවත් සංජීව දන්නේ නැතිව ඇති. (ස)
ලංකාවේ හොද උගත් සහ කොළඹ, ගාල්ල, මාතර, නුවර හොද පාසල් වලට ගිය සහ වැදගත් පවුල් වලින් එන අය ඕනෑ තරම් ඉතාලි වල ඉන්නවා. (නි)
ඉතාලියේ අය පහත් කරලා කතා කරන්න එපා.ඕනෑම හදිස්සියකට ආධාරයක් අවශ්‍ය වුනොත් දෙන්න ඉන්නේ ඉතාලි අයම තමයි. බලාගෙන ඉන්න ඔය කියන ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ අය දෙයිද කියලා. (නි)
රට ගදගස්සන්න ඉතාලියටම ආවනේ? (නි)
අපේ රටේ ලොකු අය ආදර්ශයට අරන් වගේ (නි)
ඉතාලියට ලංකාවෙන් ගිහින් ඉන්න බොහෝ දෙනෙක් හොර මර තක්කඩියන් බව සැම දෙනාම දන්නවා. ලංකාවේදීත් මේ අය කලේ ඔය රස්සාව තමා හොර පාරවල් වලින් එහෙ ගිහින් අපේ රටේ නම කැත කරනවා. (ස)
දැන් ඔය කියන විදිහට හොරු ඉන්නේ ඉතාලියේ විතරද? අනිත් රටවල ඉන්න ඔක්කොම ඉගෙන ගෙන ඉන්න අයද? මගේ යාලුවෝ ඔය උඩ කතා කරපු හැම රටකම ඉන්නවා. ඔය රටවල වන දේවල් ඕන තරම් මම අහලා තියනවා... (ස)
ලංකාවේ පුවත් පත් කියවන මට සැමදා කියවන්න ලැබෙන්නේ ඉතාලියේ සිදුවන චන්ඩි කම ගැනත් හොර කම ගැනත් පාතාලයන් ගැනත් පමණි . වෙනත් රටවල මෙවැනි දේවල් සිදුවන්නේ බොහොම කලාතුරකිනි . එයත් සිදුවන්නේ ලංකාවෙන් ගොස් සිටින සරණාගත දමිළයන් ගෙනි . මම සිතන්නේ නුගත් කමත් වට පිටාවත් සේදුනු වතාවරනත් මෙයට හේතුව වන්නට පුළුවන . (දී)
මංගල කොලොන්නාව ඔබව මම අනුමත කරමි (දී)
ඉතාලි යන්නේ ලංකාවේ උගත් අය නෙමෙයි.ලංකාවේ ඉඳලා කීයක් හරි හොයාගන්න බැරි, කොහොමරි දියුණුවෙන්න ඕනෑ කට්ටියනේ (නි)
ඇත්තමයි අපේ රටේ සමහර පාලකයින් වගේම තමා, අපේ රටේ මිනිස්සුත් යන තැන රටේ නම කැත කරලා තමයි එන්නේ. (ස)
නාපොලිවල . ලංකාවේ මීගමුවෙන් එහාට..ඉන්න ගොඩක් දෙනෙක් හොරබඩු ලංකාවට එවනවා .කන්ටෙනර් බඩු ප්‍රවාහයය කරන ශ්‍රි ලාංකිකයින්.සේරම හොරු. මම නපොලි වල අවුරුදු 24ක් ඉන්න කෙනෙක්. (ස)
ලංකාවේ නම කැත කරන්නේ නැතුව අාපහු දිවයිනට එන්න. (ස)
ඔව් ශාන්ත, ඔයා ඔය කියපු පැත්තෙ කට්ටිය තමයි මේ හොර වැඩ ඔක්කොම කරන්නේ. (ස)
මල්ලි පොඩ්ඩක් පදින්න ඇත්තේ ආසාවට, දන්නෙම නැතිව කන්ටේනර් ඇතුලට ගිහින් එච්චරයි. (ස)
ඉතාලි රටේ මොකක් හෝ වරදක් තියෙනවා නැත්නම් අහන අහන ඉතාලි හොරු ලංකාවේ අය වෙන්නේ කොහොමද, ඉතාලියේ හොඳ වැඩ කරන ලංකාවේ අය ඇත්තේ නැද්ද, මේකෙන් පේන්නේ ඉතාලි රටේ නීති රීති හරිම ලිහිල් බව,ලෝක ප්‍රසිද්ධ මාෆියා හැදුනෙත් ඉතාලි වල නේ,ඔය ලංකාවේ හොරු ටික ලංකාවට ඇවිත් ඉතාලි වල කල දේවල් කරන්න ලැස්ති වෙන්න එපා ජීවිතයටම ඇතුලේ ඉන්න වේවි. (ස)
රට ගෙන ආදරයක් හෝ තමුන් ගෙන ආදරයක් තියෙන කෙනෙක් කිසිම රටකට රැකියාවට ගොස් තමුන්ගේ උපන් රටේ නම කැත කරන්නේ නැහැ. (ස)
තමන්ගෙ නම්බුවත් ඉවරයි. රටේ නම්බුවත් ඉවරයි. (ස)
ආවනම් ආපූ වැඩේ කරගෙන යන්නේ නැතිව ගිය තැන, ඉන්න තැන ඉවරයි. ගඳ ගස්වන අප කීර්තිය ලැබෙන විදිහේ වැඩ වලට තමා යොමූ වෙන්නේ. අපේ අය කරන දේවල් වලින් ශ්‍රිලංකා නාමයටත් මේ රටවල අවන්කව වැඩ කරන පිරිසටත් කරන අවනම්බූවක්....!! (දී)
අපි ඇත්තම ඇත්ත කතා කලොත්, ඉතාලි යන්නේ ලංකාවේ හරි අධ්‍යාපනයක් ලබපු නැති අය (උසස් අධ්‍යාපනය ලබලා ඉතාලිවල ඉන්න අය මට සමා වෙන්න). ඔය සිද්ධි ඕස්ට්‍රේලියාව, කැනඩාව, යූඑස්ඒ වලින් අහන්න ලැබෙන්නේ නැහැ.මොකද ඒ රටවලට යන්න විභාග පාස් වෙන්න් ඕනේ.අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ.නමුත් ඉතාලිවලට ඒවා මුකුත් ඕනේ නැහැ. කොහෙන් හරි සල්ලි ටිකක් හොයා ගත්තහම, එහෙම නැත්නම් බෝට්ටුවලින්, ගිය අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඕක තමයි ඔය ගැටලුවට හේතුව. ඉතාලි වල ඉන්න අය මට බනියි නමුත් ඕක තමයි ඇත්ත. (ස)
මොකද නිතරම ඉතලි වල ඉන්න අය ගැන නරක අදහස් පළ වෙන්නෙ. (ස)
සංජීව, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්.ඉතාලියෙ වැඩිහරියක් හරියට ඉගෙන ගත්තු නැති මිනිසුන් ඉන්න බව ඇත්ත.නමුත් ඉතාලියෙ ගෙවපු ජීවිතෙන්ම පාඩම් ඉගෙනගෙන උගත්කමක් නැතත් බුද්ධිමත්ව තමන් ආපු කාර්‍යය කරගෙන පිළිවෙලට ලස්සනට ජීවත් වෙන මිනිස්සු ගොඩාක් අයව මම දැකලා තියෙනවා.ඒ වගේම සුළුතරයකුත් ඉන්නවා උගත්කමකුත් නැහැ.මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ඔය අහුවෙලා තියෙන පුද්ගලයත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. (නි)
සංජීවත් ඉතාලියේ ඉන්න ඔබ කියන නුගත් ගොඩට වැටෙන කෙනෙක්. හේතුව ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ ඇමෙරිකාවේ, කැනඩාවේ, ප්‍රන්ශේ, ස්විට්සාර්ලන්තේ, ජර්මනියේ, නොර්වේ, ස්වීඩනයේ, නෙදර්ලන්තේ වැනි රටවල වැඩියම ඉන්නේ හොරෙන් පැනලා ලංකාව පාවාදීලා සරණාගතභාවය ලබාගත් අය බව ඔබ දන්නේ නැති නිසා. මේ අයගෙන් වැඩි හරියක් අවුරුදු කීපයක් පමණක් ඉස්කෝලේ ගිය මිනීමරු ත්‍රස්තවාදීන්. (ස)
පිටිගල මහතාණෙනි, මට සමාවෙන්න, ඔබතුමාගේ හිත රිදුනා නම්. මම ඉතාලි නෙමෙයි ඉන්නේ. මට තවමත් ඉතාලියේ ඉන්න උගත් කෙනෙක් මුණ ගැසුනේ නැහැ. අනික ලංකාවේ අහන්න ලැබෙන හොර මැරකම්, පාතාල සිද්ධි හැමදේම ඉතාලිය පැත්තෙනුත් අහන්න ලැබෙනවා. නමුත් අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ, ඔය වගේ දේවල් ඕස්ට්‍රේලියා, යූ.කේ. වලින්. ඒකයි මට හිතුනේ ඔය විදිහට. (නි)
අවරුදු ගානක් තමන්ගේ පාඩුවේ රැකියාව කරන අයගේ නම,කෙටි මාර්ග වලින්, ඉක්මනින් මුදල් හොයන්න යන කීප දෙනෙක් නිසා නැති වෙනවා. (ස)
සංජීව, ඔයාගේ මේ අධ්‍යාපන කතාව සාමාන්‍ය මිනිස්සුන්න නිගරුවක්, උපාධි ගැහුවට මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හැදෙන්නේ නෑ, රේල් පාරේ ඇණ හොරකම් කරන කෙනා විශ්ව විද්‍යාලයට ගිහින් උපාධි ගහලා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳුනම ඒයා මුළු රේල් පාරමයි දෙපර්තමෙන්තුවයි දෙකම හොරකම් කරනවා. (ස)
මමත් ඉතාලියේ රැකියාවක් කරන කෙනෙක්.ඉතාලියේ මේ වගේ දේවල් සිදුනේ අද ඊයේ නෙමෙයි.අද තාක්ෂණයේ දියුණුව නිසා මේ හැම දෙයක්ම එසැනින් වාර්තා වෙනවා.අර සමහර අය ලියලා තියෙනවා වගේ ඉතාලියේ ඉන්නේ නම් ගොඩක් නූගත් අය. (නි)