IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 17ක යතුරුපැදියක් සමග ලාංකිකයා ඉතාලි පොලිසියට කොටුවෙයි

නාපොලි නුවර පදිංචි ජා ඇල තරුණයෙකුගේ(24)   දුකාති   යතුරු පැදියක් සොයාගත් බව නාපොලි පොලිසිය කියයි. සී සී 1000 ධාරිතාවයක් ඇති එම යතුරුපැදියේ බිල යුරෝ 10000 (රුපියල් 1720000) කි.

එම යතුරු පෑදියේ කිසිදු ලියවිල්ලක් ශ්‍රි ලාංකික තරුණයා සතුව නොතිබූ නිසා  එය සොරකම් කරන ලද යතුරු පැදියක් බවට සැක කල හැකියැයි නාපොලි පොලිසිය  පවසයි.

තරුණයා මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවෙයි. පසුගිය වර්ශයේදි පමණක් නාපොලි නගරයේ මෙවැනි වටිනා යතුරු පැදි  400ක් පමණ සොරකම් කළ බවට පොලිසියට පැමිණිලි ලෑබි තිබේ. නාපොලි නගරයේ කන්ටෙනර් බඩු ප්‍රවාහයය කරන ශ්‍රි ලා0කිකයින් දෙදෙනෙකුගේ කන්ටෙනර් පෙට්ටියක් තුළ තිබි යතුරු පෑදි 20ක් හසු වූ පුවතක් එසැණ මෑතකදී අනාවරණය කළේය.



අදහස් (0)

ලක්ෂ 17ක යතුරුපැදියක් සමග ලාංකිකයා ඉතාලි පොලිසියට කොටුවෙයි

කුමුදු ඉතාලිය Tuesday, 03 September 2013 04:19 PM

දැන් ඔය කියන විදිහට හොරු ඉන්නේ ඉතාලියේ විතරද? අනිත් රටවල ඉන්න ඔක්කොම ඉගෙන ගෙන ඉන්න අයද? මගේ යාලුවෝ ඔය උඩ කතා කරපු හැම රටකම ඉන්නවා. ඔය රටවල වන දේවල් ඕන තරම් මම අහලා තියනවා... (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 02 September 2013 07:19 PM

ඉතාලියේ ඉන්න වෙන්නප්පු කට්ටිය කරන කියන දේවල් දිහා බලපුවම නම් සංජීව කියූ දේ හරි. (නි)

:       0       0

කැළුම් Monday, 02 September 2013 01:44 PM

ඉතාලි යන්නේ ලංකාවේ උගත් අය නෙමෙයි.ලංකාවේ ඉඳලා කීයක් හරි හොයාගන්න බැරි, කොහොමරි දියුණුවෙන්න ඕනෑ කට්ටියනේ (නි)

:       0       0

සංජීව Monday, 02 September 2013 01:46 PM

අපි ඇත්තම ඇත්ත කතා කලොත්, ඉතාලි යන්නේ ලංකාවේ හරි අධ්‍යාපනයක් ලබපු නැති අය (උසස් අධ්‍යාපනය ලබලා ඉතාලිවල ඉන්න අය මට සමා වෙන්න). ඔය සිද්ධි ඕස්ට්‍රේලියාව, කැනඩාව, යූඑස්ඒ වලින් අහන්න ලැබෙන්නේ නැහැ.මොකද ඒ රටවලට යන්න විභාග පාස් වෙන්න් ඕනේ.අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ.නමුත් ඉතාලිවලට ඒවා මුකුත් ඕනේ නැහැ. කොහෙන් හරි සල්ලි ටිකක් හොයා ගත්තහම, එහෙම නැත්නම් බෝට්ටුවලින්, ගිය අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඕක තමයි ඔය ගැටලුවට හේතුව. ඉතාලි වල ඉන්න අය මට බනියි නමුත් ඕක තමයි ඇත්ත. (ස)

:       0       0

දයාල් Monday, 02 September 2013 01:48 PM

මොකද නිතරම ඉතලි වල ඉන්න අය ගැන නරක අදහස් පළ වෙන්නෙ. (ස)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 02 September 2013 07:45 PM

ඉතාලියේ වාසය කරන බොහෝ ලාංකිකයන් සොරකම් වංචා කරති. මෙහි සිටින බොහොමයක් නුගතුන්ය. මෙහි වාසය කරන අපටද ගරුත්වයක් ඇතුව ජිවත් වන්නට බැරී තත්වයක් දැන් ඉතාලියේ සිදුව ඇත. මම නාපොලි නගරයෙන් පිටත්ව මෙහි ඇති කුඩා නගරයකට ආවෙත් මේ සිද්ධීන් නිසාය. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 02 September 2013 07:48 PM

යතුරුපැදිය ලක්ෂ 17යි. කාගේද කියලත් හොයාගත්තා. හැමෝම දැනගත්තා. ඒක ඉතාලි පොලිසියේ වැඩක්. කෝටි 250 ක කුඩු පාකිස්තාන් වලින් ගෙනැල්ලලු. කාගේද කියලා හොයාගන්නවද කියලත් බලමු අපේ අය (නි)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Monday, 02 September 2013 07:54 PM

පිටිගල මිලානෝ, ඔබගේ උගත්භාවය ඔබගේ ප්‍රතිචාර වලින් අපට වටහා ගන්ට පුළුවන්. මම පසුගිය ජුලි මාසයේ රෝමයේ සිට නාපොලි දක්වා වාහනයක ගමන් කළා. ඉතාලි වල සිටින මිතුරෙකු සමග . මට ඔහු කියූ දේවල් වලින් මෙහි දමා තිබෙන ප්‍රතිචාර ගොඩක් සැබෑ වග වැටහෙනවා. ඉතාලියේ සිටින්නේ ගොඩක් නුගතුන් පමණක් බව ඔබ දමන ප්‍රතිචාර වලින් සනාථ වෙනවා. ඔබ වෙනත් රටවල සැරිසරා තිබෙන බවක් පෙනෙන්නේ නැත. මම යුරෝපයේ බොහෝ රටවල සැරිසරා ඇසින් දුටුදේ බොහෝය. සමහරවිට මම ඔබවත් දැක ඇති. සංජීවගේ කතාව මම අනුමත කරමි. රිදුන බොහෝ දෙනෙක් ඔහුට අවලාද නගා ඇත. දැන් ඕනෑ නම් මට බැනලා ලියන්න ඕනෑ කෙනෙක් (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:52 PM

මංගල කොලොන්නාව ඔබව මම අනුමත කරමි (දී)

:       0       0

කුමුදු මේනකා Monday, 02 September 2013 08:02 PM

මමත් ඉතාලියේ වාසය කරන නිසා මටද මෙය මඩ පහරකි. නමුත් සත්‍ය කතාව නම් සියයට 90ක් පමණ සිටින්නේ නුගත් පාසලේ 5 ටවත් නොගිය අඩුම සිංහලවත් හරියට ලියන්න කියන්න නොදන්නා සිංහලයන්ය. මෙහි සිදුවන දේවල් නිසා මටද මානසිකව චිත්ත පිඩා ගෙනදේ. මෙය තිත්ත ඇත්තකි. මා මෙය ලිව්වේ කාටවත් රිදවීමට නොව මටම රිදුන නිසාය. ඔබ සැමට දෙවි පිහිට පතමි (නි)

:       0       0

දම්මික Monday, 02 September 2013 08:07 PM

පිටිගල මිලානෝ වැනි අය ඉතාලියේ සිටිනතුරු ඔය වාගේ දේවල් සිදුවේ. පිටිගල මිලානෝ මම හොඳින් දන්නා කෙනෙකි. (නි)

:       0       0

මුතූ Monday, 02 September 2013 10:06 PM

ඉතාලියේ ගොඩක් උගත් අය ඉන්නවා. වැදගත් අයත් ඉන්නවා සංජීව, ඉතාලියට ඇවිත් බලන්න (නි)

:       0       0

වෙන්නප්පුවේ බන්ටු - වෙනීසිය Monday, 02 September 2013 03:27 PM

සංජීව, උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්.ඉතාලියෙ වැඩිහරියක් හරියට ඉගෙන ගත්තු නැති මිනිසුන් ඉන්න බව ඇත්ත.නමුත් ඉතාලියෙ ගෙවපු ජීවිතෙන්ම පාඩම් ඉගෙනගෙන උගත්කමක් නැතත් බුද්ධිමත්ව තමන් ආපු කාර්‍යය කරගෙන පිළිවෙලට ලස්සනට ජීවත් වෙන මිනිස්සු ගොඩාක් අයව මම දැකලා තියෙනවා.ඒ වගේම සුළුතරයකුත් ඉන්නවා උගත්කමකුත් නැහැ.මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ඔය අහුවෙලා තියෙන පුද්ගලයත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 September 2013 03:33 PM

සංජීවත් ඉතාලියේ ඉන්න ඔබ කියන නුගත් ගොඩට වැටෙන කෙනෙක්. හේතුව ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ ඇමෙරිකාවේ, කැනඩාවේ, ප්‍රන්ශේ, ස්විට්සාර්ලන්තේ, ජර්මනියේ, නොර්වේ, ස්වීඩනයේ, නෙදර්ලන්තේ වැනි රටවල වැඩියම ඉන්නේ හොරෙන් පැනලා ලංකාව පාවාදීලා සරණාගතභාවය ලබාගත් අය බව ඔබ දන්නේ නැති නිසා. මේ අයගෙන් වැඩි හරියක් අවුරුදු කීපයක් පමණක් ඉස්කෝලේ ගිය මිනීමරු ත්‍රස්තවාදීන්. (ස)

:       0       0

වාසනා Monday, 02 September 2013 11:31 PM

ලංකාවේ හොද උගත් සහ කොළඹ, ගාල්ල, මාතර, නුවර හොද පාසල් වලට ගිය සහ වැදගත් පවුල් වලින් එන අය ඕනෑ තරම් ඉතාලි වල ඉන්නවා. (නි)

:       0       0

සංජීව Monday, 02 September 2013 03:59 PM

පිටිගල මහතාණෙනි, මට සමාවෙන්න, ඔබතුමාගේ හිත රිදුනා නම්. මම ඉතාලි නෙමෙයි ඉන්නේ. මට තවමත් ඉතාලියේ ඉන්න උගත් කෙනෙක් මුණ ගැසුනේ නැහැ. අනික ලංකාවේ අහන්න ලැබෙන හොර මැරකම්, පාතාල සිද්ධි හැමදේම ඉතාලිය පැත්තෙනුත් අහන්න ලැබෙනවා. නමුත් අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ, ඔය වගේ දේවල් ඕස්ට්‍රේලියා, යූ.කේ. වලින්. ඒකයි මට හිතුනේ ඔය විදිහට. (නි)

:       0       0

දසුනි Monday, 02 September 2013 04:09 PM

අවරුදු ගානක් තමන්ගේ පාඩුවේ රැකියාව කරන අයගේ නම,කෙටි මාර්ග වලින්, ඉක්මනින් මුදල් හොයන්න යන කීප දෙනෙක් නිසා නැති වෙනවා. (ස)

:       0       0

කුමාර් Monday, 02 September 2013 04:37 PM

සංජීව, ඔයාගේ මේ අධ්‍යාපන කතාව සාමාන්‍ය මිනිස්සුන්න නිගරුවක්, උපාධි ගැහුවට මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හැදෙන්නේ නෑ, රේල් පාරේ ඇණ හොරකම් කරන කෙනා විශ්ව විද්‍යාලයට ගිහින් උපාධි ගහලා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳුනම ඒයා මුළු රේල් පාරමයි දෙපර්තමෙන්තුවයි දෙකම හොරකම් කරනවා. (ස)

:       0       0

නුවන් Monday, 02 September 2013 04:48 PM

මමත් ඉතාලියේ රැකියාවක් කරන කෙනෙක්.ඉතාලියේ මේ වගේ දේවල් සිදුනේ අද ඊයේ නෙමෙයි.අද තාක්ෂණයේ දියුණුව නිසා මේ හැම දෙයක්ම එසැනින් වාර්තා වෙනවා.අර සමහර අය ලියලා තියෙනවා වගේ ඉතාලියේ ඉන්නේ නම් ගොඩක් නූගත් අය. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 03 September 2013 04:32 AM

ඉතාලියේ අය පහත් කරලා කතා කරන්න එපා.ඕනෑම හදිස්සියකට ආධාරයක් අවශ්‍ය වුනොත් දෙන්න ඉන්නේ ඉතාලි අයම තමයි. බලාගෙන ඉන්න ඔය කියන ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ අය දෙයිද කියලා. (නි)

:       0       0

මහින්ද හේමන්ත Monday, 02 September 2013 04:57 PM

සංජිව දන්නේ ඉතාලියේ ඉන්නේ ලංකාවේ නූගත් අය විතරමයි කියලා වෙන්න ඇති. ඔබ නොදන්නා දේ මෙහි ලියන්න එපා. විදුහල්පතිවරු මට්ටමේ සිට ගුරුවරු දක්වා ලංකාවේ උගත් බුද්ධිමත් අය ඉතාලියේ සේවය කරනවා. අපේ රටේ ලැබෙන පඩිය මදි නිසා සියයට 70 ක පමණ දෙනා ඉතාලියේ සේවය කරනවා. බෝට්ටු වලින් ඉතාලියට යන්නත් බැහැ ඔබ එයත් නොදන්නා කමට ලියලා. ඔස්ට්‍රේලියාව, කැනඩාව, නොර්වේ, ස්වීඩනය යන රටවල සියයට 70 ට වඩා ඉන්නේ ලංකාවේ හොරකම්, මැරකම් කරපු නූගත් පාතාල සාමාජිකයින් බවත් සංජීව දන්නේ නැතිව ඇති. (ස)

:       0       0

රොබින් Tuesday, 03 September 2013 05:23 AM

රට ගදගස්සන්න ඉතාලියටම ආවනේ? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 02 September 2013 11:24 AM

ආවනම් ආපූ වැඩේ කරගෙන යන්නේ නැතිව ගිය තැන, ඉන්න තැන ඉවරයි. ගඳ ගස්වන අප කීර්තිය ලැබෙන විදිහේ වැඩ වලට තමා යොමූ වෙන්නේ. අපේ අය කරන දේවල් වලින් ශ්‍රිලංකා නාමයටත් මේ රටවල අවන්කව වැඩ කරන පිරිසටත් කරන අවනම්බූවක්....!! (දී)

:       0       0

අචිනි Monday, 02 September 2013 11:35 AM

ඇත්තමයි අපේ රටේ සමහර පාලකයින් වගේම තමා, අපේ රටේ මිනිස්සුත් යන තැන රටේ නම කැත කරලා තමයි එන්නේ. (ස)

:       0       0

තරංග Tuesday, 03 September 2013 07:59 AM

අපේ රටේ ලොකු අය ආදර්ශයට අරන් වගේ (නි)

:       0       0

ශාන්ත- නාපොලි Monday, 02 September 2013 11:36 AM

නාපොලිවල . ලංකාවේ මීගමුවෙන් එහාට..ඉන්න ගොඩක් දෙනෙක් හොරබඩු ලංකාවට එවනවා .කන්ටෙනර් බඩු ප්‍රවාහයය කරන ශ්‍රි ලාංකිකයින්.සේරම හොරු. මම නපොලි වල අවුරුදු 24ක් ඉන්න කෙනෙක්. (ස)

:       0       0

නිෂ් Monday, 02 September 2013 05:24 PM

ඔතන වෙන්න ඇත්තේ වෙනත් දෙයක්. අපේ අය බයිසිකල් හොරකම් කරන්නේ නැහැ. ඔය කෙනා ෂුවර් එකටම හොරකම් කරපු බයිසිකලයක් ගන්න ඇති. අඩු ගානට. වැරැද්ද ගත්ත කෙනාගේ.අනික මෙහෙ එන උගත් නුගත් දෙපිරිසෙන්ම සමහර අය කරන්නේ බීගෙන ප්‍රශ්න දාගන්නවා . නාපොලි වල දැන් ලංකාවේ අයව ගණන් ගන්නේ නැහැ වැඩිය. හැබැයි බහුතරය තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. (නි)

:       0       0

නෆීල් Monday, 02 September 2013 12:13 PM

ලංකාවේ නම කැත කරන්නේ නැතුව අාපහු දිවයිනට එන්න. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 02 September 2013 12:30 PM

ඔව් ශාන්ත, ඔයා ඔය කියපු පැත්තෙ කට්ටිය තමයි මේ හොර වැඩ ඔක්කොම කරන්නේ. (ස)

:       0       0

කුෂන් Monday, 02 September 2013 12:30 PM

මල්ලි පොඩ්ඩක් පදින්න ඇත්තේ ආසාවට, දන්නෙම නැතිව කන්ටේනර් ඇතුලට ගිහින් එච්චරයි. (ස)

:       0       0

සංජීව Monday, 02 September 2013 06:01 PM

මගේ අතින් වැරදි දෙයක් ලියවිලා හිත රිදුනානම් මට සමා වෙන්න. මට දැනුන දේ මම ලිවුවේ. (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 04 September 2013 07:23 PM

ලංකාවේ පුවත් පත් කියවන මට සැමදා කියවන්න ලැබෙන්නේ ඉතාලියේ සිදුවන චන්ඩි කම ගැනත් හොර කම ගැනත් පාතාලයන් ගැනත් පමණි . වෙනත් රටවල මෙවැනි දේවල් සිදුවන්නේ බොහොම කලාතුරකිනි . එයත් සිදුවන්නේ ලංකාවෙන් ගොස් සිටින සරණාගත දමිළයන් ගෙනි . මම සිතන්නේ නුගත් කමත් වට පිටාවත් සේදුනු වතාවරනත් මෙයට හේතුව වන්නට පුළුවන . (දී)

:       0       0

සෙනරත් Monday, 02 September 2013 12:47 PM

ඉතාලි රටේ මොකක් හෝ වරදක් තියෙනවා නැත්නම් අහන අහන ඉතාලි හොරු ලංකාවේ අය වෙන්නේ කොහොමද, ඉතාලියේ හොඳ වැඩ කරන ලංකාවේ අය ඇත්තේ නැද්ද, මේකෙන් පේන්නේ ඉතාලි රටේ නීති රීති හරිම ලිහිල් බව,ලෝක ප්‍රසිද්ධ මාෆියා හැදුනෙත් ඉතාලි වල නේ,ඔය ලංකාවේ හොරු ටික ලංකාවට ඇවිත් ඉතාලි වල කල දේවල් කරන්න ලැස්ති වෙන්න එපා ජීවිතයටම ඇතුලේ ඉන්න වේවි‍. (ස)

:       0       0

ඉම්රාන් Monday, 02 September 2013 12:56 PM

රට ගෙන ආදරයක් හෝ තමුන් ගෙන ආදරයක් තියෙන කෙනෙක් කිසිම රටකට රැකියාවට ගොස් තමුන්ගේ උපන් රටේ නම කැත කරන්නේ නැහැ. (ස)

:       0       0

මැණික් Monday, 02 September 2013 01:08 PM

තමන්ගෙ නම්බුවත් ඉවරයි. රටේ නම්බුවත් ඉවරයි. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 03 September 2013 10:27 AM

ඉතාලියට ලංකාවෙන් ගිහින් ඉන්න බොහෝ දෙනෙක් හොර මර තක්කඩියන් බව සැම දෙනාම දන්නවා. ලංකාවේදීත් මේ අය කලේ ඔය රස්සාව තමා හොර පාරවල් වලින් එහෙ ගිහින් අපේ රටේ නම කැත කරනවා. (ස)

:       0       0

පෙරේරා Monday, 02 September 2013 07:16 PM

අහවල් බලකායේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 574 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 157 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1958 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1303 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 574 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1360 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33300 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site