IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක්ෂ 49 ක විස්කි බෝතල් පහක් හොරට අරන්

එකක් රුපියල් නව ලක්ෂ හැත්තෑදෙදහසක් වටිනා විස්කි බෝතල පහක්  කොළඹ සුපිරි වෙළෙද පොළකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් බව කියන මලයාසියා කතක හා මලයාසියා ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ලුවී X111  නම් විස්කි  බෝතල පහේ මිල රුපියල් හතලිස් අට ලක්ෂ හැත්තෑදහසකි.ඔවුන් ළඟ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් විසි පහක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

bi bi1 bi3 bi4

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ලක්ෂ 49 ක විස්කි බෝතල් පහක් හොරට අරන්

ගමගේ Friday, 22 August 2014 02:03 AM

අම්මෝ ඔය එක බෝතලෙන් ගල් බෝතල් කියක් ගන්න පුලුවන්ද ? (නදී)

:       0       0

ග්‍රාම්‍යා Friday, 22 August 2014 02:17 AM

බ්‍රැන්ඩ් එක ගැන අහලයි මේකේ තියෙන ප්‍රතිචාර බලලයි අද හවසට සෑහෙන්න බොන්න හිතෙනවා (නදී)

:       0       0

රකිත් Monday, 25 August 2014 03:05 AM

එක බෝතලයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 7,467 යි. රටේ එ්ක පුද්ගල අදායම ඩොලර් 4000 ලෙස උපකල්පනය කරලා බැලුවත් තව තුන්දහස් හාරසිය හැට හතක් මදියි. චීනෙන් වත් ණයක් ගන්න වෙනවා වැඩි පොලියට එතකොට අවුරුද්දෙම නොකා නොබී බෝතලයක් බොන්න පුළුවන් යස අගේට.(නදී)

:       0       0

සුගුනවති Thursday, 21 August 2014 11:53 AM

මේ විස්කි ඇත්තම ඒවාද? අනෙක් අතට මෙච්චර ගානක් දීලා විස්කි බොන අය ඉන්නවද? (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 21 August 2014 11:56 AM

බෝතලේ ගාන අහලම මට වෙරි වගෙයි (නි)

:       0       0

රකිත් Friday, 22 August 2014 03:29 AM

මතට තිත කිව්වට මොකද, රුපියල් ලක්ෂ නවයට වැඩි බෝතලුත් තියෙනවා එහෙනම්. කවුද හැබෑටම මේවා බොන්නේ? (නි)

:       0       0

ඔසී Friday, 22 August 2014 03:37 AM

ප්‍රංශයේ නිපදවන රෙමි මාර්ටින් ලුවිස් වර්ගයේ මිල අධික මත්පැන් වර්ගයක්. ඉතාම මිල අධික අවුරුදු 50ක් පරණ බෝතලයක් ලංකාවේ ලක්ෂ 49,63348 ක් විතර වෙනවා. ගාන කොහොම වුණත් උවමනා අය පාවිච්චි කරනවා (නි)

:       0       0

හර්ෂ Thursday, 21 August 2014 12:25 PM

මේතරම් වටිනා විස්කි බෝතලුත් තියෙනවා එහෙනම්.... (නි)

:       0       0

නලීන් Friday, 22 August 2014 03:59 AM

මේ සල්ලි දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් නම් කොච්චර වටිනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 August 2014 03:29 PM

ගාමන්, මේවගේ ඉස්තරම් බිම ජාති බොන්නේ ' ගොන් නාම්බෝ ' නොවෙයි ලොකු මහත්තුරු. උන්නැහේලාට නිකම් කෝචෝක් කරන්නේ නැතිව ඔයා රා කට්ටක් බිලා බීඩියක් ඇදලා ඔලුවේ ඉදං සරම පොරෝවගෙන නිදාගන්න.(අ)

:       0       0

සිල්වා Thursday, 21 August 2014 01:27 PM

මිට වඩා වටිනා විස්කි බෝටල් තියෙනවා ලංකවේ මුදලින් ලක්ෂ 12-14 වැනි ගනන් වලට. සමර රටවල හෝටල් කාමර තියෙනවා ලක්ෂ 15-16 විතර දීල ඉන්න එක දවසකට. ඒවායේ ඉන්න අය ඕව තමයි බොන්නේ (නදී)

:       0       0

පසිදු Thursday, 21 August 2014 01:28 PM

මේ ලෝකේ ඕවට වඩා දේවල් වෙනවා මේ මොනවද ? (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 10:01 AM

මම අදයි ඇහැව්වේ මෙච්චර වටිනා විස්කි තියෙනවා කියලා. මේවා බොන මිනිස්සුත් ඉන්නවනේ හැබැවටම. නැත්තම් ඉතින් නිෂ්පාදනය කරාවිද නේද. (නදී)

:       0       0

ගාමන් Friday, 22 August 2014 04:45 PM

ගොන් නාම්බෝ කියන්නේ ඇඟ ලොකු මොලේ අඩු අයට. ඇඟ ලොකු මොලේ අඩු ලොකු මහත්තුරුත් මේ ගණයට වැටෙනවා. (නදී)

:       0       0

ශාන්ති Thursday, 21 August 2014 02:14 PM

මෙච්චාර ගානක් දීලා විස්කි බොනවද ?පිස්සු තමයි (නදී)

:       0       0

ගාමන් Friday, 22 August 2014 05:55 AM

ඕව හදන්නේ සල්ලි තියන මොලේ නැති අය ඉන්න රට වලට විකුනන්න , හරි ලොකු වැඩක් වගේ ඕව බොන ගොන් නාම්බෝ ඉන්න රටවල් තියනකම් , ඕව හදන රටවල් පෝසත් වෙනවා , බොන උන්ට වෙන දේ ඇස් ඉදිරියේම පෙනෙන්න තියනවා නේ . (නදී)

:       0       0

අනුර Thursday, 21 August 2014 02:26 PM

මේකේ ෂොට් එකක් විකුනන්නේ ලංකාවේ මුදලින් 63000 කට. ඩුබායි වල මේවා තරු පහේ හෝටල් වල සාමන්‍ය දේවල් (නදී)

:       0       0

නිරුපා පෙරේරා Thursday, 21 August 2014 07:51 AM

රත්තරන් වලින් ද පෙරන්නේ (නදී)

:       0       0

වතූ Thursday, 21 August 2014 07:50 AM

මේවා බීමට ද ? (නදී)

:       0       0

පරාක්‍රම Thursday, 21 August 2014 03:23 PM

බෝතලයක් ගහන්න ලොක්කත් එක්ක තංගල්ල බීච් එකේදී සෙට් වෙන්න ඕන ඊලග නිවාඩුවට ලංකාවට ආවාම මොකෝ අපි පිට අය යැ. (අ)

:       0       0

බිමල් Thursday, 21 August 2014 07:55 AM

රත්තරන් මීට වැඩිය ලාබනේ! (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 21 August 2014 08:10 AM

මේ විදියට අරගන්න පුලුවන් වුණොත් බොනවා ඇරෙන්න සල්ලි වලට අරගෙන කවදා බොන්නද? (නි)

:       0       0

සිල්වා Thursday, 21 August 2014 03:35 PM

මේ ජාතියේ බෝතලයක් මුලින්ම මම ඇහුවේ 2004 දී. නමුත් මම ගාන දැනගෙන සිටියේ නැහැ. මගේ කළමනාකාරතුමා ජර්මානු ජාතිකයෙක්. ඔහු තමයි මට කිවුවේ ලංකාවේ මුදලින් ලක්ෂ 16 විතර වෙනවා කියලා. මේ බෝතල් වැඩියෙන් පානය කරන්නේ ජර්මන්, ප්‍රංශ සහ රුසියානු ජාතිකයන්. (නි)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Thursday, 21 August 2014 03:40 PM

මේ විස්කි ලංකාවේත් බොනවද? (නදී)

:       0       0

සෑම් Thursday, 21 August 2014 08:14 AM

මේක රෙමි මාටින් කොනැක් බ්‍රැන්ඩි එකක්. විස්කි නොවේ. බෝතලයක් ඩොලර් 3500 විතර වෙනවා. මං දැකලා තියන (ආසාවට බලනවා මිසක් බීලා නම් නැහැ )ගණන් වැඩිම විස්කි එක ග්ලෙන්ෆිඩික් 50 අවරුදු පරණ ස්කොච් විස්කි. ඒක මිලි ලීටර් 700 බෝතලයක් ඩොලර් 24,999.00 යි. රුපියල් වලින් ලක්ෂ 30 කටත් වැඩියි. (නදී)

:       0       0

සෙලිනා Friday, 22 August 2014 07:46 PM

බන්දුලට විස්කි බිලා වෙරිද..? නැත්නම් රා බිලා වෙරිද මන්දා (නදී)

:       0       0

පහන්දී Friday, 22 August 2014 07:48 PM

බන්දුල ඔය, කියන්නේ ඔයාගේ පෙර පුරුද්ද නේද..? (නදී)

:       0       0

කින්ස්ලි පෙරේරා Friday, 22 August 2014 07:53 PM

බන්දුල පෙරේරා කිව්වොත් කියන්නේ මෝඩ කතා තමයි මේ වගේ විස්කි ගහන අය න් මහත්තුරු නම් ගමේ රා ගහන අයට කියන්නේ මොකක්ද ? මොනා බීවත් බොන එක වැරදියි. එ්ක නිසා ලොකු දේවල් බිව්වා කියල එයා මහත්වරු වෙන්නේ නැහැ. මහත්වරු කොහෙද බොන්නේ. (නදී)

:       0       0

කොස්වත්ත Thursday, 21 August 2014 08:29 AM

ඕකට කියනේ ශ්‍රී ලංකාවට එන විදේශිය සංචාරකයන්ගේ අාස්චර්ය කියලා (නදී)

:       0       0

තරංග Thursday, 21 August 2014 08:32 AM

එක ෂොට් එකක් 10000 විතර වෙනවනේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 21 August 2014 04:02 PM

මේවා ඉස්තරම්ම බ්‍රැන්ඩි වර්ගයක්. මේවා බොන්නේ ලොකු මහත්තුරු. මේ අදහස් දාන අයට මේවා බොන්න සල්ලි නැත්නම් කෙල ගිල ගිල ඉන්න එපා. බොන අයට බඩේ අමාරුව හැදේවි. ඔයගොල්ලා රා තැබෑරුමට ගිහිල්ලා හොද වයින් තඩි රා පොල් කට්ටක් බිලා ලුණු කැටයක් හපලා , කඩල ඇට දෙක තුනක් කටේ දාගෙන බිඩියක් පත්තුකරගන්න. (නදී)

:       0       0

සත්‍යා Thursday, 21 August 2014 08:32 AM

එක බෝතලයක මුදලෙන් ගෙයක් හදන්න පුළුවන්නේ (නි)

:       0       0

කුමාර් Thursday, 21 August 2014 08:34 AM

මෙවැනි විස්කි ගෙන්වන්න අවසර දෙන අයත්, බොන අයත් ගැනත් හිතාගන්න අමාරුයි. රෝහල් වල බෙහෙත් නැහැ... ලංකාවට මොන විස්කිද? (නි)

:       0       0

සංජු Friday, 22 August 2014 08:51 PM

හිස් බෝතලයක් නැද්ද හොයා ගන්න. ඇත්තමයි මම තේ දාලා විකුණනවා (නදී)

:       0       0

ගමගේ Thursday, 21 August 2014 08:40 AM

ෂොට් එකක් දාන්න හිතෙනවා (නදී)

:       0       0

රනිල් Thursday, 21 August 2014 04:18 PM

මේ වර්ගය යුරෝ 2300 කට ප්‍රංශයෙන් ගන්න පුළුවන්. නමුත් අපේ රටේදී මේකේ මිලට අමතරව බර ටැක්ස් එකක් එකතු කරනවා.ඒකයි මිල අධික. (නි)

:       0       0

දිනේෂ් Friday, 22 August 2014 09:34 PM

බන්දුලගේ වචන මාලාවෙන්ම තේරෙනවා එයා කිතුල ගහක් යට පැය 24 ගත කරන බව. මට පේන්නේ කඩේ යන තැනින් ඉල්ලපු වර්ගය ලැබිලා නැතිව වගේ. (නදී)

:       0       0

හැරල්ඩ් Thursday, 21 August 2014 04:46 PM

රුපියල් 2500/= කින් මාසයක් කන අයට මේකෙන් ෂොට් එකක් දාන්න අවුරුදු දෙකක් නොකා ඉන්න වෙනවා. අහෝ ලංකාව! (නි)

:       0       0

සනත් Thursday, 21 August 2014 08:52 AM

මේ ගානට විස්කි බොන්න පුළුවන් හොරකම් කරලම තමයි. අපිට මේවා බොන්න ඉඩම් විකුණන්න වෙනවා (නි)

:       0       0

ධම්ම Thursday, 21 August 2014 08:59 AM

කවුද එතකොට මේවා බොන්නේ? (නදී)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 09:02 AM

සාප්පු වල, තියෙනවා නම් දැකලා තියෙනවා.....ඉබ්බෝ දාලා, කබඩ් එකේ ආරක්ෂා ඇතිව තියලා තියෙන්නේ. (නදී)

:       0       0

මජින්ත Thursday, 21 August 2014 05:39 PM

මේ බන්දුල පෙරේරා , අපි වැදගත් මිනිස්සු. අපි ඔක්කොම රා කට්ටට දාලා කතා කරන්න එපා. ඔය ජරාව බොන්නේ ලොකු මහත්වරු නොවෙයි (නි)

:       0       0

රමණි Thursday, 21 August 2014 05:49 PM

බන්දුල පෙරේරාට දැන් එයාගේ අතීතය අමතකවෙලා.මම හොඳට ඔයාව හඳුනන කෙනෙක්. (නි)

:       0       0

රහීම් Thursday, 21 August 2014 05:59 PM

අයියෝ සල්ලි! ඔය කොච්චර මිල වුණත් ගල් හරි, පොල් හරි වගේ නැතුව ඇති (නි)

:       0       0

බමුණු Saturday, 23 August 2014 12:54 AM

"මේවා බොන්නේ අර මතට තිත තියන්ඩ හදන අය වෙන්ඩ ඇති" මතට තිත තියන්ඩ හදන අය හාල් වලින් බීර පෙරනවලු. (නදී)

:       0       0

බමුණු Saturday, 23 August 2014 12:55 AM

බන්දුල පෙරේරා ඔබට ලොකු මහත්වරු කියල ජාතියකුත් ඉන්නවද. මටනම් කොයි පුතත් එකයි. ඔච්චර නිවට වෙන්න එපා මිස්ටර් (නදී)

:       0       0

රූපවතී Thursday, 21 August 2014 09:17 AM

මේවා බොන මිනිසුන්ට පසුවදාට මුත්‍රා කරන්න ලෝබ හිතෙනවා ඇති. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 21 August 2014 06:28 PM

මේවා බීපු ලාංකිකයන් ඉන්නවා. නමුත් සල්ලි දීල නොවේ, හොරෙන්. යුරෝපයේ කෝටිපතියන්ගේ ගෙවල් වල වැඩකරන ලාංකිකයන් මේවා ඕනෑතරම් බීලා ඇති (නි)

:       0       0

නැනී Thursday, 21 August 2014 09:29 AM

ඔන්න එළිවෙන්නේ සිරි ලංකාවට ආනයන කරන බඩු. ඕව බොන ඇත්තොත් ඉතින් ඉන්නවනේ. ඔය එක බෝතලේකට දෙන සල්ලි වලින් අර නියගයට හසු වෙලා ඉන්න අසරණයන්ට වතුර බෝතල් කීයක් නම් දෙන්න පුලුවන්ද. මෙච්චර ගණන් දීල මේවා බොන්නේ අර මතට තිත තියන්ඩ හදන අය වෙන්ඩ ඇති මය හිතේ (නදී)

:       0       0

රේමා Thursday, 21 August 2014 09:34 AM

මේවා බොන්නද අැගේ ගාන්නද තියෙන්නේ. මම මේ අැහුවමයි. මෙච්චර ගණන් විස්කි ගැන (නදී)

:       0       0

මලික් Saturday, 23 August 2014 02:48 AM

බලාගෙන යනකොට බන්දුලගේ කඩේ යන මල්ලේ විතරක් නෙවෙයි රා පොල් කට්ටේත් හිලක්. (නදී)

:       0       0

විමල් Thursday, 21 August 2014 09:38 AM

බෝතලේ... ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ...? බෝතලුත් දැක්කා, මෙහෙම බෝතල් දැක්කම පපුව පිච්චෙනවානේ... (නි)

:       0       0

දයාල් Thursday, 21 August 2014 09:41 AM

මෙහෙම ඒවා මම එංගලන්තයේවත් දැකලා නැහැ (නි)

:       0       0

මාලන් Saturday, 23 August 2014 03:17 AM

අනේ මේ රට විස්කි වර්ග ගැන දන්නා අය අපට මේ පිළිබද විස්තරයක් කරන්න. අලුත් දේ ගැන දැනගන්න අපි ආසයි. (නදී)

:       0       0

චාමර Thursday, 21 August 2014 10:03 AM

ඒ කියන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ දහයට විකුනන්න විස්කි තියෙනවා? (නදී)

:       0       0

රිචි බාලසුරිය Thursday, 21 August 2014 10:26 AM

ලංකාවේ මේවා සුපිරි වෙළඳ පොළේ තිබෙනවා කියන්නේ ලංකාවේ මේවා බොන්නට මේවා මිලදී ගැනීමට තරම් පොහොසතුන් සිටිනා නිසා විය හැක (නි)

:       0       0

කුමාරි Thursday, 21 August 2014 10:50 AM

බුදු අම්මෝ, විස්කි බෝතලයක මිල! ඇත්තටම ඔය මිලට මිනිස්සු විස්කි ගන්නවද? මට නිකන් කැරකිල්ල වගේ.... (නි)

:       0       0

දුෂාන් Thursday, 21 August 2014 10:55 AM

මේක විස්කි නෙමෙයි නේද? . මේක කොග්නැක් ෆ්‍රෙන්ච් බ්‍රැන්ඩි එකක්. (නදී)

:       0       0

ප්‍රසාන්ත Thursday, 21 August 2014 11:10 AM

රජවරුන්ට පමණි. කොහොමද ලංකාවේ තියෙන දේවල්. (නදී)

:       0       0

අමල් Thursday, 21 August 2014 11:18 AM

මෙච්චර ගාණක් දීලා මේවා බීලා ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 123 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 334 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 156 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4076 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2135 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site