කටුනායක ගුවන්තොළේ සිට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා රන් ගෙනයාමට තැත්කළ ග්‍රෑන්පාස්හි ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ 60ක් වටිනා එම රන් බිස්කට් ගුදමාර්ගයේ සඟවාගෙන යාමට තැත්කළ අතර ඔහුගේ ඇවිදීමේ රටාව ගැන සැකසිතී සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා විසින් කළ පරීක්ෂාකිරීමේදී කිලෝ එකයි ග්‍රෑම් 182ක් බැරැති රන්බිස්කට් සොයාගෙන ඇත. පසුගිය හතර වෙනිදා හා හය වෙනිදා රුපියල් දෙකෝටි තිස්ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් බිස්කට් 33ක් බොම්බායට ගෙන යද්දී රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් බිජු දමන කිකිළියෙක්ද කොහෙද? (නි)
ලෝක වාර්තාවක්. දැන් ගුවන් තොටුපළේ ඉන්නේ අලුත් නිලධාරීන් ටිකක් වගෙයි. (නි)
පිස්සු හැදෙනවා ගුද මාර්ගයේ කිලෝ එකක් බර වස්තුවක් තියාගෙනත් ඇවිදිනවා කියන්නේ මේ ව්‍යාපාරිකයා හොඳ හොඳ බර දේවල් හොඳට කාල තියෙන කෙනෙක් වගේ.... මරු ව්‍යාපාරිකයා.... දැන් රට සල්ලි රට අරින්න දෙන්නේ නැති හින්ද ලංකාවෙන් රත්තරන් අරන් ගිහින් සල්ලි කරන එක වගේ අලුත්ම බිස්නස් එක ... නරක නැ ඒ හොයාගනිමත් ...
මේ රත්තරන් ගන්නේ කවුද? (නි)
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන. (ස)
භාණ්ඩ ප්‍රවාහනයට නව සොයා ගැනීමක්