රුපියල් ලක්ෂ අසූ පහක් වටිනා රත්තරන් කැබැලි 17 ක් ගුද මාර්ගයේ සහ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් රන් කැබලි වල බර ග්‍රෑම් එක්දාස් හත්සීයකි.
මොවුන් දෙදෙනා වැදගත් ව්‍යාපාරිකයින් ලෙසින් ඇද පැලද ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් ලබාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ මෙරටට පැමිණ ඇත. පසුව ඔවුන් ගුවන්තොටුපොළෙන් පිටතට නොගොස් අළුයම තෙක් එහිම රැදී සිට ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මෙම රන් කැබලි ගුවන්තොටුපොළ තුලදී යම් කිසිවෙකු විසින් මොවුන්ට ලබා දී ඇති බවට සැකකරන බවයි. රන් කැබලි ඔතාගෙන යාමට කාබන් කොලද, අලවාගෙන යාමට ගම්ද මොවුන් ලග තිබී සොයාගත් බව රේගුව කියයි.
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන, නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක හසංක ගුරුසිංහ යන නිළධාරීන් විසින් සුක්ෂම මෙහෙයුමක් සිදු කර සැකකරුවෝ නැවත සිංගප්පුරුව බලා යාමට ගුවන්යානයට ගොඩ වීමට යත්ම අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටු පස්ස බරට බරේ තියෙන්න ඇති, ඒ කොයි හැටි වුනත් අපේ රේගුවේ නිලධාරී මහත්වරුන්ට ජය වේවා .(නදී)
මේ රටේ දැනට දේශපාලනයේ යෙදී සිටින හැම දේශපාලන නායකයෙකුම මේ රටට ඇත්තටම ආදරය කරනවා නම් මේ මත්කුඩු,රත්රන් හොර ජාවාරම් කාරයන්ට , ජාතිය ,ජන්මය, ආගම නොබලා දඬුවම් කිරීමට නීති පැනවිය යුතුය. අපි දේශපාලන වසයෙන් බෙදී මේ බල ලෝබී දේශපාලකයන්ට ඡන්දය දීමෙන් සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුවට යන හැම කෙනෙක්ම අපේ පිහිටෙන් සුර සැප විදීම සහ විශේෂයෙන් සිංහලයාගේ අනාගතය බිල්ලට දීමයි. මේ සිටින වෙනත් සුළු ජාතිකයන්ගේ පැත්තට වැඩි සැරයකින් වාතයක් ගියත් කෑ ගැසීමට රටවල් සිටින අතර ,සිංහලයන්ට හෙන ගැසුවත් කෑ ගැසීමට කෙනෙක් නැත. අපේ පිහිටෙන් පාර්ලිමේන්තු යන අයවත් කෑ ගසන්නේ නැත. එදා ජාතිය වෙනුවෙන් නැගී සිටි සංඝරත්නයෙන් වැඩි කොටසක් තනතුරු ලබාගෙන නිහඬව ඇත. (නදී)
ඉන්දිඅන් කාරයින්ට නම් වෙන වැඩක් ඇත්තෙම නැහැ වගේ. හැමදාම වගේ බැලුවොත් අර පැත්තේ රත්තරන් හංගනවා, නරකද වෙනමං රේගු අංශයක් දැම්මොත් , ඉන්දියන් කාරයින්ගේ පස්චාත් භාගේ පිරික්සුම් මැදිරිය කියලා.(නදී)
මොනවා කිව්වොත් ද රත්තරන් එන්නේ.(නදී)
මොනවා වුණත් රත්තරන්නේ (අ)
ඉන්දියන් අය ලංකාවට එනකොට අර පැත්තේ කුඩු ගෙනාවා. මේ මහත්තුරු එනකොටත් පරීක්ෂා කරන්න පටන්ගත්තොත් මීට වඩා ගොඩක් වටිනවා.(නදී)
යනවා නම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්!(නදී)
කාන්තාවන්ටත් පුළුවන්නේ තුනක් විතර අරන් යන්න.(නදී)
මරුනේ පස්ස කපලා ගත්තා නම් වෙන්දේසියකට තියන්න තිබුනා.(නදී)
ආරියසේන සහ නිමල් ලලිතා , ඉන්දියන්කාරයෝ මෙහෙම හොර වැඩ නොකලොත් රේගුවේ ඉන්න අය අල්ලන්නේ මොනවාද? (නදී)
ගිලපුවත් නෙමේලු නේද? අඟල් 5 ක් 6 ක් විතර ඇතුලට වෙන්නලු නේද තිබුනේ? (අ)
දෙයියනේ! මොනතරම් රත්තරන් මෙයාලා අදිනවාද? ශාන්ත කිවුවා වගේ වෙනම අංශයක් අරින්න වෙයි තමා (නි)
මොහොමඩ් සිද්දික්,හොර ජාවාරම්,මත්කුඩු මේ සේරම කරන්නේ කවුද කියලා ඔබට අමුතුවෙන් කිය යුතු නැත.නිතරම ජනමාධ්‍යයෙන් අසන්න වෙන්නෙත් එකම ජාතියක් පමණයි. (නි)