IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක්ෂ අසූ පහක රන් අර පැත්තෙන් එළියට

රුපියල් ලක්ෂ අසූ පහක් වටිනා රත්තරන් කැබැලි 17 ක්  ගුද මාර්ගයේ සහ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙ‍දෙ‍නෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරුවෝ ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචිකරුවෝ වෙති.  අත්අඩංගුවට ගත් රන්  කැබලි වල බර ග්‍රෑම් එක්දාස් හත්සීයකි.  

මොවුන් දෙදෙනා  වැදගත් ව්‍යාපාරිකයින් ලෙසින් ඇද පැලද  ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් ලබාගෙන    ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ රාත්‍රියේ 10.30  ට පමණ  මෙරටට පැමිණ ඇත.   පසුව  ඔවුන් ගුවන්තොටුපොළෙන් පිටතට නොගොස්  අළුයම තෙක්  එහිම රැදී සිට ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ මෙම රන් කැබලි ගුවන්තොටුපොළ තුලදී  යම්  කිසිවෙකු විසින් මොවුන්ට ලබා දී ඇති බවට සැකකරන බවයි.   රන් කැබලි ඔතාගෙන යාමට කාබන් කොලද, අලවාගෙන  යාමට  ගම්ද මොවුන් ලග තිබී සොයාගත් බව  රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන, නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක හසංක ගුරුසිංහ  යන නිළධාරීන් විසින් සුක්ෂම මෙහෙයුමක් සිදු කර සැකකරුවෝ නැවත සිංගප්පුරුව බලා යාමට ගුවන්යානයට ගොඩ වීමට යත්ම  අත් අඩංගුවට ගෙන  ඇත.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති. 

 



අදහස් (0)

ලක්ෂ අසූ පහක රන් අර පැත්තෙන් එළියට

අමිළ කටුනායක Saturday, 09 November 2013 11:09 AM

මොනවා කිව්වොත් ද රත්තරන් එන්නේ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 09 November 2013 11:09 AM

මොනවා වුණත් රත්තරන්නේ (අ)

:       0       0

පුෂ්පකුමාර නානා Saturday, 09 November 2013 12:19 PM

ඉන්දියන් අය ලංකාවට එනකොට අර පැත්තේ කුඩු ගෙනාවා. මේ මහත්තුරු එනකොටත් පරීක්ෂා කරන්න පටන්ගත්තොත් මීට වඩා ගොඩක් වටිනවා.(නදී)

:       0       0

චානක Saturday, 09 November 2013 03:07 PM

යනවා නම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන්!(නදී)

:       0       0

බති Saturday, 09 November 2013 03:09 PM

කාන්තාවන්ටත් පුළුවන්නේ තුනක් විතර අරන් යන්න.(නදී)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 09 November 2013 10:13 PM

ගිලපුවත් නෙමේලු නේද? අඟල් 5 ක් 6 ක් විතර ඇතුලට වෙන්නලු නේද තිබුනේ? (අ)

:       0       0

සරත් අතාවුද Saturday, 09 November 2013 03:32 PM

මරුනේ පස්ස කපලා ගත්තා නම් වෙන්දේසියකට තියන්න තිබුනා.(නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Saturday, 09 November 2013 03:41 PM

ආරියසේන සහ නිමල් ලලිතා , ඉන්දියන්කාරයෝ මෙහෙම හොර වැඩ නොකලොත් රේගුවේ ඉන්න අය අල්ලන්නේ මොනවාද? (නදී)

:       0       0

ශාන්ති Sunday, 10 November 2013 12:03 AM

දෙයියනේ! මොනතරම් රත්තරන් මෙයාලා අදිනවාද? ශාන්ත කිවුවා වගේ වෙනම අංශයක් අරින්න වෙයි තමා (නි)

:       0       0

ආරියසේන Saturday, 09 November 2013 08:59 AM

පිටු පස්ස බරට බරේ තියෙන්න ඇති, ඒ කොයි හැටි වුනත් අපේ රේගුවේ නිලධාරී මහත්වරුන්ට ජය වේවා .(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 09 November 2013 09:22 AM

මේ රටේ දැනට දේශපාලනයේ යෙදී සිටින හැම දේශපාලන නායකයෙකුම මේ රටට ඇත්තටම ආදරය කරනවා නම් මේ මත්කුඩු,රත්රන් හොර ජාවාරම් කාරයන්ට , ජාතිය ,ජන්මය, ආගම නොබලා දඬුවම් කිරීමට නීති පැනවිය යුතුය. අපි දේශපාලන වසයෙන් බෙදී මේ බල ලෝබී දේශපාලකයන්ට ඡන්දය දීමෙන් සිදුවී ඇත්තේ පාර්ලිමේන්තුවට යන හැම කෙනෙක්ම අපේ පිහිටෙන් සුර සැප විදීම සහ විශේෂයෙන් සිංහලයාගේ අනාගතය බිල්ලට දීමයි. මේ සිටින වෙනත් සුළු ජාතිකයන්ගේ පැත්තට වැඩි සැරයකින් වාතයක් ගියත් කෑ ගැසීමට රටවල් සිටින අතර ,සිංහලයන්ට හෙන ගැසුවත් කෑ ගැසීමට කෙනෙක් නැත. අපේ පිහිටෙන් පාර්ලිමේන්තු යන අයවත් කෑ ගසන්නේ නැත. එදා ජාතිය වෙනුවෙන් නැගී සිටි සංඝරත්නයෙන් වැඩි කොටසක් තනතුරු ලබාගෙන නිහඬව ඇත. (නදී)

:       0       0

ශාන්ත Saturday, 09 November 2013 10:04 AM

ඉන්දිඅන් කාරයින්ට නම් වෙන වැඩක් ඇත්තෙම නැහැ වගේ. හැමදාම වගේ බැලුවොත් අර පැත්තේ රත්තරන් හංගනවා, නරකද වෙනමං රේගු අංශයක් දැම්මොත් , ඉන්දියන් කාරයින්ගේ පස්චාත් භාගේ පිරික්සුම් මැදිරිය කියලා.(නදී)

:       0       0

ආරියසේන Sunday, 10 November 2013 06:44 AM

මොහොමඩ් සිද්දික්,හොර ජාවාරම්,මත්කුඩු මේ සේරම කරන්නේ කවුද කියලා ඔබට අමුතුවෙන් කිය යුතු නැත.නිතරම ජනමාධ්‍යයෙන් අසන්න වෙන්නෙත් එකම ජාතියක් පමණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 831 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2237 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 422 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1544 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 35 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site