හින්දු චාරිත්‍රානුකූලව අවසන් ආගමික වතාවත් කිරීමෙන් පසු ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමැතිනියගේ දේහය බහාලු මංජුසාව මරීනා වෙරළ අසබඩ සොහොනේ වළෙහි තැන්පත් කැරිණි.
චෙන්නායි නුවර මරීනා වෙරළින් මළ හිරු බැස යද්දී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හඬා වැටෙද්දී ඇගේ දේහය එහි තැන්පත් කැරුණු අතර බොහෝ පිරිස් සිය ගෞරවය පුදමින් ඇගේ දේහය සහිත වළට මල්, සුවඳ පැන් ආදිය ඉසූහ.
ඇගේ දේශපාලන ගුරුවරයා හා සගයා වූ එම්.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය ද එම සොහොනේ තැන්පත් කැර ඇත.
සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇගේ ආදාහනය සිදු කැරිණි.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද ජයලලිතා අවසන් ගමනේ
වාසනා Tuesday, 06 December 2016 05:15 PM
කොපමණ හොඳ හෝ නරක දේවල් ජිවත් වෙලා ඉන්න කලේ කලත් අන්තිමට අපි හැමෝටම උරුම දේ මරණය. එයයි සත්‍ය (ර)
ප්‍රදීප් Tuesday, 06 December 2016 06:22 PM
තමිල්නාඩුවේ මිනිස්සුත් කවුරුහරි ඔලුව උඩ තියාගෙන මැරෙන්න හදනවා. ජයලලිතා රැස්කළ පින් හෝ පවු තමයි එයා අරන් යන්නේ. (ර)
ගුණවර්ධන Tuesday, 06 December 2016 06:24 PM
ජය ලලිතට මිට වඩා හොඳට ලංකාව සමග සුහදව කටයුතු කරන්නට තිබුන නිළියක් හැටියට හරි, දේශ පාලනයෙන් හරි. බැරි වුණා (ර)
නිමල් Tuesday, 06 December 2016 07:50 PM
සමාදානයෙන් සැතපේවා.! (ර)
වසන්ත Wednesday, 07 December 2016 12:43 AM
ඒ මනුස්සයා දැන් ජිවිතුන් අතර නැහැ. කොපමණ අපහස කලත් ඒවා ඇය දන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් හැටියට අපහස නොකර ඉමු (ර)
සාලිය Tuesday, 06 December 2016 01:13 PM
කොපමණ විරාජමානව සිටියත් මරණය ඉදිරියේ ඕනෙම බලවතෙක් අසරණයි. කවුරු කවුරුත් මේවා පාඩමකට ගන්න එක හොඳයි. (ර)
ජයනි Tuesday, 06 December 2016 01:54 PM
කව්රු රබන් පද වයා, කිරිබත් කා සතුට සැමරුවත් ඔවුන්ට එහි ගානක් නැත....ලක්ෂ ගණන් නෙතු තෙත් කරමින් ඇය පුර්ණ රාජ්‍ය ගෞරවය සහිතව නික්ම ගියාය.බුදුන් ඉපදුන දේශයේ ඇය උපන් බැවින් මම ඇයට කිසිත් නොකියමි.මිනිසෙකු ලෙස ඇයට සුබ ගමනකට සුබ පතමි.! (බ)
ජගත් ලියනගේ Tuesday, 06 December 2016 01:58 PM
කොටි ත්රස්තවාදීන්ට උදව් කරපු එක්කෙනෙක් . ඒක නිසා අපිට පොඩ්ඩක් වත් කණගාටු නැහැ .(බ)
සංජය Tuesday, 06 December 2016 02:00 PM
කවුරුත් වලට පැන්නේ නැද්ද? (හේ)
රෝහිත Wednesday, 07 December 2016 04:53 AM
වසන්තගේ අදහස අගය කල යුතුයි. ජගත් ලියනගේ වැනි අයට ජීවිතය හා මනුස්සකම පිලිබඳ අවබෝදයක් ලබාගැනීමට තව බොහෝ කල් බලා සිටීමට සිදුවීම ගැන කණගාටු වෙමි. (ර)
ඉසුරන්දි Tuesday, 06 December 2016 02:14 PM
මරණය හැමෝටම පොදු දෙයක්.එය වටහාගෙන ජිවත් වෙනවා නම් උතුම්.(හේ)
බමුණු Tuesday, 06 December 2016 02:38 PM
සාලිය මරණ දණ්ඩනය දීලත් පාඩම් ඉගෙන නොගන්න ලෝකයේ මේවයින් පාඩම් ඉගෙන ගනීද? (ර).
වීරවර්ධන Wednesday, 07 December 2016 06:14 AM
මෙතුමිය හම්බකරපු දනයට මොකද වෙන්නේ. (ර)
ප්‍රියන්ත Tuesday, 06 December 2016 03:14 PM
ඔබට නිවන් සුව (ර)
රනත් Tuesday, 06 December 2016 03:24 PM
කාටත් පොදු දෙයක්.(හේ)
ලංකා Wednesday, 07 December 2016 07:21 AM
තමන්ගේ වර්ගයා ගැන හිතපු ඒ අය වෙනුවෙන් කැපවුණ දිරිය කාන්තාවක්. මෙයාගේ වියෝව වෙනුවෙන් සමහර මිනිසුන් දිවි නසා ගත්තලු නේද (නි)